ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w95 10/1 25-28 පි.
  • ඔබේ හදිසිතාවේ හැඟීම රැකගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබේ හදිසිතාවේ හැඟීම රැකගන්න
  • 1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • හදිසිතාවේ නිශ්චිත කාලපරිච්ඡේද
  • ක්‍රිස්තියානි කාලවල හදිසිතාව
  • එවැනි හදිසිතාවක් යෝග්‍ය නොවූ එකක්ද?
  • හදිසිතාවට තවත් දිරිගැන්වීමක්
  • හදිසිතාවේ ඒකාන්ත ප්‍රතිඵල
  • ඉතිරි වී තිබෙන්නේ තව කෙටි කාලයයි!
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උද්‍යෝගයෙන් සේවය කරන්න උදව් වෙන සිහිගැන්වීම්
    2014 අපගේ රාජ්‍ය සේවාව
  • ‘යෙහෝවා දෙවිගේ මහත් දවස ළඟයි’
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සැබෑ නමස්කාරය වෙනුවෙන් උද්‍යෝගයෙන් ක්‍රියා කරන්න
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w95 10/1 25-28 පි.

ඔබේ හදිසිතාවේ හැඟීම රැකගන්න

යෙහෝවඃවහන්සේට මුළු ආත්මයෙන් දිගටම සේවය කිරීම සඳහා උන්වහන්සේ අනුමත කරන එක් ඒකාන්ත මාර්ගයක් කවරේද? එය නම්, අව්‍යාජ හදිසිතාවේ හැඟීමක් අප හදපත්ලෙහි තබාගැනීමයි. ආත්ම-පූර්ණ ආකාරයකින් දෙවියන්වහන්සේට සේවය කිරීම යන්නෙන් අදහස් කරන්නේ, අපගේ මුළු පැවැත්ම තුළ උන්වහන්සේට සේවය කිරීමයි, එයට උන්වහන්සේ අපගෙන් ඉල්ලන ඕනෑම දෙයක් කිරීම සඳහා ඒකාන්ත, අචල කීකරුකමක් අවශ්‍ය වේ.

අනාගතවක්තෘ මෝසෙස් ඉශ්‍රායෙල් ජාතියට උපදෙස් දුන් විට මෙම අවශ්‍යතාව අවධාරණය කළේය: “නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹේ මුළු සිතෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද ප්‍රේමකරපන්න.” (ද්විතීය කථාව 6:5) ශතවර්ෂ ගණනාවකට පසු, මෙම ආඥාවම ක්‍රිස්තුස් යේසුස්වහන්සේ විසින් නැවත කියන ලදි: “තාගේ මුළු හෘදයෙන්ද තාගේ මුළු ආත්මයෙන්ද තාගේ මුළු බුද්ධියෙන්ද තාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරව.” (මතෙව් 22:37) ප්‍රේරිත පාවුල් එපීසවරුන්ට මුළු “සිතින් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරපල්ලා” යනුවෙන් පැවසූ විටත්, කොලොස්සිවරුන්ට: “නුඹලා කරන කොයි දෙයක් නුමුත් මනුෂ්‍යයන්ට නොව ස්වාමීන්වහන්සේට මෙන් සිතෙන් කරපල්ලා” යනුවෙන් අවවාද කළ විටත්, මෙම අවශ්‍යතාවට යොමු දැක්වූයේය.—එපීස 6:6; කොලොස්සි 3:24අ

කෙසේවෙතත්, අපට අප තුළම ගැඹුරු හදිසිතාවේ හැඟීමක් නොතිබෙන විට හෝ අපට තිබූ හදිසිතාවේ හැඟීම දැන් අඳුරු වී—සමහරවිට මුළුමනින්ම නැතිවී ගොස් තිබෙන විට, අපගේ හෘදය සහ ආත්මය දෙවියන්වහන්සේගේ සේවය සඳහා යෙදවීම අපහසු දෙයකි. අදදින, මිනිස් ඉතිහාසයේ වෙනත් කිසිදු කාලපරිච්ඡේදයකට සම කළ නොහැකි හදිසිතාවේ කාලයක අපි ජීවත් වන්නෙමු.

