ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w96 11/1 3-6 පි.
  • පීඩිතයන්ට සැනසිල්ල

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පීඩිතයන්ට සැනසිල්ල
  • 1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • තාඩන පීඩනවලට හේතු සෙවූ පුරාණ මිනිසෙක්
  • තාඩන පීඩන ඉක්මනින්ම නිමාවට පත් වේ
  • ඇත්තෙන්ම සැලකිලිමත් කෙනෙක්
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ශෝක වෙන අයට සැනසීම දෙන්න
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සැබෑ සැනසීම සොයාගත හැක්කේ කොහෙන්ද?
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපකාරය පතා හඬ නඟන අයට පිහිට වන්නේ කවුද?
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w96 11/1 3-6 පි.

පීඩිතයන්ට සැනසිල්ල

ඔබගේ ජීවිත කාලය පුරා, පුවත්පත් සිරස්තලවල ඇතැම් වචන නැවත නැවත සඳහන් වන බව ඔබ දැක තිබෙන්නෙහිද? යුද්ධය, අපරාධ, විපත්ති, සාගින්න හා දුක් වේදනා විඳීම යන වචන කියවීමෙන් ඔබ වෙහෙසට පත් වී සිටින්නෙහිද? කෙසේවෙතත්, සැලකිය යුතු ලෙස එක් වචනයක් පුවත් වාර්තාවල දැකගැනීමට බැරි වී තිබේ. එහෙත්, එය මිනිස්වර්ගයාට අතිශයින්ම අවශ්‍ය වන දෙයක් නියෝජනය කරන වචනයකි. එම වචනය “සැනසිල්ල” වේ.

“සැනසිල්ල” යනුවෙන් අදහස් කරන්නේ, “ශක්තිය හා බලාපොරොත්තුව සැපයීම” සහ යමෙකුගේ “ශෝකය හෝ කරදර සැහැල්ලු කිරීමය.” විසිවන සියවසේදී ලෝකයට මුහුණ දීමට සිදු වී ඇති සියලු ආකාර ආරවුල් හේතුවෙන්, බලාපොරොත්තුවෙන් සිටීමටත්, ශෝකයෙන් මිදීමටත් ඉමහත් අවශ්‍යතාවක් පැනනැඟ තිබේ. අදදින අපගෙන් සමහරෙකු, අපගේ මුතුන්මිත්තන් නොසිතූ ආකාරයේ සැප පහසුකම් වැඩි ප්‍රමාණයක් භුක්තිවිඳින බව ඇත්තය. මෙය බොහෝදුරට විද්‍යාත්මක දියුණුවේ ප්‍රතිඵලයකි. එහෙත් මිනිස්වර්ගයාගේ දුක් වේදනාවන්ට හේතු වන සියල්ල ඉවත් කර දැමීමෙන් විද්‍යාව හා තාක්ෂණය අපට සැනසිල්ලක් ගෙනැවිත් නැත. මේ දුක් වේදනාවන්ට හේතු මොනවාද?

“මනුෂ්‍යයන්ට අනතුරු වෙන හැටියට මනුෂ්‍යයෙකු විසින් ඔවුන් කෙරෙහි ආණ්ඩුකරන කාලයක් තිබේ” යයි සියවස් ගණනාවකට පෙර විසූ ප්‍රඥාවන්ත මනුෂ්‍යයා වූ සාලමොන් විසින් පැවසූ විට, දුක් වේදනා විඳීමට මුල් වන එක් මූලික හේතුවක් ගැන කතා කළේය. (දේශනාකාරයා 8:9) සෙසු ජනයාව පාලනය කිරීමේ කැමැත්ත සඳහා මිනිසා සතු නැඹුරුවාව වෙනස් කිරීමට විද්‍යාව හා තාක්ෂණය සමත් වී නැත. විසිවන සියවසෙහි, පීඩාකාරි ආඥාදායක පාලනයන් හා රටවල් අතර බිහිසුණු යුද්ධවලට මෙය මඟ පාදා තිබේ.

