ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w99 6/15 3-4 පි.
  • දේපොළ හානි කිරීම් මන්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දේපොළ හානි කිරීම් මන්ද?
  • 1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දේපොළ හානිය නැවැත්විය හැක්කේ කාටද?
  • දේපොළ හානි කිරීම් තුරන් කළ හැකියි
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වෛරයෙන් මත් වුණ ලෝකයක්!
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • විනෝද වෙන්න පුළුවන් අනික් යෞවනයන්ට විතරද?
    1996 පිබිදෙව්!
  • වෛරයේ ගිනිදලු නිවා දමන්න පුළුවන්
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w99 6/15 3-4 පි.

දේපොළ හානි කිරීම් මන්ද?

“මට කියන්න කිසි දෙයක් නැහැ.” සාඌ පාවුලුහි ප්‍රසන්න තැනක තිබූ අලුතෙන් තීන්ත ආලේප කළ තාප්පයක මෙම වචන විශාල අකුරෙන් ලියා තිබුණා. එය දේපොළ හානියේ ක්‍රියාවක් කියා ඔබ සිතිය හැකියි. අනික, උද්‍යෝග පාඨ ලිවීම දේපොළ හානි කිරීමේ එක ක්‍රියාවක් පමණයි.

ඉවක් බවක් නැතුව දේපොළ හානිකරන්නන් ඔබේ අලුත් කාර් එකට හානි කළායයි සිතන්න. නැතහොත් බොහෝදෙනාට ප්‍රයෝජනවත් වන පොදු දේපොළවලට හානි කර හෝ ඒවා විනාශ කර තිබෙනවා ඔබ දැකිය හැකියි. ඇයි? ඇත්තෙන්ම, ඇයි දේපොළ හානියේ ක්‍රියා බහුලව තිබෙන්නේ කියා ඔබ කෙදිනක හෝ කල්පනා කර තිබෙනවාද? බොහෝ ස්ථානවල, දූරකථන කුටි විනාශ කිරීමෙන් හෝ ඒවාවලට හානි කිරීමෙන් දේපොළ හානියේ යෙදෙන්නන් සතුටක් ලබනවා. දුම්රිය හෝ බස් රථ වැනි පොදු ප්‍රවාහණය බොහෝවිට ඉලක්කයක් වන බව පෙනෙන්න තිබෙනවා. පෙනෙනාකාරයට, දේපොළ හානිකරන්නන් කිසිම දෙයක් ගැන සැලකිල්ලක් දක්වන්නේ නැහැ. නමුත් අප දැක ඇති හෝ විඳ ඇති දේපොළ හානිවලින් වැඩි හරියක් පිටුපස තිබෙන්නේ කුමක්ද?

රියෝ ද ජනේරෝවල යෞවනයෙක් වූ මාකූ,a ඔහුගේ කණ්ඩායම පාපන්දු ක්‍රීඩාවකින් පැරදුණු විට කලකිරීමට පත් වුණා; කොයිතරම් කලකිරුණාද කියනවා නම් ජයග්‍රාහී කණ්ඩායමට පක්ෂවූවන්ගෙන් පිරී තිබූ බස් රථයකට ගල්වලින් දමා ගැසීමට ඔහු පටන්ගත්තා. එසේ නැතහොත් ක්ලෞස්ව සලකා බලන්න. ඔහු පාසැලේදී හොඳින් සමත් නොවූ විට කෙතරම් කෝපයට පත් වුණාද කිවහොත් ඔහු ගල් ගසා ජනේල බිඳ දැමුවා. කෙසේනමුත්, හානිය සඳහා ගෙවන්න කියා පියාට පැවසූ විට ඔහුගේ “විනෝදය” අතුරුදහන් වී ගියා. අර්වින් නම් තවත් යෞවනයෙක්, පාසැලේ ඉගෙනගනිමින් හා රැකියාවක් කරමින් සිටියා. ඔහුව හා ඔහුගේ තුල්‍යයන්ව හොඳ යෞවනයන් ලෙසයි සැලකුවේ. ඒත් ඔවුන්ගේ විනෝදය වුණේ වටපිටාවේ දේපොළ හානි කිරීමයි. අර්වින්ගේ දෙමාපියන් ඒ ගැන කිසිවක් දැන සිටියේ නැහැ. අනාථ දරුවෙක් වූ වෝල්ටර්ට ජීවත් වීමට තිබුණේ සාඌ පාවුලුහි වීදි විතරයි. ඔහුගේ හොඳම මිත්‍රයන් වූයේ දේපොළ හානි කරන කල්ලියක්. ඔහු ඔවුන් සමඟ හවුල් වූ අතර සටන් හරඹද ඉගෙනගත්තා. එවැනි උදාහරණවලින් පෙන්වන්නේ දේපොළ හානි කිරීම පිටුපස සිටින්නේ මිනිසුන් බවත්, දේපොළ හානිය සඳහා පෙලඹීම හෝ ඊට සම්බන්ධ වන චිත්තවේගයන් වෙනස් බවත්ය.