හදිසිතාවේ නිශ්චිත කාලපරිච්ඡේද

පූර්ව-ක්‍රිස්තියානි කාලවලදී හදිසිතාවේ කාලපරිච්ඡේද කිහිපයක් තිබිණ. නෝවාගේ දවස් සහ සොදොම සහ ගොමොරාහි විනාශය දක්වා ඇදීගිය කාලපරිච්ඡේදය නිශ්චිතවම සැබෑ හදිසිතාවේ කාල විය. (2 පේතෘස් 2:5, 6; යූද් 7) නිසැකවම ජලගැලීමට පෙර වර්ෂයන් හදිසි ක්‍රියාකාරකම්වලින් පිරී තිබිණ. ජලගැලීම ආරම්භ වන්නේ කවදාදැයි නෝවා සහ ඔහුගේ පවුල හරියටම නොදැන සිටියත්, ඔවුන්ගේ ‘දේවභය’ අතපසු නොකර සහතික වශයෙන් ක්‍රියා කිරීමට ඔවුන්ට උපකාරවත් විය.—හෙබ්‍රෙව් 11:7.

ඒ හා සමානවම, සොදොම සහ ගොමොරාහි විනාශයට පෙර, දේවදූතයෝ “ලොත් ඉක්මන් කෙරෙවුවෝය” තවද ඔහුට මෙසේ කීහ: “නුඹේ ප්‍රාණය ගළවාගන්ට දුවපන්න”! (උත්පත්ති 19:15, 17) ඔව්, එම අවස්ථාවේදීත්, හදිසිතාව ධර්මිෂ්ඨ ජීවිත ගැළවුවේය. ශතවර්ෂ ගණනාවකට පසු බබිලෝනියේ විසූ යුදෙව් වහල්ලන්ව මෙසේ ධෛර්යය කරන ලදි: “පිටවෙයල්ලා, පිටවෙයල්ලා, ඔතනින් පිටතට පලයල්ලා, කිසි අපවිත්‍ර දෙයකට අත නොගසා, ඈ තුළින් පිටතට පලයල්ලා.” (යෙසායා 52:11) එම හදිසි අනාවැකිමය නියෝගයට කීකරුවීමක් වශයෙන් පො.යු.පෙ 537දී, වහල්ලු 2,00,000ක් පමණ ඉක්මනින් බබිලෝනියෙන් පිටත්වූහ.

එම සෑම අවස්ථාවකම හදිසිතාවේ හැඟීමක් දැක්වීමේ ප්‍රතිඵලය වූයේ හදිසි කාලවල තමුන් ජීවත්වනවායයි යන හැඟීමෙන් සිටියාවූද, එය ප්‍රාණවත්ව තබාගත්තාවූද, අය විසින් ආත්ම-පූර්ණ සේවයෙහි යෙදීමය.

ක්‍රිස්තියානි කාලවල හදිසිතාව

ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලි මුළුල්ලේද හදිසිතාවේ ප්‍රතිරාවයන් ඇසිය හැක. “බලමින් සිටපල්ලා,” “පිබිද සිටින්න,” “අවදිව සිටපල්ලා,” “නුඹලාත් සෑදී සිටපල්ලා”—නියම හදිසිතාවේ හැඟීම සිය අනුගාමිකයන් තුළ කාවැද්දවීම පිණිස යේසුස්වහන්සේ මේ සියලු ප්‍රකාශයන් උපයෝගි කරගත්සේක. (මතෙව් 24:42-44; මාර්ක් 13:32-37, NW) මීට අමතරව, කන්‍යාවන් දසදෙනා, දුෂ්ට දාසයා, තලෙන්ත සහ එළුවන් කෙරෙන් බැටළුවන් වෙන් කිරීම ආදී උන්වහන්සේගේ උපමා සියල්ලම කලින් බලාපොරොත්තු වීමක් සහ හදිසිතාවේ හැඟීමක් උපදවයි.—මතෙව් 25:1, 14, 15, 32, 33.

යේසුස්වහන්සේ හදිසිතාව පිළිබඳ කතා කළා පමණක් නොව, හදිසිතාවකින් යුතුව වැඩ කිරීම තුළින්ද උන්වහන්සේ, උන්වහන්සේගේ වචනවල යථාර්ථය කාවැද්දවූසේක. එක් අවස්ථාවකදී සමූහයා උන්වහන්සේට යන්ට නොදී නවත්වාගැනීමට උත්සාහ කළ විට, උන්වහන්සේ මෙසේ පැවසූසේක: “මා විසින් අනික් නුවරවලත් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ යහපත් ආරංචිය දේශනාකරන්ට ඕනෑය. මක්නිසාද ඒ පිණිස එවනලද්දෙමි.” (ලූක් 4:42, 43) තවදුරටත්, උන්වහන්සේ උන්වහන්සේගේ ගෝලයන්ට ගොයම් කැපීමට ගොවියන් එවන ලෙස ගොයමේ ස්වාමියාට යාච්ඤා කරන්ට උනන්දු කළේ, “ගොයම නම් බොහෝය, නුමුත් ගොවියෝ ස්වල්ප දෙනෙක්” වූ බැවිනි. (මතෙව් 9:37, 38) දෙවියන්වහන්සේට කරන එවැනි යාච්ඤාපූර්වක ඉල්ලීමක් ඇත්තෙන්ම හදිසිතාවේ ස්ප්‍රීතුවක් ප්‍රකාශ කරයි.