වර්ෂ 1914 සිට යුද්ධයේ ප්‍රතිඵලයක් වශයෙන් මිලියන සියයකට වැඩි පිරිසක්ව ඝාතනය කරනු ලැබ ඇත. මෙම සංඛ්‍යාවලින් අඟවන පරිදි මිනිසුන් අද්දකින දුක් වේදනා ගැන කල්පනා කර බලන්න—වැලපෙන පවුල් මිලියන ගණනකට සැනසීම අවශ්‍ය වේ. යුද්ධ බිහිසුණු මරණ හැර, වෙනත් ආකාර දුක් වේදනාවන්ට මඟ පාදයි. දෙවන ලෝක මහා යුද්ධය අවසානයේදී, යුරෝපයේ සරණාගතයෝ මිලියන 12කට වැඩියෙන් සිටියහ. වඩාත් මෑත වර්ෂවලදී, අග්නිදිග ආසියාවේ යුද්ධ පවතින ප්‍රදේශවලින් මිලියන එකහමාරකට වැඩි පිරිසක් පලාගොස් ඇත්තාහ. බෝල්කන් රටවල සිදු වන සටන් නිසා, මිලියන දෙකකට වැඩි පිරිසකට තමන්ගේ නිවෙස් අත්හැර පලායෑමට සිදු වී ඇත—බොහෝ අවස්ථාවලදී එසේ පලාගොස් ඇත්තේ “ජනවාර්ගික ශෝධිකරණයෙන්” බේරීමටයි.

නිසැකවම සරණාගතයන්ට සැනසිල්ල අවශ්‍ය වේ; විශේෂයෙන්ම, යන්නේ කොතැනටද කියා නොදන්නාවූ මෙන්ම තමන්ටත් තම පවුල්වලටත් තිබෙන අනාගතය කුමක්ද කියා නොදැන, තමන්ට උසුලාගෙන යා හැකි දේවල් පමණක් රැගෙන තම නිවෙස්වලින් පිට වී යෑමට සිදු වන අයහට සැනසිල්ල අවශ්‍ය වේ. එවන් මනුෂ්‍යයෝ තාඩන පීඩනවලට ගොදුරු වූ අනුකම්පාව වැඩියෙන්ම හිමි විය යුතු අය අතර වෙත්; ඔවුන්ට සැනසිල්ල අවශ්‍යය.

පොළොවේ වඩා සාමකාමී ප්‍රදේශවල පවා, ලෝකයේ පවතින ආර්ථික ක්‍රමය යටතේ මිලියන ගණනක් වහල්ලූ හැටියට ජීවත් වෙති. සමහරුන්ට ද්‍රව්‍යමය දේවල් බහුල ලෙස තිබෙන බව සැබෑය. කෙසේවෙතත්, බහුතරය දිනපතාම ජීවත්වීම සඳහා දැඩි සටනක යෙදෙමින් සිටිති. බොහෝදෙනෙක් ජීවත්වීමට සුදුසු නිවාස සොයති. වැඩි පිරිසකට රැකියා නොමැත. “වසර 2020 වන විට, බිලියන 1.3කට වැඩි පිරිසක් රැකියා සොයමින් සිටින ලෝකය, පෙර නොවූවිරූ රැකියා අර්බුදයක් කරා ගමන් කරමින් සිටියි”, කියා අප්‍රිකානු පුවත්පතක් අනාවැකි පළ කරයි. නිසැකවම, ආර්ථික පීඩනයන්ට ගොදුරුවූවන්ට “ශක්තිය සහ බලාපොරොත්තුව”—සැනසිල්ල අවශ්‍ය වේ.

