ලෝක සමඟිය එය පැමිණෙන්නේ කෙසේද?
නොසැලකිලිමත් කුලීකාරයන් විසින් හොඳටම විනාශ කරනු ලැබ ඇති ගරාවැටුණු ගොඩනැඟිල්ලක් සේ පවතින මේ වර්තමාන ලෝක ක්‍රමය සුදුසු වන්නේ එකම දෙයකට පමණයි—එනම්, බිඳ දමා යථා තත්වයට ගෙන ඒමටයි. මෙය තවත් උපහාසාත්මක අඳුරු විනාශකාරි සිද්ධියක් නොවේ. බයිබලයට අනුව එය තමයි එකම යථාර්ථවාදී දෘෂ්ටිය. ඒ ඇයි?
වර්තමාන ලෝක පිළිවෙළේ පදනම අස්ථිරයි. වේයන් සහ දිරාපත් වීම සම්පූර්ණ ආකෘතිය පුරාම පැතිර ගිහින්. වානේ රාමුව මල කමින් තිබෙනවා. ආධාරක බිත්තිවල සවිය නැති වෙලා. වහල කඩාගෙන වැටෙනවා. නළ මාර්ග කාන්දු වෙනවා. බලශක්ති ක්‍රමය දෝෂ සහිත මෙන්ම අනතුරුදායකයි. ගොඩනැඟිල්ල පුරාම හානි ඇති කරමින් පදිංචිකාරයෝ නොකඩවාම එමෙන්ම දුෂ්ට ලෙස සටන් වදිනවා. දේපොළ සියල්ලම සහ මුළු වටපිටාවම කෘමීන්ගෙන් ගහන වෙලා, මරණය හෝ අන්තරා සහිත හානි සිදු වෙන්න ඉඩ තිබෙනවා.
“මිනීවළේ කණ්ඩියේ සිට පිනුම් ගැසීම”
අඛණ්ඩ දේශපාලනික භේද, ගිජුකම, කලහකාරිත්වය මෙන්ම ගැඹුරට මුල්බැසගත් ගෝත්‍රීය සහ ජනවාර්ගික එදිරිවාදිකම් නිසා “මුළු මනුෂ්‍ය සංහතියම,” ග්වින් ඩය’ දක්වන අන්දමට “මිනීවළේ කණ්ඩියේ සිට පිනුම් ගැසීමක” යෙදී සිටිනවා. ලොව පුරාම නිශ්චය කරගත් සුළුතරයක්—එනම්, කලහකාරි කණ්ඩායම්, විමුක්ති සටන්කාමීන්, සාපරාධි කණ්ඩායම්, ජාත්‍යන්තර ත්රස්තවාදීන් සහ වෙනත් අය—තමන්ගේම ආත්මාර්ථකාමී සැලසුම් හඹායමින් ලෝක සාමය සඳහා ඇති ඕනෑම හැකියාවක් සම්පූර්ණයෙන්ම වගේ තමන්ට රිසි සේ වනසන්න පුළුවන් බව පෙන්වනවා. කඩාකප්පල්කාරි කුලීකරුවන් වගේ සෑම කෙනෙකුගේම ජීවිත කාලකණ්ණි කර දමන්න ඔවුන්ට පුළුවන්.
කෙසේවෙතත්, බොහෝ අදහස් දක්වන්නන්ට අනුව, ලෝකයේ සමඟිය වළක්වන්නේ එකඟත්වයක් නැති කණ්ඩායම් හෝ පාලනය කිරීමට නොහැකි පුද්ගලයන් පමණක්ම නෙවෙයි. විශාලතම බාධකය නම්, ජාතික-ආණ්ඩුවමයි. යුධ කටයුතු පිළිබඳ ලේඛක කනිෂ්ඨ එස්. බී. පේයින් පවසන්නේ, ස්වාධීන ජාතීන් සිටින්නේ “ජාත්‍යන්තර රාජ්‍ය විප්ලවකාරි තත්වයක” කියායි. තම ජාතියේ වාසිය තකා අන් ජාතීන් ගැන යාන්තමට සලකා හෝ කොහෙත්ම නොසලකා තමන් සඳහා හොඳම දේ ඔවුන් කරගන්නවා. ප්‍රතිඵලයක් වශයෙන්, ඉතිහාසය පුරා ‘මනුෂ්‍යයන්ට අනතුරු වෙන හැටියට මනුෂ්‍යයෙකු විසින් ආණ්ඩු කර’ තිබෙනවා.—දේශනාකාරයා 8:9.
