ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w97 8/15 2-4 පි.
  • විපත්ති කාලවලදී ගළවනු ලැබීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • විපත්ති කාලවලදී ගළවනු ලැබීම
  • 1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • හදිසිතාවේ කාලයක්
  • ජීවනය තෝරාගන්න!
  • දෙවිගේ රාජ්‍යය මගින් ඉටු වන දේ
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ස්වාභාවික විපත්—ඒවාට වගකිව යුත්තේ දෙවියන් වහන්සේ ද?
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “ජීවිතය තෝරාගන්න”
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පෘථිවිය විනාශ වෙයිද?
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w97 8/15 2-4 පි.

විපත්ති කාලවලදී ගළවනු ලැබීම

කොරියාවේ සියොල්හි, තට්ටු පහක බහු අංශ වෙළඳසැල, එහි සිටි සිය ගණන් ජනයාව ඒ තුළ කොටු කරමින් හදිසියෙන්ම කඩාගෙන වැටුණා! ජීවිතාරක්ෂක භටයෝ දිවාරාත්‍රී වෙහෙස වී හැකි තාක් දුරට බොහෝ ජීවිත ගළවාගත්තා. දින ගණන් ගෙවී යද්දී, මේ කොන්ක්‍රීට් සහ වානේ කන්දෙන් වැළලී ගිය, බේරුණු තවත් අයව සොයාගැනීමට ඇති හැකියාවන් වැළලී යන්න පටන්ගත්තා.

සියලුම බලාපොරොත්තු අත්හළ විට, යම් පුදුමාකාර දෙයක් සිදු වුණා. මේ ගොඩැල්ලට යටින් දුර්වල කෙඳිරිල්ලක් ඇහුණා. දින 16ක් පුරා පණපිටින් වැළලී සිටි 19 හැවිරිදි තරුණියක්ව ගොඩ ගන්න, ජීවිතාරක්ෂකයෝ අත්වැසුම් පවා නැතුව වියරු ලෙස හාරන්න පටන්ගත්තා. කඩා වැටුණු ආරෝහකයක කුහරය, කඩා හැලෙන ටොන් ගණන් කොන්ක්‍රීට්වලට එරෙහිව ආරක්ෂිත පළිහක් සේ ඇයට ඉහළින් සෑදී තිබුණා. හොඳටම විජලනය වී තුවාල වී සිටියත්, ඇය මරණයෙන් ගැළවුණා!

මේ දිනවල යම් ආකාරයක විපත්ති, එනම් භූමිකම්පාවක්, දරුණු සුළි සුළඟක්, ගිනිකඳු පුපුරා යෑමක්, හදිසි අනතුරක් හෝ සාගතයක් වැනි දෙයක් වාර්තා නොවී එකදු මාසයක්වත් ඉකුත් වී යන්නේ නැහැ. ගළවාගැනීම් සහ බේරීම් පිළිබඳ විස්මිත කතා, ප්‍රවෘත්තිවලට යොමු වන මිලියන ගණනකගේ කුතුහලය පුබුදුවා ඇති අතර, ඔවුන්ව ඊට ආකර්ෂණය කර තියෙනවා. කෙසේවෙතත්, පැමිණෙන්න තියෙන, මිනිස් ඉතිහාසයේ වෙන කිසිවකට වඩා මහත් වූ විපත්තියේ අනතුරු ඇඟවීම, සමස්තයක් හැටියට නොසලකා හැර තියෙනවා. (මතෙව් 24:21) මේ පැමිණෙන්නාවූ සිද්ධීන් මෙම වචනවලින් බයිබලයෙහි විස්තර කර තියෙනවා: “බලව, විපත්තිය ජාතියෙන් ජාතියට යන්නේය, මහත් කුණාටුවක් පොළොවේ ඉතා දුර තැන්වලින් නගින්නේය. [යෙහෝවාගෙන්] මැරුම්කන අය ඒ දවසේ පොළොවේ එක් කෙළවරක පටන් පොළොවේ අනික් කෙළවර දක්වා වැටී ඉන්නෝය. ඔවුන් ගැන විලාපකියන්ටවත් ඔවුන් එකතුකරන්ටවත් වළලන්ටවත් නොයෙදී, ඔවුන් භූමිය මතුපිට කසළ වෙනවා ඇත.”—යෙරෙමියා 25:32, 33.

තැතිගන්වන වචන! නමුත් ස්වභාවික ව්‍යසන සහ හදිසි අනතුරුවලට වෙනස්ව, මේ විපත්තිය වගවිභාගයකින් තොරව කරන මරාදැමීමක් වෙන්න යන්නේ නැහැ. ඇත්තවශයෙන්ම, ගැළවීම—ඔබේ ගැළවීම—ලබාගන්න පුළුවන්!

