ඔබට මතකද?
මෑතක මුරටැඹ කලාප ඔබට ප්‍රායෝගික වටිනාකමකින් යුතු බව ඔබ දැක තිබේද? එසේනම් මතු සඳහන් ප්‍රශ්න මගින් ඔබගේ මතකය පරීක්ෂා කර නොබලන්නේ මන්ද:
◻ අම්මොන්වරුන්ගේ විනාශයෙන් අපට කුමන පාඩමක් උගත හැකිද? (ශෙපනියා 2:9, 10)
යෙහෝවඃවහන්සේ ස්වකීය කරුණාවන්තකමට සතුරුකම දැක්වීම සුළු කොට නොතකන අතර, පුරාණ කාලවලදී කළාක් මෙන් උන්වහන්සේ නියමිත කාලයේදී පියවර ගනු ඇත. (ගීතාවලිය 2:6-12, සසඳන්න.)—12/15, 10 පිටුව.
◻ ක්‍රිස්තියානීන්ට සමාදානය තිබෙන්නේ කිනම් මාර්ගවලින්ද?
පළමුව, “ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේ හා සමඟ සමාදානය” ඔවුන්ට තිබේ. (රෝම 5:1) දෙවනුව, “පළමුකොට පිරිසිදුව, ඊළඟට සමාදානව” තිබෙන “ඉහළින් පැමිණෙන ප්‍රඥාව” වගා කිරීමෙන් ඔවුන් අතරෙහි සමාදානය තිබේ. (යාකොබ් 3:17)—1/1, 11 පිටුව.
◻ දෙවියන්වහන්සේගේ වචනයට සමාන කර තිබෙන සමහර දේවල් මොනවාද, තවද මෙය අපට උපකාරවත් වන්නේ කෙසේද?
දෙවියන්වහන්සේගේ වචනය පෝෂ්‍යදායී කිරි, දැඩි ආහාර, නැවුම් මෙන්ම පවිත්‍ර වතුරටද, කැඩපතක් සහ තියුණු කඩුවකටද සමාන කර තිබේ. මෙම යෙදුම්වලින් අඟවන දේ තේරුම්ගැනීම, දේවසේවකයෙකුට බයිබලය දක්ෂ ලෙස පාවිච්චි කිරීමට උපකාර කරයි.—1/1, 29 පිටුව.
◻ සමබර ලෞකික අධ්‍යාපනයක් අපට කුමක් කිරීමට උපකාරවත් විය යුතුද?
මැනවින් කියවීමට, පැහැදිලිව ලිවීමට, මානසික හා සදාචාර වශයෙන් දියුණු වීමට සහ දෛනික ජීවිතය සඳහා අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව ලබාගැනීමට මෙන්ම බලපෑමෙන් යුත් පරිශුද්ධ සේවයට උපකාරවත් විය යුතුය.—2/1, 10 පිටුව.
◻ යේසුස්වහන්සේගෙන් අධ්‍යාපනය පිළිබඳ කිනම් අගනා පාඩමක් අපට උගත හැකිද?
අධ්‍යාපනය පාවිච්චි කළ යුත්තේ අපටම ප්‍රශංසාව ලබාගැනීමට නොව, නමුත් ශ්‍රේෂ්ඨතම ශික්ෂකයා වන යෙහෝවඃ දෙවියන්වහන්සේට ප්‍රශංසාව ගෙන දීමටය. (යොහන් 7:18)—2/1 10 පිටුව.
◻ දෙවියන්වහන්සේගේ රාජ්‍යය යනු කුමක්ද?
රාජ්‍යය යනු, පාපයේ සහ මරණයේ බලපෑම් ඉවත් කිරීමට වූ දෙවියන්වහන්සේගේ කැමැත්ත ඉටු කරන හා පොළොව මත ධර්මිෂ්ඨ තත්වයන් නැවත පිහිටුවීමට යන්නාවූ දිව්‍යමය ලෙස පිහිටුවනු ලැබූ ස්වර්ගික ආණ්ඩුවකි. (දානියෙල් 2:44, 45ආ; එළිදරව් 11:15; 12:10)—2/1, 16 පිටුව.
◻ සාහසිකකමට ස්ථිරසාර අවසානයක් ගෙන ඒමට අවශ්‍ය අධ්‍යාපනය බයිබලය මගින් සපයනු ලබන්නේ කෙසේද?
යෙහෝවඃවහන්සේ ස්වකීය වචනය වන බයිබලය තුළින් ජනයාට සාමයට ප්‍රිය කිරීමට සහ ධර්මිෂ්ඨ වීමට උගන්වනසේක. (යෙසායා 48:17, 18) ඇතුළාන්තයට කිඳාබැස, පුද්ගලයාගේ හෘදය ස්පර්ශ කර, ඔහුගේ කල්පනාව සහ හැසිරීම වෙනස් කිරීමට දෙවියන්වහන්සේගේ වචනයට බලය තිබේ. (හෙබ්‍රෙව් 4:12)—2/15, 6 පිටුව.
◻ යෙසායා 35වන පරිච්ඡේදයේ ඇති අනාවැකියේ තුන් ආකාරයක ඉටුවීමක් තිබෙන බව පැවසිය හැක්කේ කුමන මාර්ගවලින්ද?