එවැනි හදිසිතාවක් යෝග්‍ය නොවූ එකක්ද?

සමහරුන් මෙම තර්කානුකූල ප්‍රශ්නය නැඟිය හැක, පුරෝකථනය කරන ලද “මහත් පීඩාව” ශතවර්ෂ ගණනාවක් තවත් ඉදිරියේ තිබුණේ නම්, යේසුස්වහන්සේගේ කාලයේදී එවැනි හදිසිතාවේ හැඟීමක් අවශ්‍යව තිබුණේ මන්ද?—මතෙව් 24:21.

යේසුස්වහන්සේ විසින් උන්වහන්සේගේ අනුගාමිකයන්ව දේශනා කිරීමේ සහ ඉගැන්වීමේ වැඩයෙහි කාර්යබහුල කිරීමට යෙදූ කූට උපායක් නොවන බවට අපට නිසැක විය හැක. නැත, ගෝලයන්ට තිබූ යේසුස්වහන්සේගේ ප්‍රේමය මෙන්ම කාලය පිළිබඳ යෙහෝවඃවහන්සේගේ ආකල්පය සම්බන්ධයෙන් උන්වහන්සේගේ පරිපූර්ණ තේරුම්ගැනීම, හදිසිතාව සඳහා උපදෙස් දීමට මූලික පදනම විය. ඔව්, යෙහෝවඃවහන්සේගේ අරමුණට අනුව, උන්වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කිරීමට හදිසිතාවේ ස්ප්‍රීතුවක් අවශ්‍ය බව ක්‍රිස්තුස් යේසුස්වහන්සේ දැන සිටිසේක. තවදුරටත්, උන්වහන්සේගේ නැවත පැමිණීම වන තෙක්, හදිසිතාවේ හැඟීමක් පවත්වාගෙන යෑමෙන් උන්වහන්සේගේ ගෝලයෝ ආත්මික ලෙස ඔවුන්ටම ප්‍රයෝජන අත්කරගන්නා බව උන්වහන්සේ දැන සිටිසේක.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සීමිත කාලයක් තුළ ලෝක ව්‍යාප්ත සාක්ෂිදැරීමේ වැඩක් ඉටු කළ යුතු බවට පැහැදිලිවම පෙන්වාදී තිබිණ. (මතෙව් 24:14; මාර්ක් 13:10) වැඩය අනාවරණය වූ විට පමණක් මෙම පැවරුමේ ප්‍රගතිශීලී අවදි එළිදරව් කරන ලදි. එහෙත් සෑම පියවරක්ම ඉෂ්ට කිරීමට හදිසිතාව අවශ්‍ය විය. යේසුස්වහන්සේ මෙම පැවරුමේ ප්‍රගමනය මෙලෙස පෙන්වා දුන්සේක: “එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුය.” (ක්‍රියා 1:8) මෙම පැවරුම වර්තමානය දක්වා ක්‍රමයෙන් එළිදරව් වෙමින් පැවත තිබෙන්නේ මෙලෙසිනි. සමහර අවස්ථාවල, කාලයත් සමඟ තේරුම්ගැනීම පිළිබඳව අවශ්‍ය සකසාගැනීම් කිරීමට සිදුවීම හේතුකොටගෙන, දෙවියන්වහන්සේගේ සේවකයන්ට සමහර පුදුමසහගත දේවලට මුහුණදීමට සිදුවී තිබේ.

ක්‍රිස්තියානි හදිසිතාවේ හැඟීම යෙහෝවඃවහන්සේගේ අරමුණ ඉෂ්ට කර තිබේ. යෙහෝවඃවහන්සේගේ නොවරදින කාලසටහනට අනුව, ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන්ට ප්‍රගමනය වූ ඔවුන්ගේ පැවරුම කරගෙන යෑමට එය උපකාරවත් වී තිබේ. ඉතින් අදදින, වසර 2,000කට ආසන්න කාලයක් දෙස හැරී බලද්දී, එම දිව්‍ය කාලසටහන අපි වඩාත් හොඳින් තේරුම්ගනිමු.