සමහර ජාතික ආණ්ඩු ප්‍රමාණාත්මක ලෙස තමන්ගේ මායිම් තුළ මෙන්ම යම් ප්‍රමාණයකට ජාත්‍යන්තර මට්ටමෙන් අසාධාරණය සහ තාඩන පීඩනවලින් සාර්ථකත්වය නෙළාගෙන තිබෙන බව ඇත්තයි. ඔවුන් කාලයෙන් කාලයට, තරමක් දුරට ජාත්‍යන්තර සමඟිය පිහිටුවාගෙන තිබෙනවා. නමුත් සමහර ජාතීන් කලහකාරි ජාතීන්ට විරුද්ධව ක්‍රියා කරන්න එකඟ වුණත්, ඔවුන් අව්‍යාජ පරාර්ථකාමිත්වයෙන් නොව, තමන්ගේ ආත්මාර්ථකාමී අභිලාෂයන් සඳහා එසේ කරන බවට බොහෝවිට සැක උපදිනවා. යථාර්ථය නම්, ලෝක අසමඟිය සඳහා අවබෝධයෙන් යුත් දිගු කාලීන විසඳුමක් මනුෂ්‍ය ආණ්ඩුවලට නැතිවීමයි. ග්වින් ඩය’ මෙසේ දක්වයි: “යම් ස්වාධීන මතධාරී රටක් විසින් ඇති කරන කලහකාරිත්වයට දඬුවම් හෝ තහනම් කිරීමට ලෝකයේ සියලුම ජාතීන් එක්වීම යන සංකල්පය ප්‍රතිපත්තියක් හැටියට හොඳ වුණත්, කලහකාරයාව නම් කරන්නේ කවුද? ඒ වගේම ඔහුව නැවැත්වීමට වැය විය හැකි මුදල් සහ ජීවිත ගෙවන්නේ කවුද?”
ඇත්තවශයෙන්ම, එක් ජාතියකට තවත් ජාතියකට විරුද්ධව කලහකාරිත්වය දැක්වීමට හැකි වන්නේ කලහකාරි ජාතියේ පුරවැසියන්ගෙන් බහුතරයක් එම කලහකාරිත්වයට විරුද්ධ නොවනවා නම් පමණයි. ඔවුන්ගේ නායකයන් හරි හෝ වැරදි වේවා පුරවැසියන් ඊට සහය දී ඇත්තේ නිකම්ම “ස්වාධීන මතධාරී රටවල” නොවෙයි කියා ඉතිහාසය යළි යළිත් පෙන්වනවා. ඇත්තෙන්ම, පොළෝවාසීන්ගෙන් බහුතරයක් එසේ කර තිබෙනවා. ඔවුන් දේශපාලන සහ ආගමික නායකයන් වැල නොකැඩෙන සමූහයක “බොරු, විප්ලවකාරි කපටි කතා සහ වහසිබස්” අනුව අන්ධ ලෙස ක්‍රියා කර තිබෙන බව ටයිම් සඟරාව කියා සිටිනවා.
ජාත්‍යාලය, සාමාන්‍යයෙන් සාධාරණ සහ අනුකම්පිත ජනයා තුළ ගිනි අවුළුවා, වෙනත් ජාතියකට අයිති මිනිසුන්, ගැහැනුන් සහ දරුවන්ට විරුද්ධව අතිම්ලේච්ඡ අපරාධ කිරීමට ඔවුන්ව පොලඹවා තිබෙනවා. උදාහරණයක් හැටියට, Iවන ලෝක මහා යුද්ධය සම්බන්ධයෙන්, ඉතිහාසඥ ජේ. එම්. රොබට්ස් මෙසේ කරුණු දක්වයි: “වර්ෂ 1914 පිළිබඳ එකඟ නොවූ සත්‍යයන්ගෙන් එකක් නම් සෑම රටකම ජනයාගෙන් වැඩි ප්‍රමාණයක්, සෑම පක්ෂයකින්ම, ආගමකින්ම සහ ලෙයකින්ම, පුදුමාකාර අන්දමින් කැමැත්තෙන් සහ සතුටින් යුද්ධයට ගොස් තිබෙන බව පෙනීමයි.” එවක් පටන් ජනයා පාඩමක් ඉගෙනගෙන තිබෙනවාද? නැහැ! පත්රකලාවේදී රොඩ් අෂ’ හඳුන්වන විදිහට, “අන්ධ ජාතිවාදයේ” මෘගයා ලෝක සමඟියේ ප්‍රස්තා නොනවත්වාම වනසමින් සිටිනවා.
