ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w98 4/15 9-14 පි.
  • ඇදහිල්ල සහ ඔබේ අනාගතය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඇදහිල්ල සහ ඔබේ අනාගතය
  • 1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අතීතය කෙබඳු එකක් වූවාද?
  • මිනිස් විසඳුම් නැත
  • යෙහෝවාගේ සාක්ෂිකරුවන් අනාගතය දෙස බලන ආකාරය
  • මිනිස් පාලනයේ අනාගතය
  • යෙහෝවාගේ පොරොන්දු කෙරෙහි ඇදහිල්ල තබන්න
  • යෙහෝවඃවහන්සේ ස්වකීය අරමුණ ඉටු කරන බවට උන්වහන්සේව දැඩිසේ විශ්වාස කරන්න
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අනාගතය මා සඳහා ඉදිරිපත් කරනුයේ කුමන බලාපොරොත්තුවක් ද?
    යෞවනයන් අසන න—ක්‍රියාවට නැගිය හැකි තුරු
  • දෙවිගේ රාජ්‍යය—පොළොවේ නව පාලනය
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා ඇදහිලිවන්තයන් උදෙසා තම පොරොන්දු ඉටු කරයි
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w98 4/15 9-14 පි.

ඇදහිල්ල සහ ඔබේ අනාගතය

“ඇදහිල්ල යනු බලාපොරොත්තු වන දේවල් පිළිබඳ සහතික කරන ලද අපේක්ෂාවයි.”—හෙබ්‍රෙව් 11:1, NW.

1. බොහෝදෙනෙකුට වුවමනා කරන්නේ මොන වගේ අනාගතයක්ද?

ඔබ අනාගතය ගැන උනන්දු වෙනවාද? බොහෝදෙනෙක් උනන්දු වෙනවා. ඔවුන් බලාපොරොත්තු වන්නේ, සමාදානය, භයින් නිදහස, හොඳ ජීවන තත්වයන්, ඵලදායී හා සතුට ගෙන දෙන වැඩ, හොඳ සෞඛ්‍යයක් හා දිගු ආයු කාලයක් යනාදි දේවලින් යුත් අනාගතයක් ලබන්නයි. ඉතිහාසයේ සෑම පරම්පරාවකටම මේ දේවල් වුවමනා වූ බවට කිසිම සැකයක් නැහැ. එමෙන්ම අදදින, ගැටලුවලින් පිරී ඉතිරී පවතින මේ ලෝකයේ එවැනි තත්වයන් වෙන කවරදාටත් වඩා වැඩි ආශාවක් දක්වන දේවල් වෙනවා.

2. අනාගතය හා සම්බන්ධ මතයක් දේශපාලකයෙකු ඉදිරිපත් කළේ කෙසේද?

2 මනුෂ්‍යවර්ගයා 21වන සියවසට ළඟා වෙද්දී, අනාගතය මොන වගේ වෙයිද කියා නිශ්චය කරගන්න යම් විදිහක් තිබෙනවාද? අවුරුදු 200කට ඉහතදී අමෙරිකානු දේශපාලක පැට්‍රික් හෙන්රි එක විදිහක් ප්‍රකාශ කළා. ඔහු මෙසේ පැවසුවා: “අතීතය දිහා බැලීමෙන් මිසක අනාගතය විනිශ්චය කරන වෙන කිසිම විදිහක් මම දන්නේ නැහැ.” මේ මතයට අනුව, මිනිසා අතීතයේ කර තිබෙන දේවල් මගින් මිනිස් පවුලේ අනාගතය සැලකිය යුතු ප්‍රමාණයකට දැනගත හැකියි. ඒ මතය සමඟ බොහෝදෙනෙක් එකඟ වෙනවා.

අතීතය කෙබඳු එකක් වූවාද?

3. ඉතිහාසයේ සඳහන් වන වාර්තාව අනාගත බලාපොරොත්තු සම්බන්ධයෙන් අඟවන්නේ කුමක්ද?

3 අනාගතය අතීතයේ පිළිබිඹු වීමක් වෙන්න යනවා නම්, එය දිරිගැන්වීමක් ගෙන දෙන දෙයක් බව ඔබට පෙනී යනවාද? ගෙවී ගිය වකවානු තුළ සිටි පරම්පරාවන් සඳහා අනාගතය වඩාත් හොඳ අතට හැරුණාද? ඇත්තෙන්ම නැහැ. අවුරුදු දහස් ගණනක් පුරා මිනිසුන් ඇති කරගෙන තිබෙන බලාපොරොත්තු මොනව වුණත්, ඇතැම් ප්‍රදේශවල ද්‍රව්‍යමය ප්‍රගතියක් තිබුණත්, ඉතිහාසය පීඩාවලින්, අපරාධවලින්, සාහසිකකමින්, යුද්ධයෙන් සහ දුගීකමින් පිරී පවතිමින් තිබෙනවා. මේ ලෝකය විපත්ති එක පිට එක අද්දැක තිබෙනවා; ඒවා වැඩි වශයෙන් අසතුටුදායක මිනිස් ආණ්ඩුවලින් සිදු කර තිබෙනවා. බයිබලය නිවැරදිව මෙසේ සඳහන් කරනවා: “මනුෂ්‍යයන්ට අනතුරු වෙන හැටියට මනුෂ්‍යයෙකු විසින් ඔවුන් කෙරෙහි ආණ්ඩු [කර තිබේ].”—දේශනාකාරයා 8:9.

