ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w99 6/15 27-28 පි.
  • පාඨකයන්ගේ ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගේ ප්‍රශ්න
  • 1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • පවුලේ ප්‍රමාණය තීරණය කළ යුත්තේ කවරෙක්ද?
    1996 පිබිදෙව්!
1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w99 6/15 27-28 පි.

පාඨකයන්ගේ ප්‍රශ්න

කෙනෙකුට අවශ්‍ය නම්, වන්ධ්‍යකරණය යථා තත්වයට ගෙනා හැකි නිසා, ක්‍රිස්තියානියෙකු ඒවා උපත්-පාලන ක්‍රමයක් හැටියට සැලකීම සුදුසුද?

පවුල් සැලසුම් කිරීමේදී අද වැඩියෙන්ම යොදාගැනෙන්නේ වන්ධ්‍යකරණයයි. බොහෝදෙනෙකු එහි ඇති යෝග්‍යතාව නිශ්චය කරන්නේ සමාජීය හා අධ්‍යාපනික පසුබිම මෙන්ම ආගමික මතයන්ට අනුවයි. ගීතිකාකරුගේ ආශාව බෙදාගන්නා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ටත් ආගමික විශ්වාසය යන්න සලකා බැලිය යුතු කරුණකි. ගීතිකාකරු මෙසේ පවසයි: “[යෙහෝවා,] ඔබගේ මාර්ගය මට ඉගැන්නුව මැනව; . . . [ධර්මිෂ්ඨ] මාර්ගයෙක්හි මා ගෙනගිය මැනව.” (ගීතාවලිය 27:11) වන්ධ්‍යකරණයට ඇතුළත් වන්නේ කුමක්ද?

උපත් පාලනය සඳහා පුරුෂ වන්ධ්‍යකරණය, වාසෙක්තමී සැත්කමක් හැටියට හඳුන්වයි. වෘෂණ කෝෂයේ ශුක්‍ර නාල දෙකක් කපා හිර කරනු ලබයි. මෙය වෛද්‍ය ක්‍රම කිහිපයකින් කළ හැකි නමුත්, මෙහි අරමුණ වන්නේ කෝෂවල සිට ශුක්‍රාණුවලට ගමන් කිරීමට නොහැකි කරවීමයි. ස්ත්‍රී වන්ධ්‍යකරණය ට්‍යූබැක්ටමී සැත්කම හැටියට හඳුන්වනු ලබයි. පැලෝපීය නාල, එනම් ඩිම්බ කෝෂයේ සිට ගර්භාශයට ඩිම්බ ගෙන යන නාල කැපීමෙන් හෝ ගැටගැසීමෙන් (නැතහොත්, පිලිස්සීමෙන්) මෙය කරයි.

මෙම ක්‍රියාපිළිවෙත් ස්ථිර ඒවා බවට එනම්, වන්ධ්‍යකරණය වෙනස් කළ නොහැකි බවට බොහෝ කලක සිට විශ්වාස කොට ඇත. නමුත් තමන් ගත් පියවර ගැන පසුතැවුණු නිසා හෝ නව තත්වයන් නිසා වාසෙක්තමී සැත්කම හෝ ට්‍යූබැක්ටමී සැත්කම වෙනස් කිරීමට සමහරුන් වෛද්‍ය උපකාර පතා ඇත. විශේෂිත මෙවලම්වල හා ක්ෂුද්‍ර ශල්‍යකර්මයේ නව සොයාගැනීමත් සමඟ, වෙනස් කිරීම සඳහා ගත් උත්සාහයන් වැඩි වශයෙන් සාර්ථක වී තිබෙනවා. තෝරාගනු ලැබූ පාර්ශ්වයන්ගේ කපන ලද කුඩා නාල නැවත සම්බන්ධ කිරීමෙන් වාසෙක්තමී සැත්කමකින් සියයට 50 සිට 70 දක්වා සාර්ථකත්වයක් අද්දුටු බව කියවන්න ලැබීම අසාමාන්‍ය දෙයක් නොවෙයි. ස්ත්‍රී ට්‍යූබැක්ටමී සැත්කමින් සියයට 60 සිට 80 දක්වා සාර්ථකත්වයක් වාර්තා වෙනවා. මේ ගැන ඇසූ සමහරුන්ට හැඟෙන්නේ, වන්ධ්‍යකරණය තවදුරටත් හැමදාටම එසේම පැවතිය යුතු දෙයක් සේ නොසැලකිය යුතු බවයි. උපත් පාලන පෙති, කොපු හා ඩයෆ්‍රම වැනි ගැබ් ගැනීමකට කැමති වූ අවස්ථාවකදී නවතාලිය හැකි ක්‍රම ලෙසට වාසෙක්තමී හා ට්‍යූබැක්ටමී යන සැත්කම් සැලකිය හැකිය කියා ඔවුන් විශ්වාස කරන්න පුළුවන්. එහෙත්, කල්පනාවට ගත යුතු සමහරක් පැති නොසලකා හැරිය යුතු නැහැ.

