යෙහෝවා දයානුකම්පාවෙන් පාලනය කරයි
ඉතිහාසය පුරා මිනිස් පාලකයන් බොහෝදෙනෙක් තම යටත්වැසියන් විඳින දුක් වේදනා නොසලකා හරිමින් අනුකම්පාසහගත හැඟීමක් නැතුව බලය යොදවා තිබෙනවා. කොහොමවුණත්, යෙහෝවා ජාතියක්, එනම් ඉශ්රායෙල් ජාතිය තෝරාගෙන දයානුකම්පාවෙන් යුක්තව එම ජාතිය පාලනය කිරීමෙන් වෙනස් දෙයක් සැපයෙව්වා.
ඉශ්රායෙල්වරුන් පුරාණ මිසරයේ වහලුන් හැටියට සිටි කාලයේදී, උපකාරය පතා ඔවුන් කළ මොරගැසීම් යෙහෝවාට ඇසුණා. ‘ඔවුන්ගේ සියලුම දුක්වලදී ඔහු දුක් වූයේය. ඔහු තමන්ගේ ප්‍රේමයෙනුත් දයානුකම්පාවෙනුත් ඔවුන් මුදාගත්තේය.’ (යෙසායා 63:9) යෙහෝවා ඉශ්රායෙල්වරුන්ව ගළවාගෙන, ඔවුන්ට ආශ්චර්යවත් ලෙස ආහාර සපයා දී, ඔවුන්ගේම දේශයකට ඔවුන්ව මුදවාගෙන ආවා.
යෙහෝවා මේ ජාතියට දුන් නීති මගින් ඔහුගේ දයානුකම්පාව නමැති ගුණාංගය තවදුරටත් විදහාපෙන්වනු ලැබුවා. අනාථ දරුවන්, වැන්දඹුවන් හා විදේශීය පදිංචිකරුවන් සමඟ දයානුකම්පාවෙන් යුක්තව කටයුතු කරන්න කියා ඔහු ඉශ්රායෙල්වරුන්ට අණ කළා. ඔවුන් ආබාධිත පුද්ගලයන්ගෙන් අයුතු ප්‍රයෝජන නොගත යුතුව තිබුණා.
අවශ්‍යතාවෙන් පෙළෙන අය සඳහා දයානුකම්පාව පෙන්වීම ව්‍යවස්ථාවෙන් අවශ්‍ය කර තිබුණා. අස්වැන්න නෙළාගැනීමෙන් පසුව, ඉතිරි වී තිබූ ධාන්‍ය කරල් එකතු කරගන්න දුප්පත් අයට හැකි වුණා. සබත් (සත්වන) අවුරුද්දේදී ණය අවලංගු කරනු ලැබුවා. පරම්පරාවෙන් උරුම වන විකුණා තිබූ ඉඩම් ජුබිලි (50වන) අවුරුද්දේදී ආපසු ලබා දිය යුතුව තිබුණා. ඒන්ෂන්ට් ඉස්රාඑල්—ඉට්ස් ලයිෆ් ඇන්ඩ් ඉන්ස්ටිටියුෂන්ස් (පුරාණ ඉශ්රායෙලය—එහි ජීවිතය හා පිළිවෙත්) නමැති පොතේ මෙසේ වාර්තා කරනවා: “ඉශ්රායෙලයේ කවදාවත් නවීන ආකාරයේ සමාජ පංති පැවතුණේ නැහැ.” “ජනාවාස පිහිටුවාගත් මුල් දවස්වලදී සියලුම ඉශ්රායෙල්වරුන් බොහෝදුරට එක සමාන ජීවන තත්වයක් භුක්ති වින්දා.”—ලෙවී කථාව 25:10; ද්විතීය කථාව 15:12-14; 24:17-22; 27:18.