4, 5. (අ) විසිවන සියවසේ මුල් භාගය ගැන මිනිසුන් බලාපොරොත්තු තබාගෙන සිටියේ මන්ද? (ආ) අනාගතය පිළිබඳ ඔවුන්ගේ බලාපොරොත්තුවලට සිදු වූයේ කුමක්ද?

4 මනුෂ්‍යවර්ගයාගේ විපත්තිවලින් පිරුණු ඉතිහාසයේ සිදු වූ දේවල් නැවත නැවතත් සිදු වන එක සැබෑවක්; නමුත් දැන් එය සිදු වන්නේ වෙන කවරදාටත් වඩා පුළුල් මෙන්ම විනාශකාරි පරිමාණයකිනුයි. මේ 20වන සියවස එයට සාක්ෂියක්. මනුෂ්‍යවර්ගයා අතීතයේ කළ වැරදිවලින් ඉගෙනගෙන, ඒවා මඟහැර තිබෙනවාද? ඇත්තෙන්ම, මේ සියවස ආරම්භයේදී, සාපේක්ෂ වශයෙන් දිගු කාලීන සාමයක් පැවතුණ නිසාත් කාර්මික, විද්‍යාත්මක හා අධ්‍යාපනික ක්ෂේත්‍රවල ඇති වූ දියුණුව නිසාත් බොහෝදෙනෙක් වඩාත් හොඳ අනාගතයක් කෙරෙහි විශ්වාසය තැබුවා. “මිනිසුන් එතරම් ශිෂ්ටසම්පන්නව සිටි” නිසා යුද්ධය කියන දෙය සිදුවීමට ඉඩක් නොතිබුණු බව 1900ගණන්වල මුල් භාගයේදී විශ්වාස කරනු ලැබූ බව විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් පැවසුවා. ඒ අවධියේදී මිනිසුන් දැරූ දෘෂ්ටිය සම්බන්ධයෙන් හිටපු බ්‍රිතාන්‍ය අගමැතිවරයෙක් මෙසේ පැවසුවා: “හැම දෙයක්ම එන්න එන්නම හොඳ අතට හැරෙන්න යනවා. මං ඉපදුණේ ඒ වගේ ලෝකයකයි.” නමුත් ඔහු ඊළඟට මෙසේ පැවසුවා: “හදිස්සියේම, අනපේක්ෂිත ආකාරයකින්, 1914දී එක උදෑසනක ඒ තත්වය සහමුලින්ම නැති වී ගියා.”

5 ඒ කාලයේදී වඩාත් හොඳ අනාගතයක් තිබෙයි කියා විශ්වාසයක් පැවතුණත්, අලුත් සියවස ආරම්භ වුණත් සමඟම, එතෙක් මනුෂ්‍යයන් සිදු කළ දරුණුම විපත්තියට—එනම් පළමුවන ලෝක මහා යුද්ධයට—ලෝකය ඇදවැටුණා. එහි ස්වභාවය පිළිබඳ උදාහරණයක් ලෙස, 1916දී ප්‍රංශයේ සොම් නදිය අසලදී බ්‍රිතාන්‍ය හමුදා විසින් ජර්මානු හමුදා භටයන්ට පහර දුන් අවස්ථාවේදී සිදු වූ දෙය සලකා බලන්න. පැය කිහිපයකින් බ්‍රිතාන්‍ය හමුදාවන්ට අයත් 20,000කගේ ජීවිත අහිමි වූ අතර, ජර්මනිය පැත්තේ සිටි බොහෝදෙනෙක්ද ජීවිතක්ෂයට පත් වුණා. අවුරුදු හතරක කාලයක් පුරා සිදු වූ ඝාතනවලින්, සොල්දාදුවන් දශලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයක සහ සාමාන්‍ය වැසියන් බොහෝදෙනෙකුගේ ජීවිතද විනාශ වුණා. බොහෝදෙනෙකුගේ ජීවිත අහිමි වීම හේතුවෙන් ප්‍රංශයේ ජනගහනය ටික කාලයකට පහත වැටුණා. ආර්ථික ක්‍රම විනාශ වූ අතර, එය ලොව පුරා 1930ගණන්වල පැවති මහා අර්ථ පරිහානියට මඟ පෑදුවා. පළමුවන ලෝක මහ යුද්ධය පටන්ගත් දවස, ලෝකය වියරු වැටුණු දවස කියා සමහරුන් පැවසීම පුදුමයක්ද!