හදිසිතාවේ කාලයක්

මේ කාරණය සම්පූර්ණයෙන්ම වටහාගැනීමට නම්, කෙනෙක් මුලින්ම මේ ලෝකයට විපත්තිය පැමිණෙන්න යන්නේ ඇයි කියා තේරුම්ගත යුතුයි. ඇත්තෙන්ම, මනුෂ්‍යවර්ගයාගේ ගැටලුවලට ඇති එකම සැබෑ විසඳුම එයයි. අදදින සිටින ස්වල්පදෙනෙකුට ආරක්ෂාවකුත් සුරක්ෂිතභාවයකුත් හැඟෙනවා. විද්‍යාවේ හිණිපෙත්තටම ගිය වෑයම් නොතකා, බෝවෙන රෝග පොළොවේ ජනගහනය විනාශ කරමින් සිටිනවා. ආගමික, ගෝත්‍රික සහ දේශපාලනික වෙනස්කම් නිසා ප්‍රතිඵලය වූ යුද්ධ, දහස් ගණනින් මිනිස් ජීවිත බිලිගෙන තියෙනවා. සාගතය, අහිංසක මිනිසුන්ගේ, ගැහැනුන්ගේ සහ ළමුන්ගේ දුඃඛිතකම සහ වේදනාව තවත් වැඩි කර තියෙනවා. සදාචාර පිරිහීම සමාජයේ අත්තිවාරමේ සිටම කාදමනවා; දරුවන් පවා දූෂණයට ලක් වී තියෙනවා.

දැනට අවුරුදු 1,900කට කලින් ලියූ බයිබල් අනාවැකියක් විශිෂ්ට නිරවද්‍යතාවකින් අපගේ තත්වය විස්තර කරනවා. එහි මෙහෙම කියනවා: “අන්තිම දවස්වලදී කාලවල් සම්පූර්ණයෙන්ම භයානකකමෙන් පිරී තිබෙන බව ඔබ තේරුම්ගත යුතුය.”—2 තිමෝති 3:1, ද නියූ ටෙස්ටමන්ට් ඉන් මොඩ්න් ඉංග්ලිෂ්, (අලුත් තෙස්තමේන්තුව නූතන ඉංග්‍රීසියෙන්) ජේ. බී. ෆිලිප්ස් විසින්; මතෙව් 24:3-22 සසඳන්න.

ආදරණීය දෙවිකෙනෙක් අපේ අයැදීම්වලට වෙනස්ව කටයුතු කරයි කියන එක සාධාරණයි කියා ඔබට පෙනෙනවාද? බයිබලය මෙහෙම කියනවා: “පොළොව මවා සාදා එය පිහිටෙවුවාවූ, එය හිස්කමට නොමවා වාසය පිණිස එය සෑදුවාවූ දෙවි [සැබෑය, NW].” (යෙසායා 45:18) ඔව්, මේ ලස්සන ග්‍රහයා නටබුන් වී එහි වැසියන් තුරන් වෙන්න දෙනවා වෙනුවට, දෙවි මැදහත් වෙන්න යනවා. ප්‍රශ්නය මෙයයි, ඔහු එය කරන්න යන්නේ කොහොමද?

ජීවනය තෝරාගන්න!

ගීතාවලිය 92:7හි බයිබලය උත්තර දෙනවා: “දුෂ්ටයන් තණකොළ මෙන් වැඩෙන්නෙත්, අයුතුකම්කරන සියල්ලන් සඵලවන්නෙත්, ඔවුන් සදාකාලේට විනාශවන පිණිසය.” දුෂ්ටකම සහමුලිනුපුටා දැමීම පොළොවේ ගැටලු සඳහා දෙවිගේ විසඳුමයි. සියලුදෙනාවම මුලිනුපුටා දැමීම මින් අදහස් කරන්නේ නැතිවීම සන්තෝෂයට කරුණක්. ගීතාවලිය 37:34 අපිට මෙහෙම සහතික වෙනවා: ‘යෙහෝවා කෙරෙහි බලාසිටිමින් ඔහුගේ මාර්ගය රක්ෂා කරව, දේශය ඔබට උරුම වන පිණිස ඔහු ඔබ උසස් කරන්නේය. දුෂ්ටයන් සිඳිනු ලබන කල ඔබ එය දකින්නෙහිය.’

මනුෂ්‍යවර්ගයා මත කඩාවැටෙන්න යන ඉතා මහත් වූ විපත්තිය තුළින් ගැළවීම ලබන්න ප්‍රස්තාවක් තියෙනවා කියා මේ වචන අඟවනවා. දෙවි අපිට තේරීමක් දී තියෙනවා. පොරොන්දු දේශයට ඇතුල් වීමට සූදානමින් සිටි ඉශ්‍රායෙල්වරුන්ට මෝසෙස් කළ අනුශාසනාව අදදින අපිටත් ඒ ආකාරයෙන්ම අදාළ වෙනවා: “මා විසින් ජීවනය හා මරණයද ආශීර්වාදය හා ශාපයද නුඹලා ඉදිරියෙහි තැබූ බවට අද නුඹලාට විරුද්ධව සාක්ෂි පිණිස අහසටත් පොළොවටත් හඬගසමි. එබැවින් නුඹත් නුඹේ වංශයත් ජීවත්ව සිටින පිණිස ජීවනය තෝරා[ගන්න.]” (ද්විතීය කථාව 30:19) නමුත් කෙනෙක් ‘ජීවනය තෝරාගෙන’ ගැළවෙන්නේ කොහොමද? සැබෑ ගැළවීම යන්නෙන් ඇත්තෙන්ම අදහස් කරන්නේ මොකක්ද?

[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

COVER: Explosion: Copyright © Gene Blevins/Los Angeles Daily News

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Yunhap News Agency/Sipa Press

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න