ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w97 8/15 31 පි.
  • ඔබට මතකද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබට මතකද?
  • 1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • යේසු රාජ්‍ය තේජසින් එන කල
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ක්‍රිස්තුස් වහන්සේගේ අන්‍යරූපවිලාශ වීම ඔබට බලපාන ආකාරය
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නොසැඟවිය යුතු රහසක්
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ක්‍රිස්තියානීන් සඟවා නොගත යුතු රහසක්!
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w97 8/15 31 පි.

ඔබට මතකද?

මෑත මුරටැඹ කලාප ඔබ සඳහා ප්‍රායෝගික වටිනාකමකින් යුක්ත බව ඔබ සොයාගෙන තියෙනවාද? එසේනම් පහත ඇති ප්‍රශ්න මගින් ඔබේ මතකය පරීක්ෂා කර නොබලන්නේ ඇයි?

◻ අර්මගෙදොන් මොන වගේ වේවිද? (එළිදරව් 16:14, 16)

එය මහා න්‍යෂ්ටික යුද්ධයක්වත්, මනුෂ්‍යයන් නිසා ඇති වන ව්‍යසනයක්වත් වෙන්නේ නැහැ. ඇත්තෙන්ම, ඒක හැම මනුෂ්‍ය යුද්ධයක්ම අවසන් කරන, එවැනි යුද්ධවලට අනුබල දෙන සියලුදෙනාවම නැති කරන, සාමයට ප්‍රිය අය සඳහා සැබෑ සාමය ගෙනෙන දෙවිගේ යුද්ධයයි. එය ප්‍රමාද වෙන්නේ නැහැ. (හබක්කුක් 2:3)—4/15, 17වන පිටුව.

◻ යෙහෝවාට ගෞරවය ගෙනෙන්නේ මොන වගේ විවාහ මංගල්‍යයන්ද?

ලෞකික ක්‍රම අබිබවන ආත්මික පැතිගන්නා විවාහ මංගල්‍යයක් ඇත්තෙන්ම යෙහෝවාට ගෞරවය ගෙනෙයි. පහත වැටුණු ලෞකික චාරිත්‍ර, මිථ්‍යා විශ්වාසයන් හා සීමාව ඉක්මවන දේවලින් වළකිනවා නම්; සාමාන්‍ය දිව්‍යාණ්ඩු ක්‍රියාකාරකම්වලට බාධාවීමට ඉඩ නොහරිනවා නම්; එමෙන්ම අහංකාරය වෙනුවට නිරහංකාරය විදහාපෙන්වනවා නම්, ක්‍රිස්තියානීන් මේ මංගල්‍යය ප්‍රීතියෙන් භුක්ති විඳීවි.—4/15, 26වන පිටුව.

◻ අඛණ්ඩතාවේ මිනිසෙකුව කුමකින් හඳුන්වා දෙයිද?

අඛණ්ඩතාවේ මිනිසෙකු කෙරෙහි විශ්වාසය තබන්න පුළුවන් වෙන්නේ ඔහුගේ සහයකයන්ට විතරක් නෙමෙයි, නමුත් ඊටත් වඩා වැදගත් ලෙස දෙවිටත් එසේ කරන්න පුළුවන්. එවැනි පුද්ගලයෙකුගේ හෘදයේ පිරිසිදුකම ඔහුගේ ක්‍රියාවෙන් පේනවා. ඔහු වංචාවෙන් තොරයි. ඔහු කපටි හෝ දූෂිත නැහැ. (2 කොරින්ති 4:2)—5/1, 6වන පිටුව.

◻ “තමාගේ බාල වයසේදී වියගහ දැරීම මනුෂ්‍යයෙකුට යහපත” කියා යෙරෙමියා ලිව්වේ ඇයි? (විලාප ගී 3:27)

යෞවන වයසේදී මුහුණ දෙන පරීක්ෂාවන් සමඟ කටයුතු කරන්න ඉගෙනගැනීම, වැඩිහිටි වයසේදී ඇති වන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙන්න යමෙකුට සූදානම් වෙන්න උපකාර වෙනවා. (2 තිමෝති 3:12) විශ්වාසවන්තව සිටීමේ ප්‍රයෝජන, ස්ථාවරය අත්හැරීම මගින් ගෙනෙන ඕනෑම තාවකාලික සහනයකට වඩා අතිවිශාලයි.—5/1, 32වන පිටුව.