6. පළමු ලෝක මහ යුද්ධයෙන් පසුව ජීවිතය වඩාත් හොඳ අතට හැරුණාද?

6 එම පරම්පරාව බලාපොරොත්තු වුණේ ඒ වගේ අනාගතයක්ද? නැහැ, කොහොමටවත් නැහැ. ඔවුන්ගේ බලාපොරොත්තු සුනුවිසුනු වී ගියා. ඒ කිසිවකින් වඩාත් හොඳ තත්වයක් ඇති වුණෙත් නැහැ. මිනිසා විසින් ඇති කළ ඉතාමත් දරුණු ව්‍යසනය වන දෙවන ලෝක මහ යුද්ධය ආරම්භ වීමට ගත වුණේ, පළමු ලෝක මහ යුද්ධයෙන් පසු, අවුරුදු 21ක් පමණයි; එය ආරම්භ වූයේ 1939දීයි. එය පුරුෂයන්ගේ, ස්ත්‍රීන්ගේ සහ දරුවන්ගේ ජීවිත දශලක්ෂ 50ක් පමණ බිලි ගත්තා. මහ පරිමාණයෙන් හෙළූ බෝම්බවලින් නගරවල් සුනුවිසුනු වී ගියා. පළමුවන ලෝක මහ යුද්ධයේ එක් සටනකදී පැය කිහිපයකින් සොල්දාදුවන් දහස් ගණනක් පමණක් ඝාතනය කරනු ලැබුවත්, දෙවන ලෝක මහ යුද්ධයේදී, මිනිසුන් 1,00,000කට වඩා වැඩිදෙනෙකුව ඝාතනය කිරීමට පරමාණු බෝම්බ දෙකකට ගත වූයේ තත්පර කිහිපයක් පමණයි. ඊටත් වඩා දරුණු දෙයක් ලෙස බොහෝදෙනෙක් සලකන දෙය වුණේ නාට්සි ගාල් කඳවුරුවල ක්‍රමානුකූලව දශලක්ෂ ගණනාවක්වම ඝාතනය කිරීමයි.

7. මේ මුළු සියවස පිළිබඳව යථාර්ථය වන්නේ කුමක්ද?

7 ජාතීන් අතර යුද්ධ, සිවිල් ගැටුම් සහ ආණ්ඩු විසින් තමන්ගේම පුරවැසියන්ව ඝාතනය කළ සංඛ්‍යාව ඇතුළත් කළොත්, මේ සියවසේදී ඝාතනය කළ අයගේ සංඛ්‍යාව දශලක්ෂ 200ක් පමණ වෙයි කියා මූලාශ්‍ර කිහිපයක සඳහන් වෙනවා. එක් මූලාශ්‍රයක එය දශලක්ෂ 360ක් බව දක්වනවා. ඒ සියල්ලෙන් ඇති වන සන්ත්‍රාසය, වේදනාව, කඳුළු, සංවේගය, විනාශ වූ ජීවිත ගැන සිතා බලන්න! ඊට අමතරව, දුප්පත්කම හා බැඳුණු හේතූන් නිසා සෑම දවසකම මියයන අයගේ සාමාන්‍ය ගණන 40,000ක් පමණ වෙනවා; ඔවුන්ගෙන් වැඩිදෙනෙක් දරුවන්. ඒ ගණන මෙන් තුන්ගුණයක් දිනපතාම ගබ්සා කිරීම මගින් මරා දමනවා. එමෙන්ම බිලියනයක් පමණ මිනිසුන් එදිනෙදා වැඩකටයුතු කරගෙන යෑමට අවශ්‍ය කරන ආහාර ලබාගැනීමට නොහැකි තරම් ඉතාමත් දිළිඳු තත්වයක පසු වෙනවා. අපි ජීවත් වෙන්නේ මේ දුෂ්ට දේවල පිළිවෙළේ “අන්තිම දවස්වල” බවට වූ බයිබල් අනාවැකියේ පුරෝකථනය කළ දෙයට මේ සෑම දෙයක්ම සාක්ෂි වෙනවා.—2 තිමෝති 3:1-5, 13; මතෙව් 24:3-12; ලූක් 21:10, 11; එළිදරව් 6:3-8.

මිනිස් විසඳුම් නැත

8. ලෝක ගැටලු විසඳීමට මිනිස් පාලකයන්ට නොහැකි වන්නේ ඇයි?

