ඔබේ දරුවන්ව ආරක්ෂා කරගත හැක්කේ කෙසේද?
වසර ගණනාවක් පුරා ළඟපාත පාසැලකට ගියායින් පසුව, බ්‍රසීලයේ සාඌ පාවුලුහි වෙනත් යෞවනයන් 3,000ක් පමණ සමඟ ව’න’a උසස් අධ්‍යාපනය ලබන්න පටන්ගත්තා. වෙනත් ශිෂ්‍යයන් මත්ද්‍රව්‍ය විකුණමින් හා භාවිත කරමින් සිටිනවා ඔහු පළමු වතාවට දැක්කා. කුඩා දේහයකින් හෙබි ඔහු වැඩි කලක් යන්න පෙර ලොකු ශිෂ්‍යයන්ගේ නින්දිත, අවදානම් සහිත නවකවධයේ ගොදුරක් බවට පත් වුණා.
ව’න’ගේ සහෝදරී ඊවාටද ගැටලු තිබුණා. හැකි උපරිමය කිරීමට ඕනෑ වූ ඇය, මොනතරම් උනන්දුවෙන් ඉගෙනගත්තාද කියනවා නම් විඩාව හා මානසික ව්‍යාකූලත්වය අද්දැක්කා. වෙනත් යෞවනයන්ට මෙන්, ව’න’ හා ඊවාට ශාරීරිකව හා චිත්තවේගීයව යන දෙයාකාරයෙන්ම ආරක්ෂාව අවශ්‍ය වුණා. ඔබේ දරුවන්ට අවශ්‍ය වන්නේ කුමනාකාර උපකාරයක්ද? වැඩිහිටි ජීවිතය සඳහා ඔවුන්ව සූදානම් කිරීමට ඔබට හැක්කේ කෙසේද? ඇත්තෙන්ම, ඔබේ දරුවන් සඳහා ඔබට කුමන අනාගතයක් වුවමනාද?
ඔවුන්ට ආහාරපානාදියට වඩා වැඩි දෙයක් අවශ්‍යයි
දෙමාපියන් අදදින තම දරුවන්ව ආරක්ෂා කිරීමේදී මූණපාන අභියෝග ගැන මොහොතකට හිතන්න. පවුල් ජීවිතයේ ගුණයෙහි පහත වැටීම නිසා හා දිළිඳුකම වැඩිවීම නිසා, වීදිවල ජීවත් වන දරුවන්ගේ සංඛ්‍යාව බොහෝ රටවල වර්ධනය වෙමින් පවතී. ආත්මාර්ථය පිණිස යොදාගැනීමෙන් යෞවනයන්ව ආරක්ෂා කිරීමට අසමත් වීමේ ප්රතිඵලයකි දරුවන්ගෙන් වැඩගැනීම. මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීමද බොහෝ යෞවනයන්ව විනාශ කර දමයි. උදාහරණයක් වශයෙන්, එක්තරා බ්‍රසීලියානු නහඹරයෙක් මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවෙකු බවට පත් වූ විට, ඔහුගේ නිවසෙන් සාමය අතුරුදහන් වුණා. ඔහුගේ දෙමාපියන් අද්දුටු චිත්තවේගීය පීඩාවට අමතරව, ඔහුව යළි සුව කිරීමට මුදල් සෙවීම සඳහා වෙහෙසක් දරන්න සිදු වුණ අතර, අනුකම්පා විරහිත මත්ද්‍රව්‍ය වෙළෙන්දන්ද ගෙවීමට ඇති මුදල බලාත්කාරයෙන් ඉල්ලමින් ඔවුන්ගේ නිවසට පැමිණියා.
කෙසේවුවත්, ජීවිතයේ පීඩාකාරි දේවල් තිබියදී වුවත්, බොහෝ දෙමාපියන් තම දරුවන්ට ආහාර, ඇඳුම් පැළඳුම් හා සෙවණක් දීමට පමණක් නොව, නමුත් ප්රචණ්ඩත්වය, මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීම හා වෙනත් ගැටලුවලින්ද ආරක්ෂාව සපයා දීමට නිරතුරු පරිශ්‍රමයක් දරමින් සිටිනවා. මෙය වටිනා වෑයමක් නමුත් එය ප්‍රමාණවත්ද? චිත්තවේගීය හා ආත්මික හානිවලින් ආරක්ෂා කිරීම ගැන කුමක්ද? මිත්‍රයන් හා විනෝදය සම්බන්ධයෙන් තම දරුවන්ගේ තේරීමට අන්තර්ගත අභියෝග හැසිරවීම සාර්ථක දෙමාපියන් වීමට ඇතුළත් බව බොහෝදෙනා වටහාගනියි. එහෙත්, ඕනෑවට වඩා ආරක්ෂා කිරීම හෝ අධික නිදහස දීම වැළැක්වීමට දෙමාපියන්ට හැක්කේ කෙසේද? මතු ලිපියේ තිබෙන පිළිතුරු සලකා බැලීමට ඔබට ඇරයුමක් තිබේ.
[පාදසටහන]
a මේ ලිපියේ යොදා තිබෙන්නේ ආදේශක නම්.