◻ අන්වෙසක් වීමේ දර්ශනයෙහි මෝසෙස් සහ එලියා පෙනී සිටීම පූර්වාදර්ශනය කළේ මොකක්ද?

අන්වෙසක් වීම පිළිබඳ පාඨ සම්බන්ධය තුළ මෝසෙස් සහ එලියා යේසුස්ගේ ආලේප ලත් සහෝදරයන් සඳහා උචිත සංකේතයක්. ඔවුන් යේසුස් සමඟ “තේජසින් යුක්තව පෙනී” සිටීම, ස්වර්ගීය රාජ්‍ය සැලැස්ම තුළ විශ්වාස වූ ආලේප ලත් ක්‍රිස්තියානීන් යේසු “සමඟ මහිමය” ලැබීම සංකේතවත් කරනවා. (ලූක් 9:30, 31; රෝම 8:17; 2 තෙසලෝනික 1:10)—5/15, 12, 14 පිටු.

◻ දෙවිගේ “පරිශුද්ධ රහස” මොකක්ද? (1 කොරින්ති 2:7)

දෙවිගේ “පරිශුද්ධ රහස” යේසුස් ක්‍රිස්තුස් වටා කේන්ද්‍රගතව පවතිනවා. (එපීස 1:9, 10) කොහොම වුණත්, යේසු පොරොන්දු වූ මෙසියස් වන බවට හඳුන්වා දීම විතරක් මෙයට ඇතුළත් වෙලා නැහැ. මෙයට ස්වර්ගික ආණ්ඩුවක්, එනම් දෙවිගේ මෙසියානු රාජ්‍යය සම්බන්ධ වන අතර, දෙවිගේ අරමුණෙහි යේසුස්ට ඉටු කරන්න පවරා ඇති වැඩ කොටසත් ඇතුළත්.—6/1, 13වන පිටුව.

◻ අසනීප හෝ මහලු වයස ක්‍රිස්තියානිවරයෙක් සැලකිය යුත්තේ කොහොමද?

ඔබේ පරීක්ෂාව යෙහෝවාට කරන ඔබේ සේවය සීමා කිරීමක් වශයෙන් සලකනවා වෙනුවට, ඔබට ඔහු මත වැඩියෙන් රඳා සිටිය හැකි ප්‍රස්තාවක් ලෙස ඒවා සැලකිය යුතුයි. ක්‍රිස්තියානියෙකුගේ වටිනාකම මනින්නේ ඔහුගේ දේවසේවයේ මට්ටම අනුව නොව, නමුත් ඔහුගේ ඇදහිල්ල සහ ප්‍රේමයේ ගැඹුර අනුව බව මතක තබාගන්න. (මාර්ක් 12:41-44)—6/1, 26වන පිටුව.

◻ බයිබලය ලියන්න යෙහෝවා දේවදූතයන් වෙනුවට මනුෂ්‍යයන්ව පාවිච්චි කිරීම, ඔහුගේ මහත් වූ ප්‍රඥාව පෙන්වීමක් වන්නේ කොහොමද?

මිනිස් අංග සම්පූර්ණයෙන්ම නැතුව ගියා නම්, බයිබල් පණිවිඩය තේරුම්ගන්න අපිට දුෂ්කර වේවි. ඒ වගේම මිනිස් අංග සපයන හැඟීම්බර ගතිය, විවිධත්වය සහ ආකර්ෂණය බයිබලයට තියෙනවා.—6/15, 8වන පිටුව.

◻ පවුලේ සන්තෝෂයට රහස මොකක්ද?

මේ රහස දේවවචනය වන බයිබලයේ පිටු තුළ ඇති අතර, ආත්ම-දමනය, මූලිකත්වය පිළිගැනීම, හොඳ අදහස් හුවමාරුව සහ ප්‍රේමය වැනි එහි ප්‍රතිපත්ති අදාළ කරගැනීම මත රැඳී තිබෙනවා.—6/15, 23, 24 පිටු.

