ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w98 4/1 3-5 පි.
  • පවුල හදිසි කාරණාවක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පවුල හදිසි කාරණාවක්!
  • 1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • තර්ජනය මොකක්ද?
  • තනි-මාපිය ගෙවැසියන් වැඩි වෙමින්
  • යුග දිවිය ප්‍රහාරයකට ලක් වී ඇද්ද?
    2006 පිබිදෙව්!
  • ආදරය බිඳී යන විට . . .
    2001 පිබිදෙව්!
  • දිනෙන් දින සංඛ්‍යාවෙන් ඉහළ යන තනි මාපිය පවුල්
    2002 පිබිදෙව්!
1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w98 4/1 3-5 පි.

පවුල හදිසි කාරණාවක්!

“ඊට පස්සේ ඔවුන් සතුටින් කල දවස ගෙව්වා.” ඒ සුරංගනා කතාවේ අවසානය අදදින විවාහයන්ට එන්න එන්නම අඩුවෙන් අදාළ වෙමින් පවතිනවා. ‘දෙදෙනා ජීවත් වන තාක් කල් දුකේදීත් සැපේදීත්’ එකිනෙකාට ආදරය කිරීම සඳහා සිදු කරන විවාහ පොරොන්දුව බොහෝවිට නිකම්ම වචනාලංකාරයක් පමණක්ම වී තිබෙනවා. සන්තෝෂවත් පවුල් පෙනෙන විදිහට සූදුවක් දිනීමක් හා සමානයි.

බොහෝ කාර්මීකරණය වූ බටහිර රටවල දික්කසාද අනුපාතය 1960 සහ 1990 අතර දෙගුණයකට වඩා වැඩි වී තිබෙනවා. සමහර දේශවල එය හතරගුණයකින් වැඩි වී තිබෙනවා. උදාහරණයක් හැටියට, සෑම අවුරුද්දකම ස්වීඩනයේ විවාහ 35,000ක් පමණ සිදු වී, දරුවන් 45,000කට වැඩියෙන් ඊට අයත් වෙමින් ඒවායින් අඩක් පමණ කැඩී බිඳී යනවා. විවාහ නොවී එකට ජීවත් වන යුවළයන් තවත් දරුවන් දසදහස් ගණනකට බලපාමින් ඊට වැඩි ප්‍රමාණයකින් වෙන් වී යනවා. ලොව පුරාම ඇති රටවල සමාන ප්‍රවණතාවක් ඇතුල් වෙමින් පවතින බව 5වන පිටුවේ ඇති කොටුවෙන් දැකගන්න පුළුවන්.

පවුල් කැඩීයෑම සහ විවාහයන් අවසන් වීම ඉතිහාසයේ අලුත් දෙයක් නොවන බව සැබෑවක්. පොදු යුගයට පෙර 18වන ශතවර්ෂයේ හමුරාබි නීති සංග්‍රහය තුළ බබිලෝනියේ දික්කසාදවලට ඉඩ දීම පිළිබඳ නීති ඇතුළත් වුණා. පොදු යුගයට පෙර 16වන සියවසේ පිහිටෙවූ මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ පවා ඉශ්‍රායෙල්හි දික්කසාදයට අවසර දී තිබුණා. (ද්විතීය කථාව 24:1) කෙසේවෙතත්, 20වන ශතවර්ෂයේ තරම් වෙන කිසිමදාක, පවුල් බැඳීම් මෙතරම් දුර්වල වී නැහැ. දශකයකට වැඩි කාලයකට පෙරාතුව, පත්‍රකලාවේදියෙක් මෙසේ ලිව්වා: “මෙතැන් සිට අවුරුදු 50ක් යන තැන සම්ප්‍රදායක අර්ථයෙන් ගනිද්දී, අපට කිසිම පවුලක් නොතිබෙන්න ඉඩ තියෙනවා. ඒවා වෙනුවට විවිධ වර්ගයේ කණ්ඩායම් ඇති වේවි.” එතැන් සිට පැවති ප්‍රවණතාව ඔහුගේ අදහස තහවුරු කරන බව පෙනෙනවා. පවුල් ආයතනය ඉතා ශීඝ්‍රයෙන් විනාශ වී යන අතර, “එය බේරී පවතීද” යන ප්‍රශ්නය ඉතාමත්ම වැදගත් වෙමින් පවතිනවා.