බාහිර බලවේග ක්‍රියාකාරිව
කෙසේවෙතත්, ලෝක සමඟියට ඊට වඩා බාධකයක් තිබෙනවා. බාහිර බලවේග ක්‍රියාකාරිව සිටින බව බයිබලය හෙළි කරනවා. සාතන් නමැති යක්ෂයා සහ ඔහුගේ හෙන්චන් වන භූතයන් හැටියට ඔවුන්ව හඳුනාගෙන තිබෙනවා. බයිබලයට එකඟව, සාතන් එනම් ‘මේ ලෝකයේ දෙවියා නොඇදහිලිකාරයන්ගේ සිත් අන්ධ කිරීම’ මගින් ‘ක්‍රිස්තුස්ගේ ශුභාරංචිය’ ඔවුන් කෙරෙහි බල නොපැවැත්වීමට සලස්වා තිබෙනවා.—2 කොරින්ති 4:4; එළිදරව් 12:9.
ඇත්තෙන්ම, එය තමුන්ගේ ක්‍රියා සම්බන්ධයෙන් ඔවුන්ට ඇති වගකීමෙන් පුද්ගලයන්ව නිදහස් කරන්නේ නැහැ. එනමුත් සැබෑ එක්සත් ලොවක් පිහිටුවන්න කිසිදා මනුෂ්‍ය ආණ්ඩුවලට බැරි ඇයි කියා එය පැහැදිලි කරනවා. සාතන් නමැති යක්ෂයා දිගටම සිටින තාක් කල් බයිබලය හඳුන්වා දෙන අන්දමට ‘සතුරුකම්, විවාදය, ක්‍රෝධ සහ පක්ෂවාදිකම්’ ඇතුළු “මාංසයේ [ක්‍රියාවන්හි]” යෙදීමට ඔහු පුරුෂයන්ව සහ ස්ත්‍රීන්ව පොලඹවනවා.—ගලාති 5:19-21.
ලෝක ආණ්ඩුව
එසේනම්, විසඳුම කුමක්ද? වසර 700කට පමණ පෙර, සුප්‍රකට ඉතාලි ජාතික කිවිවර සහ දාර්ශනිකයෙක් වූ ඩාන්ටේ පිළිතුර වෙත යොමු වුණා. මනුෂ්‍යවර්ගයාගේ සාමය සහ සමඟිය සහතික කරන්න පුළුවන් වන්නේ ලෝක ආණ්ඩුවකින් පමණයි කියා ඔහු අදහස් දැක්වුවා. යම් ආකාරයක ලෝක ආණ්ඩුවක් පිළිබඳ බලාපොරොත්තුව බොහෝ ජනයාට නිකම්ම රැවටීමක්, සැබෑ විශ්වාසය තැබිය නොහැකි දෙයක්. කලින් සඳහන් කළ ලේඛක පේයින්, “ලෝක ආණ්ඩුව ඉතිහාසයේ මේ වකවානුවේදී කරන්න පුළුවන් දෙයක් නෙවෙයි” කියා නිගමනය කරනවා. ඒ ඇයි? මිනිස් හැකියාවෙන් සම්පූර්ණයෙන්ම ඔබ්බට දිවෙන කාරණා දෙකක් සාර්ථක ලෝක ආණ්ඩුවකින් ඉටු වෙන්න අවශ්‍ය නිසයි. ඒවා නමින් සඳහන් කරනවා නම්, “ලෝක ආණ්ඩුවක් යුද්ධවලට අවසානයක් ගෙනෙනවා, එමෙන්ම ලෝක ආණ්ඩුවක් සමස්ත ලෝක ඒකාධිපත්‍යයක් වෙන්නේ නැහැ.”
