‘හදවතේ හා මනසේ කුහුලේ ගිනි පුපුරු දල්වයි’
“ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? යන පොත ආශාවෙන් කියවීමත් සමඟ මා තුළ වර්ධනය වන ප‍්‍රීතියෙත් උනන්දුවෙත් තරම කියා නිම කරන්න බැහැ. එය කෙනෙකු තුළ ඉබේම ආශාවක් ඇති කරනවා. නැහැ, නැහැ, ආශාවක් නෙවෙයි, තව තවත් දැනගන්න අවශ්‍යතාවක් ඇති කරනවා. මා හදවතේ හා මනසේ කුහුලේ ගිනි පුපුරු දැල්වීම ගැන ඔබට ස්තූතියි.”
වර්ෂ 1998/99 පැවති “ජීවිතය සඳහා දෙවිගේ මඟ” යන දිස්ත්‍රික් සමුළුවලදී මුරටැඹ සමිතිය විසින් නිකුත් කළ එම පොත ගැන අ.එ.ජ. උතුරු කැරලයිනාහි වසන සාක්ෂිකාරියකට හැඟුණේ එලෙසයි. ඔබ ළඟ මේ පොතේ පිටපතක් නොමැති වුණත්, වෙනත් අය පෙන්වූ ප්‍රතිචාරයට සවන් යොමු කරන්න.
එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ සැන් ඩියේගොහි සමුළුවකදී තම පිටපත ලබාගෙන දින කිහිපයකට පසු එක් මිනිසෙක් මෙසේ කිව්වා: “මේ පොත ඇත්තෙන්ම මගේ ඇදහිල්ල ශක්තිමත් කරනවා. යෙහෝවාගේ මැවිලි කෙරෙහි ගැඹුරු අගයක් මගේ හදවතේ ඇති වෙනවා. මම දැනටමත් 98වෙනි පිටුවට ඇවිල්ලයි තියෙන්නේ. මේ පොතෙන් ඇත්තටම ලැබෙන්නේ කියාගන්න බැරි තරම් සතුටක්, මට ඒකෙන් කොච්චර සතුටක් ලැබෙනවාද කියනවා නම්, ඒක කියවල ඉවර වෙනවා දකින්න මම කැමති නැහැ.”
එක් ප්‍රාචීන ස්ත්‍රියක් මෙසේ ලීවා: “සමුළු කථිකයා මෙම පොත හැඳින්වීමට යොදාගත්තේ ‘අද්විතීය පොතක්’ කියන යෙදුමයි. ඒ යෙදුම නං මේ පොතේ තියෙන විස්තරයට කදිමට ගැළපෙනවා. පොතේ කැපීපෙනෙන දෙයක් වෙන්නේ, දෙවිකෙනෙක් ඉන්නවා කියන එක පාඨකයාගේ මනසට කවන්න උත්සාහ කරන්නේ නැති එකයි. ඒ වෙනුවට, පොතෙන් ඉදිරිපත් කරන්නේ සත්‍ය කරුණුයි.”
අපේ විශ්වය, ජීවිතය හා අපි ගැන පුදුම දනවන විද්‍යාත්මක සොයාගැනීම් මේ සත්‍ය කරුණුවලට අයත් වෙනවා. මෙය බොහෝදෙනෙකුගේ සිත ඇදීයෑමට හේතු වූවක්. “මේ කුඩා පොත මට කොයිතරම් තදින් බලපෑවද කියල මට වචනෙන් විස්තර කරන්න බැහැ. අපේ විශ්වයත් ජීවිතයත් ගැන අලුත් සොයාගැනීම් හැම පිටුවක් ගානෙම විස්තර වෙද්දී, මට පොත පැත්තකින් තියන්න හිතුණේ නැහැ. මම ඇත්තටම ගොඩාක් දේවල් ඉගෙනගත්තා! මම මේ පොඩි පොත හුඟක් අගය කරනවා. ඒ වගේම පුළුවන් හැම කෙනෙක් එක්කම එය බෙදාගන්නවා” කියා කැලිෆෝනියාවේ වසන එක් මැදි වයසේ කාන්තාවක් පැවසුවා.
මෙම පොත මගින් මැවුම්කරුගේ පෞද්ගලිකත්වය විශේෂ කොට දක්වමින් බයිබලය සමාලෝචනය කරන අන්දම බොහෝදෙනෙක්ගේ උනන්දුවට හේතුවක් වුණා. “පොතේ අග හරියට වෙන්න, බයිබලය පිළිබඳව දී ඇති සමස්ත දෘෂ්ටිය මං මෙතෙක් කියවා තිබෙන හොඳම ඒවායින් එකක්” යන්න පොදුවේ අසන්න ලැබෙන අදහස් දැක්වීමකි. අමෙරිකා එක්සත් ජනපදයේ නියූ යෝක්හි පැවති සමුළුව අවසන් වූ විගස එක් ස්ත්‍රියක් මෙසේ ලීවා: “ඔබ මුද්‍රණය කර ඇති අවධානය ඇදගන්නා ප්‍රකාශන අතුරින් මේ නව ප්රකාශනය මුල් තැන ගන්නවා. මැවුම්කරුවෙක් සිටිනවාය කියන විද්‍යාත්මක සාක්ෂිවලින් මම කුල්මත් වුණා. බයිබලය සම්බන්ධයෙන් නිශ්චිතවම කර තිබෙන සාරාංශය පමණක් කරුණු පැහැදිලි කිරීමට ප්‍රමාණවත් වෙනවා. එය, තව තවත් කියවීමට ආශාවක්ද වර්ධනය කරනවා.”