“දේපොළ හානිය, පළිගැනීමේ හෝ දේශපාලනික මතයක් ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් විය හැකියි. සමහර අවස්ථාවලදී යෞවන අය හා වැඩිහිටියන් යන දෙගොල්ලන්ම හුදු ‘විනෝදය’ තකා මෙවැනි අපරාධ කරනවා” කියා ජගත් විශ්වකෝෂ ග්‍රන්ථය (ඉංග්‍රීසියෙන්) පවසයි. කෙසේවුවත්, දේපොළ හානිය යෞවන කාලයේ හුදු විනෝදයක් වනවා වෙනුවට, දරුණු විනාශකාරි දෙයක් මෙන්ම මාරාන්තික දෙයක් පවා විය හැකියි. යෞවන කණ්ඩායමකට “ටිකක් විනෝද වෙන්න” වුවමනා වූ අතර, ඔවුන් දැක්කා මනුෂ්‍යයෙක් නිදා සිටිනවා; ඔවුන් ගිනිගන්නාසුලු ද්‍රාවණයක් ඔහු මත වත් කර, ඔහුට ගින්දර තැබුවා. එයට ගොදුරු වූ තැනැත්තා බ්‍රසීලියානු ඉන්දියානුවෙක් වූ අතර, පසුව රෝහලේදී මියගියා. “හිඟන්නන් කීපදෙනෙකුව වීදියේදී පිලිස්සුවත්, ඒ සම්බන්ධයෙන් කිසිම පියවරක් නොගත් නිසා, ඒ ගැන කවුරුත්ම සැලකිලිමත් වෙයි කියලා තමන් හිතුවේ නැතැයි යෞවනයන් පැවසූ” බව වාර්තාවක් පෙන්වයි. දේපොළ හානියේදී කිසිවෙක් ගොදුරු නොවන බව හෝ වන බව පෙනෙන්න තිබුණත්, දරන්න සිදු වන මූල්‍යමය හා චිත්තවේගීය පාඩුව අපමණයි. එබැවින්, දේපොළ හානිය පාලනය කිරීමට හෝ නිම කිරීමට හැකි වන්නේ කුමක් මගින්ද?

දේපොළ හානිය නැවැත්විය හැක්කේ කාටද?

දේපොළ හානිය වැළැක්වීමට පොලිසියට හා පාසැල්වලට හැකිද? “පුද්ගලයන්ට හානියක් සිදු නොකරන” අපරාධවලට වඩා, මත්ද්‍රව්‍ය වෙළඳාම හෝ මිනී මැරීම වැනි වඩාත් බරපතළ අපරාධ සම්බන්ධයෙන් අධිකාරීන් කාර්ය බහුලව සිටීම එක ගැටලුවක්. පොලිස් නිලධාරියෙක් පවසන ආකාරයට, යෞවනයෙක් කරදරයක වැටුණහම, දෙමාපියන් බොහෝවිට “ඔහු ඇසුරු කරන ළමයින්ට, එහෙමත් නැත්නම් ඔහුව අල්ලාගැනීම සම්බන්ධයෙන් පාසැලට හෝ පොලිසියට දොස් පවරයි.” අධ්‍යාපනය හා නීති පැනවීම් මගින් දේපොළ හානි කිරීම් අඩු කළ හැකියි; නමුත්, දෙමාපිය ආකල්ප වෙනස් නොවනවා නම් කුමක්ද? එක් ළමා පරිවාස නිලධාරිනියක් මෙසේ පවසනවා: “හේතුව, කම්මැළිකම හා නිකරුණේ කාලය නාස්ති කිරීම. [දරුවන්] රෑ වෙන තුරු නිවසෙන් බැහැරව සිටින අතර, ඔවුන්ට කරන්න වෙනත් දෙයක් නැහැ. එමෙන්ම සමහරවිට ඔවුන් ගැන සොයා නොබලනවා විය හැකියි; මන්ද සොයා බලනවා නම් ඔවුන් පිටත සිටින්නේ නැහැ.”

බොහෝ ස්ථානවල දේපොළ හානි කිරීම් බරපතළ ගැටලුවක් වුවත්, දේවල් වෙනස් කළ හැකි ආකාරය සලකා බලන්න. ආරම්භයේදී සඳහන් කළ යෞවන දේපොළ හානිකරන්නන් වෙනස් වුණා; දැන් ඔවුන් සමාජයට හානිදායක වන හැසිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකෙනවා. කලින් අපචාරීන්ව සිටි මේ අයට ඔවුන්ගේ ජීවන-රටාව වෙනස් කරගැනීමට සැලැස්සුවේ කුමක්ද? එමෙන්ම, දේපොළ හානි කිරීම අඩු කිරීමට පමණක් නොව, නමුත් තුරන් කිරීමට පවා යන බව දැනගත්තොත් ඔබ පුදුම වෙයිද? ඊළඟ ලිපිය කියවන්න කියා අපි ඔබට ඇරයුම් කරන්නෙමු.

[පාදසටහන]

a නම් වෙනස් කර තිබේ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න