“ස්වාමි වූ ක්‍රිස්තුස් උදෙසා දාසකම් කරන්න”
ඉතිහාසය පුරා, මිනිසුන් දශලක්ෂ ගණනක් වහල් සේවයේ පීඩාකාරි බර විඳදරාගෙන තියෙනවා. උදාහරණයක් හැටියට, අවුරුදු දහස් ගණනකට පෙර ජීවත් වූ ඉශ්රායෙල්වරු මිසරයේ පාලකයන්ගේ අත්වලින් හුඟාක් දුක් වින්දා. බයිබලයේ කියන විදිහට, විශේෂයෙන්ම ගඩොල් සෑදීමේදී, “බරවැඩ පැවරීමෙන් ඔවුන්ට පීඩාකරන පිණිස ඔවුන් කෙරෙහි විධානවරුන් පත්ක[ළා].”—නික්මයාම 1:11.
අද හුඟක් රටවල, මිනිසුන් ඇත්තටම වහලුන් හැටියට සේවය නොකරනවා වෙන්න පුළුවන්; ඒත් බල කිරීම් යටතේ—සමහර අවස්ථාවලදී, අකාරුණික ලෙස සලකන තත්වයන් යටතේ බොහෝ වේලාවක් වෙහෙසකර වැඩවල නිරත වීමට බොහෝදෙනෙකුට සිදු වී තියෙනවා. ආර්ථික වහල්භාවය කියා හැඳින්විය හැකි දෙයක පීඩාකාරි බරක් ඔවුන් උසුලමින් සිටිනවා.
කොහොම වුණත්, පීඩාකාරි නොවන වහල්භාවයක් තියෙනවා. ප්‍රේරිත පාවුල් සෙසු ඇදහිලිවන්තයන්ගෙන් උදක්ම මෙසේ ඉල්ලා සිටියා: “ස්වාමි වූ ක්‍රිස්තුස් උදෙසා දාසකම් කරන්න.” (කොලොස්සි 3:24, NW) ක්‍රිස්තුස්ගේ වහලුන් වීමට තෝරාගන්නාවූ අය, ඔවුන්ගේ මහත් බරින් සහනයක් ලබනවා. යේසුම මෙහෙම කිව්වා: “වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි. මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින්, මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගන්න. එවිට නුඹලාගේ [ප්‍රාණවලට, NW] සහනය ලැබෙන්නේය. මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුය.”—මතෙව් 11:28-30.
යමෙක් තම පවුලේ ද්‍රව්‍යමය අවශ්‍යතා සැපයීමෙන් නිදහස් වන බව, ක්‍රිස්තුස්ගේ වියගහ පිළිගැනීමෙන් අදහස් කරන්නේ නැහැ. (1 තිමෝති 5:8) කොහොම වුණත්, එයින් අත් වන්නේ, ද්‍රව්‍යවාදී ලුහුබැඳීම්වල ග්‍රහණයට හසුවීමෙන් නිදහස් වීමයි. ද්‍රව්‍යමය දේවලින් තෘප්තිය ලබාගැනීම තම ජීවිතයේ ප්‍රධාන ඉලක්කය කරගන්නවා වෙනුවට, ක්‍රිස්තියානීන් මූලික අවශ්‍යතාවලින් සෑහීමකට පත් වෙනවා.—1 තිමෝති 6:6-10; සසඳන්න 1 කොරින්ති 7:31.
දේවරාජ්‍යයේ “ශුභාරංචිය” දේශනා කිරීමේ තම වගකීම ඉටු කිරීමෙන් ක්‍රිස්තියානීන් ප්රබෝධයක් ලබා තිබෙනවා. (මතෙව් 24:14) මෙයින් සැබෑ ප්‍රීතිය සහ තෘප්තිය ලැබෙනවා.
“ස්වාමි වූ ක්‍රිස්තුස් උදෙසා දාසකම් කරන්න” අපිට හැකිවීම ගැන අපි ස්තුතිවන්ත විය යුතුයි.
[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Pictorial Archive (Near Eastern History) Est.