බලාපොරොත්තු කඩ වන තත්වයන්ට ප්‍රතිචාරය දක්වමින්, ඇතමුන් අපරාධකරුවෝ බවට පත් වෙති. ඇත්තෙන්ම, මෙයින් සිදු වන්නේ ඔවුන්ගේ අපරාධවලට ගොදුරුවන්නන්ට දුෂ්කරතාවන් ඇති කිරීම පමණි; තවද වැඩි වන අපරාධ, තාඩන පීඩනවලට තවත් දේවල් එක් කරයි. දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග්හි පළ වන පුවත්පතක් වන ද ස්ටාර්හි මෑතකදී පළ වූ සිරස්තලයක මෙසේ කියවීමට තිබිණ: “ ‘ලෝකයේ වඩාත් මාරාන්තික රටේ’ දවසක් ගෙවන හැටි.” සාමාන්‍ය දවසකදී ජොහැනස්බර්ග් නගරය පුරා සිදු වන දෑ එම ලිපියේ විස්තර කර තිබිණ. එම දවසේදී, මිනිසුන් සිව්දෙනෙකුව මරා දමා තිබූ අතර, අටදෙනෙකුව බියගන්වා ඔවුන්ගේ මෝටර් රථ පැහැර ගෙන ගොස් තිබිණ. නගරයට ආසන්න ප්‍රදේශයක පිහිටි මධ්‍යම පන්තියේ නිවෙස්වලින් භාණ්ඩ සොරකම් කිරීම් දහහතක් වාර්තා විය. ඊට අමතරව, අවිගත් සොරකම් ගණනාවක් සිදු විය. පුවත්පතෙහි වාර්තා වන විදිහට, පොලීසිය එය විස්තර කළේ “සාපේක්ෂ වශයෙන් අපරාධ අඩු” දවසක් ලෙසය. මිනීමැරුම්වලට ගොදුරුවූවන්ගේ ඥාතීන්ට හා ගෙවල් බිඳීම්වලට මෙන්ම බියගන්වා මෝටර් රථ පැහැරගෙන යෑම්වලට ගොදුරුවූවන්ට හිංසා පීඩාවල වේදනාව දැඩිව දැනෙන බව පැහැදිලිය. ඔවුන්ට රැකවරණය හා බලාපොරොත්තුව—සැනසිල්ල අවශ්‍ය වේ.

ඇතැම් රටවල, තම දරුවන්ව ගණිකා වෘත්තිය සඳහා විකුණන දෙමාපියෝ සිටිති. “ලිංගික වින්දනයක් ලබාගැනීමේ සංචාරයන්” සඳහා සංචාරකයන් විශාල පිරිසක් ඇදී එන එක් ආසියානු රටක ගණිකාවන් මිලියන දෙකකට වැඩියෙන් සිටින බව වාර්තා වේ; ඔවුන්ගෙන් බොහෝදෙනෙකුව මිල දී ගෙන තිබේ; නැතහොත් දරුවන් හැටියට පැහැරගත් අය වෙති. අනුකම්පාසහගත තත්වයක පසු වන මේ දරුවන් තරම් පීඩාවන්ට ලක් වූ වෙනත් අය සිටිය හැකිද? මෙම නීච ව්‍යාපාරය ගැන අදහස් දක්වමින්, 1991දී අග්නිදිග ආසියාවේ කාන්තාවන්ගේ සංවිධාන පිළිබඳව පැවැත්වූ සම්මේලනයක් ගැන ටයිම් සඟරාව වාර්තා කළේය. “වර්ෂ 1970 මැදභාගයේ සිට ස්ත්‍රීන් මිලියන 30ක් ලොව පුරා විකුණා තිබෙන” බව එහිදී ගණන් බලන ලදි.