එක් දෙයක් වන්නේ, මතු දැක්වෙන කාරණා යළි වෙනස් කිරීමට ඇති හැකියාවට පුදුම ආකාරයකින් බලපෑම් කළ හැකිවීමයි. ඒවා නම්, වන්ධ්‍යකරණ සැත්කම්වලදී නාලවලට සිදු වන හානියේ ප්‍රමාණය, නාලවලින් ඉවත් කරන හෝ තුවාල වන ප්‍රමාණය, සැත්කම කළ දා සිට ගත වූ කාලය හා වාසෙක්තමී සැත්කම ගත් කල, පුරුෂයාගේ ශුක්‍රාණුවලට එරෙහිව ප්‍රතිදේහ වර්ධනය වී ඇද්ද යන කාරණායි. තවත් මතක තබාගත යුතු දෙයක් වන්නේ, ක්ෂුද්‍ර ශල්‍යකර්මය සඳහා තිබෙන පහසුකම් සෑම ප්‍රදේශයකම නොතිබීම හෝ ඒ සඳහා දැරීමට සිදු වන වියදම දරාගත නොහැකි එකක් වීමත්ය. එහෙයින් වන්ධ්‍යකරණ සැත්කම වෙනස් කිරීමට නොඉවසිලිමත්ව බලා සිටින අයට එය කළ නොහැකි වෙන්න පුළුවන්. ඔවුන්ට සියල්ල එතැනින් අවසානයි.a එනිසා, ඉහත සඳහන් කළ වෙනස්කම් කළ අනුපාතයන් ඉලක්කම්වලට පමණක් සීමා වන අතර ඒවා කෙරෙහි රඳා පැවතිය නොහැකියි.

යථාර්ථයට එකඟව දිව යන සාක්ෂිද ඇත. එක්සත් ජනපදයේ වාසෙක්තමී සැත්කම වෙනස් කිරීම පිළිබඳව පළ වූ වාර්තාවකට අනුව, ඩොලර් 12,000ක් වැය වන ශල්‍යකර්මයෙන් පසු, “එසේ කරන රෝගීන්ගෙන් සියයට 63කට පමණයි තම කලත්‍රයන්ව ගර්භණීභාවයට පත් කළ හැකි වන්නේ.” තවදුරටත් ගතහොත්, “වාසෙක්තමී සැත්කමක් කරගන්නා පිරිමින්ගෙන් සියයට හයයි එය නැවත වෙනස් කිරීමට උනන්දු වන්නේ.” මධ්‍යම යුරෝපය සම්බන්ධයෙන් ජර්මනියේ සිදු කළ එක් පරීක්ෂණයකට අනුව, වන්ධ්‍යකරණය වීමට තෝරාගත් පිරිමින්ගෙන් සියයට තුනයි එය නැවත වෙනස් කිරීමට උත්සාහ කළේ. එසේ ගත් උත්සාහයන්වලින් භාගයක් සාර්ථක වුණත්, ඉන් සියයට 98.5කට ඉන් අදහස් වන්නේ වාසෙක්තමී සැත්කම ස්ථිර එකක් වනු ඇති බවයි. තවද ක්ෂුද්‍ර ශල්‍ය වෛද්‍යවරුන් අඩු හෝ කොහෙත්ම නැති ප්‍රදේශවල එම අනුපාතය තවත් වැඩි වෙන්න යනවා.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ස්ත්‍රී හෝ පුරුෂ වන්ධ්‍යකරණය සැහැල්ලු ලෙස තකමින් එය හරියට නිකම් තාවකාලික උපත් පාලන ක්‍රමයක් හැටියට සැලකීම යථාර්ථවාදී නොවන යමක් වෙයි. තවද අවංක ක්‍රිස්තියානියෙකුට සලකා බැලිය යුතු තවත් පැති තිබේ.

