ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w98 12/15 30 පි.
  • ඔබට මතකද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබට මතකද?
  • 1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උත්සාහ කරන්න, යෙහෝවා බලන විදිහටම අන් අය දෙස බලන්න
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වැරදිවලින් පාඩමක් ඉගෙනගත් කෙනෙක්
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • වැරදිවලින් පාඩමක් ඉගෙනගත් යෝනා
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w98 12/15 30 පි.

ඔබට මතකද?

ඔබ මෑතක පළ වූ මුරටැඹ කලාප කියවීමෙන් සතුටක් ලැබුවාද? ඔබට සතුටක් ලැබුණා නම්, මතු දැක්වෙන දෑ මතකයට නැඟීමෙන් ආස්වාදයක් ලැබෙයි:

◻ යෙහෝවා තම සෙනඟට මඟ පෙන්වීම සඳහා තෝරාගන්නා පුද්ගලයන් කෙරෙහි අපට විශ්වාසය තැබිය හැක්කේ ඇයි?

යම් විශේෂ කාලයකට සරිලන පරිදි තම සෙනඟට මඟ පෙන්වීම සඳහා, විශේෂ ගුණාංග ඇති පුද්ගලයන්ව විවිධ වගකීම් සඳහා යෙහෝවා තෝරාගන්නවා.—8/15, 14වන පිටුව.

◻ යෝනාගේ අද්දැකීමෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

යෝනා තමා ගැනම ඕනෑවට වඩා සිතුවා; අනුන් ගැන සිතුවේ ඉතා අඩුවෙනුයි. අපට හා අපේ හැඟීම්වලට මුල් ස්ථානය නොදීමට අපි යෝනාගෙන් පාඩමක් ඉගෙනගනිමු.—8/15, 19වන පිටුව.

◻ ‘යෙහෝවාගේ නාමය බලකොටුවක්’ යයි කිව හැක්කේ කෙසේද? (හිතෝපදේශ 18:10)

දෙවිගේ නාමය තුළ ආරක්ෂාව සොයනවා කියන්නේ යෙහෝවා කෙරෙහි දැඩි විශ්වාසයක් තබනවා යන්නයි. (ගීතාවලිය 20:1; 122:4) එයින් අදහස් කරන්නේ ඔහුගේ විශ්වනීය පරමාධිපත්‍යයට සහය දී ඔහුගේ නීති හා ප්‍රතිපත්ති උසස් කොට තකමින්, ඔහුගේ පොරොන්දු කෙරෙහි ඇදහිල්ල පෙන්වීමයි. (යෙසායා 50:10; හෙබ්‍රෙව් 11:6)—9/1, 10වන පිටුව.

◻ උසස් නිලධාරීන් ඉදිරියේ පාවුල් සාක්ෂිදැරූ විලාසය අපට විශිෂ්ට ආදර්ශයක් සපයන්නේ කොහොමද?

අග්‍රිපා රජුට කතා කිරීමේදී පාවුල් ස්ථානෝචිත ප්‍රඥාව භාවිත කළා. ඔහු තමාට සහ අග්‍රිපාට පොදු වූ කරුණු අවධාරණය කළා. එයාකාරයෙන්, අප ශුභාරංචියේ ඒකාන්ත පැත්ත කාවැද්දිය යුතු අතර, අපේ බලාපොරොත්තු ගැන අවධාරණය කළ යුතුයි. (1 කොරින්ති 9:22)—9/1, 31වන පිටුව.

◻ යෙහෝවාගේ ඉවසීමෙන් ප්‍රයෝජන ලබන්නේ කවුද?

යෙහෝවාගේ ඉවසිලිවන්තකම නිසා, ‘යෙහෝවාගේ දවසින්’ ගැළවීමට මිලියන සංඛ්‍යාතයකට ප්‍රස්තාවක් ලබා දෙමින් තිබෙනවා. (2 පේතෘස් 3:9-15) ‘භයෙනුත් වෙවුලුමෙනුත් අපගේම ගැළවීම ඉෂ්ට’ කරගැනීම සඳහා ඔහුගේ ඉවසීම අප සෑම කෙනෙකුටමද ප්‍රස්තාවක් සලසනවා. (පිලිප්පි 2:12)—9/15, 20වන පිටුව.