බොහෝ යුවළයන්ට එකිනෙකා සමඟ එකට සිටිමින් එක්සත් පවුලක් පවත්වාගැනීම එපමණ අසීරු වී තිබෙන්නේ ඇයි? බොහෝ කාලයක් එකට සිටිමින් තමන්ගේ රිදී හෝ රන් විවාහ සංවත්සර සමරන්නාවූ අයගේ රහස මොකක්ද? අහම්බෙන්, 1983දී කලින් සෝවියට් ජනරජයේ අස’බිජාන්හි පුරුෂයෙක් සහ ස්ත්‍රියක් තමන්ගේ වයස පිළිවෙළින් අවුරුදු 126දී සහ 116දී තම 100වන විවාහ සංවත්සරය පැවැත්වූ බව වාර්තා වුණා.

තර්ජනය මොකක්ද?

කාමමිථ්‍යාචාරය, මානසික හෝ ශාරීරික කෲරභාවය, අත්හැර යෑම, මත්පැනට ඇබ්බැහි වීම, දුර්වල වීම, අසිහිය, ද්විත්ව විවාහ සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම බොහෝ රටවල නීත්‍යනුකූල දික්කසාද සඳහා පදනම සපයනවා. කෙසේවෙතත්, මූලික හේතුව වන්නේ විශේෂයෙන්ම මෑත දශකවල විවාහය සහ සම්ප්‍රදායානුකූල පවුල් ජීවිතය කෙරෙහි ඇති ආකල්පය වේගයෙන් වෙනස් වී තිබීමයි. දිගු කාලයක් පුරා පරිශුද්ධ ලෙස පැවති විවාහ විධිවිධානයේ ගරුත්වය සුන්ව ගොස් තිබෙනවා. සංගීත, නිශ්චල චිත්‍ර, රූපවාහිනී වෘත්තාන්ත සහ ජනප්‍රිය සාහිත්‍ය පොත්වල ගිජු නිෂ්පාදකයන් ලිංගික නිදහස, දුරාචාරය, සල්ලාලකම සහ ආත්මාර්ථකාමී ජීවන රටාවක්යයි පොදුවේ හඳුන්වන දෙය වර්ණනා කර තිබෙනවා. ඔවුන් තරුණ සහ මහලු යන දෙගොල්ලන්ගේම මනස් එක හා සමානව දූෂිත කර තිබෙන සංස්කෘතියකට ආවඩා තිබෙනවා.

අමෙරිකානුවන්ගෙන් සියයට 22ක්, බාහිර විවාහ සබඳතා සමහරවිට විවාහයක් සඳහා ප්‍රයෝජනවත් කියා පවසනවායයි 1996 ඡන්ද විමසුමක් පෙන්වනවා. ස්වීඩනයේ විශාල බෙදාහැරීමක් ඇති පුවත්පතක් වන ආෆ්ටෝන්බ්ලාඩෙට්හි විශේෂ කලාපයක, දික්කසාද වන ලෙස ස්ත්‍රීන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේ, එය ඔවුන්ගේ “තත්වය වැඩිදියුණු කරන්න යන” නිසයි. සමහර ජනප්‍රිය මානස ශාස්ත්‍රඥයන් සහ මානව ශාස්ත්‍රඥයන්, සෑම අවුරුදු කිහිපයකින්ම සහකරුවන්ව මාරු කිරීමට මිනිසාව පරිණාමය මගින් “ක්‍රම ලේඛනය” කර තිබෙනවාදැයි කියා පවා සැක කරනවා. වෙනත් වචනවලින් කියනවා නම්, බාහිර විවාහ සබඳතා සහ දික්කසාද ස්වාභාවිකයයි ඔවුන් යෝජනා කරනවා. දෙමාපිය දික්කසාදය දරුවන්ට ප්‍රයෝජනවත් වෙන්න ඉඩ තිබෙනවා; එසේ වීමෙන් යම් දවසක ඔවුන්ටත් ඔවුන්ගේම දික්කසාදය සමඟ කටයුතු කරන්න ඔවුන්ව සූදානම් කරනවා කියා පවා සමහරුන් විවාද කරනවා!

පියා, මව සහ දරුවන්ගෙන් යුත් සම්ප්‍රදායක පවුල් ජීවිතයකට බොහෝ තරුණ අය තවදුරටත් ආශා කරන්නේ නැහැ. “එකම සහකාරයත් එක්ක මගේ ජීවිත කාලයම ජීවත් වෙන එක ගැන මට හිතාගන්න බැහැ” යන්න ජනප්‍රිය අදහසක්. “විවාහය හරියට නත්තල වගේ, නිකම්ම මිථ්‍යාවක් විතරයි. මම ඒක කොහෙත්ම විශ්වාස කරන්නේ නැහැ” යයි 18 හැවිරිදි ඩෙන්මාර්ක් ජාතික පිරිමි ළමයෙක් පවසනවා. අයර්ලන්තයේ ජාතික ස්ත්‍රී කවුන්සලයේ නෝරීන් බ’න් මෙසේ ප්‍රකාශ කළා: “සංකල්පය වන්නේ, විවාහ වෙලා ගෙදරදොරේ වැඩ කරන්නෙ මොකටද? බැඳීමක් නැතුව පිරිමින් එක්ක විනෝද වෙන්න . . . ජීවත් වෙන්න ගැහැනුන්ට පිරිමින් ඕනෙ නැහැ කියා බොහෝ ස්ත්‍රීන් තීරණය කරමින් ඉන්නවා.”

