පාඨකයන්ගෙන් ප්‍රශ්න
දහහතරවන සියවසේ විසූ යුදෙව් වෛද්‍ය ෂෙම්-ටොබ් බෙන් අයිසික් ඉබ්න් ෂාපෲට් පිටපත් කළ මතෙව් සුවිශේෂයේ හෙබ්‍රෙව් පාඨයෙහි, ටෙට්‍රාග්‍රැමටනය (දෙවිගේ නාමයේ හෙබ්‍රෙව් අක්ෂර සතර) සොයාගත හැකිද?
නැහැ, එහි සොයාගන්න නැහැ. කොහොමවුණත්, 1996 අගෝස්තු 15 මුරටැඹ සඟරාවේ 13වන පිටුවේ පෙන්වා දුන් පරිදි, මතෙව් සුවිශේෂයේ මේ පාඨයෙහි හාෂ්·ෂෙම්ʼ යන වචනය (සම්පූර්ණයෙන් හෝ කෙටි කොට) 19 වතාවක් භාවිත කරනවා.
හාෂ්·ෂෙම්ʼ යන හෙබ්‍රෙව් වචනයේ තේරුම, “නාමය” යන්නයි. එය නිසැකවම යොමු දක්වන්නේ දිව්‍ය නාමයටයි. උදාහරණයක් හැටියට, ෂෙම්-ටොබ්ගේ පාඨයෙහි හාෂ්·ෂෙම්ʼ යන වචනයේ කෙටි කර දැක්වීමක් මතෙව් 3:3හි දකින්න තිබෙනවා; මෙය මතෙව් විසින් යෙසායා 40:3 උපුටා දැක්වූ කොටසක්. හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලෙහි ටෙට්‍රාග්‍රැමටනය තිබෙන පදයක් මතෙව් උපුටා දැක්වූ විට, ඔහු දිව්‍ය නාමය තම සුවිශේෂයෙහි අන්තර්ගත කළ බව නිගමනය කිරීම සාධාරණයි. එනිසා, ෂෙම්-ටොබ් ඉදිරිපත් කළ හෙබ්‍රෙව් පාඨයෙහි ටෙට්‍රාග්‍රැමටනය භාවිත කරන්නේ නැති වුණත්, මතෙව් 3:3හි සඳහන් වී ඇති පරිදි, එහි “නාමය” යන වචනය භාවිත කර තිබීම, ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල “යෙහෝවා” යන නම භාවිත කිරීමට අනුබලයක් වෙනවා.
ෂෙම්-ටොබ්, ʼඊʹවන් බොʹහන් නමැති තමාගේ විවාදාත්මක කෘතියෙහි මතෙව්ගේ හෙබ්‍රෙව් පාඨය පිටපත් කළා. ඒ කොහොම වුණත්, එම හෙබ්‍රෙව් පාඨය සඳහා මූලාශ්‍රය වූයේ මොකක්ද? “ෂෙම්-ටොබ් යොදාගත් මතෙව්ගේ හෙබ්‍රෙව් සුවිශේෂය, ක්‍රිස්තියානි යුගයේ පළමු සියවස් හතර ඇතුළත යම්කාලයකට අයත් වෙනවා” කියා මේ කාරණය ගැන පුළුල් ලෙස පර්යේෂණ කර තිබෙන මහාචාර්ය ජෝජ් හවඩ් අදහස් දක්වනවා.a මෙහිදී අනිත් අය ඔහු සමඟ එකඟ නොවිය හැකියි.
හවඩ් මෙසේ සඳහන් කරනවා: “මෙම පාඨයෙහි අන්තර්ගත කර තිබෙන මතෙව්ගේ හෙබ්‍රෙව් සුවිශේෂයේ විශේෂ අංග ලක්ෂණය වන්නේ, පිළිගත් ග්‍රීක් මතෙව් සුවිශේෂය හා සැසඳු විට දකින වෙනස්කම් රාශියයි.” උදාහරණයක් හැටියට, ෂෙම්-ටොබ්ගේ පාඨයට අනුව, යේසු යොහන් ගැන මෙසේ පැවසුවා: “සැබවක් නුඹලාට කියමි: ස්ත්‍රීන්ගෙන් උපන්නවුන් අතරෙන් යොහන් බව්තීස්තට වඩා උතුම් කෙනෙක් නොනැගුටුණේය.” ඊළඟට යේසු පැවසූ මෙම වචන එහි සඳහන් වන්නේ නැත: “නුමුත් ස්වර්ගරාජ්‍යයෙහි කුඩා තැනැත්තේ ඔහුට වඩා උතුම්ය.” (මතෙව් 11:11) ඊට තරමක් සමාන ආකාරයකින්, හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල දැනට තිබෙන හෙබ්‍රෙව් පාඨය හා ග්‍රීක් සෙප්ටූඅජින්ට් අනුවාදයේ ඊට අනුරූප පාඨයේ වචන යොදා තිබීම අතර වෙනස්කම් බොහොමයක් තිබෙනවා. ඒවායේ වෙනස්කම් තිබෙන බව අපි පිළිගත්තත්, සමාන අසමානකම් අධ්‍යයනය කිරීමේදී එවන් ඉපැරණි පාඨයන්ට යම් තැනක් හිමි වෙනවා.
සඳහන් කළ පරිදි, ඇත්තටම මතෙව් ටෙට්‍රාග්‍රැමටනය භාවිත කළා කියා විශ්වාස කිරීමට හොඳ හේතු තිබෙන තැන්වල ෂෙම්-ටොබ්ගේ මතෙව් පාඨයෙහි “නාමය” යන යෙදුම ඇතුළත් කර තිබෙනවා. මේ අනුව, ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල දිව්‍ය නාමය යොදාගැනීම සඳහා අනුබලයක් හැටියට 1950 සිට ෂෙම්-ටොබ්ගේ පාඨය භාවිත කරමින් තිබෙන අතර, එය තවමත් ශුද්ධ ලියවිලිවල නව ලෝක පරිවර්තනය—යොමුසටහන් සහිතව නම් පිටපතෙහි සඳහන් වෙනවා.b
[පාදසටහන්වල]
a වර්ෂ 1997 ජනවාරි මාසයේ 43වන කාණ්ඩය, අංක 1 යටතේ ප්‍රකාශයට පත් කළ නියූ ටෙස්ටමන්ට් ස්ටඩීස්හි පිටු 58-71 දක්වා බලන්න.
b Watchtower Bible and Tract Society of New York, Inc., මගින් 1984දී ප්‍රකාශිතයි.