ඉශ්‍රායෙල් කෙරෙහි විශේෂ අනුග්‍රහයක් අවසානයක් කරා ළඟාවූ විට යෙරුසලමේ, යුදයේ, සමාරියේ සහ පො.යු. 36ට පෙර විසිර ගියාවූ යුදෙව්වන්ට, සම්පූර්ණ සාක්ෂියක් දීමට ක්‍රිස්තියානි හදිසිතාව ගෝලයන්ට උපකාර විය. (දානියෙල් 9:27; ක්‍රියා 2:46, 47) එලෙසම, සියලුම යුදෙව්වන්ට ටික කලකින් ඔවුන්ගේ පිළිවෙළ අවසාන වන බව පැහැදිලි අනතුරු ඇඟවීමක් දීමට මුල් සභාවලට ක්‍රිස්තියානි හදිසිතාව උපකාර විය. (ලූක් 19:43, 44; කොලොස්සි 1:5, 6, 23) පසුව පො.යු. 70දී බලාපොරොත්තු නොවූ ලෙස එය අවසන් වීමෙන් පසු, කලින් කියන ලද ඇදහිල්ල අත්හැර යෑම එහි මාරාන්තික ආත්මික අන්ධකාරය පැතිරවීමට පෙර, ක්‍රිස්තුස්වහන්සේගේ පළමු ශතවර්ෂයේ සාක්ෂිකරුවන්ට ස්වර්ගික බලාපොරොත්තුව බොහෝදෙනෙකුට ප්‍රකාශ කිරීමට හදිසිතාව උපකාර විය. (2 තෙසලෝනික 2:3; 2 තිමෝති 4:2) පසුව, අඳුරු යුගයේ ශතවර්ෂ ගණනාව පුරා ක්‍රිස්තුස් යේසුස්වහන්සේ කලින් කියූ පරිදි තිරිඟු මෙන් ක්‍රිස්තියානීහු අල්ප ප්‍රමාණයක් රාජ්‍ය බලාපොරොත්තුව ජීවමානව තබාගත්හ. (මතෙව් 13:28-30) අවසානයේදී, උන්වහන්සේගේ නියම කරන ලද කාලයේදී, යෙහෝවඃවහන්සේ ප්‍රබල නවීන-දින සභාවක් නඟා සිටෙවූ අතර, මෙම අවසාන පරම්පරාවේ ජීවත්වන්නාවූ අයට උන්වහන්සේගේ විනිශ්චයේ හදිසි පණිවිඩය මගින් ඔවුන් ඉදිරියට ගොස් තිබේ.—මතෙව් 24:34.

පුරාණ කාලයේ සිටි දානියෙල් මෙන්, නවීන-දින දෙවියන්වහන්සේගේ විශ්වාසවන්ත සාක්ෂිකාරයෝ කිසිදාක යෙහෝවඃවහන්සේව ප්‍රශ්න කිරීමට හෝ උන්වහන්සේගෙන් මෙසේ නොඅසනු ඇත: “ඔබ කුමක් කරනසේක්[ද]?” (දානියෙල් 4:35) උන්වහන්සේගේ වැඩය නිවැරදිවම කාලසටහනට අනුව නිම කිරීමට කුමක් අවශ්‍යදැයි යෙහෝවඃවහන්සේ දන්නා බවට ඔවුහු නිසැක වෙති. එමනිසා යෙහෝවඃවහන්සේ කාරණා විධිවිධානය කරන මාර්ගය පිළිබඳ ප්‍රශ්න කරනවා වෙනුවට, මෙම ඉතා වැදගත් කාලයේදී උන්වහන්සේ සමඟ වැඩ කිරීමේ ප්‍රස්තාව ඔවුන්ට දී තිබෙන බැවින්, ඔවුහු ප්‍රීතිවෙති.—1 කොරින්ති 3:9.