කිසිම මනුෂ්‍ය ආණ්ඩුවක් මේ අහලකින්වත් යන්නේ නැති බව ස්ථිරයි. කෙසේවෙතත්, යේසුස් ක්‍රිස්තුස්ගේ අතේ ඇති දෙවිගේ රාජ්‍යයට යුද්ධය නවත්වන්න පුළුවන්, එමෙන්ම යුද්ධය නවත්වන්න යනවා. (ගීතාවලිය 46:9, 10; මතෙව් 6:10) ඇත්තෙන්ම, එය සියලුම යුධ වෙළඳුන්වත් ඉවත් කරන්න යනවා. පොළොව මත මනුෂ්‍ය ආණ්ඩු සඳහා දෙවිගේ නියම කරන ලද කාලවල අවසානයේදී, “යකඩ මැටි සමග මිශ්‍රව” තිබෙනවා වගේ, මනුෂ්‍ය ආණ්ඩු “බෙදී” යනවා කියා අනාගතවක්තෘ දානියෙල් අඟවනවා. (දානියෙල් 2:41-43) මෙය දේශපාලනික කොටස් බෙදීමට සහ නොවැළැක්විය හැකි ඝට්ටනවලට හේතු වෙනවා. එහෙත්, දෙවිගේ රාජ්‍යය ‘ඒ [ජාතිවාදී සහ අසමඟි] සියලු රාජ්‍යවල් හෝ ආණ්ඩු පොඩි කර නැති කර,’ ඒ වෙනුවට දිගු-කලක් බලා සිටි ඔහුගේ රාජ්‍යය යේසුස් ක්‍රිස්තුස් අතට පත් කරන බව දානියෙල් පවසනවා.—දානියෙල් 2:44, 45.
අන් අයගේ ජීවිත කාලකණ්ණි කරමින් සිටින කොල්ලකාරයන් මේ පොළොව උරුම කරගෙන සිටින තාක් කල් ජනයාට සමෘද්ධිමත් වාතාවරණයක් සාදා දීමෙන් ඵලක් නැහැ. කෙසේවෙතත්, “නපුරු ක්‍රියා කරන්නෝ සිඳිනු ලබන්නෝය.” (ගීතාවලිය 37:1, 2, 9, 38; හිතෝපදේශ 2:22) මේ නිසා, විනාශකාරි ලෝක අධිකාරීන්ට සහය දෙන්නාවූ හෝ දෙවිගේ ප්රමිතීන් කැමැත්තෙන්ම ප්‍රතික්ෂේප කරන අයව ක්‍රිස්තුස් ඉවත් කරන්න යනවා. මේ ග්‍රහලෝකය අවලක්ෂණ කරන සියලුදෙනාවම ඔහු විනාශ කරන්න යනවා. “පොළොව විනාශකරන්නවුන් විනාශකරන්න” දෙවි පොරොන්දු වෙනවා.—එළිදරව් 11:18.
මෙය යම් ආකාරයක සමස්ත ලෝක ඒකාධිපත්‍යයක් නොවෙයි. යේසුස් ක්‍රිස්තුස් නපුරන්ගෙන් යහපතුන් වෙන් කරද්දී, “සැබෑකමත් [නිහතමානිකමත්, NW] ධර්මිෂ්ඨකමත්” ඇතුව ක්‍රියා කරන්න යනවා. (ගීතාවලිය 45:3, 4; මතෙව් 25:31-33) මෙය නිකම්ම නිෂේධාත්මක සහ විනාශකාරිවත්, බලයේ අයුතු භාවිතයක්වත් නෙවෙයි. නැහැ! යම් අලංකාර පෞරාණික ගොඩනැඟිල්ලක් කෑදර දේපොළ සංවර්ධකයෙකු විසින් විනාශ කිරීමට යෑමකුත් නෙවෙයි. ඒ වෙනුවට, මෙය ගරාවැටුණු ගොඩනැඟිල්ලක් විනාශ කර සතුටුදායක, පිරිසිදු වටාපිටාවක් සඳහා මං හෙළිපෙහෙළි කිරීමක් වෙන්න යනවා.