ඇත්තවශයෙන්ම, දරුවන්ට හිංසා පීඩා පැමිණීමේ එකම මාර්ගය, ඔවුන්ව ගණිකා වෘත්තියට විකිණීම පමණක් නොවේ. වැඩි වන දරුවන් සංඛ්‍යාවකට අනිසි ශාරීරික පීඩා සිදු කර තිබේ, නැතහොත් තමන්ගේම නිවෙස්වලදී දෙමාපියන් හා ඥාතීන් විසින් දූෂණය කර තිබේ. එවන් දරුවන් තුළ දිගු කාලයක් පුරා මානසික කැළැල් පැවතිය හැක. ඇත්තෙන්ම, තාඩන පීඩනවලට ශෝචනීය අන්දමින් ගොදුරුවූවන් හැටියට ඔවුන්ට සැනසිල්ල අවශ්‍ය වේ.

තාඩන පීඩනවලට හේතු සෙවූ පුරාණ මිනිසෙක්

මිනිසා අද්දකින තාඩන පීඩන සම්බන්ධයෙන් සාලමොන් රජ තැතිගැන්මට පත් වූයේය. ඔහු මෙසේ ලීවේය: “නැවත මම හැරී ඉර යට කෙරෙන සියලුම පීඩා දුටිමි. එවිට පීඩා ලබන්නන්ගේ කඳුළු දුටිමි, ඔවුන් සනසන්නෙක්ද නොවීය; ඔවුන්ට පීඩා කරන්නන්ගේ පක්ෂයට බලය තිබුණේය, නුමුත් සනසන්නෙක් නොසිටියේය.”—දේශනාකාරයා 4:1.

පීඩිතයන්ට සනසන්නෙකු සඳහා දැඩි අවශ්‍යතාවක් තිබූ බව, අවුරුදු 3,000කට පෙර ප්‍රඥාවන්ත සාලමොන් රජු තේරුම්ගත්තා නම්, අද පවතින තත්වය ගැන ඔහු කුමක් පවසනු ඇද්ද? කෙසේවෙතත්, තමා ඇතුළුව කිසිම අසම්පූර්ණ මිනිසෙකුට, මිනිස්වර්ගයාට අවශ්‍ය සැනසිල්ල සැපයීමට නොහැකි බව සාලමොන් දැන සිටියේය. පීඩාකරන්නන්ගේ බලය බිඳ දැමීම සඳහා, වඩා බලවත් තැනැත්තෙකුගේ උපකාරය අවශ්‍ය විය. එවන් පුද්ගලයෙක් සිටීද?

සියලුම මිනිසුන්ට සැනසිල්ල ගෙන දෙන උතුම් සැනසිලිකරුවෙකු ගැන බයිබලයේ ගීතාවලිය 72වන පරිච්ඡේදයෙහි කතා කරයි. සාලමොන්ගේ පියා වූ දාවිත් රජු විසින් ගීතාවලිය පොත ලියන ලදි. එහි ශීර්ෂ පාඨයේ මෙසේ කියැවේ: “සාලමොන් ගැනය [NW].” මහලු වයසේ පසු වූ දාවිත් රජු විසින් තම සිංහාසනය උරුම කරගන්නාවූ තැනැත්තා ගැන ලියනු ලැබූවක් බව පැහැදිලිය. එම ගීතිකාව පවසන පරිදි, මෙම තැනැත්තා පීඩනවලට කල්පවතින සහනයක් ගෙන එයි. “උන්වහන්සේගේ දවස්වලදී ධර්මිෂ්ඨයා සඵලවන්නේය; සඳ නැතිවන තෙක්ම බොහෝ සමාදානයද වන්නේය. උන්වහන්සේ මුහුදෙන් මුහුදටත් . . . පොළොවේ කෙළවර දක්වාත් අධිපතිකම් කරන්නේය.”—ගීතාවලිය 72:7, 8.

