ඔබට මතකද?
මුරටැඹ සඟරාවේ මෑතකදී පළ වූ කලාප කියවීම ඔබ අගය කර තිබෙනවාද? හොඳයි, මතු දැක්වෙන ප්‍රශ්නවලට ඔබට උත්තර දෙන්න පුළුවන්ද කියා බලන්න:
◻ ක්‍රිස්තියානි යෞවනයෙකු සඳහා අධ්‍යාපනයෙහි ප්‍රධාන අරමුණ කුමක්ද?
අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණ විය යුත්තේ, යෙහෝවාගේ කාර්යසාධක දේවසේවකයෙකු වීමට තරුණයෙකුව සන්නන්ධ කිරීමයි. එමෙන්ම එම ඉලක්කය සපුරාගැනීම සඳහා තිබෙන වඩාත්ම වැදගත් අධ්‍යාපනය ආත්මික අධ්‍යාපනයයි.—8/15, 21වන පිටුව.
◻ සෙසු ක්‍රිස්තියානියෙකු හා සම්බන්ධ බරපතළ වැරදි වැඩිමහල්ලන්ට වාර්තා කිරීම සඳහා තිබෙන හේතු මොනවාද?
වැරදි වාර්තා කළ යුතු වීමට එක් හේතුවක් වන්නේ, සභාවේ පවිත්‍රකම රැකගැනීමට එය බලපෑමයි. තවත් හේතුවක් වන්නේ, එසේ කිරීම දෙවි කෙරෙහිත් සභාව කෙරෙහිත් වරදකරුවා කෙරෙහිත් පෙන්වන ප්‍රතිපත්තිමය ක්‍රිස්තියානි ප්‍රේමයේ ක්‍රියාවක් වීමයි.—8/15, 28, 30 පිටු.
◻ ‘යෙහෝවාගේ දවසේ පැමිණ තිබීම මනසෙහි ප්‍රමුඛව තබාගැනීම’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (2 පේතෘස් 3:12, NW)
මෙයින් අදහස් කරන්නේ, ‘යෙහෝවාගේ දවස’ අපේ මනස්වලින් කල් නොදැමීමයි. යෙහෝවා මේ දේවල පිළිවෙළ විනාශ කරන්න යන දවස ඉතා ළඟ බව අපි අමතක නොකළ යුතුයි. එය අපිට කොතරම් සැබෑ විය යුතුද කිවහොත්, අපි එය පැහැදිලිව, හරියටම අපේ ඇස් පණාපිටම තිබෙනවා වගේ දැකිය යුතුයි. (ශෙපනියා 1:7, 14)—9/1, 19වන පිටුව.
◻ මේ දුෂ්ට පිළිවෙළේ අන්තිම දවස් බොහෝදෙනෙකු අපේක්ෂා කළාටත් වඩා ඉදිරියට ඇදී ගොස් තිබෙන්නේ මන්ද?
මුළු මනුෂ්‍ය සංහතියේ ශුභසිද්ධියට වඩාත් හොඳ කුමක්ද කියන එක යෙහෝවා සැලකිල්ලට ගන්නවා. ඔහු මනුෂ්‍යයන්ගේ ජීවිත ගැන සැලකිලිමත් වෙනවා. (එසකියෙල් 33:11) අපේ සර්ව-ප්‍රඥාවන්ත, ප්‍රේමනීය මැවුම්කරුගේ අරමුණ ඉටු කිරීමට, අන්තිමය වඩාත්ම ගැළපෙන කාලයකදී පැමිණෙයි කියා අපිට නිසැක විය හැකියි.—9/1, 22වන පිටුව.
◻ තමන්ට මුහුණ පෑමට සිදු විය හැකි ගැටලු මැද පවා තමන්ගේ ප්‍රීතිය පවත්වාගැනීමට පූර්ණ කාලීන සේවයේ නිරත වන අයට හැක්කේ කෙසේද?
ඔවුන් තමන්ට තිබෙන බොහෝ ආශීර්වාද ගැන සිතා බැලිය යුතු අතර, තවත් දහස්ගණනක් වඩාත් දුෂ්කරතා විඳින බව වටහාගත යුතුයි. (1 පේතෘස් 5:6-9)—9/15, 24වන පිටුව.
◻ බයිබලය පරිවර්තනය කිරීමේදී විලියම් ටින්ඩේල්ගේ ඉලක්කය වූයේ කුමක්ද?
ටින්ඩේල්ගේ ඉලක්කය වුණේ හැකි තරම් නිරවද්‍ය හා සරල භාෂාවෙන් පොදු මිනිසාට ශුද්ධ ලියවිලි ලබා දීමයි.—9/15, 27වන පිටුව.
◻ අපි දේවවචනයට පක්ෂපාතව කතාකරන්නන් බව පෙන්වීමට අපට හැක්කේ කෙසේද?
දේවවචනයට අපේ පක්ෂපාතකම අපි පෙන්වන්නේ, එය අනිත් අයට ජ්වලිතව දේශනා කිරීමෙනුයි. ගුරුවරුන් වශයෙන් අප බයිබලයෙහි පවසන දේවල් කිසිදාක විකෘති නොකර හෝ අපේ අදහස්වලට ගැළපෙන විදිහට ඊට ‘ලුණු ඇඹුල්’ එකතු නොකර එය පරෙස්සමින් පරිහරණය කළ යුතුයි. (2 තිමෝති 2:15)—10/1, 20වන පිටුව.
◻ විස සහිත ලෝකයේ ආත්මයට අපේ අඛණ්ඩතාව දුර්වල කර දැමිය හැක්කේ කෙසේද?