තේරුම්ගත හැකි විද්‍යාව
මුල් පරිච්ඡේදවල දක්වා ඇති විද්‍යාත්මක තොරතුරු තේරුම්ගැනීමට අමාරු යමක් සේ දිස්විය හැකි වුවත්, පොදුවේ දකින්න ලැබෙන ප්‍රතිචාරයන්ගෙන් සමහරකි මේ.
එක් කැනේඩියානු මිනිසෙක් මෙසේ ලීවා: “බර වචන යොදාගෙන කාරණා තේරුම් කරන විෂය මූලික පොත්වල කර්තෘවරුන්ට වඩා මේක කොයිතරං වෙනස්ද! භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, DNA, වර්ණදේහ වැනි යෙදුම් අපට පැහැදිලිව දැක්වීම සම්බන්ධයෙන් බලද්දී, ඔබේ ලේඛන කලාව අද්විතීයයි. අවුරුදු ගණනකට කලින් මං විශ්වවිද්‍යාලයේ අධ්‍යයනය කරපු පොත් ඕගොල්ලන් ලියලා තිබුණා නං කොයිතරං හොඳයිද!”
භෞතික විද්‍යාව පිළිබඳ එක් විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් මෙසේ ලීවා: “අනවශ්‍ය තොරතුරු රාශියකින් විෂයට අදාළ කාරණය අවුල් කරන්නේ නැතුව, එය පැහැදිලිව අදාළ කාරණය තේරුම් කර දෙයි. පොත පාඨකයාට කාරණා පහදා දෙන අතර ප්රමුඛ පෙළේ විද්‍යාඥයින් රැසකගේ අදහස් උපුටා දක්වයි. විද්‍යාඥයෙකු හෝ වේවා, සාමාන්‍ය වැසියෙකු හෝ වේවා, විශ්වය හා ජීවය පිළිබඳව උනන්දුවක් දක්වන සෑම කෙනෙකුම ‘කියවිය යුතු’ පොතකි මෙය.”
හෙදි පාඨමාලාවක් කරගෙන යන එක් යෞවන ස්ත්‍රියක් මෙසේ අදහස් දැක්වූවා: “හතරවෙනි පරිච්ඡේදය ඇරල බලන කොට අපේ පන්තියේ පාවිච්චි කරන පොතකින්ම අරගෙන තියෙන උපුටා දැක්වීමක් දැක්ක වෙලේ මට මගේ ඇස් දෙක අදහාගන්නත් බැරුව ගියා! මගේ මහාචාර්යවරයාට මම පොත දීල කිව්වා ඔයා මේ කරුණුවලට ආස හිතෙයි කියල. මම මොළය ගැන තියෙන 54වෙනි පිටුව පෙරළලා දුන්නා. එයාම ඒක කියවල මෙහෙම කිව්වා: ‘මේක නං නියම පොතක්. මම කියවන්නං.’ ”
බෙල්ජියමේ එක් පාර්ලිමේන්තු සාමාජිකයෙක් මෙසේ ලීවා: “ඇත්තෙන්ම මගේ සිත වැඩියෙන්ම ඇදීගියේ, නූතන විද්‍යාව බයිබලයේ ඇති ඒකදේවවාදයේ යොමු දැක්වීම්වලට විරුද්ධ වනවා වෙනුවට, එයත් සමඟ ඇත්තෙන්ම එකඟ වනවාය යන්න කාවැද්දූ විද්‍යාත්මක ප්රකාශනවලටයි. මෙය ඇත්තෙන්ම අවධානය යොමු කළ යුතු වැදගත් දෘෂ්ටියක්.”
