සැබෑ යුක්තිය කවදාද එමෙන්ම කෙසේද?
නිර්දෝෂියාට සැබෑ යුක්තිය සම්බන්ධයෙන් භය වෙන්න කිසිවක් නැහැ. ඇත්තෙන්ම, තම රටේ යුක්තිය සහතික කිරීමට වෑයම් කරන නීතික ක්‍රමයක් තිබෙනවා නම්, එහි සෑම තැනකම පාහේ සිටින පුරවැසියන්ට කෘතඥපූර්වක වීමට හොඳ හේතුවක් තිබෙයි. එවැනි ක්‍රමයකට නීතිවල මූලික ව්‍යූහයක්, ඒවා ක්‍රියාත්මක කිරීමට පොලිස් බලකායක් හා යුක්තිය ඉටු කිරීමට අධිකරණ ඇතුළත් වෙයි. සැබෑ ක්‍රිස්තියානීන් තමන් ජීවත් වන රටේ අධිකරණ ක්‍රමයට ගරු කරන්නේ, “බලයලත් මුලාදෑනීන්ට යටත්වෙත්වා” යන බයිබල් අවවාදයට එකඟව ක්‍රියා කරමින්.—රෝම 13:1-7.
කෙසේවුවත්, විවිධ රටවල අධිකරණ ක්‍රම, හානිකර හා ලජ්ජාසහගත වැරදි සිදු කර තිබේ.a වරදකරුවාට දඬුවම් කර නිර්දෝෂියාව ආරක්ෂා කරනවා වෙනුවට, ඇතැම් අවස්ථාවලදී තමන් නොකළ අපරාධවලට නිර්දෝෂ අයට දඬුවම් කර තිබේ. තවත් පුද්ගලයන් වසර ගණනාවක් සිරගෙයි තැප ඇති අතර, ඔවුන්ගේ සිර දඬුවම සම්පූර්ණ වීමට පෙර නිදහස් කර හරින්නේ ඔවුන් වරදකරුවන්ද, ඔවුන්ව වරදකරුවන් කිරීම යුක්තිසහගතද යන්න ගැන බරපතළ සැකයන් මධ්‍යයෙහියි. මෙබැවින්, බොහෝදෙනෙක් මෙසේ අසයි, සෑමදෙනාටම සැබෑ යුක්තිය කවදා හෝ තිබෙනු ඇද්ද? එසේනම්, කවදාද එමෙන්ම කෙසේද? නිර්දෝෂියාව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අපට විශ්වාස කළ හැක්කේ කාවද? එමෙන්ම අයුක්තියට ගොදුරු වන්නන්ට තිබෙන්නේ මොන බලාපොරොත්තුවද?
යුක්තිය පෙරළී
එක්දාස් නවසිය අසූගණන්වලදී, “යුද්ධයෙන් පසු කාලපරිච්ඡේදයේ වඩාත්ම සංවේදාත්මක ක්‍රියාවලියෙන් එකක්” වූ, මවක් තම දියණියන් දෙදෙනාව මරාදැමීම හේතුවෙන් ඇගේ මුළු ජීවිත කාලයටම ඇයව හිරේ යැවීමක් ජර්මනියෙහි සිදු වුණා. කෙසේවුවත්, වසර ගණනකට පසු, ඇයට විරුද්ධව තිබූ සාක්ෂි යළි තක්සේරු කළ අතර, අලුත් නඩුවක් අසන තෙක් ඇයව නිදහස් කර හැරියා. මුල් විනිශ්චය “අධිකරණ දෝෂයක් බවට ඔප්පු විය හැකි” බව 1995දී ඩී ට්සයිට් වාර්තා කළා. මේ ලිපිය ලියන විටත්, මේ ස්ත්‍රිය වසර නවයක් හිරේ ගත කර තිබුණේ ඇගේ වරදකාරිබව හෝ නිර්දෝෂීබව සම්බන්ධයෙන් අස්ථිරත්වයන් මධ්‍යයෙහියි.