අපිට තිබෙන දේවල් ගැන අපිව අසතුටට පත් කරවන්න හා දෙවිගේ අවශ්‍යතාවන්ට වඩා අපේම වුවමනාවන් හා කාරණා ඉදිරියෙන් තබන්න අපව හැඩගැස්වීමෙන් ලෝකයේ ආත්මය අපේ අඛණ්ඩතාව දුර්වල කර දමන්න පුළුවන්. (මතෙව් 16:21-23 සසඳන්න.)—10/1, 29වන පිටුව.
◻ යෙහෝවාට ප්‍රාණ-පූර්ණව සේවය කරන්න කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
කෙනෙකුගේ සියලුම ශාරීරික සහ මානසික හැකියාවන් සමඟ සම්පූර්ණ පුද්ගලයාට “ප්‍රාණය” යන යෙදුම යොමු දක්වනවා. යෙහෝවාට ප්‍රාණ-පූර්ණව සේවය කිරීම යන්නෙන් අදහස් වන්නේ, අපේ සියලු බලයන් පාවිච්චි කර, අපේ ශක්තීන් යොදාගනිමින් හැකි පූර්ණ ආකාරයට අපවම දීමයි. (මාර්ක් 12:29, 30)—10/15, 13වන පිටුව.
◻ දේව ප්‍රතිපත්ති රකින පුද්ගලයෙක් වීම සඳහා යතුර කුමක්ද?
එයට යතුර වන්නේ, යෙහෝවාව, ඔහුගේ රුචි අරුචිකම් සහ ඔහුගේ අරමුණු සැබවින්ම දැනසිටීමයි. දෙවි පිළිබඳ මෙම මූලධර්මයන් අපේ ජීවිත පාලනය කරන විට, ඒවා ජීවමාන ප්‍රතිපත්ති බවට පත් වෙනවා. (යෙරෙමියා 22:16; හෙබ්‍රෙව් 4:12)—10/15, 29වන පිටුව.
◻ මිනිස් පාලනතන්ත්‍ර කෙරෙහි යෙහෝවාගේ සේවකයන්ට තිබෙන්නේ කිනම් සමබර ආකල්පයක්ද?
ඔවුන් දේවරාජ්‍යයේ තානාපතීන් නැතහොත් රාජ්‍ය දූතයන් හැටියට සේවය කරන නිසා දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ඔවුන් මධ්‍යස්ථයි. (2 කොරින්ති 5:20) අනිත් අතට, ඔවුන් අධිකාරිය හොබවන අයට හෘදය සාක්ෂියට එකඟව යටත් වෙනවා.—11/1, 17වන පිටුව.
◻ අනාගතවක්තෘ එලිෂා ගත් ක්‍රියාමාර්ගයෙන් අපට ඉගෙනගත හැකි පාඩම කුමක්ද?
එලියා සමඟ විශේෂ සේවයක් කිරීම සඳහා ආරාධනාව ඉදිරිපත් කරද්දී, ඔහුගේ කාර්යයන් සමහරක් පහත් ගණයේ ඒවා වුණත්, එලියාට සේවය කිරීමට එලිෂා ඔහුගේ කුඹුර විගස අත්හැරියා. (2 රාජාවලිය 3:11) දුර ප්‍රදේශවල රාජ්‍ය ශුභාරංචිය දේශනා කිරීම සඳහා තමන්ගේ ජීවනෝපාය අත්හැර දැමීමෙන්, අදදින දෙවිගේ සේවකයන්ගෙන් බොහෝදෙනෙක් ආත්ම-පරිත්‍යාගිත්වයේ සමාන ස්ප්‍රීතුවක් විදහා පා තිබෙනවා.—11/1, 30, 31 පිටු.
◻ යාකොබ්ගේ ලිපියේ අඩංගු වන්නේ කිනම් ප්‍රයෝජනවත් උපදෙස්ද?
පරීක්ෂාවන්ට මුහුණ දෙන්නේ කෙසේද කියා එය අපට පෙන්වනවා, අනිසි අනුග්‍රහය දැක්වීමට එරෙහිව අපට උපදෙස් දෙනවා මෙන්ම ධර්මිෂ්ඨ ක්‍රියාවල නියැලෙන්න අපට උනන්දු කරනවා. අපේ දිව පාලනය කරගන්න, ලෝකයේ බලපෑමට එරෙහි වන්න සහ සාමයට අනුබල දෙන්න කියා යාකොබ් අපෙන් උදක්ම ඉල්ලා සිටිනවා. ඉවසිලිවන්ත වීමටත් යාච්ඤාපූර්වක වීමටත් අපට උපකාර කරන්න ඔහුගේ වචනවලට හැකියි.—11/15, 24වන පිටුව.
◻ යෙහෝවා ‘කමා වෙන්ට සූදානම්ව’ සිටින්නේ ඇයි? (ගීතාවලිය 86:5)
අසම්පූර්ණකමේ ප්‍රතිඵලයක් වශයෙන්, අප දුර්වලකම් හෝ අඩුපාඩුකම් ඇති දූවිල්ලෙන් සෑදුණු ජීවීන් බව යෙහෝවා අමතක කරන්නේ නැති නිසා, කමා වෙන්ට සූදානමින් සිටිනවා. (ගීතාවලිය 103:12-14)—12/1, 10, 11 පිටු.
◻ අනිත් අයට සමාව දීමට අපි කැමැත්තෙන් සිටිය යුත්තේ ඇයි?
දයාව සඳහා පදනමක් තිබෙන විට අනුන්ට සමාව දෙන්න අප ප්‍රතික්ෂේප කළොත්, දෙවි සමඟ ඇති අපේම සම්බන්ධයට එය අහිතකර ලෙස බලපෑ හැකියි. (මතෙව් 6:14, 15)—12/1, 17වන පිටුව.