තනි-මාපිය ගෙවැසියන් වැඩි වෙමින්

යුරෝපය පුරාම මෙම ආකල්පය තනි මව්භාවයේ ශීඝ්‍ර වර්ධනයකට මඟ පාදා තිබෙනවා. සමහර තනි මාපියන් නහඹරයන් වන අතර, සැලසුම් නොකළ ගැබ්ගැනීම් වැරදීමක් නොවේයයි පවසනවා. තම දරුවන්ව තනිවම හදාවඩා ගන්න අවශ්‍ය කරන ස්ත්‍රීන්ගෙන් සමහරෙකි මේ තනි මව්වරුන්. බොහෝ මව්වරුන් ළමුන්ගේ පියවරුන් සමඟ විවාහ වීමට සැලසුම් නොකර යම් කාලයක් පුරා එකට ගත කරනවා. පසුගිය වසරේදී නියුස්වීක් සඟරාව “විවාහයේ විපත?” යන ප්‍රශ්නයෙන් යුත් කවරයේ කතාව දිගහැරියා. යුරෝපයේ විවාහයෙන් පිටත උපත් ප්‍රතිශතය ශීඝ්‍ර ලෙස වැඩිවර්ධනය වන අතර, කිසිවෙක් එය ගණන් ගන්නේ නැති බව එය සඳහන් කළා. ස්වීඩනය ලැයිස්තුවේ ඉහළින්ම සිටීමට ඉඩ ඇති අතර, එහි සිටින බිළිඳුන්ගෙන් අඩක්ම විවාහයෙන් පිටතයි ඉපදෙන්නේ. ඩෙන්මාර්කයේ සහ නෝර්වේහි එය අඩකට ආසන්න වන අතර, ප්‍රංශයේ සහ එංගලන්තයේ එය තුනට එකක් පමණ වෙයි.

එක්සත් ජනපදයේ, පසුගිය දශකය තුළ දෙමාපිය පවුල් ඉතා ප්‍රබල ලෙස පහත බැස තිබෙනවා. එක් වාර්තාවක් මෙසේ පවසනවා: “වර්ෂ 1960දී, . . . සියලුම ළමුන්ගෙන් 9%ක් ජීවත් වුණේ තනි-මාපිය නිවෙස්වලයි. වර්ෂ 1990 වන විටදී, සංඛ්‍යාව 25% දක්වා ඉහළ නැග්ගා. අද, අමෙරිකානු ළමුන්ගෙන් 27.1%ක් දරුවන් ඉපදෙන්නේ තනි-මාපිය නිවෙස්වල වන අතර, එම සංඛ්‍යාව දිගටම ඉහළ යමින් තිබෙනවා. . . . වර්ෂ 1970 සිට තනි-මාපිය පවුල් සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩි වී තිබෙනවා. පාරම්පරික පවුල අද තදබල තර්ජනයට ලක්ව ඇති අතර, එය නැති වී යෑම අද්දර තිබෙනවා විය හැකියයි සමහර පර්යේෂකයන් පවසනවා.”

රෝමානු කතෝලික පල්ලිය තම සදාචාර අධිකාරය බිඳගත් රටවල, තනි-මාපිය පවුල් වැඩි වෙමින් පවතිනවා. ඉතාලියේ මව, පියා සහ දරුවන්ගෙන් සමන්විත ගෙවැසියන් සිටින්නේ අඩකටත් අඩු වශයෙන් වන අතර, පාරම්පරික පවුලේ තැන, දරුවන් නැති යුවළයන් හා තනි-මාපිය ගෙවැසියන් විසින් ගෙන තිබෙනවා.

