ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w97 6/15 30-31 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • බලයලත් මුලාදෑනීන්ගේ කාර්යභාරය
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවියන්වහන්සේ සහ කායිසර්
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • කායිසර්ගේ දේ කායිසර්ට දීම
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘මම සීසර්ගේ විනිශ්චය ඉල්ලමි’
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w97 6/15 30-31 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

අපරාධකාරයන් සඳහා මහා දණ්ඩනය, එනම් මරණ දඬුවම ගැන බයිබලය ඉදිරිපත් කරන්නේ කිනම් අදහසක්ද?

ජීවිතයේ අප ලබා ඇති අද්දැකීම් මත හෝ අප සිටින තත්වය මත පදනම්ව, අප සියලුදෙනාටම මේ ගැන පෞද්ගලික අදහස් තියෙන්න පුළුවන් කියන එක සාධාරණයි. එහෙත්, මේ ගැටලුව පිළිබඳව බොහෝදෙනෙක් දරන දේශපාලනමය ස්ථාවරයන් සම්බන්ධයෙන් මධ්‍යස්ථව සිටියත්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් හැටියට, අපි මරණ දඬුවම සම්බන්ධයෙන් දෙවිගේ කල්පනාවන්ට අනුකූල වීමට වෑයම් කළ යුතුයි.

කෙටියෙන්ම කියනවා නම්, මරණ දඬුවම වැරදියි කියා දෙවි තමාගේ ලිඛිත වචනයේ සඳහන් කර නැහැ.

උත්පත්ති 9වන පරිච්ඡේදයේ අපට කියවීමට තිබෙන පරිදි, මිනිස් ඉතිහාසයේ මුල් අවදියේදී, යෙහෝවා මේ කාරණය ගැන තම අදහස් ප්‍රකාශ කළා. මුළු මිනිස් පවුලේ මුතුන්මිත්තන් බවට පත් වූ නෝවා සහ ඔහුගේ පවුල මීට සම්බන්ධ වුණා. ඔවුන් නැවෙන් ඉවතට පැමිණි පසු, සතුන්ව අනුභව කළ හැකි බව—ඒ කියන්නේ, උන්ව මරා, රුධිරය සම්පූර්ණයෙන්ම ඉවත් කොට, අනුභව කළ හැකි බව දෙවි කිව්වා. පසුව, උත්පත්ති 9:5, 6හි දෙවි මෙසේ පැවසුවා: “සැබවින් නුඹලාගේ ජීවිතය වන නුඹලාගේ ලේ ගැන පළිගන්නෙමි; සියලු මෘගයන් අතින්ද පළිගන්නෙමි. මනුෂ්‍යයාගේ ජීවිතය ගැන මනුෂ්‍යයා අතින් එනම් ඔහුගේ සහෝදරවූ එක් එක්කෙනා අතින් පළිගන්නෙමි. [දෙවි] තමන්ගේ ස්වරූපයෙන් මනුෂ්‍යයා සෑදූ බැවින් යමෙක් මනුෂ්‍යයාගේ ලේ වගුරුවන්නේද ඔහුගේ ලේ මනුෂ්‍යයා විසින් වගුරුවනු ලබන්නේය.” මෙසේ මිනීමරන්නන් සම්බන්ධයෙන් යෙහෝවා මරණ දඬුවම දීමට අවසර දුන්නා.

දෙවි තම ජාතිය හැටියට ඉශ්‍රායෙල් සමඟ කටයුතු කරද්දී, දිව්‍ය නීතියට විරුද්ධව කළ වෙනත් බැරෑරුම් වැරදි කිහිපයකට මරණ දඬුවම මගින් දඬුවම් පමුණුවන්න හැකිව තිබුණා. ගණන් කථාව 15:30හි, අපට මෙම පුළුල් ප්‍රකාශය කියවන්ට ලැබෙනවා: “ස්වදේශියාවත් විදේශියාවත් එඩි සිතින් යමක් කරන්නේනම්, ඒ අය [යෙහෝවාට] අපහාස කරන බැවින්, ඔහු තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය.”