හදිසිතාවට තවත් දිරිගැන්වීමක්

මහත් පීඩාවේ හදිසි හටගැනීමේ නිවැරදි දවස හා පැය නිශ්චිතවම කීමට අපට නොහැකි වීම හදිසිතාවට තවත් හේතුවක් වේ. කලින් නියම කරන ලද එම ඉතා වැදගත් සිදුවීමේ දවස හා පැය පොළොව මත කිසිම කෙනෙකු නොදන්නා බව ක්‍රිස්තුස් යේසුස්වහන්සේ නිසැක වූසේක. (මතෙව් 24:36) තවත් අවස්ථාවක උන්වහන්සේ සිය මහත් උනන්දුවක් ඇති ප්‍රේරිතවරුන්ට මෙසේ කීසේක: “පියාණන්වහන්සේ තමන්ගේම බලය යටතේ තබාගත් කාලයන්ද ප්‍රස්තාවන්ද දැනගැනීම නුඹලාට අයිති නැත.” (ක්‍රියා 1:7) ඔව්, ප්‍රතිඵලය ඉතා පැහැදිලිය, එහෙත් සෑම විස්තරයක්ම පහසුවෙන්ම දැනගැනීමට අපට අවශ්‍ය නොවේ.

හදිසිතාව පිළිබඳ ප්‍රේරිත පාවුල්ට නිවැරදි ආකල්පය තිබිණ. සමහරවිට ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණ සිටීම පිළිබඳ තෙසලෝනිකවරුන්ට ලියූ විට යේසුස්වහන්සේගේ වචන ඔහුගේ මනසෙහි තිබෙන්ට ඇත: “නුමුත් සහෝදරයෙනි, කාලවල්ද ප්‍රස්තාවයන්ද ගැන නුඹලාට යමක් ලියන්ට වුවමනා නැත.” (1 තෙසලෝනික 5:1) යේසුස්වහන්සේ මෙලෙස කියා වසර 17කට පමණ පසුව ඔහු මෙම ලිපිය ලීවේය: “නුඹලා. . . පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුය.” (ක්‍රියා 1:8) එම කාලයේදී තවත් කිසිවක් එළිදරව් වී නොතිබුණ බැවින් තව කිසිවක් ලිවිය නොහැකි විය. එසේවුවත් තවමත් ක්‍රිස්තියානීන් හදිසිතාවකින් යුතුව දේශනා කරන විට “රාත්‍රියෙහි සොරෙකු එන්නාක් මෙන්” යෙහෝවඃවහන්සේගේ දවස නිශ්චිතවම පැමිණෙන බව ඔවුන්ට නිසැක විය හැක.—1 තෙසලෝනික 5:2.

මෙම වචන මනසෙහි තබාගෙන පළමු ශතවර්ෂයේ ක්‍රිස්තියානීන් යෙහෝවඃවහන්සේගේ දවස ශතවර්ෂ ගණනාවක් ඈතින් තිබේයයි සිතීම, සිතාගැනීමට අපහසු දෙයකි. දුර රටකට ගිය වංශවත් මනුෂ්‍යයෙකු සහ අන් රටකට ගිය මනුෂ්‍යයෙකු පිළිබඳ යේසුස්වහන්සේගේ උපමා ඔවුන් දැන සිටි බව සැබෑය. එම උපමාවේ පෙන්වන පරිදි වංශවත් පුද්ගලයා “යථාකාලයේදී” නැවත පැමිණෙන බවත් සහ අන් රටකට ගිය මනුෂ්‍යයා “බොහෝ කලකට පසු” පැමිණෙන බවත්, ඔවුහු දැන සිටියහ. එහෙත් නිසැකවම මෙවැනි ප්‍රශ්නවලින් ඔවුන් ව්‍යාකූලත්වයට පත්වූහ, එනම් “යථාකාලයේදී” කියන්නේ කවදාද? සහ “බොහෝ කලකට පසු” යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? වසර දහයක්? වසර විස්සක්? වසර පනහක්? නැතහොත් වඩාත් දීර්ඝ කාලයක්? (ලූක් 19:12, 15; මතෙව් 25:14, 19, NW) යේසුස්වහන්සේගේ වචන දිගටම ඔවුන්ගේ කන්වල ප්‍රතිනාදවනු ඇත: “එබැවින් නුඹලාත් සූදානම්ව සිටපල්ලා. මක්නිසාද නුඹලා නොසිතන පැයකදී මනුෂ්‍ය පුත්‍රයා එන්නේය.”—ලූක් 12:40.