වැදගත් කාරණයක් වන්නේ, අපේ උත්පාදන ශක්තීන් මැවුම්කරුගෙන් ලැබී ඇති ත්‍යාගයක් වීමයි. “පොළොව පූර්ණකොට ඒක යටත්” කරගන්නා පරිපූර්ණ මිනිසුන්ගෙන් දරුවන් ජනිත වීමට සැලැස්වීම, ඔහුගේ මුල් අරමුණට ඇතුළත් වුණා. (උත්පත්ති 1:28) ජලගැල්මෙන් පොළොවේ ජනගහනය අටක් දක්වා අඩු වූ විට, දෙවි ඒ මූලික උපදෙස් නැවත සඳහන් කළා. (උත්පත්ති 9:1) දෙවි එම ආඥාව ඉශ්‍රායෙල් ජාතියට නොදුන් නමුත්, ජනිතයන් ඇති කිරීම ප්‍රියමනාප දෙයක් හැටියට ඔවුන් සැලකුවා.—1 සාමුවෙල් 1:1-11; ගීතාවලිය 128:3.

මනුෂ්‍ය ප්‍රජනනය සම්බන්ධයෙන් යෙහෝවා දැක්වූ සැලකිල්ල ඉශ්‍රායෙල්වරුන්ට ඔහු දුන් නීතියෙන් පිළිබිඹු වුණා. උදාහරණයක් හැටියට, විවාහක පිරිමියෙක් තම පරම්පරාව ගෙනයෑමට පිරිමි දරුවෙක් නොලැබ මියගියොත්, ඔහුගේ සහෝදරයා වැන්දඹුවව විවාහ කරගැනීම මගින් ඔහුට පුතෙක් ලබා දිය යුතු වුණා. (ද්විතීය කථාව 25:5) දබරයකදී තම ස්වාමිපුරුෂයාට උපකාර කිරීමට තැත් කළ භාර්යාව සම්බන්ධ නීතිය මීට වඩා හොඳින් ගැළපෙයි. ස්වාමිපුරුෂයාගේ ප්‍රතිවාදියාගේ රහස්‍ය කොටස් ඇය ඇල්ලුවොතින්, ඇගේ අත කැපිය යුතු වුණා. නමුත් සැලකිය යුතු ලෙස, ඇගේ හෝ ඇගේ ස්වාමිපුරුෂයාගේ ප්‍රජනන ඉන්ද්‍රියයන් ඒ වෙනුවට වන්දියක් හැටියට දීමෙන් දෙවි එලෙස ඇසට ඇසක් ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ නැහැ. (ද්විතීය කථාව 25:11, 12) ඇත්තෙන්ම මෙම පනත මගින් ප්‍රජනන ඉන්ද්‍රියයන් කෙරෙහි ගෞරවයක් ඇති කරනු ඇති අතර මේවා අනවශ්‍ය ලෙස විනාශ නොකළ යුතු වුණා.b