8 මේ 20වන සියවස එහි නිමාව කරා ළඟා වෙද්දී, එහි අද්දුටු දේවල් පසුගිය සියවස්වලට එකතු කරන්න අපිට පුළුවන්. ඒ ඉතිහාසය අපට පවසන්නේ කුමක්ද? මිනිස් පාලකයන්ට ලෝකයේ ප්‍රධාන ගැටලු කවදාවත් විසඳලා නැති බවත්, ඔවුන් දැන් ඒවා විසඳමින් නොසිටින බවත්, අනාගතයේදීවත් ඒවා විසඳන්න යන්නේ නැති බවත් එය අපට පවසනවා. කොතරම් හොඳ චේතනාවකින් කටයුතු කරනවා විය හැකි වූවත්, අපට අවශ්‍ය කරන ආකාරයේ අනාගතයක් සැපයීම ඔවුන්ගේ හැකියාව ඉක්මවා යන දෙයක්. එමෙන්ම අධිකාරයක් හොබවන සමහරුන් තුළ එතරම් හොඳ චේතනා නැහැ; අනිත් අයගේ යහපත නොව, නමුත් තමුන්ගේම ආත්මාර්ථකාමී ද්‍රව්‍යවාදී පරමාර්ථයන් ඉටු කරගන්න ඔවුන් තනතුරු සහ බලය පස්සේ දුවනවා.

9. මිනිසාගේ ගැටලුවලට පිළිතුරු විද්‍යාව සතුව තිබෙනවා යන්න සැක කිරීමට හේතුව කුමක්ද?

9 විද්‍යාවට උත්තර තිබෙනවාද? අපි අතීතය සැලකිල්ලට ගන්නවා නම් නැති බවයි පෙනෙන්නේ. ආණ්ඩුවල සිටින විද්‍යාඥයන් බිහිසුණු ආකාරයේ විනාශකාරි රසායනික, ජෛවීය සහ වෙනත් වර්ගයේ අවි වැඩිදියුණු කිරීමට විශාල මුදල් සම්භාරයක්, කාලයක් හා වෑයමක් යොදා තිබෙනවා. වියදම දරාගන්න බැරි ඒවා ඇතුළුව, ජාතීන් අවි සඳහා අවුරුද්දකට රුපියල් බිලියන 42,000ක් වියදම් කරනවා! එමෙන්ම, වායුව, භූමිය, ජලය හා ආහාර දූෂණය වීමට ඉවහල් වී තිබෙන රසායනික ද්‍රව්‍යවලට ‘විද්‍යාත්මක දියුණුව’ යම් ප්‍රමාණයකට වගකිව යුතුයි.

10. වඩාත් හොඳ අනාගතයක් සහතික කිරීමට අධ්‍යාපනයට පවා නොහැකි වන්නේ ඇයි?

10 උසස් සදාචාර ප්‍රමිති, අනිත් අය කෙරෙහි සැලකිල්ල දැක්වීම සහ අසල්වාසීන්ට ප්‍රේමය පෙන්වීම වැනි දේවල් ඉගැන්වීමෙන්, වඩාත් හොඳ අනාගතයක් ගොඩනඟන්න ලෝකයේ අධ්‍යාපන ආයතන උපකාරවත් වෙයි කියා අපිට බලාපොරොත්තු තබන්න පුළුවන්ද? නොහැකියි. ඒ වෙනුවට, ඔවුන් වෘත්තීන් සහ මුදල් ඉපයීම මත වැඩි අවධානයක් යොමු කරනවා. ඔවුන් සහයෝගී ස්වභාවයක් නොව, ඉතා තරඟකාරි ස්වභාවයක් ගොඩනංවනවා; පාසැල්වලවත් සදාචාර ප්‍රමිති ගැන උගන්වන්නේ නැහැ. ඒ වෙනුවට, නහඹර වියේ ගැබ්ගැනීම් සහ ලිංගිකව බෝවෙන රෝගවල විශාල වැඩිවීමක් ඇති කර තිබෙන ලිංගික නිදහසට ඔවුන් ඉඩහැර තිබෙනවා.

11. වානිජ්‍ය ව්‍යාපාර හා සම්බන්ධ තිබෙන වාර්තාව මගින් අනාගතය ගැන සැකයක් ඇති කරන්නේ කෙසේද?

11 ලෝකයේ විශාල වාණිජ්‍ය ව්‍යාපාර අපේ පෘථිවි ග්‍රහයාව හොඳින් රැකබලා ගන්නත්, ලාභයම පමණක් නොව, නමුත් සැබෑ ලෙස ප්‍රයෝජනවත් වන දේවල් නිෂ්පාදන කිරීමෙන් අනිත් අය කෙරෙහි ප්‍රේමය පෙන්වීමටත් ඔවුන් තුළ හදිස්සියෙන්ම පෙලඹවීමක් ඇති වෙයිද? එහෙම දෙයක් වෙන්න තිබෙන ඉඩ කඩ අඩුයි. ජනයාගේ, විශේෂයෙන්ම යෞවනයන්ගේ මනස් දූෂණය කිරීමට දායක වන සාහසිකකමින් සහ දුරාචාරයෙන් පිරුණු රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය කිරීම ඔවුන් නවත්වයිද? මෑත අතීතය නම් කොහොමටවත් දිරිගැන්වීමක් ගෙන දෙන්නේ නැහැ; මන්ද බොහෝදුරට රූපවාහිනිය දුරාචාරය හා සාහසිකකම්වලින් යුත් කුණු වළක් බවට පත් වී තිබෙනවා.

12. අසනීප හා මරණය සම්බන්ධයෙන් ගත් කල මිනිසාගේ තත්වය කුමක්ද?

