දේපොළ හානි කිරීම් තුරන් කළ හැකියි
“නහඹරයන් විසින් දේපොළ හානි කිරීම සැමවිටම සලකා තිබෙන්නේ, වැඩිහිටියන් කෙරෙහි හා ඔවුන්ගේ ප්‍රමිති කෙරෙහි දක්වන අගෞරවයේ හා එදිරිවාදිකමේ ප්‍රකාශයක් ලෙසයි” කියා ජේන් නෝමන් හා මයිරන් ඩබ්. හැරිස් යන කර්තෲවරුන් පැහැදිලි කරනවා. තත්වය වෙනස් කිරීමට කිසිවක් කළ නොහැකියි කියා බොහෝ යෞවනයන් විශ්වාස කළත්, “තුන්දෙනෙකුගෙන් එක්කෙනෙක් සිතන්නේ, දෙමාපියන් තමන්ගේ දරුවන්ට වැඩි අවධානයක් යොමු කළොත්, එමෙන්ම නහඹරයන්ට එතරම් කම්මැළිකමක් හැඟුණේ නැත්නම් නහඹරයන් අතින් වන දේපොළ හානි කිරීම් මැඩපැවැත්විය හැකි බවයි” කියා කර්තෲවරුන් වාර්තා කළා. යෞවනයන්ව වැඩවල යෙදවීමෙන් හා දෙමාපියන් විසින් ඔවුන්ව නිසි ලෙස පාලනය කිරීමෙන් දේපොළ හානි කිරීම අඩු කරගත හැකියි; නමුත් එපමණකින්ම එයට මුල් වන හේතුකාරකයන් සොයාගත හැකිද?
තනිව සිටින විට යෞවන අය බොහෝදෙනෙක් කරදර ඇති කරන්නන් නොවන නමුත්, කණ්ඩායමක් වශයෙන් හෝ දෙන්නා දෙන්නා වශයෙන් සිටින විට ඔවුන් මෝඩ හා හානිකර දේවල් කරමින් අවධානය ගැනීමට වෑයම් කළ හැකියි. නෙල්සන් සම්බන්ධයෙන් සිද්ධ වුණේ එයයි; ඔහු මත්ද්‍රව්‍ය හා මත්පැන් පානය කර දේපොළ හානි කරමින් නිතර ඔහුගේ කෝපය හා බලවත් අසතුට ප්‍රකාශ කළා. ඉඩම් බෙදා දීම හා කම්කරු අයිතිවාසිකම් සම්බන්ධයෙන් කතෝලික පල්ලියේ දුන් දේශනාවලින් කැලඹුණු ජූසෙට හැඟුණේ, තමා වැඩ වර්ජනවලට සහභාගි විය යුතු අතර විරෝධය පළ කිරීමක් වශයෙන් දේපොළ හානි කිරීම් සංවිධානය කළ යුතු බවයි. කෙසේවුවත්, නෙල්සන් හා ජූසෙ යන දෙදෙනාටම සටන් කිරීම් හා දේපොළ හානි කිරීම්වලට වඩා හොඳ දෙයක් ලැබුණා.