ක්‍රිස්තියානීන් ඉශ්‍රායෙල්වරුන්ගේ ව්‍යවස්ථාවට යටත් නැති බව අප දන්නා නිසා, ද්විතීය කථාව 25:11, 12හි ඇති ආඥාව ඔවුන්ට අදාළ නොවේ. විවාහ වී දරුවන් විශාල සංඛ්‍යාවක් බිහි කළ යුතු බව යේසුස් තම ගෝලයන්ට අණ කළේවත් අදාළ කළේවත් නැහැ. උපත් පාලන ක්‍රමයක් පාවිච්චි කළ යුතුද නැද්ද කියා තීරණය කිරීමේදී යුවළයන් මෙවැනි කාරණාද සැලකිල්ලට ගෙන තිබෙනවා. (මතෙව් 19:10-12) විවාහ වීමට බලවත් ආශාවෙන් යුතු ‘යෞවන වැන්දඹුවන්ට විවාහ වී දරුවන් බිහි කරන්න’ කියා ප්‍රේරිත පාවුල් දිරිගැන්වුවා. (1 තිමෝති 5:11-14, NW) ක්‍රිස්තියානීන්ට දරුවන් බිහි කිරීමට ඇති හැකියාව වුවමනාවෙන්ම පරිත්‍යාග කිරීමක් වන ස්ථිර වන්ධ්‍යකරණය සම්බන්ධයෙන් ඔහු සඳහන් කළේ නැහැ.

දෙවි ඔවුන්ගේ ප්‍රජනන හැකියාවන් උසස් කොට තකනවාය යන ඇඟවීම් සැලකිල්ලට ගැනීම ක්‍රිස්තියානියෙකුට වටියි. පවුල් සැලසුම් කිරීමේ ක්‍රම යොදාගන්නවාද මෙන්ම යොදාගන්නේ කොයි අවස්ථාවේද යන්න යුවළයන් තනි තනිව තීරණය කළ යුතුයි. නමුත් අනාගත ගැබ් ගැනීමකදී, දරුවා හෝ මව අවදානම් තත්වයකට සමහරක් විට මරණයට පවා මුහුණ දිය හැකිය කියා ස්ථිර කරනු ලැබුවොතින් ඔවුන්ගේ තීරණය බැරෑරුම් එකක් වනු ඇති බව නොකිවමනාය. එවැනි තත්වයන් යටතේ සිටින සමහරක් අය, කනගාටුවෙන් වුවද ඉහත සඳහන් කළ වන්ධ්‍යකරණයට පියවරක් ගෙන තිබෙනවා. එමගින් (දැනටමත් වෙනත් දරුවන් සිටිය හැකි) මවකට හෝ පසු කලෙකදී ජීවිතයට තර්ජනයක් විය හැකි සෞඛ්‍ය ගැටලුවක් ඇතුව ඉපදිය හැකි දරුවෙකුට අවදානමක් විය හැකි ගැබ් ගැනීමක් සිදු නොවන බවට වගබලා ගනී.

නමුත් එවන් අසාමාන්‍ය හෝ සුවිශේෂී අවදානමකට මුහුණ නොදෙන ක්‍රිස්තියානීන් විසින්, “මනසේ සුවදායීබවින්” යුතුව කටයුතු කිරීමට අවශ්‍ය වන අතර, ප්‍රජනන හැකියාවන් දෙවි උසස් කොට තකන ආකාරයෙන් තම සිතුවිලි හා ක්‍රියාවන් හැඩගස්සවාගත යුතුයි. (1 තිමෝති 3:2, NW; තීතස් 1:8; 2:2, 5-8) මෙය ශුද්ධ ලියවිලි මගින් දක්වා ඇති දෙයට මේරූ ආකාරයකින් සංවේදනය දැක්වීමක් වෙන්න යනවා. එහෙත්, දෙවි වැදගත් කොට සලකන දේවල් ක්‍රිස්තියානියෙක් විසින් කිසිම හේතු සාධනයකින් තොරව පැත්තට දැම්මාය කියා දැනගන්න ලැබුණොත් තත්වය කුමක්ද? ඔහු (හෝ ඇය) බයිබලයට එකඟව තීරණ ගැනීම සම්බන්ධයෙන් හොඳ ආදර්ශයක්ද යන්න ගැන වෙනත් අය විසින් සැක නොකරනු ඇද්ද? පැකිලීමකට හේතු වන එවැන්නක්, සේවයේ විශේෂ වරප්‍රසාදයන් අත් කරගැනීම සඳහා දේවසේවකයෙකු වීමට ඇති සුදුසුකමට බලපෑම් කළ හැකියි. නමුත් කෙනෙකු මෙම පියවර ගත්තේ නොදැනුවත්කමින් නම් එය එසේ වන්න යන්නේ නැහැ.—1 තිමෝති 3:7.