මැවුම්කරුව වඩා හොඳින් දැනගැනීම
දෙවිව වඩා හොඳින් දැනගැනීමටත් ඔහුට වැඩියෙන් කිට්ටු වීමටත් මේ පොත රටවල් බහුතරයක මිනිසුන්ට උපකාර කළා. ජපානයේ ෆුකුයෝකා නගරයේ වසන එක් පාඨකයෙක් මෙසේ නිරීක්ෂණය කළා: “ඒක හරියට නිකං පළවෙනි වතාවට යෙහෝවාගේ පැත්තට කාචය සකස් කළා වගෙයි. පොතට පුදුමාකාර හැකියාවක් තියෙනවා කාරණා ඒත්තුගන්වන්න. මේ වෙනකං යෙහෝවාව දැක්කෙ නැති පැත්තකින් මට යෙහෝවාව දැනගන්ඩ පුළුවන් වුණා.” එල් සැල්වදෝරයේ මිනිසෙක් මෙසේ ලීවා: “දෙවියන් දයාන්විත, කරුණාභරිත වූ, උදහස් වීමට ප්‍රමාද හා ප්‍රේමයෙන් පිරී සිටින බව ඔබ පැහැදිලි කරනවා. ඇත්තෙන්ම, දෙවිටත් ඔහුගේ පුත්‍රයාටත් කිට්ටුවෙන් සිටීම සඳහා අවශ්‍ය කරන්නේ මෙයයි. යෙහෝවාගේ හැඟීම් මෙන්ම ඔහුගේ පුත්‍ර වූ යේසුස්ගේ මානුෂික හැඟීම් පැහැදිලි කරන පළමුවෙනි පොත මෙයයි.” තවද සැම්බියාවේ පාඨකයෙක් මෙසේ ප්‍රතිචාරය දැක්වුවා: “මම දැන් යෙහෝවාව දකින්නේ සම්පූර්ණයෙන්ම අලුත් මුහුණුවරකින්.”
එසේ නම්, ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? (ඉංග්‍රීසියෙන්) යන පොත අන්‍යයන් සමඟ බෙදාගැනීමට හැකිවීම ගැන යෙහෝවාගේ සාක්ෂිකරුවන් ප්‍රීතිවීම තේරුම්ගත හැකියි. එක් ස්ත්‍රියක් මෙසේ පෙන්නුම් කළා: “10වෙනි පරිච්ඡේදය [“සලකන මැවුම්කරුවෙක් ඇත්නම්, ඇයි මෙතරම් දුක් ගාවිනා?”] කියවලා ඉවර කරද්දී ‘ජපානෙට ඇත්තටම ඕනෙ මේකයි’ කියල මට නිකම්ම කියවුණා. මේ පරිච්ඡේදයේ කරුණු හොඳින් මතක තියාගෙන ක්ෂේත්‍ර සේවයේදී වැඩි වැඩියෙන් ඒ කරුණු පාවිච්චි කරන්න මං කැමතියි.” සිද්ධස්ථානයේ හැදී වැඩුණු, එහි පූජකයාගේ දියණිය සමඟ තවත් ස්ත්‍රියක් පාඩම් කරයි. “මැවුම්කරුවෙක් පිළිබඳ සංකල්පය පිළිගැනීම ඇයට පහසු දෙයක් නෙවෙයි. මේ පොතේ තියෙන කරුණු බල කරවන ඒවා නෙවෙයි, හැබැයි ඇත්ත කරුණු ඒකෙ තියෙනවා. ඒ නිසා බෞද්ධ බැතිමතුන්ට කිසිම චකිතයකින් තොරව කියවන්න පුළුවන් කියලයි මට හිතෙන්නේ. ඒ වගේම මේ පොතෙන් යෙහෝවාගේ ප්‍රේමය තවත් දැනෙන්න සලස්වනවා.”
එංගලන්තයේ සිට මෙම ඇගයුම ගැන අසන්න ලැබුණා: “මම මැවුම්කරු පොත කියවල ඉවර කළා විතරයි. දැන් මම තවත් සැරයක් ඒක කියවන්නයි යන්නේ. මේක කොයිතරම් පුදුමාකාර පොතක්ද! කෙනෙකු ඒක කියවද්දී යෙහෝවාට ප්‍රේම කිරීමට පෙලඹීමක් ඇති වෙනවා. මම එක පොතක් මගේ අසල්වැසියාට දී ඇති අතර, ඇය එය කියවීමෙන් පසු මෙසේ පැවසුවා: ‘මට මේක කියවන එක නවත්වන්න බැහැ, ඒක ඒ තරං රසවත් පොතක්.’ අපේ ශ්‍රේෂ්ඨ මැවුම්කරුව දැනගෙන ඔහුට ප්‍රේම කරන්න මෙය දායක වෙයි කියන එක මට විශ්වාසයි.”
අමෙරිකා එක්සත් ජනපදයේ, මේරිලෑන්ඩ්හි මිනිසෙක් මෙසේ පැවසුවා: “මේ පොත ඇත්තෙන්ම මගේ ආත්මිකත්වයට කෙළින්ම බලපාල තියෙනවා! මගේ වෘත්තියේදී මුණගැසෙන හැමෝටම මේකෙන් පිටපතක් දෙන්න මම හිතලයි තියෙන්නේ. වැඩ අධික, උගත් මිනිසුන්ට සාක්ෂි දරන එක සමහර අවස්ථාවලදී ලේසි නැහැ. හැබැයි මේ පොත පාවිච්චි කරල මට ආකර්ෂණීය, ඵලදායී එළඹීමක් යොදාගන්න පුළුවන් වේවි.”
ඇත්තෙන්ම ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? යන පොත පොළොව පුරා සිටින මිනිසුන්ට ඒකාන්ත අයුරින් බලපෑම් කරාවි.
[25වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
කවරයේ ඉහළ පින්තූරය, ඊගල් නෙබූලා: J. Hester and P. Scowen (AZ State Univ.), NASA