දේපොළ හානි කිරීමට පොලඹවන බරපතළ හේතු සමහරක්
සමහර යෞවනයන් දේපොළ හානි කිරීමේ යෙදෙන්නේ ඇයි කියා අපි කිට්ටුවෙන් සෝදිසි කර බලමු. බොහෝ යෞවනයන් වියවුල්ව සිටින අතර ඔවුන් “ලෝකය අවුලක්, පිස්සු මිනිස්සුන්ගෙන් පිරුණු පිස්සු තැනක් වශයෙන් විස්තර කරනවා.” කෙසේනමුත්, සමහරු විශ්වාස කරන දේට පටහැනිව, එක වාර්තාවක් මෙසේ ප්‍රකාශ කළා: “තමන්ගේ ජීවිත ගමන් කරන දිශාව සම්බන්ධයෙන් නහඹරයන් ඇත්තටම සැලකිලිමත් වෙනවා. වැඩිහිටියන් සිතුවේ නැතත්, ඔවුන් ලෝකය ගැන සැබෑ උනන්දුවක් දක්වනවා.” නොදැනුවත්ව හෝ දැනුවත්ව, දේපොළ හානි කිරීමේ නිරත වූ යෞවනයෙක් මේ ආකාරයෙන් ඔහුගේ මුල් බැසගත් කලකිරීම්, නොවිසඳුණු ගැටලු හෝ සම්පූර්ණ නොවූ අවශ්‍යතාවන් ප්‍රකාශ කර සිටිනවා. ආරම්භයේදී සඳහන් කළ අධ්‍යයනයට අනුව, “සමීක්ෂණයට සහභාගි වූ එක්කෙනෙක්වත්, දේපොළ හානි කිරීමෙහි නිරත [වූ] අය පවා එයට පක්ෂව කතා කළේවත් එය යුක්තිසහගත කළේවත් නැහැ.”
අගය කිරීමේ හෝ දිරිගැන්වීමේ වචනයක් යෞවනයෙකුට ඇසෙන්නේ ඉඳහිට විය හැකියි. අධ්‍යාපනය එන්න එන්නම වැදගත් දෙයක් බවට පත් වෙමින් තිබෙන අතර, බොහෝ රැකියාවලට උසස් මට්ටමේ විශේෂිත දැනුමක් හෝ තාක්ෂණික හැකියාවක් අවශ්‍ය වන නිසා, ඔහුට හෝ ඇයට බයාදු ගතියක් ඇති විය හැකියි. ඊටත් වඩා, දෙමාපියන්, ගුරුවරුන් හෝ තුල්‍යයන් යෞවනයාට හෝ යෞවනියට තම පෞද්ගලිකත්වය අනුව ක්‍රියා කිරීමට ඉඩ නොදී ඔහු හෝ ඇය අත් කරගත යුතු දේ සම්බන්ධයෙන් අවධාරණය කරමින්, හුඟාක් විවේචනාත්මක විය හැකි අතර දේවල් බලෙන් ඉල්ලා සිටිය හැකියි. බොහෝදෙනෙක් කැරලිගසන්නේ හෝ දේපොළ හානි කරන්නේ ඔවුන් තමා ගැනම කලකිරීමට පත් වී සිටින නිසයි. දෙමාපියන් ප්‍රේමය හා අවධානය දෙනවා නම් එවැනි විපත් බොහෝ සෙයින් අඩු වන්නේ නැද්ද?
උද්යෝග පාඨ ලිවීම හා වෙනත් අපචාරි ක්‍රියාවල් පාලනය කිරීමට ඇතැම් අධිකාරීන් විසින් වෑයම් දැරීම අතහැර තිබුණත්, සැලකිලිමත් අය දේපොළ හානිය පාලනය කිරීමට පොදුවේ තවමත් ගුරුවරුන් හා පාසැල් කාර්ය මණ්ඩලය දෙස බලන බව ඔබ දැක ඇති. නීති පැනවීම සම්බන්ධයෙන්, ජගත් විශ්වකෝෂ ග්‍රන්ථය මෙසේ පවසයි: “දේපොළ හානි කිරීම සම්බන්ධයෙන් දඩගැසීම හෝ හිරේ දැමීම මගින් දඬුවම් පැමිණවිය හැකියි. සමහර ප්‍රාදේශීය ආණ්ඩු මගින්, දෙමාපියන් තම දරුවන් කරන දේපොළ හානි කිරීම් සඳහා වගකිව යුතු බවට නීති පනවා තිබෙනවා. නමුත් දේපොළ හානි කිරීමේ ක්‍රියා බොහෝමයකට දඬුවම් දෙන්නේ නැහැ. එවැනි අවස්ථාවලදී නීති පැනවීම දුෂ්කර වන අතර, හානියට ඉවහල් වුණ තනි ක්‍රියාවන් වැඩි හරියකින් වන පාඩුව නීතිමය පියවරක් ගන්න තරම් වටින එකක් නොවෙයි.” වැරදිකරුවන්ගෙන් අසු වුණේ සියයට 3ක් පමණක් බව එක වාර්තාවක් පෙන්නුවා.