[පාදසටහන්වල]

a “[ශුක්‍ර නාල] නැවත සම්බන්ධ කිරීම කරන්නාවූ සැත්කම්වලින් අඩුම තරමින් සියයට 40ක සාර්ථකත්වයක් ඇති අතර, වඩා දියුණු වූ ක්ෂුද්‍ර ශල්‍යකර්ම ක්‍රමවලින් ඊටත් වැඩි සාර්ථකත්වයක් නෙළාගත හැකි බව සාක්ෂිවලින් පෙනී යයි. ඒ කොහොම වුණත්, වාසෙක්තමී සැත්කම යොදාගැනීමෙන් කරන වන්ධ්‍යකරණය ස්ථිර එකක් හැටියට සැලකිය යුතුයි.” (බ්‍රිටැනිකා විශ්වකෝෂය, ඉංග්‍රීසියෙන්) “වන්ධ්‍යකරණය ස්ථිර සැත්කමක් හැටියට සැලකිය යුතුයි. වෙනස් කිරීම සම්බන්ධයෙන් රෝගීන් අසන්න ලැබී තිබෙන දේවල් මධ්‍යයේ වුණත්, නාල යළි බන්ධනය මිල අධික සැත්කමක් වන අතර එහි සාර්ථකත්වය ස්ථිර කළ නොහැකියි. නාල වන්ධ්‍යකරණය වෙනස් කිරීමට නතු වන ස්ත්‍රීන්ට, ගර්භාශයෙන් පිටත සිදු වන පිළිසිඳගැනීමකට ඇති ඉඩ කඩ ඉතා වැඩියි.”—කන්ටෙම්පරරි ඔබ්/ජින්, 1998 ජූනි කලාපය.

b මීට සම්බන්ධයයි කිව හැකි තවත් පනතක කියැවුණේ, රහස්‍ය කොටස් දරුණු ලෙස තුවාල වී සිටි අයෙකුට දෙවිගේ සභාවට පැමිණීමට නොහැකි බවයි. (ද්විතීය කථාව 23:1) කොහොම වුණත්, ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය (ඉංග්‍රීසියෙන්) යන පොත පෙන්නුම් කරන ආකාරයට, මෙය පැහැදිලිවම “සමලිංගිකත්වය වැනි දුරාචාරමය හේතූන් උදෙසා වුවමනාවෙන්ම කළ කර ඇඹීමක් විය යුතුයි.” එහෙයින්, කලින් සඳහන් කළ පනත, කර ඇඹීම හෝ ඊට සමාන උපත් පාලන ක්‍රමයකට සම්බන්ධ වූයේ නැහැ. තීක්ෂ්ණ බුද්ධිය තවදුරටත් මෙසේ පෙන්නුම් කරයි: “සැනසිලිදායක ලෙස, නපුංසකයන් තම සේවකයන් හැටියට පිළිගනු ලබන කාලය කලින්ම පුරෝකථනය කළ අතර, තවද කීකරු වූවා නම්, ඔවුන්ට පුතුන්ට හා දූවරුන්ට වඩා හොඳ නමක් තිබෙනු ඇති බව යෙහෝවා පෙන්නුම් කළා. යේසුස් ක්‍රිස්තුස් විසින් ව්‍යවස්ථාව අහෝසි කිරීමෙන් පසු, තම පරණ තත්වය කුමක් වුවත්, ඇදහිල්ල ක්‍රියාවට නැංවූ සියලුදෙනාටම දෙවිගේ ආත්මික පුත්‍රයන් වීමට හැකි වූවා. මාංශික බෙදීම් ඉවත් කර තිබුණා.—යෙසා 56:4, 5; යොහ 1:12.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න