වර්ෂ 1974 නොවැම්බර්හි එක් සැන්දෑවක, පුද්ගලයන් 21දෙනෙකු ඝාතනය කරමින් පුපුරාගිය බෝම්බ දෙක හේතුවෙන් එංගලන්තයේ බර්මිංහැම් මැද පිහිටි නගරය කම්පනයට පත් වුණා. එය “බර්මිංහැම්වල සිටින කෙනෙකුට කවදාවත් අමතක නොවන” සිද්ධියක් වූ බව පාර්ලිමේන්තුවේ සාමාජිකයෙකු වූ ක්‍රිස් මලන් ලිව්වා. ඉන්පසු, “බ්‍රිතාන්‍ය ඉතිහාසයෙහි ලොකුම මිනීමැරුම සම්බන්ධයෙන් නිර්දෝෂ මිනිසුන් හයදෙනෙකුව වරදකරුවන් බවට පත් කළා.” පසුව ඔවුන්ගේ වරදකාරිත්වය නිෂ්ප්‍රභ කරනු ලැබුවා—නමුත් ඒ මේ අය වසර 16ක් යකඩ කූඩුවේ ගත කළ පසුවයි!
“ඕස්ට්‍රේලියානු නීතික ඉතිහාසයේ වාර්තා අතරෙහි අද්විතීය ආකාරයකින් මහජන චින්තනය අල්ලාගත්” නඩුවක් සම්බන්ධයෙන් නීතික උපදේශක කෙන් ක්රිස්පන් වාර්තා කළා. එය’ස් රොක් අසලදී පවුලක් එළිමහන් කූඩාරමක සිටියදී ඔවුන්ගේ ළදරුවා අතුරුදහන් වුණා; යළි කවදාවත් සොයාගන්න පුළුවන් වුණේ නැහැ. මිනීමැරීමේ චෝදනාව පිට, වරදකරු බවට පත් වූ මව, ජීවිතාන්තය දක්වා සිරදඬුවමට නියම වුණා. වර්ෂ 1987දී, වසර තුනක් පුරා ඇයව සිර කර තැබූ පසු, නිල සෝදිසි කිරීමකින් සොයාගත්තේ ඇයට විරුද්ධව තිබූ සාක්ෂි අනුව ඇයව වරදකාරියක් කිරීම යුක්තිසහගත නැති බවයි. ඇයව වරදෙන් නිදහස් කර, මුදාහැරියා.
වර්ෂ 1986දී දකුණු එක්සත් ජනපදයේ ජීවත් වූ 18-හැවිරිදි ස්ත්‍රියක මරා දමනු ලැබුවා. මැදිවියේ මිනිසෙකුට නඩු පවරා, වරදකරු බවට පත් කළ අතර මරණීය දණ්ඩනය නියම කළා. ඔහු මරණීය දණ්ඩනය නියමවූවන් සමඟ වසර හයක් ගත කළ පසුවයි, ඔහු අපරාධය නොකළ බවට තහවුරු වුණේ.
මේවා අධිකරණ අත්වැරදි සම්බන්ධ විරල ආදර්ශද? පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ නීති විදුහලේ ඩේවිඩ් රූඩෝෆ්ස්කි මෙසේ සඳහන් කරයි: “මම අවුරුදු 25ක් පමණ අධිකරණ ක්රමයෙහි ගත කර ඇති අතර නඩු ගණනාවක් දැකලා තියෙනවා. මම කැමතියි කියන්න වරදකරුවන් කර ඇති ඔවුන් ඇත්තෙන්ම නිර්දෝෂයි කියලා . . . මම හිතන විදිහට සීයට පහත් දහයත් අතර.” ක්රිස්පන් මෙම කලඹන ප්රශ්නය අසයි: “වෙනත් නිර්දෝෂී අය සිර කුටිවල කලකිරී ඔහේ බලාගෙන ඉන්නවාද?” එවැනි ඛේදජනක අත්වැරදි සිදු විය හැක්කේ කෙසේද?
මිනිස් අධිකරණ ක්‍රම—මිනිස් දුර්වලකම් සමඟ
“කිසි මිනිස් ක්‍රමයකින් පරිපූර්ණත්වය අපේක්ෂා කළ නොහැකි” බව 1991දී බ්‍රිතාන්‍ය අභියාචන අධිකරණය අවධාරණය කර සිටියා. අධිකරණ ක්‍රමයකට හැක්කේ එය සැලසුම් කරන හා ක්‍රියාත්මක කරන මිනිසුන් හා සමානව සාධාරණය ඉෂ්ට කිරීම හා රඳාපැවතිය හැකි කරවීම පමණයි. ජනයා වැරදි කිරීමට, වංක වීමට හා අගතිය දැක්වීමට නැඹුරුවාවක් දක්වනවා. මේ හේතුවෙන්, මිනිසාගේ අධිකරණ ක්‍රමවල හරියටම මේ දෝෂම පිළිබිඹු වීම පුදුමයක් නොවිය යුතුයි. මතු දක්නය සලකා බලන්න.
