යෞවනයන්ට සිදු වෙමින් තිබෙන්නේ කුමක්ද?
හොඳ ආරංචිය හෝ නරක ආරංචිය—ඔබට මුලින්ම අහන්න ඕනෙ කොයි එකද? මෙම ප්රශ්නය ඇසූ විට, හොඳ ආරංචිය වැඩි වේලාවක් මනසේ රැඳෙන හෙයින්, බොහෝදෙනෙක් මුලින්ම නරක ආරංචිය ඇසීමට තෝරාගන්නවා.
යෞවනයන්ට සිදු වෙමින් තිබෙන්නේ කුමක්ද කියා අප පරීක්ෂා කරද්දී, වර්තමාන තත්වය මුලින්ම සලකා බලන්න. අදදින යෞවනයන් අතීතයේ සිටි තරුණ අය මෙන් නොවේයයි සාමාන්‍යයෙන් වැඩිහිටියන් අදහස් දක්වනවා. අනිත් අතට යෞවනයන්, පසුගිය වසරවල තිබූ ප්‍රමිතීන්ට ඔවුන් සෑහෙන්නේ නැතැයි කියන ඕනෑම ඇඟවීමක් සම්බන්ධයෙන් විරසක වෙනවා. ඒ කෙසේවෙතත්, අදදින සිටින තරුණ අය එදාට වඩා වෙනස් බවට මානුෂිකත්වය පිළිබඳ උනන්දුමත් නිරීක්ෂකයන් එකඟ වෙනවා.
කොපමණ වෙනස්ද?
යෞවනයන් තුළ හොඳ ආචාර ධර්ම, වගකීමේ හැඟීමක් සහ අන්‍යයන් කෙරෙහි ගෞරවයක් තිබිය යුතුයි කියා සාමාන්‍ය ජනයා විශ්වාස කළත්, යථාර්ථය වන්නේ මෙවන් පරමාදර්ශ සපුරාගැනීමට බොහෝවිට අසමත් වීමයි. ලන්ඩන්හි දි ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත ප්‍රකාශ කළ සමීක්ෂණයකට අනුව, යෞවනයන් “විශාල වශයෙන් ඔවුන්ව අසමත් කළ ලෝකයකට විරුද්ධව ‘කැරලිකාරකමේ අලුත් ආත්මයක්’ වර්ධනය කරගනිමින් සිටිනවා.” වර්තමාන-දින තරුණයන් ස්වල්පදෙනෙකුට “කල්පනාකාරි සහ වගකීමෙන් යුත් අය” ලෙස අන්‍යයන් විසින් තමන්ව දැකීම ඕනෑ කළත්, වැඩිදෙනෙකුගේ අවශ්‍යතාව වන්නේ “අශිෂ්ට සහ ප්‍රතිචාරය කල් තියාම නිගමනය කළ නොහැකි අය” ලෙස ඔවුන්ව සලකනවාටයි යන සොයාගැනීමේ ප්‍රතිඵල මගින් මෙම “කැරලිකාරකමේ අලුත් ආත්මය” පිළිබිඹු වෙයි.
උදාහරණයකට බ්‍රිතාන්‍යයේ, වාර්තා කරන ලද අපරාධවලින් වැඩි ප්‍රමාණයක් සිදු කර ඇත්තේ යෞවනයන් වන අතර, එය 1950 සිට 1993 අතර කාලය තුළදී දසගුණයකින් වැඩි වුණා. වැඩි වී තිබෙන මත්ද්‍රව්‍ය සහ මත්පැන් අනිසි භාවිතයද ඊට සමාන්තර ප්‍රවණතාවක් දක්වනවා. මේ අතරම, ලන්ඩන්හි ද ටයිම්ස් සඳහන් කරන්නේ, “දෙවන ලෝක සංග්‍රාමයේ පටන් තරුණ අය අතර මනෝ-සමාජ අක්‍රමිකතා සැලකිය යුතු තරම් වැඩිවීම” දියුණු වූ රටවල් සියල්ලක්ම පාහේ අද්දැක තිබෙන බවයි. අපරාධවේදය පිළිබඳ මහාචාර්ය ඩේවිඩ් ජේ. ස්මිත්ට අනුව, මෙම අක්‍රමිකතා හා “අවශ්‍යතා වළක්වාලීම හෝ සමෘද්ධිය වැඩිවීම අතර කොහෙත්ම සම්බන්ධයක් නැහැ.” පෙර සිටි යෞවනයන් සහ දැන් සිටින අය අතර, විශාල වෙනසක් දැන් පෙනෙන්න තිබෙන බව පර්යේෂණ අඟවනවා.