12 මීට අමතරව, වෛද්‍යවරුන් කොතරම් අවංකව වෑයම් කළත්, ඔවුන්ට අසනීප හා මරණය පරාජය කරන්න බැහැ. උදාහරණයක් හැටියට, පළමුවන ලෝක මහ යුද්ධය අවසානයේදී පැතිරුණු ස්පාඤ්ඤ සෙම්ප්‍රතිශ්‍යාව මර්දනය කරන්න ඔවුන්ට නොහැකි වුණා; ලොව පුරා එය ජීවිත දශලක්ෂ 20ක් බිලිගත්තා. අදදින, හෘදයාබාධ, පිළිකාව සහ මරණය ගෙන දෙන වෙනත් අසනීප බහුලව පැතිරී තිබෙනවා. නවීන වසංගතයක් වන ඒඩ්ස් පරාජය කරන්න වෛද්‍ය ක්ෂේත්‍රයට නොහැකි වී තිබෙනවා. මීට පටහැනිව, 1997 නොවැම්බර් මාසයේ එ.ජා. පළ කළ වාර්තාවක නිගමනය වූයේ, ඒඩ්ස් වෛරසය ව්‍යාප්ත වීමේ වේගය කලින් සිදු කළ ගණන් බැලීම්වලට වඩා දෙගුණයක් වන බවයි. දැනටමත් දශලක්ෂ ගණනක් එයින් මියගොස් තිබෙනවා. මෑත වසරක තවත් දශලක්ෂ තුනක් ආසාදිතයන් බවට පත් වුණා.

යෙහෝවාගේ සාක්ෂිකරුවන් අනාගතය දෙස බලන ආකාරය

13, 14. (අ) යෙහෝවාගේ සාක්ෂිකරුවන් අනාගතය දෙස බලන්නේ කෙසේද? (ආ) වඩාත් හොඳ අනාගතයක් ගෙන එන්න මිනිසුන්ට නොහැකි වන්නේ ඇයි?

13 කෙසේවෙතත්, මනුෂ්‍යවර්ගයාට දීප්තිමත් අනාගතයක්, එනම් ඉතාමත් හොඳ අනාගතයක් තිබෙන බව යෙහෝවාගේ සාක්ෂිකරුවන් විශ්වාස කරනවා. නමුත් එම වඩාත් හොඳ අනාගතය මනුෂ්‍ය ප්‍රයත්නයන්වල ප්‍රතිඵලයක් මගින් ඇති වන බවට ඔවුන් අපේක්ෂා කරන්නේ නැහැ. ඒ වෙනුවට, ඔවුන් මැවුම්කරු වන යෙහෝවා දෙවි දෙස බලා සිටිනවා. අනාගතය මොන වගේ එකක් වෙයිද කියා ඔහු දන්නවා; එමෙන්ම එය මහිමාන්විත අනාගතයක් වෙන්න යනවා! මනුෂ්‍යයන්ට එවැනි අනාගතයක් ගෙනෙන්න නොහැකි බවත් ඔහු දන්නවා. දෙවි ඔවුන්ව මැවූ නිසා, වෙනත් ඕනෑම කෙනෙකුට වඩා ඔවුන්ගේ සීමාවන් ඔහු දන්නවා. දිව්‍ය මඟ පෙන්වීම නොමැතිව සාර්ථකව පාලනය කිරීමේ හැකියාව ඇතුව තමා මිනිසුන්ව මවා නැති බව තම වචනයෙහි ඔහු පැහැදිලිව අපට පවසනවා. දෙවි තමාගෙන් ස්වාධීනව කටයුතු කරන මිනිස් පාලනවලට දිගු කාලයක් පැවතීමට ඉඩහැරීම මගින් එම නොහැකියාව ගැන කිසිම සැකයක් නොමැති බව පැහැදිලිව පෙන්වා තිබෙනවා. එක් කතුවරයෙක් මෙසේ පිළිගත්තා: “මිනිස් මනස පරමාධිපත්‍යය හා සම්බන්ධ සෑම දෙයක්ම අත්හදා බලා තිබෙනවා, ඒත් ඒවා නිෂ්ඵලයි.”

14 යෙරෙමියා 10:23හි දේවානුභාවය ලත් අනාගතවක්තෘගේ වදන් අපට මෙසේ කියවීමට තිබෙනවා: “[අහෝ යෙහෝවා], මනුෂ්‍යයාගේ මාර්ගය ඔහුට අයිති නැති බව දනිමි. ගමනෙහි යෙදෙන මනුෂ්‍යයාට තමාගේ ගමන නියම කිරීම අයිති නැත.” එමෙන්ම ගීතාවලිය 146:3හි මෙසේ සඳහන් වෙනවා: “අධිපතීන් කෙරෙහිවත් පිහිටවිය නොහැකි මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහිවත් විශ්වාසය නොතබව්.” ඇත්තෙන්ම, රෝම 5:12හි පෙන්වන පරිදි අපි අසම්පූර්ණව ඉපදී ඇති නිසා, තමන් කෙරෙහිවත් විශ්වාසය තබන්න එපා කියා දේවවචනය අපට අවවාද කරනවා. යෙරෙමියා 17:9හි මෙසේ පවසනවා: “සියල්ලට වඩා සිත [හෘදය, NW] රැවටිලිකාරව තිබේ.” මේ හේතුව නිසා හිතෝපදේශ 28:26 මෙසේ ප්‍රකාශ කරනවා: “තමාගේම සිත [හෘදය, NW] කෙරෙහි විශ්වාසය තබන්නා අඥානයෙක්ය; එහෙත් නුවණින් හැසිරෙන්නා ගැළවෙන්නේය.”