ජර්මනියේ විනිශ්චයකාර රෝල්ෆ් බෙන්ඩ පවසන ආකාරයට, සියලු අපරාධ නඩුවලින් සියයට 95ක, සාක්ෂිකරුවන්ගේ කට උත්තර, සාක්ෂි වශයෙන් තීරණාත්මකයි. නමුත් අධිකරණයේදී එවැනි සාක්ෂිකරුවන් සැමවිටම විශ්වසනීයද? විනිශ්චයකාර බෙන්ඩ හිතන්නේ එසේ නොවන බවයි. අධිකරණයේ පෙනී සිටින සාක්ෂිකරුවන්ගෙන් අඩක් බොරු කියන බවට ඔහු තක්සේරු කරයි. ජර්මනියේ, ම්යූනිඛ් විශ්වවිද්‍යාලයේ අපරාධ නීති සම්බන්ධ බලතල ඇති මහාචාර්යවරයෙකු වූ බ’න්ට් ශූන්මාන් එවැනිම නිරීක්ෂණයක් කළා. ඩී ට්සයිට් සමඟ පිළිසඳරකදී, සාක්ෂිකරුවන්ගේ කට උත්තර සාක්ෂි වශයෙන් ප්‍රධානයි—එසේ වුවත් රඳාපැවතිය නොහැකියි කියා ශූන්මාන් ස්ථිර කළා. “විනිශ්චයකාරයා සාක්ෂිකරුවන්ගේ බොරු කට උත්තර මත රඳා සිටීම යුක්තියේ වැරදි සඳහා නියම හේතුව බව පවසන්න මම කැමතියි.”
සාක්ෂිකරුවන් වරදිනසුලු අයයි; පොලිසියත් එසේමයි. මහජන ප්රචණ්ඩත්වය හටගන්වන අපරාධයක් ලුහුබඳිද්දී අත්අඩංගුවට ගැනීමේ පීඩනයට පොලිසිය යට වෙයි. එවැනි අවස්ථා යටතේදී, සාක්ෂියක් ගොඩනැඟීමට හෝ සැකකරුවෙකුට වරද පිළිගන්න බල කිරීමට එක්තරා පොලිස් භටයෙක් පෙලඹී සිටින්න පුළුවන්. බර්මිංහැම්හි බෝම්බ හෙළීම සම්බන්ධයෙන් වරදකරුවන් බවට පත් වූ මිනිසුන් හයදෙනෙකුව නිදහස් කළ විට බ්‍රිතාන්‍ය පුවත්පතක් වූ දි ඉන්ඩිපෙන්ඩන්ට් මේ සිරස්තලය දැරුවා: “හයදෙනා වරදකරුවන් බවට පත් කිරීම සම්බන්ධයෙන් දොස් පැවරුවේ දූෂණය වූ පොලිසියටයි.” ද ටයිම්ස්ට අනුව: “පොලිසිය බොරු ගෙතුවා; කුමන්ත්‍රණය කළා; ඒ වගේම මුළා කළා.”
සමහර අවස්ථාවලදී, එක්තරා වර්ගයක, ආගමක හෝ ජාතියක පුද්ගලයන්ව සැක කිරීමට, පොලිසියට හා මහජනයාට අගතිය මගින් සැලැස්විය හැකියි. එසේනම්, යූ.එස්.නියූස් ඇන්ඩ් ව’ල්ඩ් රිපෝට් ප්‍රකාශ කරන පරිදි, අපරාධයක් විසඳීම “හේතුවට වඩා වර්ගවාදයේ ප්‍රශ්නයක්” බවට පිරිහි යා හැකියි.
අධිකරණයට නඩුවක් ඉදිරිපත් කළ විට, තීරණවලට බලපෑමක් විය හැක්කේ සාක්ෂිකරුවන් පවසන දෙය පමණක් නොව, නමුත් විද්‍යානුකූල සාක්ෂිත් බලපෑ හැකියි. ගිනිඅවි හා ප්රක්ෂේපණ හෝ ඇඟිලි සලකුණු, අත්අකුරු, රුධිර කාණ්ඩ, ඉසකේ වර්ණය, රෙදිවල නූල් හෝ DNA නියැදි මත පදනම්ව වරදකරුද, නිවැරදිකරුද යන්න තීරණය කිරීමට, වඩ වඩාත් සංකීර්ණ වෙමින් පවතින අධිකරණ, විනිශ්චයකාර හෝ ජූරි ක්ෂේත්රයේ නියැලෙන්නන්ව කැඳවිය හැකියි. “කලඹන සංකීර්ණත්වයේ ක්රියාපිළිවෙළක් විස්තර කරන විද්‍යාඥයන් කණ්ඩායමකට” අධිකරණය මුහුණ දී සිටින බව එක් නීතිඥයෙක් දැක්කා.