යෙහෝවාගේ දයානුකම්පාව අනුකරණය කිරීම
දෙවිගේ දයානුකම්පාව මගින් ඔහුගේ සේවකයන් තුළ පෙලඹවීමක් ඇති වී තිබෙනවා. උදාහරණයක් හැටියට, ඉතිහාසය පුරා, අලුතින් සිංහාසනාරූඪ වූ රජවරුන් කලින් සිටි රාජකීය පෙළපතෙන් පැවතෙන ජීවතුන් අතර සිටි සාමාජිකයන්ව ඝාතනය කර තිබෙනවා. නමුත් දෙවිගේ සේවකයෙකු වන දාවිත් එසේ කළේ නැහැ. සාවුල් රජගේ මරණයෙන් පසුව, දාවිත් ජීවතුන් අතර සිටි ඔහුගේ මුනුබුරා සහ උරුමක්කරුවා වන මෙපිබොෂෙත්ව ආරක්ෂා කළා. “[රජට] සාවුල්ගේ පුත්‍ර වන යොනාතාන්ගේ පුත්‍රවූ මෙපිබොෂෙත් [කෙරෙහි දයානුකම්පාවක් හැඟුණේය, NW].”—2 සාමුවෙල් 21:7.
යේසු කළාක් මෙන් වෙන කිසිම මිනිසෙක් යෙහෝවාගේ දයානුකම්පාව අනුකරණය කර නැහැ. ඔහු කළ ප්රාතිහාර්යයන් බොහොමයක් දේවදයානුකම්පාව මගින් පොලඹවනු ලැබුවා. එක්තරා අවස්ථාවකදී ලාදුරු රෝගියෙක් ඔහුගෙන් මෙසේ බැගෑපත්ව ඉල්ලා සිටියා: ‘ඔබ කැමති නම් මා පවිත්‍ර කරන්න ඔබට පුළුවන්.’ යේසු අනුකම්පාවෙන් පෙලඹී, ‘මම කැමතියි, පවිත්‍ර වෙන්න’ කියා පවසමින් ඔහු මත අත තැබුවා. (මාර්ක් 1:40-42) තවත් අවස්ථාවකදී මහත් සමූහයන් යේසු පසුපස ගියා. මහත් ඝෝෂාකාරි අවස්ථාවක් මැද මෙසේ මොරගැසූ අන්ධ මිනිසුන් දෙදෙනෙකු කෙරෙහි යේසු අවධානය යොමු කළා: ‘ස්වාමිනි, දාවිත්ගේ පුත්‍රය, අපට කරුණා කරන්න. යේසු ඔවුන් කෙරෙහි අනුකම්පා කරමින් [අනුකම්පාවෙන් පෙලඹී, NW], ඔවුන්ගේ ඇස් අතගෑවේය. එවලේම ඔවුහු පෙනීම ලැබූහ.’—මතෙව් 20:29-34.
විශාල සමූහයන් සිටියත් අනිත් අය කෙරෙහි යේසුට තිබෙන හැඟීම අඩු වුණේ නැහැ. ඔවුන් බොහෝ වේලාවක් කුසගින්නේ සිටි නිසා, ඔහු එක්තරා අවස්ථාවකදී මෙසේ පැවසුවා: “සමූහයා කෙරෙහි අනුකම්පා ඇත්තෙමි.” එනිසා ඔහු ආශ්චර්යවත් ලෙස ආහාර සැපයෙව්වා. (මාර්ක් 8:1-8) යේසු සංචාරය කරමින් සිටියදී විශාල සංඛ්‍යාවකට ඉගැන්වුවා විතරක් නොව, නමුත් ඔවුන්ගේ අවශ්‍යතා ගැනද සාවධානව සිටියා. (මතෙව් 9:35, 36) ඒ වගේ සංචාරයකින් පසු, යේසුට හා ඔහුගේ ගෝලයන්ට ආහාර ගන්නවත් විවේකයක් තිබුණේ නැහැ. බයිබල් වාර්තාව අපට මෙසේ පවසනවා: “එවිට ඔව්හු පමණක් ඔරුවෙන් වනාන්තර ස්ථානයකට ගියෝය. සෙනග ඔවුන් යනවා දැක, බොහෝ දෙනෙක් ඔවුන් හැඳින, සියලු නුවරවලින් එක්ව පයින් දුවගොස්, ඔවුන්ට පළමුවෙන් එහි පැමිණියෝය. [ඔහු] ගොඩ බැස්ස කල මහත් සමූහයක් දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් සිටිය බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පාකොට [අනුකම්පාවෙන් පෙලඹී, NW], ඔවුන්ට බොහෝ කාරණා උගන්වන්ට [පටන්ගත්තේය].”—මාර්ක් 6:31-34.
