කරුණාකර අප සමඟ විශේෂ අවස්ථාවට හවුල් වන්න 1998 අප්‍රියෙල් 11වන සෙනසුරාදා
යෙහෝවාගේ සාක්ෂිකරුවන් දෙවිගේ ත්‍යාගය—එනම් ඔහුගේ පුත්‍රයා වූ යේසුස් ක්‍රිස්තුස්—සිහි කිරීමට ඔවුන් සමඟ එක් වන්න කියා සාදරයෙන් ඔබට ඇරයුම් කරනවා. මේ ත්‍යාගය මානව සංහතියට සදාකාල ජීවනය භුක්ති විඳීමේ ප්‍රස්තාව විවෘත කළා.—යොහන් 3:16.
මේ වසරේ, යේසුගේ මරණය සිහි කිරීම පවත්වනු ලබන්නේ, අප්‍රියෙල් 11වන සෙනසුරාදා හිරු බැසයෑමෙන් පසුවයි. එම දිනය බයිබලයේ චන්ද්‍ර දිනදර්ශනයේ නීසාන් 14වනදාට අනුරූප වෙනවා. කරුණාකර රැස්වෙන ස්ථානය හා නියමිත වෙලාව යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් දැනගන්න.
යේසු මිහිපිට ගත කළ අන්තිම දවස්වලදී සිදු වූ මේ සිද්ධීන් ගැන ඔබ දන්නවාද?