නමුත් අතීතයේදී අසමඟියට හේතු වූ බාහිර බලවේග ගැන එදාට කුමක් කිව හැකිද? එහි සිටින වැසියන් විනාශකාරි ක්‍රියා ආයෙත් මුල ඉඳන් පටන්ගෙන සෙසු පදිංචිකරුවන් සමඟ සටන් වැද සියලුදෙනාගේම ජීවිත කාලකණ්ණි කරවීම සඳහා, නව ක්‍රමය තුළට රිංගා ගැනීමට මේ බලවේගවලට නිදහස තිබේවිද? කොහෙත්ම නැහැ. මෙම භුක්තිය යළි ලබාගැනීම සහ ප්‍රතිසංස්කරණය කිරීම අවසාන මෙන්ම පරිපූර්ණ එකයි. “විපත්තිය දෙවරක් නොපැමිණෙන්නේය.”—නාහුම් 1:9.
සාතන්ගේ අවසාන විනාශය කුණුගොඩක් පුලුස්සා දැමීමකට බයිබලය සමාන කරනවා. “[පොළොවේ වැසියන්ව] මුළාකළ යක්ෂයා වනාහි, . . . ගින්නෙන්ද ගෙන්දගමින්ද යුත් විලට හෙළනු ලැබුවේය.” (එළිදරව් 20:10) මොනතරම් ප්‍රබල සංකේතයක්ද! සිතා බලන්න, සීමිත හැකියාවක් පමණක් තිබෙන කුඩා ගිනි උඳුනකට සමාන කරනවා වෙනුවට, නපුරු සහ දූෂ්‍ය වූ සෑම දෙයක්ම පුලුස්සා පැවැත්මෙන් ඉවත් කර දමන සම්පූර්ණ ගිනි විලකට විනාශය සමාන කර තිබෙනවා. හරි සහ වැරදි පිළිබඳ දෙවිගේ ප්රමිතීන් උල්ලංගනය කිරීමට හෝ ඔවුන්ගේ සෙසු සාමාජිකයන්ට වේදනාව ගෙන දී විශ්වනීය ක්‍රියා පිළිවෙළට තර්ජනය වන්නාවූ දේවල් දිගටම කිරීමට කිසිම මිනිසෙකුට හෝ භූතයෙකුට ඉඩ දෙන්නේ නැහැ. සමඟිය වනසන සියල්ලෝ පහව ගිහින්!—ගීතාවලිය 21:9-11; ශෙපනියා 1:18; 3:8.
සියලු ජාතීන්ගෙන් යුත් එක්සත් ජනතාවක්
මේ මහා පිරිසිදු කිරීමෙන් ගැළවෙන්නන්ගෙන් “සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගගෙනුත් භාෂාවන්ගෙනුත් . . . මහත් සමූහයක්” සකස් වෙනවා. (එළිදරව් 7:9) ජාතික හෝ ගෝත්‍රික මතභේද ඔවුන්ව වෙන් කරන්නේ නැහැ. සාමකාමී එකඟත්වයකින් එකට වසන්න ඔවුන් ඒ වන විට ඉගෙනගෙන තිබෙනවා. (යෙසායා 2:2-4) ඊට වඩා පුදුමාකාර දෙය වන්නේ, මොවුන් සමඟ මේ ග්‍රහලෝකය මත සිටි අතීත කුලීකරුවන්ව නැවත නැඟිටීමේ පුදුමාකාර සැපයුම මගින් පිරිසිදු කරන ලද පොළොව මතට නැවත පදිංචියට ගෙන ඒමයි.—යොහන් 5:28, 29.
එවැනි ලෝකයක ජීවත් වෙන්න ඔබ කැමතිද? දෙවිගේ අවශ්‍යතාවලට ඇලී සිටින අයට පමණයි එසේ කළ හැක්කේ; එපමණක් නොව ඔහුගේ අවශ්‍යතා පැහැදිලිවම බයිබලයේ ගෙනහැර දක්වනවා. (යොහන් 17:3; ක්‍රියා 2:38-42) සැබවින්ම එක්සත් ලොවක සදාකාල ජීවනය භුක්ති විඳීමේ බලාපොරොත්තුව ඇතුව සිටීමට හැකි වන පිණිස දෙවිගේ අවශ්‍යතා ඉගෙනගැනීමට ඔබට උපකාර කරන්න යෙහෝවාගේ සාක්ෂිකරුවන් සතුටු වෙනවා.
[7වන පිටුවේ පින්තූරය]
යේසුස් ක්‍රිස්තුස්ගේ අතේ ඇති ආණ්ඩුව එක්සත් ලොවක් සහතික කරනවා