පෙනෙන විදිහට දාවිත් මෙම වදන් ලියූ විට, ඔහු තම පුත්‍රයා වන සාලමොන් ගැන කල්පනා කරමින් සිටියා විය හැක. එහෙත් ගීතිකාකරු විස්තර කර තිබෙන ආකාරයට මිනිස්වර්ගයාට සේවය කිරීම, තමාගේ බලය ඉක්මවන දෙයක් බව සාලමොන් තේරුම්ගත්තේය. ඔහුට ගීතිකාකරුගේ වදන් ඉටු කළ හැක්කේ, මුළු පොළොවේම ප්‍රයෝජනය සඳහා නොව, නමුත් සුළු ප්‍රමාණයකින් මෙන්ම ඉශ්‍රායෙල් ජාතිය වෙනුවෙන් පමණි. දේවානුභාවය ලත් මේ අනාවැකිමය ගීතිකාව යොමු දැක්වූයේ සාලමොන්ට වඩා උතුම් කෙනෙකුට බව පැහැදිලිය. ඔහු කවුද? එම තැනැත්තා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පමණක් විය යුතුය.

දේවදූතයෙක් යේසුස්වහන්සේගේ උපත දැනුම් දුන් විට මෙසේ පැවසුවේය: “උන්වහන්සේගේ පියවූ දාවිත්ගේ සිංහාසනය දෙවිවූ ස්වාමීන්වහන්සේ උන්වහන්සේට දෙනසේක.” (ලූක් 1:32) තවදුරටත්, “සාලමොන්ට වඩා උතුම් කෙනෙ[කු]” හැටියට යේසුස්වහන්සේ තමා ගැනම සඳහන් කළසේක. (ලූක් 11:31) දෙවියන්වහන්සේගේ දකුණත පැත්තට යේසුස්වහන්සේව නැවත නැඟිටවනු ලැබූ දා පටන්, ගීතාවලිය 72වන පරිච්ඡේදයේ සඳහන් වන වදන් ඉටු කිරීමට හැකි ස්ථානයක් වන ස්වර්ගයෙහි උන්වහන්සේ සිටිනසේක. තවදුරටත්, මිනිසුන්ට හිංසා පීඩා කරන්නන්ව විනාශ කිරීමට දෙවියන්වහන්සේගෙන් බලය හා අධිකාරිය උන්වහන්සේට ලැබී තිබේ. (ගීතාවලිය 2:7-9; දානියෙල් 2:44, 45) එනිසා ගීතාවලිය 72හි සඳහන් වචන ඉටු කළ හැකි එකම තැනැත්තා යේසුස්වහන්සේය.

තාඩන පීඩන ඉක්මනින්ම නිමාවට පත් වේ

මෙයින් අදහස් කරන්නේ කුමක්ද? මිනිසා විසින් සිදු කරනු ලබන සියලු ආකාර තාඩන පීඩනවලින් නිදහස ලැබීම ඉක්මනින්ම යථාර්ථයක් වන බව ඉන් අදහස් කරයි. “මේ දේවල පිළිවෙළේ සමාප්තිය” සනිටුහන් කරන ලකුණේ අංගයක් හැටියට, මේ 20වන සියවසෙහි අද්දකින ලද පෙර නොවූවිරූ දුක් වේදනාවන් හා තාඩන පීඩන ගැන යේසුස්වහන්සේ පුරෝකථනය කළසේක. (මතෙව් 24:3, NW) උන්වහන්සේ මෙසේද පුරෝකථනය කළසේක: “ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත.” (මතෙව් 24:7) වර්ෂ 1914දී පළමුවන ලෝක මහා යුද්ධය ආරම්භ වූ දා පටන් අනාවැකියේ එම අංගය ඉටුවීමට පටන්ගත්තේය. යේසුස්වහන්සේ තවදුරටත් ඊට මෙසේ එකතු කළේය: “අධර්මිෂ්ඨකම [නොපනත්කම, NW] බෝවෙන බැවින් බොහෝ දෙනාගේ ප්‍රේමය හීනවන්නේය.” (මතෙව් 24:12) නොපනත්කම හා ප්‍රේමය හීනවීමේ ප්‍රතිඵලයක් වශයෙන් දුෂ්ට හා කලහකාරි පරම්පරාවක් බිහි වී ඇත. මේ නිසා, පොළොවේ නව රජු හැටියට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මැදිහත් වීමේ කාලය ආසන්න විය යුතුය. (මතෙව් 24:32-34) යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තබා, දෙවියන්වහන්සේ විසින් පත් කර තිබෙන මිනිස්වර්ගයාගේ සැනසිලිකරුවාණන් වශයෙන් උන්වහන්සේ දෙස බලාසිටින පීඩිත මිනිසුන්ට එයින් අදහස් කරන්නේ කුමක්ද?