යේසු තුළ පෙලඹීමක් ඇති කළ දෙය වූයේ, හුදෙක් ජනයාගේ අසනීප සහ දුප්පත්කම පමණක්ම නොව, නමුත් ඔවුන්ගේ ආත්මික තත්වයයි. ඔවුන්ගේ නායකයන් ඔවුන්ගෙන් වාසි ප්‍රයෝජන ගනිමින් සිටියා; එනිසා යේසු ‘ඔවුන් කෙරෙහි අනුකම්පාවෙන් පෙලඹුණා.’ ‘අනුකම්පාවෙන් පෙලඹුණා’ සඳහා වන ග්‍රීක් වචනයෙන් අදහස් වන්නේ, “බඩවැල්වලට දැඩි ආශාව දැනීමයි.” යේසු ඇත්තෙන්ම දයානුකම්පිත මිනිසෙක්!
කුරිරු ලොවක දයානුකම්පාව
දැන් යේසුස් ක්‍රිස්තුස් යෙහෝවාගේ ස්වර්ගික රාජ්‍යයේ රජයි. දෙවි පුරාණ ඉශ්රායෙල්හි කළාක් මෙන්, ඔහු අදදින තම සෙනඟව දයානුකම්පාවෙන් පාලනය කරනවා. “ඔව්හු වනාහි මා විසින් පමුණුවන දවසේදී මාගේම සම්පතක් වන්නෝය; මම . . . කරුණාකරන්නෙමියි [දයානුකම්පාව පෙන්වන්නෙමියි, NW] සේනාවල [යෙහෝවා කියන්නේය].”—මලාකී 3:17.
යෙහෝවාගේ දයානුකම්පාව ලබන්නන් වීමට කැමති අය ඔහුගේ මාර්ග අනුකරණය කළ යුතුයි. අවශ්‍යතාවෙන් පෙළෙන අයට උපකාර කරනවාට වඩා තමන්ගේ ජීවන රටාව රැකගැනීම ගැන වැඩි වැඩියෙන් උනන්දු වන මිනිසුන්ගෙන් යුත් ලෝකයක අපි ජීවත් වන බව ඇත්තයි. බලතල තියෙන මිනිස්සු බොහෝවිට සේවකයන්ගේ හා පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව නොසලකමින් සොයන්නේ ලාභයයි. බොහෝදෙනෙකුගේ හදවත්වල තිබෙන දයානුකම්පාව නසා දමා තිබෙන අපේ කාලයේ පවතින සදාචාරමය තත්වය 2 තිමෝති 3:1-4හි බයිබලය නිවැරදිව විස්තර කරනවා.
ඒත්, දයානුකම්පාව පෙන්වීම සඳහා අවස්ථාවන් අපිට සොයාගන්න පුළුවන් බව පෙනෙනවා. අපේ අසල්වැසියන්ට ඇතැම් අවස්ථාවලදී අවශ්‍ය උපකාරය ලබා දෙන්න අපිට පුළුවන්ද? අපට ගොස් බැලිය හැකි රෝගියෙක් සිටිනවාද? මෙම අවවාදයට එකඟව, කලකිරුණු අයට සැනසිල්ලක් ලබා දෙන්න අපිට පුළුවන්ද: “කලකිරුණු අයට සැනසිලිදායක අන්දමින් කතා කරන්න, දුර්වලයන්ට සහාය වන්න.”—1 තෙසලෝනික 5:14, NW.
අනිත් අය අතින් වැරදි සිදු වන විට රළු ලෙස ප්‍රතිචාරය දැක්වීමෙන් වැළකී සිටීම සඳහාද දයානුකම්පාව අපට උපකාර කරන්න යනවා. අපිට මෙසේ කියා තිබෙනවා: “සියලු තික්තකමත් කෝපයත් උදහසත් කෝලාහලත් අපහාසත් සියලු ක්‍රෝධත් නුඹලා කෙරෙන් පහකරනු ලැබේවා. නුඹලා එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා [දයානුකම්පාව, NW] ඇතුව සිට, [ක්‍රිස්තුස්] තුළ [දෙවි] නුඹලාට කමාවුණ ලෙසම නුඹලාත් එකිනෙකාට කමාවෙන්න.”—එපීස 4:31, 32.