අපචාරයේ මූලික හේතුවට පහර දීම සඳහා හොඳම ක්‍රමය සුදුසු දෙමාපිය පුහුණුව විය හැකි බවට ඔබ එකඟ වෙන්න ඉඩ තිබෙනවා. නමුත් පවුල් ජීවිතය පිරිහෙන විට සමාජයන් දුක් විඳිනවා. යෞවනයන්ට අදාළ ගැටලුවලට හේතු සමහරක් වන්නේ “දුර්වල දෙමාපිය අධීක්ෂණය, නීති රීතිවල අඩුකම, අදහස් හුවමාරුවේ ඌනතාව, අතපසු කිරීම, උදාසීනබව හෝ නොසැලකිලිමත්බවයි” කියා සාඌ පාවුලු විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක් වන ආනා ලුවීසා වියේරා ඩි මාටොස් සඳහන් කරයි.
අපේ කාලයේදී අපි ඇත්තෙන්ම යේසුගේ මෙම වචනවල ඉටුවීම දැක තිබෙනවා: “අධර්මිෂ්ඨකම බෝවෙන බැවින් බොහෝ දෙනාගේ ප්‍රේමය හීනවන්නේය.” (මතෙව් 24:12) එමෙන්ම 2 තිමෝති 3:1-4හි වාර්තා වී ඇති වචන සැබෑ වන බව ප්‍රතික්ෂේප කරන්නේ කවුද? ප්‍රේරිත පාවුල් මෙසේ ලිව්වා: “අන්තිම දවස්වලදී අන්තරා සහිත කාලවල් පැමිණෙන බව දැනගන්න. මක්නිසාද මනුෂ්‍යයෝ තමුන්ටම ප්‍රේමකරන්නෝව, මුදලට ප්‍රේමකරන්නෝව, පාරට්ටුකරගන්නෝව, උදාරම්කාරයෝව, අපහාසකරන්නෝව, මවුපියන්ට අකීකරුවන්නෝව, ස්තුතිවන්ත නොවන්නෝව, අභක්තිකයෝව, ජන්ම ස්නේහය නැත්තෝව, සමාදාන නොවන්නෝව, කේලාම්කියන්නෝව, තෘෂ්ණාව මැඩපවත්වා නොගන්නෝව, කෲරයෝව, යහපතට ප්‍රේමනොකරන්නෝව, ද්‍රෝහියෝව, හිතුවක්කාරයෝව, අහංකාරයෝව, [දෙවිට] වඩා සැපසෙල්ලමට ප්‍රේමකරන්නෝව” සිටිනවා. සැබෑව නම්, එවැනි ගති ලක්ෂණ ඇති මනුෂ්‍යයන් අතර ජීවත් වීමම අපචාරයට තුඩු දීමයි. එහෙත් අප අත්නෑරිය යුතුයි. දේපොළ හානි කිරීම තුරන් කර දැමීමට පොදුවේ සමාජ ක්‍රම අසමත් වී ඇති නමුත්, තවදුරටත් ආචාර ධර්ම නැතුව හෝ නොසැලකිලිමත්ව නොසිටිමින් තම ජීවන-රටාව වෙනස් කිරීමෙහි සාර්ථක වී ඇති අය අපට සොයාගත හැකියි. ඔවුන් ගැන බලද්දී, ඔවුන් දේපොළ හානි කිරීම නවතා ඇත.