15. අපට මඟ පෙන්වීම සඳහා ප්‍රඥාව සොයාගත හැක්කේ කොතැනින්ද?

15 අපිට මේ ප්‍රඥාව සොයාගත හැක්කේ කොතැනින්ද? “ප්‍රඥාවේ පටන්ගැන්ම නම් [යෙහෝවා] කෙරෙහි භයවීමය. ශුද්ධ [තැනැත්තා] දැනගැනීම නුවණ වේ.” (හිතෝපදේශ 9:10) මෙම බිහිසුණු කාලවලදී අපට මඟ පෙන්වීම ලබා දිය හැකි ප්‍රඥාව තිබෙන්නේ යෙහෝවා සතුව පමණයි. එමෙන්ම, අපේ මඟ පෙන්වීම සඳහා ඔහුගේ ආනුභාවයෙන් සකස් කළ ශුද්ධ ලියවිල්ල තුළින්, අපිට ඔහුගේ ප්‍රඥාව ලබාගන්න මඟක් සලසා තිබෙනවා.—හිතෝපදේශ 2:1-9; 3:1-6; 2 තිමෝති 3:16.

මිනිස් පාලනයේ අනාගතය

16. අනාගතය තීරණය කර තිබෙන්නේ කවුද?

16 එහෙමනම්, අනාගතය ගැන දේවවචනය අපට පවසන්නේ මොනවාද? මනුෂ්‍යයන් අතීතයේ කළ දේවලින් අනාගතය කිසිවිටකත් පිළිබිඹු වෙන්නේ නැති බව එය අපට පවසනවා. එනිසා පැට්‍රික් හෙන්රිගේ මතය වැරදියි. මේ පොළොව හා ඒ මත වෙසෙන මිනිසුන්ගේ අනාගතය තීරණය කිරීමට තිබෙන්නේ මිනිසුන් විසින් නොව, නමුත් යෙහෝවා දෙවි විසිනුයි. මේ ලෝකයේ මනුෂ්‍යයන්ගේවත් ජාතීන්ගේවත් කැමැත්ත නොව, ඔහුගේ කැමැත්ත මේ පොළොව මත ඉටු වෙන්න යනවා. “මනුෂ්‍යයෙකුගේ සිතේ [හෘදයේ, NW] බොහෝ යෝජනා ඇත්තේය; එහෙත් ස්ථිරවෙන්නේ [යෙහෝවාගේ] මන්ත්‍රණයය.”—හිතෝපදේශ 19:21.

17, 18. අපේ කාලය සඳහා දෙවිගේ කැමැත්ත කුමක්ද?

17 අපේ කාලය සඳහා දෙවිගේ කැමැත්ත කුමක්ද? මෙම සාහසික, දුරාචාර පිළිවෙළ අවසානයකට ගෙනෙන්න ඔහු අරමුණු කර තිබෙනවා. සියවස් ගණනාවක්ම පැවත තිබෙන නපුරු මිනිස් පාලනය වෙනුවට දෙවි දියත් කරන පාලනයක් ළඟදීම ඇති වෙන්න යනවා. දානියෙල් 2:44, 45හි දැක්වෙන අනාවැකියේ මෙසේ සඳහන් වෙනවා: “ඒ [අද පවතින] රජුන්ගේ දවස්වලදී ස්වර්ගයේ [දෙවි] කිසිකලක නැති නොවන්නාවූ රාජ්‍යයක් [ස්වර්ගයේ පිහිටුවන්නේය], ඒකේ ආණ්ඩුව අන් සෙනගකට අත්අරිනු නොලබන්නේය; . . . ඒක ඒ සියලු රාජ්‍යවල් පොඩිකර නැති කරන්නේය, එයද සදාකාලේටම පවතින්නේය.” එම රාජ්‍යය මගින් කවදාවත් මිනිසුන්ට කළ නොහැකි දෙයක් වන සාතන් නමැති යක්ෂයාගේ නපුරු බලපෑම්ද ඉවත් කරන්න යනවා. මේ ලෝකය කෙරෙහි බලපවත්වන ඔහුගේ පාලනය සදහටම පහ වෙන්න යනවා.—රෝම 16:20; 2 කොරින්ති 4:4; 1 යොහන් 5:19.