ඒ පැනයට පිළිතුරු දීම සඳහා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඉටු වන ගීතාවලියේ 72හි සඳහන් තව වචන කිහිපයක් අපි කියවා බලමු: “උන්වහන්සේ මොරගසන දිළිඳාද උපකාරකාරයෙක් නැති දුප්පතාද මුදාහරින්නේය. උන්වහන්සේ දුප්පතුන් සහ දිළිඳුන් කෙරෙහි අනුකම්පාකරන්නේය, දිළිඳුන්ගේ ප්‍රාණයන් ගළවන්නේය. උන්වහන්සේ ඔවුන්ගේ ප්‍රාණය පීඩාවෙන්ද බලාත්කාරයෙන්ද මුදන්නේය; ඔවුන්ගේ ලේ උන්වහන්සේගේ ඇස් හමුයෙහි අනර්ඝ වන්නේය.” (ගීතාවලිය 72:12-14) මෙසේ, දෙවියන්වහන්සේගේ පත් කළ රජු වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, කිසිවෙකු තාඩන පීඩන හේතුවෙන් දුක් වේදනා නොවිඳින බවට වගබලා ගන්නාසේක. සියලු ආකාර අයුක්තිය නිමාවකට පත් කිරීමට උන්වහන්සේට බලය තිබේ.

‘එය ඉතා මවිතකර යමක්’ බව යමෙකු පැවසිය හැක; ‘නමුත් දැන් තත්වය ගැන කුමක් කිව හැකිද? දැන් දුක් විඳිමින් සිටින අයහට තිබෙන සැනසිල්ල කුමක්ද?’ ඇත්තවශයෙන්ම, පීඩිතයන්ට සැනසිල්ල තිබේ. මිලියන ගණනක්, සැබෑ දෙවි වූ යෙහෝවඃවහන්සේ සහ උන්වහන්සේගේ ප්‍රියාදර පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ සමීප සබඳතාවක් වර්ධනය කරගැනීමෙන් දැනටමත් සැනසිල්ල අද්දකිමින් සිටින ආකාරය මේ සඟරාවේ ඊළඟ ලිපි දෙකෙහි පැහැදිලි කරනු ලබනවා ඇත. මේ පීඩිත කාලවලදී එවන් සබඳතාවකින් සැනසිල්ලක් ලබාගැනීමට අපට හැකි අතර, යම් පුද්ගලයෙකුව තාඩන පීඩනවලින් තොර සදාකාල ජීවනයකට මඟ පෙන්වීමට එයට හැක. දෙවියන්වහන්සේට යාච්ඤා කරමින් යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: “මින් සදාකාල ජීවනය අදහස් කෙරේ, එනම් එකම සැබෑ දෙවියන්වහන්සේ වන ඔබ ගැනත්, ඔබ විසින් එවන ලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැනත් ඔවුන් විසින් දැනුම ලබාගැනීමය.”—යොහන් 17:3, NW.

[4, 5වන පිටුවේ පින්තූරය]

දෙවියන්වහන්සේගේ නව ලෝකයෙහි කිසි මිනිසෙක් තව කෙනෙකුට පීඩා නොකරනු ඇත

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න