යෞවන අය සඳහා හොඳ මඟ පෙන්වීමක්
දේපොළ හානිකරන්නන් හා වෙනත් අයට තම පෞද්ගලිකත්වය වෙනස් කිරීමට උපකාර කර තිබෙන්නේ කුමක්ද? සමහර ගුරුවරුන්ට හා දෙමාපියන්ට විශ්වාස කළ නොහැකි බවක් පෙනෙන්න තිබිය හැකි වුණත්, බයිබලය විශිෂ්ට හා කාලෝචිත උපදෙස් සපයනවා. එය අනුගමනය කිරීම හේතුවෙන්, කලින් දේපොළ හානි කළ පුද්ගලයන් දෙවිගේ මෙම විශේෂිත නීතියට කීකරු වීමට පෙලඹී තිබෙනවා: “නපුරක් කිරීමට සමූහයක් අනුව නොයන්න.” (නික්මයාම 23:2) බොහෝදෙනෙක් තමන් ඊට පෙර තේරුම් නොගත් විශ්වාසයන් හා ධර්මයන් පිළිබඳව දේවවචනයෙන් දැනගත් සත්‍යය වෙත ඇදී ගොස් තිබෙන අතර, ඔවුන් ඉගෙනගෙන ඇති දේ ඔවුන්ගේ යහපතට බලපා තිබෙනවා. සාඌ පාවුලුහි යෞවනයෙක් වන ජූසෙගේ අද්දැකීම සලකා බලන්න. ඔහුව ඇති දැඩි කර තිබුණේ නමස්කාරයේදී රූප භාවිතා කිරීම අවශ්‍යයි යන හැඟීම ඇතුවයි. දෙවිට යෙහෝවා යන නම තිබෙන බවත්, ඔහු රූප වන්දනාව අනුමත නොකරන බවත් ජූසෙ දැනගත් විට දෙවිගේ නෙත් හමුවේ ප්‍රසන්න දේ කිරීම සඳහා ඔහු අවශ්‍ය වෙනස්කම් කළා.—නික්මයාම 20:4, 5; ගීතාවලිය 83:17; 1 යොහන් 5:21; එළිදරව් 4:11.
ප්‍රචණ්ඩකාරි කල්ලිවල සිටීමෙන් හා වැඩ වර්ජනවලට සහභාගි වීමෙන් පිට පිටම අද්දුටු අපේක්ෂාභංග අද්දැකීම් වෙනුවට, නෙල්සන් අනාගතය සඳහා නියම බලාපොරොත්තුවක් සොයාගත් අතර එය ඔහුට විශාල සහනයක් දී තිබෙනවා. ඔහු මෙසේ පවසනවා: “නරක ආශ්‍රය හා මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවෙක් හැටියට ගත කරන ජීවිතයක් නිසා මගේ පවුලෙන් ප්‍රතික්ෂේප වෙනවා වෙනුවට, දැන් නිවසේ වැඩියෙන්ම ගෞරවය ලබන්නේ මමයි. හුඟක් වෙලාවට මගේ අයියලාට අවවාද කරන්න කියලා මගේ තාත්තා මට කියනවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් එක්ක මම බයිබලය පාඩම් කරන්න පටන්ගත් දා ඉඳලා, මම ප්‍රීතිය භුක්ති විඳලා තියෙනවා; මොකද දැන් මට මගේ ජීවිතයට අරමුණක් තිබෙනවා.” එමෙන්ම ප්‍රචණ්ඩකාරි පරිසරයක ජීවත් වීමට පුරුදුව සිටි මාකූ වැනි නගරබද යෞවනයෙකුට, දේවරාජ්‍යය මගින් පොළොව පාරාදීසයක් කරනු ඇති බව දැනගන්න ලැබීම ඇත්තෙන්ම හද උණුසුම් කරවන දෙයක් වී තිබෙනවා.—එළිදරව් 21:3, 4.