18 ඒ ස්වර්ගික රාජ්‍යය සෑම ස්වරූපයකම මිනිස් පාලන පොඩි කර, පැවැත්මෙන් ඉවත් කරන්න යන බව සැලකිල්ලට ගන්න. මේ පොළොව පාලනය කිරීම මිනිසුන් අතට පත් වන්නේ නැහැ. ස්වර්ගයේ දෙවිගේ රාජ්‍යයට සම්බන්ධ වෙන අය මනුෂ්‍යවර්ගයාගේ යහපත සඳහා පොළොවේ කටයුතු සියල්ලම පාලනය කරන්න යනවා. (එළිදරව් 5:10; 20:4-6) පොළොව මත, විශ්වාසවන්ත මනුෂ්‍යයන් දෙවිගේ රාජ්‍යයේ මඟ පෙන්වීම් සමඟ සහයෝගයෙන් ක්‍රියා කරන්න යනවා. “ඔබගේ රාජ්‍යය ඒවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා” කියා පැවසූ විට යේසු අපට ඉගැන්නුවේ මේ රාජ්‍යය උදෙසා යාච්ඤා කරන්නයි.—මතෙව් 6:9, 10.

19, 20. (අ) බයිබලය රාජ්‍ය විධිවිධානය විස්තර කරන්නේ කෙසේද? (ආ) එහි පාලනය මගින් මනුෂ්‍යවර්ගයා සඳහා කරන්න යන්නේ මොනවාද?

19 යෙහෝවාගේ සාක්ෂිකරුවන් දෙවිගේ රාජ්‍යය කෙරෙහි ඇදහිල්ල තබනවා. ප්‍රේරිත පේතෘස් මෙම වදන්වලින් ලියූ “අලුත් අහස” එයයි: “ධර්මිෂ්ඨකම වාසයකරන අලුත් අහසක්ද අලුත් පොළොවක්ද [ඔහුගේ] පොරොන්දුවේ හැටියට අපි බලා සිටිමු.” (2 පේතෘස් 3:13) “අලුත් පොළොව” වන්නේ, දේවරාජ්‍යය නැතහොත් අලුත් අහස මගින් පාලනය කරන්න යන අලුත් මනුෂ්‍ය සමාජයයි. දෙවි දර්ශනයක් මගින් ප්‍රේරිත යොහන්ට එළිදරව් කළ විධිවිධානය මෙයයි; ඔහු මෙසේ ලිව්වා: “අලුත් අහසක්ද අලුත් පොළොවක්ද දුටිමි. මක්නිසාද පළමු අහසත් පළමු පොළොවත් පහවගියේය; . . . [දෙවි] ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු [පිසදමන්නේය]; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.”—එළිදරව් 21:1, 4.

20 අලුත් පොළොව ධර්මිෂ්ඨ එකක් වෙන්න යන බව සැලකිල්ලට ගන්න. සෑම අධර්මිෂ්ඨ අංගයක්ම දෙවිගේ ක්‍රියාවක් වන අර්මගෙදොන් නමැති සටන මගින් ඉවත් කර තිබෙන්න යනවා. (එළිදරව් 16:14, 16) හිතෝපදේශ 2:21 සහ 22හි සඳහන් අනාවැකිය එය මේ ආකාරයෙන් විස්තර කරනවා: “අවංක අයවල් දේශයෙහි වාසයකරන්නෝය. නිර්දෝෂ අයවල්ද එහි නැවතී සිටින්නෝය. නුමුත් දුර්ජනයෝ දේශයෙන් සිඳදමනු ලබන්නෝය.” එමෙන්ම ගීතාවලිය 37:9 මෙසේ පොරොන්දු වෙනවා: “නපුරු ක්‍රියා කරන්නෝ සිඳිනු ලබන්නෝය. නුමුත් [යෙහෝවා] කෙරෙහි බලා සිටින්නෝ දේශය උරුමකරගන්නෝය.” ඒ වගේ නව ලොවක ජීවත් වෙන්න ඔබත් කැමති වෙන්නේ නැද්ද?

යෙහෝවාගේ පොරොන්දු කෙරෙහි ඇදහිල්ල තබන්න

21. යෙහෝවාගේ පොරොන්දු කෙරෙහි අපට ඇදහිල්ල තැබිය හැක්කේ ඇයි?

