විශාරදයෙක් මුල් බයිබල් අත්පිටපතකට නව දිනයක් දෙයි
පැපිරස් විද්‍යාව සම්බන්ධයෙන් ප්‍රවීණයෙකු වන ජර්මන් ජාතික පීටර් ටීඩෙට අනුව, (මැග්ඩලන් ලෙසින් හඳුන්වන) මතෙව් සුවිශේෂයේ පැපිරස් ඛණ්ඩයන් තුන පළමු ශතවර්ෂයේ ලියනු ලැබූ බවට ප්‍රබල සාක්ෂි තිබෙනවා.
(මතෙව් 26වන පරිච්ඡේදයේ අන්තර්ගත) ඛණ්ඩයන් ඊජිප්තුවෙන් හමු වූ ව්‍යාපාරික ලිපියක් සමඟ සැසඳීමෙන් පසු, ඊජිප්තු ව්‍යාපාරික ලියවිල්ල “පොදුවේ ගත් කල, පෙනුමෙන්, හැඩයෙන් හා තනි අකුරුවල සැකැස්මෙන්ද, මැග්ඩලන් පැපිරසයේ නිවුන් සහෝදරයෙක් මෙන්ය” කියමින් ටීඩෙ මෙම කාරණය සැලකිල්ලට භාජන කළා. ටීඩෙ හා සහයක කර්තෘ මැතිව් ඩැන්කෝන විසින් රචිත, යේසුස් ගැන ඇසින් දුටු සාක්ෂියක්—සුවිශේෂවල මූලාරම්භය පිළිබඳ මුල් අත්පිටපත්වල පුදුමාකාර නව සාක්ෂි (ඉංග්‍රීසියෙන්) යන පොතෙහි, ලියවිලි දෙක අතර ඇති සමාන්තරතාවන්ගෙන් අඟවන්නේ ඒ දෙකම එකම කාල වකවානුවක ලියවුණු බවය කියා නිගමනය කරයි. කවදාද? ව්‍යාපාරික ලියවිල්ලේ දින නියම කර ඇත්තේ “ ‘නීරෝ අධිරාජ්‍යයාගේ 12වන අවුරුද්දේ එපයිෆ් 30’, එනම් අපේ දින දර්ශනයට අනුව, [පො.යු.] 66 ජූලි 24වනදාය.”
ටින්ඩේල් බුලටින්හි ප්‍රකාශයට පත් කෙරුණු ලිපියක මහාචාර්ය ෆිලිප් ඩබ්ලිව්. කම්ෆට් මෙසේ පැවසුවා: “මෙම දිනය නිරවද්‍ය නම්, ඇත්තෙන්ම එය වැදගත්කමින් වැඩි සාක්ෂියකි; මන්දයත් එය, මුල් අත්පිටපත මතෙව් සුවිශේෂය ලියනු ලැබූ ශතවර්ෂයටම සම්බන්ධ කරන නිසයි.” මෙමගින් මැග්ඩලන් පැපිරසය දැනට පවතින සුවිශේෂ ඛණ්ඩයන් අතුරින් පැරණිතම එක බවටද පත් කරයි.
[29වන පිටුවේ පින්තූරය]
මැග්ඩලන් පැපිරසය, සැබෑ ප්‍රමාණයෙන්
[හිමිකම් විස්තර]
ඔක්ස්ෆ’ඩ්හි මැග්ඩලන් විද්‍යාලයේ, සභාපති හා සාමාජිකයන්ගේ අවසර ඇතුව