කලින් කල්ලි සාමාජිකයෙකු, වීදියේ කලහ ඇති කරන්නෙකු හා දේපොළ හානි කරන්නෙකු සම්බන්ධ සිද්ධියත් සලකා බලන්න. අනාථ දරුවෙකු වශයෙන් ඉතා කනගාටුදායක ළමා කාලයක් ගත කළ වෝල්ටර්ගේ සිතට, දූෂිත, දුෂ්ට පිළිවෙළක් තුළ දෙවිට සෙනඟක් සිටීම පිළිබඳ අදහස කාවදිනසුලු දෙයක් වුණා. තම ජීවිතයට බයිබල් ප්‍රතිපත්ති අදාළ කිරීමටත්, දයානුකම්පාව, සැලකිල්ල හා කරුණාව දැක්වීමටත් ඔවුන් අවංකවම වෑයම් කරනවා. වෝල්ටර් මෙසේ පැහැදිලි කරයි: “යේසුගේ පොරොන්දුවට අනුව, මට දැන් ‘සහෝදර, සහෝදරියන් මෙන්ම මව්වරුන් හා පියවරුන්’ ඇතුළත් විශාල පවුලක් සිටිනවා. ජනයා දෙවිගේ ධර්මිෂ්ඨ ආණ්ඩුව යටතේ සතුටෙන් හා එකමුතුව ජීවත් වෙන්න යන කාලය එන තුරු මම අනාගතය දිහා ආශාවෙන් බලාගෙන ඉන්නවා.”—මාර්ක් 10:29, 30; ගීතාවලිය 37:10, 11, 29.
විරෝධය පෑමට වඩා හොඳ දෙයක්
තම සෙසු මිත්‍රයන්ට සැලකිල්ල හා ප්‍රේමය පෙන්වනවාට අමතරව, කලින් දේපොළ හානි කිරීමෙහි නියැලුණු මේ අය ‘නපුරට වෛර කිරීමට’ ඉගෙනගෙන තිබෙනවා. (ගීතාවලිය 97:10; මතෙව් 7:12) ඔබ ගැන කුමක් කිව හැකිද? ඔබ පුළුල්ව පැතිරුණු දේපොළ හානි කිරීම්වල බලපෑම්වලින් දුක් විඳින කෙනෙක් වුවත්, දේවවචනය පාඩම් කිරීම මගින්, ඔබ කෙරෙහි සැලකිල්ලක් දක්වන ප්‍රේමනීය ස්වර්ගික පියෙකු වන යෙහෝවාව ඔබට සැබෑ පුද්ගලයෙකු බවට පත් වෙයි. (1 පේතෘස් 5:6, 7) පෞද්ගලික දුර්වලකම් හෝ දිළිඳුකම තිබුණත්, ආත්මිකව දියුණු වීමට ඔබට උපකාර කිරීමට දෙවිට හැකියි. එයම මවිතකර අද්දැකීමක්!
බයිබල් සත්‍යය ඉගෙනීම සඳහා සියලු ආකාර මනුෂ්‍යයන්ට ප්‍රස්තාව ලබා දෙන්න යෙහෝවාට හා ඔහුගේ පුත් යේසුස් ක්‍රිස්තුස්ට ඇත්තෙන්ම වුවමනායි. දේපොළ හානි කිරීම මේ දැන්ම නැවැත්වීම සඳහා පුද්ගලයන්ට උපකාර කිරීමට වඩා වැඩි යමක් කිරීමට දේවවචනයට හැකියි. දිව්‍යමය ප්‍රතිපත්ති අදාළ කිරීමෙහි වැඩිදුර ප්‍රගතියක් ලැබීමට ඔවුන්ව පොලඹවන්න එයට හැකියි. ප්‍රතිඵලයක් වශයෙන්, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත සභාව වන, පවිත්රත්වය හා හොඳ ආචාර ධර්ම සඳහා ප්‍රසිද්ධ ජාත්‍යන්තර සහෝදරත්වයක සාමාජිකයන් වීමට ඔවුන්ට හැකියි. එපීස 4:24ට එකඟව මෙම අවංක ක්‍රිස්තියානීන්, ‘සැබෑවේ ධර්මිෂ්ඨකමින්ද ශුද්ධකමින්ද දෙවිට සමානව මවන ලද්දාවූ අලුත් මනුෂ්‍යයා [පෞද්ගලිකත්වය, NW] පැළඳගෙන’ තිබෙනවා. බේරී, සදහටම ජීවත් වන්න යන්නේ මේ අය පමණක් බැවින්, වැඩි කල් නොගොස් ලෝකය එවැනි ජනයාගෙන් පිරී යනු ඇත.—ලූක් 23:43 සසඳන්න.