21 අපිට යෙහෝවාගේ පොරොන්දු කෙරෙහි ඇදහිල්ල තබන්න පුළුවන්ද? යෙහෝවා තම අනාගතවක්තෘ වූ යෙසායා මගින් කියා සිටින දෙයට සවන් දෙන්න: ‘පුරාණයේ පළමු කාරණ සිහිකරන්න. මක්නිසාද මමම දෙවිය [දිව්‍යමය තැනැත්තාය, NW], වෙන [දෙවි, NW] කෙනෙක් නැත; මම දෙවිය, මා සමාන කෙනෙක් නැත. මම වනාහි අන්තිමය මුල පටන්ද තවම සිද්ධ නූණ දේ පුරාණයේ පටන්ද දන්වන්නාවූ: මාගේ මන්ත්‍රණ පවත්නේය කියාත් මාගේ මුළු කැමැත්ත ඉෂ්ට කරන්නෙමියි කියාත් කියන්නාවූ තැනැත්තාය.’ එකළොස්වන වගන්තියේ අවසාන කොටසෙහි මෙසේ පවසනවා: “මම කියා තිබෙන්නාක්මෙන්ම ඒක පමුණුවන්නෙමි, මම යෝජනාකර තිබෙන්නාක්මෙන්ම ඒක කරන්නෙමි.” (යෙසායා 46:9-11) ඔව්, යෙහෝවා කෙරෙහි මෙන්ම ඉටු වී තිබෙන්නාක් මෙන් විශ්වාසයකින් යුක්තව ඔහුගේ පොරොන්දු කෙරෙහිත් අපට ඇදහිල්ල තබන්න පුළුවන්. ඒ ගැන බයිබලය මෙසේ ප්‍රකාශ කරනවා: “ඇදහිල්ල යනු බලාපොරොත්තු වන දේවල් පිළිබඳ සහතික කරන ලද අපේක්ෂාවයි, නුදුටු නමුත් යථාර්ථයන් පිළිබඳ පැහැදිලි නිරූපණයයි.”—හෙබ්‍රෙව් 11:1, NW.

22. යෙහෝවා තමාගේ පොරොන්දු ඉටු කරන්න යන බවට අපට නිසැක විය හැක්කේ ඇයි?

22 දෙවි තමාගේ එම පොරොන්දු ඉටු කරන බව නිහතමානී අය දන්න නිසා, ඔවුන් එවැනි ඇදහිල්ලක් විදහාපෙන්වනවා. උදාහරණයක් හැටියට ගීතාවලිය 37:29හි අපට මෙසේ කියවීමට තිබෙනවා: “ධර්මිෂ්ඨයෝ දේශය උරුමකර ගන්නෝය, එහි සදාකල් වාසයකරන්නෝය.” අපට මෙය විශ්වාස කරන්න පුළුවන්ද? පුළුවන්, මන්ද හෙබ්‍රෙව් 6:18හි මෙසේ පවසනවා: ‘දෙවිට බොරු කියන්න බැහැ.’ නිහතමානී අයට එය ලබා දීමට පුළුවන් වෙන්න දෙවි පොළොවේ අයිතිකරුද? එළිදරව් 4:11 මෙසේ ප්‍රකාශ කරනවා: “ඔබ සියලු දේ [මැව්වේය], ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේය, ඒවා මවනලද්දේය.” මේ අනුව, ගීතාවලිය 24:1 මෙසේ පවසනවා: “පොළොව හා එහි සම්පූර්ණත්වයද ලෝකය හා එහි වැසියෝද [යෙහෝවාගේය].” යෙහෝවා පොළොව මැව්වා; එය අයිති ඔහුටයි; තමා කෙරෙහි ඇදහිල්ල තිබෙන අයට එය දෙනවා. මේ ගැන අපේ නිසැකකම ගොඩනඟාගැනීමට උපකාර කිරීම සඳහා අතීතයේ මෙන්ම අපේ දවස්වල ජීවත් වෙන තම සෙනඟට දුන් පොරොන්දු යෙහෝවා ඉටු කර තිබෙන ආකාරය ගැනත්, ඔහු ඒ දෙයම අනාගතයේදීත් කරන්න යන බවට සම්පූර්ණ නිසැකකමක් අපට තබාගත හැකිවීමට හේතු ගැනත් ඊළඟ ලිපිය පැහැදිලි කරන්න යනවා.

පුනරීක්ෂණය සඳහා කරුණු

◻ ඉතිහාසය පුරා මිනිසුන්ගේ බලාපොරොත්තුවලට කුමක් සිදු වී තිබෙනවාද?

◻ වඩාත් හොඳ අනාගතයක් සඳහා අපි මිනිසුන් දෙස නොබැලිය යුත්තේ ඇයි?

◻ අනාගතය සම්බන්ධයෙන් දෙවිගේ කැමැත්ත කුමක්ද?

◻ දෙවි තමාගේ පොරොන්දු ඉටු කරන්න යන බවට නිසැක වෙන්න අපට පුළුවන් ඇයි?

[10වන පිටුවේ පින්තූරය]

බයිබලය නිවැරදිව මෙසේ සඳහන් කරනවා: “මනුෂ්‍යයාට තමාගේ ගමන නියම කිරීම අයිති නැත.”—යෙරෙමියා 10:23

[හිමිකම් විස්තර]

බෝම්බ පිපිරීම: U.S. National Archives photo; හාමතේ සිටින දරුවන්: WHO/OXFAM; සරණාගතයන්: UN PHOTO UN PHOTO 186763/J. Isaac; මුසොලීනි සහ හිට්ලර්: U.S. National Archives photo

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න