බලය අනිසි ලෙස යෙදවීමේ නැඹුරුවාවෙන් වැළකීමට දයානුකම්පාව අපිට උපකාර කරන්න යනවා. බයිබලය මෙසේ පවසනවා: “දයානුකම්පාවෙන් යුත් මෘදු සෙනෙහසින්ද, කරුණාවන්තකමින්ද, මනසින් යටහත්කමින්ද, මෘදුකමින්ද, බොහෝ ඉවසිලිවන්තකමින්ද ඔබවම පැළඳගන්න.” (කොලොස්සි 3:12, NW) අපේ අධීක්ෂණය යටතේ සිටින අයගේ තත්වයට අපවම පත් කරගැනීම සඳහා මනසින් යටහත්කම අපට හැකි කරවනවා. සතුටු කිරීමට අසීරු වෙනවා වෙනුවට නිහතමානී වීම හා සාධාරණ වීම, දයානුකම්පාව දැක්වීමට අයත් වෙනවා. මිනිසුන්ව හුදෙක් යන්ත්‍රයක කොටස් වගේ සැලකීම සඳහා කාර්යක්ෂමතාව හේතුවක් නොවිය යුතුයි. ඒ වගේම, තමන්ගේ භාර්යාවන් දුර්වල භාජන බව පවුලේ සිටින දයානුකම්පිත ස්වාමිපුරුෂයන් මතක තබාගත යුතුයි. (1 පේතෘස් 3:7) යේසුගේ දයානුකම්පිත ආදර්ශය නිතරම කල්පනා කර බැලීම මේ සියල්ලේදීම අපිට උපකාර කරන්න යනවා.
යේසුගේ භූමික දේවසේවය තුළදී ජනයා කෙරෙහි ඉමහත් ගැඹුරු අනුකම්පාසහගත හැඟීමක් ඔහුට දැනුණු නිසා, ඔහු දැනුත් අනාගතයේදීත් දිගටම දයානුකම්පිත පාලකයෙක් වෙන බවට නිසැක වෙන්න අපිට පුළුවන්. ගීතාවලිය 72හි ඔහු ගැන අනාවැකිමය ලෙස මෙසේ පවසනවා: “[ඔහු] සෙනඟ අතරේහි වූ දුප්පතුන් විනිශ්චයකරන්නේය, දිළිඳුන්ගේ දරුවන් ගළවන්නේය, පීඩාකරන්නා කැබලිකරන්නේය. [ඔහු] මුහුදෙන් මුහුදටත් ප්‍රාත් ගංගාව පටන් පොළොවේ කෙළවර දක්වාත් අධිපතිකම් කරන්නේය. [ඔහු] දුප්පතුන් සහ දිළිඳුන් කෙරෙහි අනුකම්පාකරන්නේය, දිළිඳුන්ගේ ප්‍රාණයන් ගළවන්නේය.”—ගීතාවලිය 72:4, 8, 13.
දේවවචනයේ මෙසේ පුරෝකථනය කරනවා: “ධර්මිෂ්ඨකමෙන් [ඔහු] දිළිඳුන් විනිශ්චය කොට, පොළොවේ යටහතුන් උදෙසා යුක්තියෙන් [නිශ්චය කරන්නේය]. . . . [ඔහු] දුෂ්ටයන් [මරන්නේය].” සමහර කුරිරු, මෘග ගති ඇති මිනිසුන් පවා තමන්ගේ මාර්ග වෙනස් කරගන්න යන බව විස්තර කිරීමෙන් පසු, අනාවැකිය තවදුරටත් මෙසේ පවසයි: “මාගේ ශුද්ධ කන්දේ සීමා තුළෙහි කිසි අනතුරු කිරීමක්වත් විනාශ කිරීමක්වත් නොවන්නේය. මක්නිසාද ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක්මෙන් [යෙහෝවා] ගැන දැනගැන්මෙන් පොළොව පිරීයන්නේය.” (යෙසායා 11:4-9) මේ අනාවැකියෙන් පොරොන්දු කරන්නේ, යෙහෝවාව දැනහඳුනාගෙන, ඔහුගේ දයානුකම්පිත මාර්ග අනුකරණය කරන මිනිසුන්ගෙන් සමන්විත ලොව පුරා ව්‍යාප්ත වූ සමාජයක්!