එපමණක්ද නොව, නේච නම් සඟරාව, අධිකරණ සාක්ෂි පිළිබඳ තේරුම් කිරීමේදී සියලුම විද්‍යාඥයන් එකඟ නොවන බව සඳහන් කරයි. “අධිකරණ විද්‍යාඥයන් අතර අව්‍යාජ නොඑකඟවීම් තිබිය හැකියි.” කීමට කනගාටුයි, “බොහෝදෙනෙකුව සදොස් වරදකරුවන් බවට පත් කිරීම සම්බන්ධයෙන් සදොස් අධිකරණ සාක්ෂිය දැනටමත් වගකිව යුතුව තිබේ.”
අපි කොතැන ජීවත් වුවත්, දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සියලු අධිකරණ ක්‍රම මිනිස් අඩුලුහුඬුකම් පිළිබිඹු කරයි. එබැවින් නිර්දෝෂියාව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අපට විශ්වාස කළ හැක්කේ කාවද? කවදා හෝ සැබෑ යුක්තිය පවතියි කියා අපට බලාපොරොත්තු විය හැකිද? තවද අධිකරණ වරදට ගොදුරුවන්නන් සඳහා තිබෙන බලාපොරොත්තුව කුමක්ද?
‘යෙහෝවා වන මම යුක්තියට ප්‍රිය වෙමි’
ඔබ හෝ ඔබේ පවුලේ සාමාජිකයෙක් යුක්තිය පිළිබඳ වරදක ගොදුරක් වී සිටී නම්, යෙහෝවා දෙවි හා ඔහුගේ පුත් යේසු, ඔබ අද්දකිමින් සිටින දේ වටහාගනියි. ක්‍රිස්තුස්ව වධකණුවේ ඝාතනය කෙරූ විට සිදු වී ඇති භයානකම අයුක්තිය සිදු කළා. යේසු ‘පාපයක් කළේ නැති’ බව ප්‍රේරිත පේතෘස් අපට පවසයි. එහෙත්, බොරු සාක්ෂිකරුවන් විසින් ඔහුට චෝදනා කර, වරදකරු බවට පත් කර, ඝාතනය කරනු ලැබුවා.—1 පේතෘස් 2:22; මතෙව් 26:3, 4, 59-62.
තම පුත්‍රයාට එවැනි අනිසි සැලකීමක් ගැන යෙහෝවාට මොන වගේ හැඟෙන්න ඇද්ද කියා සිතා බලන්න! යුක්තිය යෙහෝවාගේ ප්‍රධානතම ගුණාංගවලින් එකක්. බයිබලය අපට මෙසේ පවසයි: “[ඔහුගේ] සියලු මාර්ග ධර්මිෂ්ඨය [යුක්තිසහගතය, NW].”—ද්විතීය කථාව 32:4; ගීතාවලිය 33:5.
යෙහෝවා ඉශ්රායෙල්ට විශිෂ්ට අධිකරණ ක්‍රමයක් දුන්නා. නොවිසඳෙවූ මිනීමැරුමක් සම්බන්ධ සිද්ධියේදී, පූජාවක් මගින් මරණයට වන්දි ගෙවීමක් කරනු ලැබුවා. නිර්දෝෂ පුද්ගලයෙකුව වරදකරු බවට පත් කිරීමේ අවදානමේදී සෑම අපරාධයක්ම විසඳීමේ පීඩනයක් තිබුණේ නැහැ. තත්වයන්ට අනුව හෝ විද්‍යානුකූල සාක්ෂි මත පමණක්ම කෙනෙකුව මිනීමරුවෙකු හැටියට වරදකරු බවට පත් කළ නොහැකියි; අඩුම තරමින් සාක්ෂිකරුවන් දෙදෙනෙකුවත් අවශ්‍ය වුණා. (ද්විතීය කථාව 17:6; 21:1-9) යෙහෝවාට උසස් ප්‍රමිති තිබෙන බවත්, සුදුසු ලෙස යුක්තිය ඉටු කිරීමට සැලකිලිමත් වන බවත් මේ ආදර්ශ පෙන්නුම් කරයි. ඇත්තෙන්ම, ඔහු මෙසේ පවසයි: ‘යෙහෝවා වන මම යුක්තියට ප්‍රිය වෙමි.’—යෙසායා 61:8.
