ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w99 9/1 3 පි.
  • අසනීප වීමේ අභිරහස

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අසනීප වීමේ අභිරහස
  • 1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අභිරහස බිහි කිරීම
  • යක්ෂයා අපව රෝගාතුර කරනවාද?
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • භූතයන්ගෙන් ආරක්ෂා වෙන්න
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඇදහිල්ලෙන් සුව කිරීමට දෙවියන් වහන්සේගේ අනුමැතිය තිබෙනවා ද?
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • රෝගීන් හට ඇදහිල්ල උපකාරවත් වන අයුරු
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w99 9/1 3 පි.

අසනීප වීමේ අභිරහස

සිඟිති ඔමාජිට පාචනය වැළඳිලා. ඇයට විජලනය ඇති වෙයි කියා ඇගේ මව වන හාව සිටින්නේ බියෙන්. ගමේ සිටින ඇගේ ඥාති සහෝදරියගේ දරුවා මෑතකදී එලෙස මියගිය බව ඇයට ආරංචි වුණා. ඔමාජිගේ ආච්චි, ඒ කියන්නේ හාවගේ නැන්දම්මා, ඇයව ගෝත්‍රික යකැදුරෙකු ගාවට ගෙනියන්න උත්සාහ කරනවා. ඇය මෙසේ පවසනවා: “ළමයව අසනීප කරන්නේ දුෂ්ට ආත්මයක්. ඔයා ළමයගේ ආරක්ෂාවට යන්ත්‍රයක් බඳින්න දුන්නේ නැති හින්දා දැන් කරදර කරන්න පටන් අරගෙන!”

මෙවැනි සිදුවීම් ලෝකයේ බොහෝ රටවල්වල සාමාන්‍ය දේවල්. ලෙඩ රෝග වැළඳීමට සලස්වන සැඟවුණු හේතුව දුෂ්ට ආත්ම බව මිනිසුන් මිලියන සිය ගණනක් විශ්වාස කරනවා. මෙය සත්‍යයක්ද?

අභිරහස බිහි කිරීම

අදෘශ්‍යමාන ආත්ම විසින් ලෙඩ රෝග ඇති කරන බව පෞද්ගලිකව ඔබ විශ්වාස නොකරන්න ඉඩ තිබෙනවා. රෝග බොහොමයක් ඇති වන්නේ වයිරස් සහ බැක්ටීරියා හේතුවෙන් බව විද්‍යාඥයන් විසින් පෙන්වා දී තිබියදීත්, යමෙක් එසේ සිතන්නේ ඇයි කියා, ඔබ ඇත්තෙන්ම මවිතයට පත් වෙන්න ඉඩ තිබෙනවා. නමුත්, අතීතයේදී මෙම කුඩා රෝගකාරක විෂ බීජ ගැන මනුෂ්‍යවර්ගයා දැන සිටියේ නැති බව අමතක කරන්න එපා. දහහත්වන ශතවර්ෂයේදී ආන්ටෝනි වෑන් ලේවන්හුක් විසින් අණ්වීක්ෂය නිර්මාණය කරන තෙක් මනුෂ්‍ය ඇසට ක්ෂුද්‍ර ජීවීන්ගේ ලෝකය දැකගැනීමට හැකි වූයේ නැහැ. ඒ වුණත්, විද්‍යාව විසින් රෝගකාරක බීජ සහ ලෙඩ රෝග අතර තිබෙන සම්බන්ධතාව තේරුම්ගැනීමට පටන්ගත්තේ, 19වන ශතවර්ෂයේ ලුවී පාස්ච’ගේ සොයාගැනීමෙන් පසුවයි.

මනුෂ්‍ය ඉතිහාසයේ දීර්ඝ කාලයක් තුළ රෝග ඇතිවීමට හේතු වන දෑ වසං වී තිබුණු නිසා, රෝග සියල්ලක්ම ඇති වන්නේ දුෂ්ට ආත්ම මගින්ය යන සිද්ධාන්තය ඇතුළුව, මිථ්‍යාදෘෂ්ටික අදහස් බොහොමයක් වර්ධනය වුණා. මෙසේ වීමට දායක වන්ට ඇති එක් ක්‍රමයක් ගැන නව බ්‍රිටැනිකා විශ්වකෝෂය (ඉංග්‍රීසියෙන්) සඳහන් කරනවා. පුරාණයේ විසූ සුව කරන්නන්, විවිධ මුල් වර්ග, කොළ වර්ග සහ ඔවුන්ට ලබාගත හැකි වූ ඕනෑම දෙයක් උපයෝගි කරගනිමින් රෝගියාට ප්‍රතිකාර කිරීමට උත්සාහ කළා. ඇතැම් අවස්ථාවලදී මෙම ප්‍රතිකාරය සාර්ථක වුණා. එවිට සුව කරන්නා විසින්, සුවවීමට දායක වූ සැබෑ පිළියම සැඟවීම සඳහා මිථ්‍යාදෘෂ්ටික චාරිත්‍ර ක්‍රම සහ ව්‍යවහාරයන් විශාල ප්‍රමාණයක් සුව කිරීමේ ප්‍රතිකාර ක්‍රමයට එකතු කළා. එමගින් ජනයා දිගටම තමාගේ උපකාරය පතන හැටියට සුව කරන්නා කටයුතු සකස් කරගත්තා. මෙයාකාරයෙන්, ප්‍රතිකාරය සැඟවූ අභිරහසක් බවට පත් වූ අතර, උපකාරය සඳහා අද්භූත දේවල් දෙස බැලීමට ජනයාට පෙලඹීමක් ඇති කළා.

මෙම සම්ප්‍රදායික සුව කිරීමේ ක්‍රම රටවල් ගණනාවකම පවතිනවා. අසනීප වැළඳීමට සලස්වන්නේ මියගිය මුතුන් මිත්තන්ගේ ආත්ම බව බොහෝදෙනෙක් පවසනවා. අපව අසනීප වීමට සලස්වන්නේ දෙවි බවත්, අසනීප අපේ පව්වලට දඬුවමක් බවත් වෙනත් අය පවසනවා. දැන උගත් මනුෂ්‍යයන් ලෙඩ රෝග ඇතිවීමට හේතුව තේරුම්ගත්තත්, ඔවුන් තවමත් අද්භූත බලපෑම් ගැන බියෙන් සිටිය හැකියි.

මනුෂ්‍යයන්ව තම අතකොළුවක් කරගැනීමට මායාකරුවන් සහ සම්ප්‍රදායික සුව කරන්නන් මෙම බිය ප්‍රයෝජනයට ගන්නවා. එසේ නම්, අප විශ්වාස කළ යුත්තේ කුමක්ද? සුවවීම සඳහා ආත්ම ලෝකය දෙස බැලීමට එය මඟ පෙන්වයිද? මේ ගැන බයිබලය කුමක්ද පවසන්නේ?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න