◻ සෙප්ටුඅජින්ට් බයිබල් පරිවර්තනය කොතරම් වටිනා එකක් වූවාද?

යෙහෝවා දෙවි ගැනත්, යේසුස් ක්‍රිස්තුස් විසින් පාලනය කරනු ලබන යෙහෝවාගේ රාජ්‍යය ගැනත්, දැනුම පතළ කිරීමේදී මෙම පරිවර්තනය වැදගත් කාර්යභාරයක් ඉටු කළා. පළමු ශතවර්ෂයේ සිටි ග්‍රීක භාෂාව කතා කරන යුදෙව්වන්ට හා අන්‍යජාතිකයන්ට රාජ්‍ය ශුභාරංචිය පිළිගැනීම සඳහා සෙප්ටුඅජින්ට් මගින් වැදගත් අත්තිවාරමක් දමා තිබුණා.—9/15, 30, 31 පිටු.

◻ නාස්තිකාර පුත්‍රයාගේ උපමාව අපට දෙවි ගැන උගන්වන්නේ කුමක්ද?

මුලින්ම, යෙහෝවා “දයාවන්ත සහ කරුණාභරිත වූ, උදහස් වීමට ප්‍රමාද, ප්‍රේමනීය-කරුණාව සහ සැබෑකමින් පූර්ණ වූ” කෙනෙක් බවයි. (නික්මයාම 34:6, NW) හෘදයේ තත්වය වෙනස් වී දයාව පෙන්වීමට පදනමක් සැපයූ විට, ඔහු “සමාව දීමට සූදානම්” වෙයි. (ගීතාවලිය 86:5, NW)—10/1, 12, 13 පිටු.

◻ යෙසායා 65:21-25 දක්වා පොරොන්දු කර ඇති සාමකාමී තත්වයන් ඉටු වනු ඇත්තේ කවදාද?

ආත්මික පාරාදීසයෙහි යෙහෝවාගේ එක්සත් නමස්කාරකයන් හැටියට, ආලේප ලත් අය සමඟ ‘වෙනත් බැටළුවන්’ දෙවිගෙන් ලද සමාදානය දැන් භුක්ති විඳිමින් සිටිනවා. (යොහන් 10:16) තවද ‘දෙවිගේ කැමැත්ත ස්වර්ගයේ සිදු වන ආකාරයටම, පොළොවෙදීත් සිදු වන’ විට එවැනි සමාදානයක් භෞතික පාරාදීසය වෙතටද ව්‍යාප්ත වෙන්න යනවා. එකල ප්‍රොපේත යෙසායාගේ වචන පූර්ණ අර්ථයකින් ඉටු වේවි. (මතෙව් 6:10)—10/15, 24වන පිටුව.

◻ ක්‍රිස්තියානීන් විවාහ සංවත්සර පවත්වන මුත් උපන් දින උත්සව නොපවත්වන්නේ ඇයි?

බයිබලය විවාහය නිෂේධාත්මක දෙයක් හැටියට සලකන්නේ නැහැ. අවස්ථාවේ ප්‍රීතිය ගැන සිතා බලන්නත්, යුවළක් වශයෙන් සාර්ථකත්වය උදෙසා වැඩ කිරීමට තමන් ගෙන තිබෙන අධිෂ්ඨානය ගැන මෙනෙහි කිරීමටත් ක්‍රිස්තියානීන් තෝරාගැනීම ඇත්තෙන්ම පෞද්ගලික කාරණයක්. කොහොම වුණත් බයිබලයේ වාර්තා කර ඇත්තේ මිථ්‍යාදෘෂ්ටිකයන්ගේ උපන් දින උත්සව ගැන පමණක් වන අතර, ඒවාද කෲරත්වය හා සම්බන්ධ වී තිබෙනවා.—10/15, 30, 31 පිටු.

◻ පළවන කොරින්ති 3:12, 13හි පාවුල්ගේ නිදර්ශනයේ “ගින්නෙන්” නියෝජනය වන්නේ කුමක්ද? එමෙන්ම සියලුම ක්‍රිස්තියානීන් කුමක් ගැන සාවධානී විය යුතුද?