නමුත් ක්‍රිස්තියානි සභාව පිහිටෙව්වාට පසු සිදු වුණේ කුමක්ද? හොඳයි, මිනිස් ආණ්ඩු පැවතීමට යෙහෝවා අවසර දුන් බවත්, ඒවා බලය ලත් මුලාදෑනීන් හැටියට ඔහු හැඳින්වූ බවත් අපි දන්නවා. ඇත්තෙන්ම, එවන් ආණ්ඩුමය අධිකාරීන්ට කීකරු වීමට ක්‍රිස්තියානීන්ව උනන්දු කිරීමෙන් පසු, බයිබලය කියන්නේ “නුඹට යහපත පිණිස [එවන් ආණ්ඩු] [දෙවිගේ] සේවකයෙක්” ලෙස කටයුතු කරන බවයි. “නුමුත් නුඹ නපුර කෙරෙහි නම්, භයවෙන්න; මක්නිසාද ඔහු නිරර්ථකයේ කඩුව නොදරයි. ඔහු [දෙවිගේ] සේවකයෙක්ව, නපුර කරන්නා කෙරෙහි උදහස පමුණුවන පිණිස පළිගන්නා කෙනෙක්ය.”—රෝම 13:1-4.

බරපතළ වැරදිවලට වරදකරුවන්ව සිටින අපරාධකරුවන්ගේ ජීවිතවලට හානි කිරීමට පවා ආණ්ඩුවලට බලය තිබෙන බව ඉන් අදහස් කරනවාද? ඔව්. පළමුවන පේතෘස් 4:15හි වචනවලින් අප එම නිගමනයට බැසිය යුතුයි. එහිදී ප්‍රේරිතවරයා තම සහෝදරයන්ට මෙසේ අවවාද කළා: “නුඹලාගෙන් කිසිවෙක් මිනීමරන්නෙක්වත් සොරෙක්වත් නපුර කරන්නෙක්වත් අනුන්ගේ කාරණාවලටම දිවන්නෙක්වත් මෙන් දුක් නොවිඳීවා.” “නුඹලාගෙන් කිසිවෙක් මිනීමරන්නෙක් . . . මෙන් දුක් නොවිඳීවා” යන කොටස ඔබ සැලකිල්ලට ගත්තාද? මිනීමරුවෙක් කළ අපරාධයට ඔහුට දුක් දීමට ආණ්ඩුවලට අයිතියක් නැති බවට පේතෘස් අදහසක් ඉදිරිපත් කළේ නැහැ. ඊට පටහැනිව, මිනීමරුවෙකුට යුක්තිසහගත ලෙස සුදුසු දඬුවමක් ලබා දිය හැකි බව ඔහු ඇඟෙව්වා. මරණ දඬුවම ඊට ඇතුළත් වේවිද?

ඔව්, එය ඇතුළත් විය හැකියි. ක්‍රියා 25වන පරිච්ඡේදයෙහි සොයාගත හැකි පාවුල්ගේ වදන්වලින් මෙය පැහැදිලියි. තමන්ගේ ව්‍යවස්ථාවට එරෙහිව පාවුල් වැරදි කර තිබූ බවට යුදෙව්වන් චෝදනා එල්ල කර තිබුණා. හමුදා නිලධාරියා, රෝම ආණ්ඩුකාරයා වෙත තම සිරකරු වූ පාවුල්ව එවද්දී, ක්‍රියා 23:29හි තිබෙන ආකාරයට ඔහු මෙසේ වාර්තා කළා: “ඔවුන්ගේ ව්‍යවස්ථාවේ ප්‍රශ්න ගැන ඔහුට වැරදි තබන බව මිස මරණයටවත් බැඳුම්වලටවත් සුදුසු යම් දෝෂයක් ඔහු පිට නොතබන බව දැනගතිමි.” අවුරුදු දෙකකට පසු පාවුල් ආණ්ඩුකාර පෙස්තුස් ඉදිරියෙහි පෙනී සිටියා. ක්‍රියා 25:8හි අපට මෙසේ කියවීමට තිබෙනවා: “පාවුල් තමාගේ නිදහසට උත්තරදෙමින්: මම යුදෙව්වරුන්ගේ ව්‍යවස්ථාවටවත් දේවමාළිගාවටවත් කායිසර්ටවත් විරුද්ධව කිසි වරදක් නොකෙළෙමි.” නමුත් දඬුවම් ලැබීම, මරණ දඬුවම ගැන පවා පැවසූ ඔහුගේ අදහස්වලට දැන් අවධානය යොමු කරන්න: ක්‍රියා 25:10, 11හි අපට මෙසේ කියවීමට තිබෙනවා:

