ප්රයෝජනවත් වූ නිදි නැති රැයවල්
රජවරුන්ට පවා නිදි නැති රැයවල් තිබෙනවා. පොදු යුගයට පෙර පස්වන සියවසේ විසූ බලවත් පර්සියානු පාලකයෙක් වූ අහෂ්වේරොෂ්, එවන් රාත්රියක් අද්දැක්කා. සමහරවිට තමා යම් කටයුත්තක් අතපසු කර ඇතැයි කියා හැඟුණු ඔහු තමාට රාජකීය වාර්තා කියවීමට සැලැස්සුවා. විශ්වාසවන්ත සේවකයෙකු වූ මොර්දෙකයි ඝාතන කුමන්ත්රණයක් වළක්වා තිබුණත් ඔහුට තිළිණයක් පිරිනමා නැති බව ඔහු දැනගත්තා. අහෂ්වේරොෂ් ඒ මොහොතේම මේ ප්රමාද දෝෂය නිවැරදි කරගැනීමට තීරණය කළා. ඔහුගේ ක්රියාවලින් දෙවිගේ ජනයා මත ඇති කළ ප්රයෝජනවත් බලපෑම්වලින් ඇඟවෙන්නේ රජගේ නින්ද නොයෑම දිව්යමය ලෙස සිදු කළ එකක් බවයි.—එස්තර් 6:1-10.
දකුණු අප්රිකානු මුහුදුකරයේ නගරයක් වන හ’මානස්හි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවට බයිබලයේ මේ කොටස මතක තබාගන්න හේතුවක් තිබෙනවා. ඔවුන් එක්රැස් වෙමින් හිටියේ කුලියට ගත් ශාලාවකයි. තමන්ගේම රාජ්ය ශාලාවක් ඉදි කිරීමට ඉඩමක් මිල දී ගැනීම සඳහා ඔවුන් අවුරුදු ගණනාවක් වෑයම් කර තිබුණා. අන්තිමේදී, 1991දී, නගර සභාව මගින් වටිනා භූමියක් ඉදිරිපත් කළා.
කෙසේවුවත්, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට මේ භූමිය විකුණන එක සම්බන්ධයෙන් සමහරුන් විරුද්ධ වුණා. මාස කීපයක් ප්රමාද කිරීමෙන් පසුව, පල්ලිවලට ඉඩම විකිණීම සම්බන්ධයෙන් අවුරුදු-තුනක විලම්බ කාලයක් පිහිටුවා ඇති බව සභාවට දැනුම් දෙනු ලැබූ අතර, ඉඩම විකිණීම ප්රතික්ෂේප වුණා. වර්ෂ 1993 මැයිවලදී, ඔවුන්ගේ තීරණය ගැන යළි සලකා බලන්න කියා ඉල්ලීමක් කරමින් සභාව නැවතත් නගර සභාවට ලිව්වා. පිළිතුරක් වශයෙන් විලම්බ කාලය තවමත් ක්රියාත්මක වෙමින් තිබෙන බවට සඳහන් කරමින් තනි-වාක්යයක ලිපියක් ඔවුන්ට ලැබුණා.
ඒ අවුරුද්දේ ඔක්තෝබර්වලදී, නගර සභා සාමාජිකාවකට නිදි නැති රැයක් තිබුණා. යම් යම් කාරණාවලට අවධානය දිය යුතුද කියා බැලීමට ඈ නගර සභාවේ පරණ වාර්තා පෙරළමින් කාලය ගත කළා. තීරණය යළි සලකා බලන්න කියා සාක්ෂිකරුවන් නගර සභාවට ලියූ ලිපිය වෙත ඇගේ අවධානය යොමු වුණා. මෙබැවින් ඔවුන්ගේ ඊළඟ රැස්වීම සඳහා න්යාය පත්රයට කාරණය ඇතුළත් කිරීමට ඇය තීරණය කළා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඉඩම ඉල්ලා තිබුණේ, පල්ලි සඳහා ඉඩම් දීම සම්බන්ධයෙන් විලම්බ කාලයක් පිහිටුවීමට කලින් බව පෙන්වා දීමට ඇයට වුවමනා වුණා.
පසු කලක, එනම් 1991දී මුලින්ම තමන්ට ඉදිරිපත් කළ එම ඉඩමම වෙන් කරගන්න සභාවට හැකි වුණා! එය පිහිටා තිබෙන්නේ සභා සාමාජිකයන් හා උනන්දුව දක්වන්නන්ට පහසුවෙන්ම පැමිණිය හැකි ප්රධාන මාර්ගයෙයි. ඔවුන් කදිම රාජ්ය ශාලාවක් ඉදි කර තිබෙන අතර, එය 1996 ඔක්තෝබර් 5වනදා යෙහෝවාට කැප කරනු ලැබුවා.
නිදි නැති රැයකින් නගර සභා සාමාජිකාවට ඇති වූ අපහසුතාව ගැන සභාව කනගාටුව පළ කරන අතරතුරේදී, අහෂ්වේරොෂ් රජට පවා එවන් රැයක් තිබුණාය යන කාරණයෙන් ඇය සැනසීමක් ලැබුවා විය හැකියි. තවද අවස්ථා දෙකේම ප්රතිඵලය ප්රයෝජනදායී වුණා. නිර්මල නමස්කාරය හා දිව්යාණ්ඩුමය පුහුණුවක් සඳහා මධ්යස්ථානයක් වන තමන්ගේම රාජ්ය ශාලාවක් මෙම ජනප්රිය මුහුදුකර නගරයේ තිබීම ගැන හ’මානස්හි සභාව ඇත්තෙන්ම ඉතා කෘතඥපූර්වක වෙනවා.—හෙබ්රෙව් 10:24, 25.