සැබවින්ම, ඉශ්රායෙලයේ අධිකරණ ක්‍රමය තිබුණේ අප සමාන අත්වැරදි සිදු වන මිනිසුන්ගේ අත්වලයි. නීතිය වැරදි විදිහට යොදාගත් අවස්ථා තිබී ඇත. සාලමොන් රජ මෙසේ ලිව්වා: “දිළින්දාට පීඩාකිරීමත් විනිශ්චයද යුක්තියද පෙරළීමත් රටේ තිබෙන බව නුඹ දකින විට ඒ කාරණාවට විස්මිත නොවෙන්න.”—දේශනාකාරයා 5:8.
තම පුත්‍රයාට කළ අයුක්තිය නිවැරදි කිරීමට යෙහෝවාට හැකිකම තිබුණා. මේ සම්බන්ධ ස්ථිරත්වය, ‘තමන් ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා . . . [වධකණුව, NW] දරාගැනීමට’ යේසුව ශක්තිමත් කළා. එලෙසම, සැබෑ යුක්තිය පවතින, මෙසියස්ගේ පාලකත්වය යටතේ පාරාදීස පොළොවක ජීවත් වීමේ ප්‍රීතිමත් ප්‍රස්තාව, මේ පරණ පිළිවෙළේදී අයුක්තිය පිළිබඳ ඇසීමේදී හෝ අද්දැකීමේදී පවා අපව ශක්තිමත් කළ හැකියි. යෙහෝවාගේ නියමිත කාලයේදී ඔහුට නිවැරදි කිරීමට නොහැකි හානියක් හෝ අනතුරක් නොමැත. අධිකරණ වරදක් හේතුවෙන් ජීවිත නැති වූ අයට පවා නැවත නැඟිටීමක් අද්දැකිය හැකියි.—හෙබ්‍රෙව් 12:2; ක්‍රියා 24:15.
අප අයුක්තියට ගොදුරුවන්නන් හැටියට දුක් විඳිනවා නම්, බොහෝ අධිකරණ ක්‍රමවල, තත්වය නිවැරදි කරගැනීමට අපට හැකි කරවන නීත්‍යනුකූල මාධ්‍යයන් තිබීම සම්බන්ධයෙන් අපට කෘතඥ විය හැකියි. ක්‍රිස්තියානීන්ට එවැනි මාධ්‍යයන් යොදාගත හැකියි. කෙසේවුවත් ඔවුන් මෙම සත්‍යය මතකයේ තබාගනියි: අසම්පූර්ණ අධිකරණ ක්‍රම විශාල යළි පිහිටුවීමක් අවශ්‍ය කරවන මිනිස් සමාජයක පිළිබිඹු කිරීමක් වේ. වැඩි කල් නොගොස් එය සිදුවීමට තිබේ—එය තිබෙන්නේ දෙවිගේ අතෙයි.
යෙහෝවා ළඟදීම මෙම අයුක්තිසහගත දේවල පිළිවෙළ ඉවත් කර “ධර්මිෂ්ඨකම වාසයකරන” අලුත් පිළිවෙළක් පිහිටුවනු ඇත. එවිට අපේ මැවුම්කරු තම මෙසියානු රජ වූ යේසුස් ක්‍රිස්තුස් මගින් යුක්තිය ඉටු කරනු ඇතැයි අපිට පූර්ණ නිසැකකමක් තබාගත හැකියි. සෑමදෙනා සඳහාම සැබෑ යුක්තිය අත ළඟයි! මේ ප්‍රස්තාව සඳහා අපට මොනතරම් කෘතඥ විය හැකිද!—2 පේතෘස් 3:13.
[පාදසටහන]
a මෙහි සඳහන්ව ඇති නඩු සම්බන්ධයෙන්, මුරටැඹ යම් පුද්ගලයෙකුව වැරදිකරු හෝ නිවැරදිකරු හැටියට යෝජනා කරන්නේවත්, එක රටක අධිකරණ ක්‍රමය තවත් රටක එකකට වඩා හොඳ බවක් සඟරාවේ තහවුරු කරන්නේවත් නැහැ. ඊටත් වඩා, මේ සඟරාවේ එක් ආකාරයක දඬුවමකට වඩා වෙනත් ආකාරයේ එකකට පක්ෂපාතිත්වයක් දක්වන්නෙත් නැහැ. මේ ලිපිය කෙටියෙන් පවසන්නේ එය ලියන අවස්ථාවේදී දැනගෙන සිටි කරුණු ගැනයි.