යුදෙව්වන් බබිලෝනියේ වහල්භාවයේ සිට පැමිණි වසරේදී එනම්, පො.යු.පෙ. 537දී යෙසායාගේ අනාවැකියේ පළමු ඉටුවීම සිදු විය. ආත්මික ඉශ්‍රායෙල්වරුන් මහ බබිලෝනියේ වහල්භාවයෙන් මුදවාගැනීමේ සිට අදදින දක්වා එයට දිගටම පවතින ආත්මික ඉටුවීමක් තිබේ. තවද, වචනානුසාරයෙන්ම පොළොව මත පාරාදීස තත්වය පිළිබඳව බයිබල් සහතිකය හා සම්බන්ධ තෙවන ඉටුවීමක්ද එයට තිබෙනු ඇත. (ගීතාවලිය 37:10, 11; එළිදරව් 21:4, 5)—2/15, 17 පිටුව.
◻ මනුෂ්‍යයා සඳහා ඇති දෙවියන්වහන්සේගේ පෞද්ගලික උනන්දුව සිය පුත්‍රයාණන් වන යේසුස්වහන්සේ විසින් සිදු කරන ලද ආශ්චර්යවලින් නිරූපණය කරන ලද්දේ කෙසේද?
“පියාණන්වහන්සේ යමක් කරනවා පුත්‍රයා දක්නේද ඒ දේ මිස තනියම කිසිවක් කරන්ට ඔහුට බැරි” බැවින්, උන්වහන්සේගේ දයානුකම්පාවෙන්, යෙහෝවඃවහන්සේ සෑම සේවකයෙකු කෙරෙහි දක්වන සැලකිල්ල හද දනවන ආකාරයකින් නිරූපණය වේ. (යොහන් 5:19)—3/1, 5 පිටුව.
◻ යොහන් 5:28, 29හි සඳහන් ‘සිහිකිරීමේ සොහොන් ගෙවල්’ යන යේසුස්වහන්සේගේ ප්‍රකාශයෙන් කුමක් ඇඟවේද?
මෙහි පාවිච්චි කරන ලද ම්නෙ·මෙයිʹයොන් (සොහොන් ගෙවල්) යන ග්‍රීක් වචනය, මියගිය තැනැත්තාගේ හෝ තැනැත්තියගේ සහජ ලක්ෂණ සහ සම්පූර්ණ මතකය ඇතුළුව පුද්ගලයාගේ වාර්තාව යෙහෝවඃවහන්සේ විසින් මතක් කරනු ලබන බව යෝජනා කරයි. දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ව තනි පුද්ගලයන් වශයෙන් සලකන බවට මෙය ප්‍රබල සාක්ෂි ලබා දේ!—3/1, 6 පිටුව.
◻ අපට ප්‍රායෝගික උපකාරයක් සපයන්නේ, ශෙපනියාගේ අනාවැකියේ කුමන අනතුරු අඟවන පණිවුඩයද?
අපගේ හෘද තුළ සැක මුල්බැස ගැනීමට ඉඩහැරීමට සහ යෙහෝවඃවහන්සේගේ දවස පැමිණීම අපගේ මනසින් අහක් කර දැමීමට අදදින කාලය නොවේ. එමෙන්ම, උදාසීනත්වයේ දුර්වල කරවන බලපෑම්වලට එරෙහිව අප ආරක්ෂා විය යුතුය. (ශෙපනියා 1:12, 13; 3:8)—3/1, 17 පිටුව.
◻ දෙවියන්වහන්සේට පක්ෂපාත වීම අභියෝගයක් ඉදිරිපත් කරන්නේ මන්ද?
පක්ෂපාතකම, අප අපගේ දෙමව්පියන්ගෙන් උරුම කරගත් ආත්මාර්ථකාමී නැඹුරුවාවන්ට විරුද්ධ වන බැවිනි. (උත්පත්ති 8:21; රෝම 7:19) සාතන් සහ ඔහුගේ භූතයන් අපව දෙවියන්වහන්සේට අපක්ෂපාත කිරීමට අදිටන් කරගෙන සිටින බැවින් එය වඩාත් වැදගත් වේ. (එපීස 6:12; 1 පේතෘස් 5:8)—3/15, 10 පිටුව.
◻ පක්ෂපාතකම පිළිබඳ අභියෝගයට අප මුහුණ දිය යුත්තේ කුමන මාර්ග හතරෙන්ද, එමෙන්ම අපට එසේ කිරීමට උපකාර කරන්නේ කුමක්ද?
මාර්ග හතර නම් යෙහෝවඃවහන්සේට, ස්වකීය සංවිධානයට, සභාවට සහ අපගේ විවාහ කලත්‍රන්ට පක්ෂපාත වීමයි. මෙම අභියෝගවලට මුහුණ දීමට එක් ආධාරකයක් වන්නේ, පක්ෂපාතකම පිළිබඳ අභියෝගය යෙහෝවඃවහන්සේගේ පරමාධිපත්‍යය නිදොස් බව ඔප්පු කිරීම හා සම්බන්ධව පවතින බව අගය කිරීමය.—3/15, 20 පිටුව.
◻ ගිවිසුම් පෙට්ටිය යෙරුසලමට ගෙන ඒමට උත්සාහ කළ දාවිත්ගේ අද්දැකීමෙන් අපට කුමන පාඩම උගත හැකිද? (2 සාමුවෙල් 6:2-7)
ගිවිසුම් පෙට්ටිය රැගෙන ඒම සම්බන්ධයෙන් යෙහෝවඃවහන්සේ දුන් උපදෙස් දාවිත් නොසලකා හැරිය අතර මෙය විපත්ති ගෙන ආවේය. පාඩම නම්, ස්වකීය පැහැදිලි උපදෙස් නොසලකා හැරීමෙන් ප්‍රතිඵල වන ගැටලු ගැන, අප කිසිදාක යෙහෝවඃවහන්සේට දෝෂාරෝපණය නොකළ යුතු බවයි. (හිතෝපදේශ 19:3)—4/1, 28, 29 පිටු.