දේවවචනය නිර්භීතව කතා කරන්න
1 අප දේශනා කරන දේවලට හැමෝම සවන් නොදෙන බව අපි හොඳින් දන්නවා. (මතෙ. 10:14) ඒ වුණත්, ශුභාරංචිය වෙනත් අයට කීමට අපි පසුබටවන්නේ නම් නැහැ. (හිතෝ. 29:25) දේවවචනය ගැන නිර්භීතව කතා කරන අන්දම දැන් අපි සලකා බලමු.
2 ප්‍රේරිත පාවුල්, “ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් පිළිබඳ දැනුම” ඉතා ඉහළින් අගය කළ කෙනෙක්. ඒ නිසා ඔහු කතා කළේ “ස්ථිර විශ්වාසයෙන් යුක්තවය.” (ෆිලි. 3:8; 1 තෙස. 1:5) ඇතැම් අය ඔහු දේශනා කළ පණිවුඩය මෝඩ එකක් ලෙස සැලකුවත්, එය “ඇදහිල්ල තිබෙන සියල්ලන්ට, . . ගැලවීම සලසන දෙවිගේ බලය” බව ඔහු දැන සිටියා. (රෝම 1:16) ඒ නිසා, විරුද්ධවාදිකම් හමුවේ පවා, ඔහු “යෙහෝවාගේ බලයෙන් නිර්භීතව කතා කරමින්” සිටියා.—ක්‍රියා 14: 1-7; 20:18-21, 24.
3 දෙවි දෙන ශක්තිය: පාවුල් නිර්භීත සාක්ෂියක් දුන්නේ ඔහුගේ ශක්තියෙන් නම් නොවෙයි. තමා ගැන සහ සීලස් ගැන කතා කරමින් පාවුල් ලීවේ මෙයයි. “අපි ෆිලිප්පියේදී වධ විඳ, නින්දාවට ලක් වුණෙමු. නමුත් ඉන්පසුව බොහෝ වෙහෙස දරමින් ඔබට දෙවිගේ ශුභාරංචිය කීමට අපි අපේ දෙවිගෙන් නිර්භීතකම ලැබුවෙමු.” (1 තෙස. 2:2; ක්‍රියා 16:12, 37) එපමණක්ද නොව, රෝමයේ සිර ගෙදර සිටින අතරේදී පාවුල් වෙනත් අයගෙන් ඉල්ලුවේ ‘නිර්භීතකමින් කතා කිරීමට හැකි වන පිණිස’ ඔහු වෙනුවෙන් යාච්ඤා කරන ලෙසයි. (එෆී. 6:18-20) මෙසේ තමා මත නොව යෙහෝවා දෙන ශක්තිය මත රඳා සිටිමින් දේවවචනය ඉතා නිර්භීතව කතා කිරීමට පාවුල්ට හැකිකම ලැබුණා.—2 කොරි. 4:7; ෆිලි. 4:13.
4 අදත් එසේමයි. එක්තරා සහෝදරයෙක් තම රැකියා ස්ථානයේදී තමා යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් කියා කීමටත් සාක්ෂි දරන්නටත් අදිමදි කළා. මේ ගැන යාච්ඤා කිරීමෙන් පසු ඔහු සාක්ෂි දරන්න පටන් ගත්තා. ඔහුගේ සගයෙක් මුලින් එය ප්‍රතික්ෂේප කළත් නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන කතා කළායින් පසුව බයිබල් පාඩමකට කැමති වුණා. එතැන් පටන්, මෙම සහෝදරයා ලැබුණු හැම වීමට සාක්ෂි දැරුවා. ඔහුගේ ඊළඟ රැකියා ස්ථානයේදී වසර 14ක් පුරා සාක්ෂි දරා පුද්ගලයන් 34 දෙනෙකුට බව්තීස්මය කරා ඒමට උදව් කර තිබෙනවා. ඒ වගේම යෙහෝවා අපවත් ශක්තිමත් කර ‘නිර්භීතකමින් දෙවිගේ වචනය කතා කිරීමට’ හැකියාව දෙනවා නිසැකයි.—ක්‍රියා 4:29.