[27වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
දූෂිත රජය, පහත් ආගම හා ප්‍රතිපත්තියක් නැති වාණිජ්‍යය මෙන්ම අසම්පූර්ණ අධිකරණ ක්‍රම විශාල යළි පිහිටුවීමක් අවශ්‍ය කරවන මිනිස් සමාජයක ප්රතිබිම්බනයක්
[28වන පිටුවේ කොටුව]
ශුද්ධ ලියවිලිවලින් සැනසුම
වර්ෂ 1952 නොවැම්බර්වලදී, ඩෙරික් බෙන්ට්ලි හා ක්රිස්ටොෆ ක්‍රේග්, එංගලන්තයේ ලන්ඩන් අසල ක්‍රොයිඩන්හි බඩු ගබඩාවකට කඩා වැදුණා. බෙන්ට්ලිට වයස 19ක් වූ අතර ක්‍රේග්ට 16යි. පොලිසිය කැඳවනු ලැබූ අතර ක්‍රේග් පොලිස් භටයෙකුට වෙඩි තබා මරා දැම්මා. ක්‍රේග් සිරභාරයේ වසර නවයක් සිටි අතර මිනීමැරීමේ වරදට 1953 ජනවාරියේදී බෙන්ට්ලිව එල්ලුවා.
බෙන්ට්ලිගේ සහෝදරි වූ අයිරිස්, ඔහු සිදු නොකළ මිනීමැරීමකින් ඔහුගේ නම නිදොස් කිරීමට වසර 40ක් පුරා කටයුතු කරගෙන ගියා. වර්ෂ 1993දී, ඩෙරික් බෙන්ට්ලිව එල්ලීම වරදක් බව පිළිගනිමින්, රජය, දණ්ඩනය දීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියා. ලෙට් හිම් හෑව් ජස්ටිස් (ඔහුට යුක්තිය ඉටු වේවා!) යන පොතෙහි අයිරිස් බෙන්ට්ලි නඩුව ගැන ලිව්වා:
“වෙඩි තැබීමට වසරකට පමණ පෙර ඔහුට වීදියේදී යෙහෝවාගේ සාක්ෂිකරුවෙකුව මුණගැසුණා . . . සහෝදරි ලේන් ජීවත් වුණේ අපෙන් වැඩි ඈතක නොවූ ෆෙයාවිව් පාරේ; බයිබල් කතන්දරවලට ඇහුම්කන් දෙන්න නිවසට එන්න කියා ඇය ඩෙරික්ට ආරාධනා කළා. . . . සහෝදරි ලේන් ළඟ පටිගත කළ බයිබල් කතන්දර තිබීම උපකාරවත් වුණා; [ඩෙරික් කියවීමට කැමැත්තක් දැක්වුවේ නැති නිසා] ඇය ඔහුට ඒවා දුන්නා අහලා දෙන්න කියලා. . . . ඇය ඔහුට කිවූ දේවල් ඔහු මට ඇවිත් කිව්වා; ඒ කියන්නේ අපි මැරුණට පස්සේ ආයි නැඟිටිනවා වගේ දේවල්.”
අයිරිස් බෙන්ට්ලි මරණයට නියම කර සිටි ඇගේ සහෝදරයාව මරාදැමීමට පෙර බලන්න ගියා. ඔහුට හැඟුණේ කෙසේද? “සහෝදරි ලේන් ඔහුට පැවසූ දේවල් ඔහුගේ එම අන්තිම දවස් කීපයේදී ඔහුට උපකාරවත් වුණා.”—ඇල අකුරු අපේ.
යුක්තියේ වැරදීමක් හේතුවෙන් ඔබ දුෂ්කරතා විඳිනවා නම්, බයිබල් සත්‍යයන් ගැන කියවා, මෙනෙහි කිරීම ඔබට යහපතක් වනු ඇත. ඉමහත් සැනසිල්ලක් සපයන්න මෙයට හැකියි; මන්දයත්, “දයාබර කරුණාවල පියවූද සෑම සැනසිල්ලේ දෙවිවූද” යෙහෝවා දෙවි “අපේ සියලු පීඩාවලදී අප [සනසන]” නිසායි.—2 කොරින්ති 1:3, 4.
[29වන පිටුවේ පින්තූරය]
ක්‍රිස්තුස්ව වධකණුවේ ඝාතනය කෙරූ විට භයානක අයුක්තියක් සිදු කළා