දේපොළ හානි කිරීමෙන් නිදහස් නව ලෝකයක් ඇති විය හැකියි
දේපොළ හානි කිරීම ඇත්තෙන්ම තුරන් කළ හැකි බව ඔබ විශ්වාස කරනවාද? එසේනම්, එවැනි ඉතා වැදගත් වෙනසක් සිදු වනු ඇත්තේ කෙසේද? දේවරාජ්‍යය ළඟදීම මෙම දුෂ්ට පිළිවෙළ තුරන් කරනු ඇත. පොළොව උරුම කරගන්න අය දෙවිගේ මොනයම් හෝ ධර්මිෂ්ඨ නීතියක් වුවමනාවෙන්ම කැඩීම සම්බන්ධයෙන් වගකිව යුතු වෙනවා. (යෙසායා 24:5, 6 සසඳන්න.) ‘අපරාධකාරයෝ එකට විනාශ කරනු ලබන’ අතරතුරේදී, ධර්මිෂ්ඨකමට ප්‍රේම කරන අයව ගළවනු ලබනවා ඇත. ‘යෙහෝවා ඔවුන්ට පිහිටව, ඔවුන් මුදන්නේය. ඔවුන් ඔහු සරණ කරගත් නිසා, ඔහු ඔවුන්ව දුෂ්ටයන්ගෙන් මුදා ගළවන්නේය.’—ගීතාවලිය 37:38-40.
ඇත්තෙන්ම, දේපොළ හානි කිරීමේ හේතුකාරකයන් සම්පූර්ණයෙන්ම තුරන් කරනු ඇත. එමෙන්ම සියලුම අපරාධ, පීඩා, දුක් විඳීම් හා දුෂ්ටකම්ද නැති වී යයි. ඒ වෙනුවට, සාමය, සැබෑ ධර්මිෂ්ඨකම, නිසංසලබව හා සුරක්ෂිතභාවය නව ලෝකය තුළ ලබන ජීවිතයේ අංගයන් වනු ඇත. යෙසායා 32:18 විස්තර කර ඇති දේ මෙසේ වචනානුසාරයෙන්ම සැබෑ වනු ඇත: “මාගේ සෙනග සමාදාන නිවාසයකද සුරක්ෂිත වාසස්ථානවලද නිවාඩු ස්ථානවලද වසන්නෝය.” ඔව්, අන් අය සඳහා ප්‍රේමය හා සැලකිල්ල දක්වන ජනයාගෙන් අලංකාර, සමස්ත ලෝක පාරාදීසය ජනාවාස වනු ඇත.
කලින් දේපොළ හානිකරන්නන් වී සිටි අය ඇතුළු වෙනත් මිලියන ගණන්දෙනෙක් දැනටමත් යෙහෝවා දෙවි සමඟ කිට්ටු සබඳතාවක් භුක්ති විඳිනවා. ඔවුන් තවදුරටත් දේපොළ හානි කිරීමේ කිසිම ක්‍රියාවකට හවුල් වෙන්නේ නැහැ. ඔහුගේ නව ලෝකයෙහි ජීවිතයට ඔබව මඟ පෙන්වීම සඳහා ඔබත් දේවවචනයට ඉඩහරිනවාද? යෙහෝවාගේ ප්‍රකාශය වාර්තා කළ පුරාණ ගීතිකාකරුව අනුකරණය නොකරන්නේ මන්ද? ඔහු මෙසේ පැවසුවා: “ඔබට උගන්වන්නෙමි, ඔබ විසින් යායුතු මාර්ගයෙහි ඔබට ගුරුකම් දෙන්නෙමි. මාගේ ඇස ඔබ කෙරේ යොමුකොට ඔබට දැනමිතිකම් දෙන්නෙමි.”—ගීතාවලිය 32:8.
[7වන පිටුවේ පින්තූරය]
දෙමාපිය අවධානය හා ප්‍රේමය යෞවනයන්ව ආරක්ෂා කරයි