◻ යේසු විසින් සිදු කළ සුව කිරීම, අදදින සුව කිරීමේ බලය තියෙනවායයි කියන අය පොදුවේ සිදු කරනු ලබන දෙයට වඩා හාත්පසින්ම වෙනස් වූයේ කොහොමද?

සෙනඟගේ පැත්තෙන් බලවත් චිත්තවේගීය හැඟීම් විදහාදැක්වීමක්වත්, යේසුගේ පැත්තෙන් වියරු වැටුණු ස්වභාවයක් විදහාදැක්වීමක්වත් දකින්න තිබුණේ නැහැ. ඊට අමතරව, ඔවුන්ගේ ඇදහිල්ල මදි කියා හෝ ඔවුන්ගේ පරිත්‍යාගයන් ප්‍රමාණවත් නැහැ කියා හෝ දෙන නිදහසට කරුණු මත ආබාධිතයන්ව සුව කිරීමෙන් යේසු වැළකී සිටියේ නැහැ.—7/1, 5වන පිටුව.

◻ තම නාමය සහ රාජ්‍යය පිළිබඳ ඔහුගේ දිව්‍ය අරමුණේ තැනක් ලැබීමට ඔහුගේ සෙනඟට යෙහෝවා උපකාර කර තියෙන්නේ කොහොමද?

පළමුව, යෙහෝවා තම සෙනඟට සත්‍යය භාර දී තියෙනවා. දෙවනුව, තම ශුද්ධාත්මය ඔවුන්ට දුන්නා. තුන්වනුව, අපේ ලෝක ව්‍යාප්ත සහෝදරත්වය සහ නමස්කාරය සඳහා යෙහෝවාගේ සංවිධානාත්මක විධිවිධානය අපිට තියෙනවා.—7/1, 19, 20 පිටු.

◻ සුචරිතය කියන්නේ මොකක්ද?

සුචරිතය කියන්නේ, සදාචාර අනර්ඝත්වය, යහපත්කම, නිවැරදි ක්‍රියා සහ කල්පනාව කියන දෙයයි. එය අක්‍රිය ගුණාංගයක් නෙවෙයි, නමුත් ක්‍රියාශීලී, ඒකාන්ත එකක්. පාපයෙන් වැළකී සිටීමට වඩා වැඩි දෙයක් සුචරිතයෙන් අදහස් වෙනවා; යහපත් කියන දේ ලුහුබැඳීම ඉන් අදහස් වෙනවා. (1 තිමෝති 6:11)—7/15, 14වන පිටුව.

◻ දෙමාපියන්ට තම දරුවන්ට දෙන්න පුළුවන් ඉතා වටිනාම උරුමය මොකක්ද?

ඉතා වටිනාම උරුමය වන්නේ තමන්ගේම ආදර්ශය තුළින් අන් අයට ප්‍රේමය පෙන්වීමයි. දෙමාපියන් කරන්නාවූ සෑම දෙයකින්ම ඔවුන් දෙවිට සැබෑ ප්‍රේමය පෙන්වනවා සහ ප්‍රකාශ කරනවා කියා විශිෂ්ට ආකාරයකින් දරුවන් දකින්න සහ අහන්න අවශ්‍යයි.—7/15, 21වන පිටුව.

◻ බලපෑමෙන් යුක්ත පවුලේ පාඩමක් සඳහා අත්‍යවශ්‍ය දේවල් සමහරක් මොනවාද?

පවුලේ පාඩම නිතිපතා පැවැත්විය යුතුයි. පාඩම සඳහා ඔබ ‘කාලය මිල දී ගත’ යුතුයි. (එපීස 5:15-17, NW) බයිබලයට ජීවයක් ගෙන ඒමෙන් දරුවන් සමඟ පාඩම් කරන වේලාවන් ප්‍රාණවත්ව තබාගන්න. දරුවන් පාඩමෙන් සතුටක් ලබන්න නම්, තමන්ද ඊට හවුල් වී සිටින බව ඔවුන්ට හැඟී යා යුතුයි.—8/1, 26, 28 පිටු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න