සමහර රටවල ශුභසාධන ක්‍රම විවාහ නොවී සිටීමට ඇත්තෙන්ම දිරිගන්වා තිබෙනවා. මහජන සහනාධාර ලබන තනි මව්වරුන්, විවාහ වුණොත් ඔවුන්ට එය නැති වී යනවා. ඩෙන්මාර්කයේ සිටින තනි මව්වරුන් අමතර ළමා-සැලකුම් ආධාර ලබනවා; සමහර ප්‍රජාවන්වල බාල වයස් මව්වරුන් අමතර මුදල් ලබන අතර, ඔවුන්ගේ කුලීද ගෙවනු ලබනවා. මෙලෙස, මුදල් ඊට අයත් වෙනවා. ස්වීඩනයේ බදු ගෙවන දික්කසාද වන්නන්හට මූල්‍ය උපකාර, නිවාස දීමනා සහ මහජන සහය සඳහා ඩොලර් දෙලක්ෂ පනස්දහස සහ තුන්ලක්ෂ හැත්තෑපන්දහස අතර ප්‍රමාණයක් වැය වෙනවා කියා ආල්ෆ් බී. ස්වෙන්ස්සොන් පවසනවා.

පවුල් අතර පවතින විනාශකාරි ප්‍රවණතාව ආපස්සට හරවන්න ක්‍රිස්තියානි ලෝකයේ පල්ලි කිසිම දෙයක් කරන්න උත්සාහ ගන්නේ නැහැ; කළත් ඒ සම්බන්ධයෙන් කරන්නේ බොහොම ටිකයි. බොහෝ දේවගැතියන් සහ පූජකයන් ඔවුන්ගේම පවුල් අර්බුද සමඟ පොරබදිමින් සිටින අතර, ඒ නිසා අනිත් අයට සහය වීමට නොහැකියි කියා ඔවුන්ට හැඟෙනවා. ඔවුන්ගෙන් සමහරු දික්කසාදයට පක්ෂ වන බව පවා පෙනෙනවා. වර්ෂ 1996 අප්‍රියෙල් 15වනදා ආෆ්ටෝන්බ්ලාඩෙට් වාර්තා කළේ, එංගලන්තයේ බ්‍රැඩ්ෆ’ඩ්හි ස්ටීවන් ඇලන් දේවගැතිවරයා විශේෂ දික්කසාද මෙහෙයක් සකස් කළ අතර, සියලුම බ්‍රිතාන්‍ය පල්ලිවල එය නිල දික්කසාද මෙහෙයක් හැටියට ක්‍රියාත්මක විය යුතුයයි ඔහු යෝජනා කළ බවයි. “ඒක කෙනෙකුට වුණු දේකට උපකාර කිරීමේ සුව මෙහෙයක්. දෙවි තවමත් ඔවුන්ට ප්‍රේම කරන බවත් ඔවුන්ව කරදරයෙන් මුදවන බවත් තේරුම්ගන්න ඔවුන්ට එය උපකාර කරනවා.”

ඉතින් පවුල් ආයතනය ගමන් කරන්නේ කොයිබටද? එහි බේරීම පිළිබඳ අපේක්ෂා තිබෙනවාද? එතරම් විශාල තර්ජනයක් යටතේ එක් එක් පවුලට ඔවුන්ගේ එක්සත්කම රැකගන්න පුළුවන්ද? කරුණාකර මීළඟ ලිපිය සලකා බලන්න.

[5වන පිටුවේ වගුව]

සමහර රටවල දික්කසාද සමඟ සැසඳූ වාර්ෂික විවාහ

රට අවුරුද්ද විවාහ දික්කසාද

එක්සත් ජනපදය 1993 23,34,000 11,87,000

එක්සත් රාජධානිය 1992 3,56,013 1,74,717

එස්ටෝනියාව 1993 7,745 5,757

ඕස්ට්‍රේලියාව 1993 1,13,255 48,324

කැනඩාව 1992 1,64,573 77,031

කියුබාව 1992 1,91,837 63,432

චෙක් ජනරජය 1993 66,033 30,227

ජපානය 1993 7,92,658 1,88,297

ජර්මනිය 1993 4,42,605 1,56,425

ඩෙන්මාර්කය 1993 31,507 12,991

නෝර්වේ 1993 19,464 10,943

පුවටෝ රිකෝ 1992 34,222 14,227

ප්‍රංශය 1991 2,80,175 1,08,086

මාලදිවයින 1991 4,065 2,659

රුසියානු සමූහාණ්ඩුව 1993 11,06,723 6,63,282

ස්වීඩනය 1993 34,005 21,673

(වර්ෂ 1996හි නියූ යෝක්, එක්සත් ජාතීන්ගේ 1994 ඩෙමොග්‍රැෆික් යිය බුක් [1994 ජනවිකාස වාර්ෂික පොත] ඇසුරෙන්)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න