අදදින වැඩි වන්නාවූ දැඩි පීඩනයට දරුවන් සහ බාල නහඹරයන් මුහුණ දෙනවා. සියදිවි නසාගැනීමට තැත් කිරීම් හෝ එය සාර්ථක වීම් පිළිබඳ සිද්ධීන් සාමාන්‍ය දේවල් බවට පත් වී තිබෙනවා. වයස අවුරුදු 12ට අඩු දරුවන් සියදිවි නසාගැනීමට තැත් කිරීම් වසර දහයකටත් වඩා අඩු කාලයකදී දෙගුණ වී තිබෙන බව ස්කොට්ලන්තයේ ග්ලැස්ගොව් හෙරල්ඩ් වාර්තා කරනවා. වැඩිහිටි දරුවන් ඒ දෙයම සිදු කරගැනීම සඳහා අපේක්ෂා භංගත්වයට ඉඩහරිනවා. “මොවුන්, උපකාර කිරීම සඳහා ඇති ප්‍රයෝජනවත් සේවා පසෙකලෑමේ තර්ජනය ඉදිරිපත් කරන අතර, යෞවනයන් අතර වැඩි වන්නාවූ මානසික ගැටලුවල අන්ත කෙළවර” බව පුවත්පත අදහස් දක්වනවා.
දොස් නැඟිය යුත්තේ කාටද?
තරුණ අයගේ “සම්මතයෙන් පිට පැනීමේ” අදහස් සම්බන්ධයෙන් යෞවනයන්ට දොස් නැඟීම පහසු බව වැඩිහිටියන් සොයාගන්නවා. නමුත්, සැබෑවටම යෞවනයන් අතර දැන් සිදු වෙමින් තිබෙන දේ සම්බන්ධයෙන් දොස් නැඟීමෙහි වැඩි ප්‍රමාණයක් වැඩිහිටියන්ට යා යුතු නැද්ද? තුල්‍යයන්ගේ චණ්ඩිකම්, මාපිය නොසැලකීම, තරුණයන්ට විශ්වාසය තැබිය හැකි ආදර්ශ ඌනවීම වැනි දේ බොහෝවිට එවන් හැසිරීමකට මඟ පාදනවා. බ්‍රිතාන්‍ය වෛද්‍ය පර්යේෂණ සභාවේ ළමා මනෝ චිකිත්සක ඒකක ප්‍රධානියා වන මහාචාර්ය ශ්‍රීමත් මයිකල් ර’ට’ කියා සිටින්නේ, “සාමාන්‍ය ජනගහනයේ ගැඹුරු කනස්සල්ල දැනට අවුරුදු 30කට කලින් තිබුණාට වඩා වෙනස් වී නැති බවයි.” “නමුත්” ඔහු ඊට මෙසේ එකතු කළා: “එම තත්වය නහඹරයන් සහ යෞවන වැඩිහිටියන් අතර මහත් සේ වැඩි වී තිබෙනවා. . . . පවුල බිඳවැටීම මීට දායක වන බවට කිසිම සැකයක් නැහැ; එය හුදු දික්කසාදයන්ම නොවෙයි, නමුත් සාමාන්‍ය මට්ටමක වැඩිහිටි එකඟ නොවීම් සහ ඝට්ටනද ඊට ඇතුළත්.”
යෞවනයන් “පෙර තිබූ සමාජ චාරිත්‍ර ප්‍රතික්ෂේප” කරනවා කියා එක්තරා පර්යේෂිකාවක් කියා සිටියා. ඒ මන්ද? “මන්දයත්, සම්මතයන් ඔවුන් සඳහා නෙවෙයි.” උදාහරණයක් හැටියට, ලිංග භේදයන්ගේ කාර්යභාරය පිළිබඳ වෙනස් වන අදහස් සලකා බලන්න. යෞවන පුරුෂයන් ස්ත්‍රී ගුණාංග පිළිබිඹු කරද්දී, බොහෝ යෞවන ස්ත්‍රීන් වැඩි වශයෙන් පුරුෂ ගතිලක්ෂණ වන සාහසිකකම සහ කලහකාරිත්වය ඈඳගෙන තිබෙනවා. අතීත න්‍යායන්ට වඩා කොපමණ වෙනස්ද!
නමුත් මේ සම්බන්ධයෙන් එවන් ප්‍රබල වෙනස්කම් දැන් දැන් අප දකින්නේ මන්ද? එමෙන්ම අදදින සිටින යෞවනයන් සම්බන්ධයෙන් ඇති හොඳ ආරංචි මොනවාද? සුරක්ෂිත අනාගතයක් ඔවුන්ට ලබාගත හැක්කේ කෙසේද? අපගේ මීළඟ ලිපිය මේ ප්‍රශ්නවලට උත්තර සලකා බලනවා.