හදිසිතාවේ ඒකාන්ත ප්‍රතිඵල

ඔව්, දේශනා කිරීමේ සහ ඉගැන්වීමේ අතිවැදගත් වැඩය තුළ කාර්යබහුල වීමට පළමු-ශතවර්ෂයේ ක්‍රිස්තියානීන්ට උපකාර කරමින්, විස්මයජනක දිරිගන්වනසුලු බලපෑම් ඇති කිරීමට දෙවියන්වහන්සේ විසින් පොලඹවන හදිසිතාවේ හැඟීම ඉවහල් විය. එය අඛණ්ඩව කිරීමට අදදින අපවද බොහෝ මාර්ගවලින් දිරිගන්වයි. තෘප්තිමත් වී උදාසීනකමින් ‘යහපත්කම් කිරීමට මැළිවීමෙන් වැළකීමට’ එය අපට උපකාර කරයි. (ගලාති 6:9) එය ලෝකය සමඟ වුවමනාවට වඩා සම්බන්ධ වීමෙන් සහ එහි කූට ද්‍රව්‍යවාදයෙන් අපව ආරක්ෂා කරයි. එය අපගේ මනස “සැබවින් ජීවනයවූ ඒ ජීවනය” මත තබයි. (1 තිමෝති 6:19) සිය ගෝලයෝ “වෘකයන් මැදට බැටළුවන්” මෙන් සිටියි කියා ස්වාමි වූ යේසුස්වහන්සේ පැවසූ අතර, අපට ලෝකය සමඟ සටන් කිරීමට නිශ්චිත ස්ථිර ආකල්පයක් තබාගැනීමේ අවශ්‍යතාව උන්වහන්සේ දැන සිටිසේක. ඔව්, අපගේ ක්‍රිස්තියානි හදිසිතාවේ හැඟීම තුළින් අපව ආරක්ෂිත මෙන්ම සුරක්ෂිත කර තිබේ.—මතෙව් 10:16.

ස්වකීය සේවකයන්ට සෑමවිටම ඔවුන්ගේ හදිසිතාවේ හැඟීම ප්‍රාණවත්ව තබාගැනීම පිණිස ප්‍රමාණවත් තොරතුරු යෙහෝවඃ දෙවියන්වහන්සේ ස්වකීය අපරිමිත ප්‍රඥාව තුළින් ලබා දී තිබෙනසේක. අප මෙම දූෂිත දේවල පිළිවෙළේ “අන්තිම දවස්වල” ජීවත්වන බවට උන්වහන්සේ කාරුණිකව සහතික කර තිබෙනසේක. (2 තිමෝති 3:1) අප ජීවත්වන මේ පරම්පරාව මහත් පීඩාවෙන් සහ එහි උච්චාවස්ථාව වන අර්මගෙදොන්හි පහව යන තාක්කල්, ආලෝකය දරන්නන් ලෙස බැබලිය යුතු බවට අපට නොනවත්වා මතක් කර දී තිබේ.—පිලිප්පි 2:15; එළිදරව් 7:14; 16:14, 16.

ඔව්, දේවහදිසිතාවේ හැඟීම යෙහෝවඃවහන්සේට කරන ආත්ම-පූර්ණ සේවයේ අනිවාර්ය කොටසක් වේ. දෙවියන්වහන්සේගේ සේවකයන්ට “[ඔවුන්ගේ] සිත්වලින් ක්ලාන්තවී වෙහෙස” වීමට යක්ෂයා ගන්නා ප්‍රයත්න වැළැක්වීමටත්, ඒවාට බාධා පැමිණවීමටත් එය උපකාරවත් වේ. (හෙබ්‍රෙව් 12:3) සදාකාලයටම, ආත්ම-පූර්ණ භක්තිය යෙහෝවඃවහන්සේගේ සේවකයන්ට උන්වහන්සේට කීකරුවීමට හේතු වේ, නමුත් දැන්, අර්මගෙදොනයට පෙර දවස්වලදී, ගැඹුරු අව්‍යාජ හදිසිතාවේ හැඟීමක් ආත්ම-පූර්ණ භක්තියේ වැදගත් කොටසක් වේ.

අප දිගටම ප්‍රේරිත යොහන්ගේ වචන ප්‍රතිරාවය කරන කල්හි, අපගේ හදිසිතාවේ හැඟීම ආරක්ෂා කරගැනීමට අපගේ දෙවි වූ යෙහෝවඃවහන්සේ අප සියලුදෙනාටම උපකාර කරත්වා: “ආමෙන්, ස්වාමිවූ යේසුස්වහන්ස, වැඩිය මැනව.”—එළිදරව් 22:20.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න