“පාවුල්: මම කායිසර්ගේ විනිශ්චයාසනය ඉදිරියෙහි සිටිමි; මෙහිදී මා විනිශ්චයකරන්ට යුතුය. යුදෙව්වරුන්ට මා විසින් කිසි වරදක් කළේ නැත, ඒ බව ඔබටත් හොඳාකාර පෙනීයන්නේය. ඉදින් මම වරදකාරයෙක් නම්, මරණයට සුදුසු කිසිවක් කෙළෙම් නම්, මරණය නොලබන ලෙසට නොඉල්ලමි. නුමුත් මොවුන් මට තබන වරදවලින් එකක්වත් සැබෑ නොවේ නම්, මා ඔවුන්ට පාවාදෙන්ට කිසිවෙකුට බැරිය. මම කායිසර්ගේ විනිශ්චය ඉල්ලමි.”

නිසි ලෙස පත් කර තිබූ අධිකාරියක් ඉදිරියෙහි පෙනී සිටිමින්, පාවුල් පිළිගත්තේ, වරදකරුවන්ට දඬුවම් කිරීමට හා ඔවුන්ව මරුමුවට පත් කිරීමට පවා කායිසර්ට අයිතියක් තිබූ බවයි. ප්‍රේරිතවරයා වරදකරුවෙකු වූවා නම් දඬුවම් ලැබීමට ඔහු විරෝධය පළ කළේ නැහැ. ඒ විතරක් නෙවෙයි, කායිසර්ට මරණ දඬුවම නියම කරන්න පුළුවන් වුණේ මිනීමරුවන් සඳහා පමණක් බව ඔහු කියා සිටියේ නැහැ.

රෝම නීති පද්ධතිය අංග සම්පූර්ණ නොවූ බව පිළිගත යුතුයි; අදත්, මිනිස් උසාවි පද්ධතීන් අංග සම්පූර්ණ නැහැ. එදත් අදත් නිර්දෝෂ අයව වරදකරුවන් හැටියට තීන්දු කර, දඬුවම් දී තිබෙනවා. පිලාත් පවා යේසු ගැන මේ විදිහට කිව්වා: “මරණයට සුදුසු කිසිදෙයක් මොහු අත මට සම්බ නූණේය. එබැවින් මොහුට තළා මුදාහරිමි.” ඔව්, යේසු නිර්දෝෂ බව ආණ්ඩුමය අධිකාරිය පවා පිළිගත්තත්, මේ නිර්දෝෂ මිනිසාව මරණ දඬුවමට යටත් කළා.—ලූක් 23:22-25.

නමුත් එවන් අසාධාරණකම් සිදු වූ නිසා, මරණ දඬුවම සහමුලින්ම සදාචාරයට පටහැනි දෙයක් බවට වාද කිරීමට පාවුල්වත් පේතෘස්වත් පෙලඹුණේ නැහැ. ඒ වෙනුවට, මේ කාරණය සම්බන්ධයෙන් දෙවිගේ කල්පනාව නම්, බලය ලත් මුලාදෑනීන් සිටින තාක් කල්, ඔවුන් ‘නපුර කරන්නා කෙරෙහි උදහස පමුණුවන පිණිස කඩුව දරන’ බවයි. මරණ දඬුවම යොදාගැනීමේ අර්ථයෙන් කඩුව පාවිච්චි කිරීමද ඊට ඇතුළත් වෙනවා. නමුත් මිනීමරුවන් ඝාතනය කිරීමට මේ ලෝකයේ ආණ්ඩු තමුන්ට තිබෙන අයිතිවාසිකම පාවිච්චි කළ යුතුද, නැද්ද යන මතභේදයට තුඩු දෙන ප්‍රශ්නය සලකා බලද්දී, අව්‍යාජ ක්‍රිස්තියානීන් පරෙස්සමින් මධ්‍යස්ථව සිටිනවා. ක්‍රිස්තියානි ලෝකයේ පූජක පක්ෂයට වෙනස්ව, මේ විෂය ගැන වාද කිරීමෙන් ඔවුන් වැළකී සිටිනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න