ජීවිතයෙහි අප සියලුදෙනාම මුහුණ දෙන ගින්නක් තිබෙනවා. ඒ තමයි, ඇදහිල්ලෙහි පරීක්ෂණ. (යොහන් 15:20; යාකොබ් 1:2, 3) අප සත්‍යය උගන්වන සැමදෙනාවම පරීක්ෂණයට ලක් කෙරෙනවා. පාවුල් අනතුරු ඇඟවූ පරිදි, අප දුර්වල ලෙස ඉගැන්වීමේ යෙදෙනවා නම් කනගාටුදායක ප්‍රතිවිපාක ඇති වෙන්න ඉඩ තිබෙනවා. (1 කොරින්ති 3:15)—11/1, 11වන පිටුව.

◻ නෝවා “සැබෑ දෙවි සමඟ ඇවිද්දේ” කුමන ආකාරයෙන්ද? (උත්පත්ති 6:9, NW)

දෙවි තමාට පැවසූ දේවල් කිරීමෙන් නෝවා දෙවි සමඟ ඇවිද්දා. යෙහෝවාගේ කැමැත්ත කිරීමට නෝවා තම ජීවිතය කැප කළ නිසා, ඔහු දෙවි සමඟ උණුසුම්, සමීප සබඳතාවක් භුක්ති වින්දා.—11/15, 10වන පිටුව.

◻ දුෂ්ටයන් මත දෙවිගේ පළිගැනීම සිදු කරන නිශ්චිත කාලය නොදැන සිටීම නිසා අප ඉදිරියේ තිබෙන ප්‍රස්තාවන් මොනවාද?

අප ඇත්තෙන්ම යෙහෝවාට ප්‍රේම කරන බවත්, සදහටම ඔහුගේ මාර්ගවල යෑමට අපට වුවමනා බවත් ඔප්පු කිරීමට ප්‍රස්තාව සලසනවා. එමෙන්ම අපි දෙවිට පක්ෂපාත බවත්, ඔහු කාරණා හසුරුවන ආකාරය සම්බන්ධයෙන් විශ්වාස කරන බවත් එය පෙන්වනවා. එපමණක්ද නොව, අපව පරීක්ෂාකාරිව හා ආත්මිකව අවදිව තැබීම සඳහා දවස හා පැය නොදැන සිටීම අපට උපකාරවත් වෙනවා. (මතෙව් 22:42-44)—11/15, 18වන පිටුව.

◻ ‘දෙවිගේ පුත්‍රයාගේ නාමය’ කෙරෙහි ඇදහිල්ල තැබීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

(1 යොහන් 5:13) යේසුගේ සියලුම ආඥාවලට කීකරු වීම ඉන් අදහස් වෙනවා; “එක් එක්කෙනාට ප්‍රේම” කරන්න යන ආඥාවද මෙයට අයත් වෙනවා. (යොහන් 15:14, 17) ප්‍රේමය, අනිත් අයට යහපත කරන්න වෑයම් කරනවා. එය සියලුම ජාතිවාදී, ආගමික සහ සමාජීය අගතිය ඉවත් කරනවා.—12/1, 7වන පිටුව.

◻ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට ‘වෛර කරනු ලබන්නේ’ ඇයි? (මතෙව් 10:22)

මූලික වශයෙන් ගතහොත්, මුල් ක්‍රිස්තියානීන්ට පීඩා කර ඇත්තේ යම් හේතුවක් නිසාද, එම හේතු නිසාම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ටද අයුක්තිසහගත ලෙස වෛර කරනු ලැබ තිබෙනවා. මුලින්ම ගත්තොත්, තම ආගමික විශ්වාසයන් ක්‍රියාවට නංවන ආකාරය හේතුවෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමහරුන් අතරේ අප්‍රසාදයට ලක්ව තිබෙනවා. දෙවනුව, යෙහෝවාගේ සාක්ෂිකරුවන් බොරු චෝදනාවල ඉලක්කය වී තිබෙනවා; ඔවුන් ගැන අමූලික බොරු කීම හා ඔවුන්ගේ විශ්වාසයන් කණපිට පෙරළා ඉදිරිපත් කිරීම මෙයට අයත් වෙයි.—12/1, 14වන පිටුව.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න