ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w95 6/15 31 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • දෙවිගේ මඟ පෙන්වීමට යටත් විය යුත්තේ ඇයි?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිගේ මඟ පෙන්වීම් ලබා ඔබේ කැප වීමට එකඟව ජීවත් වන්න
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ආත්මය කෙරෙහි සිත යොමු කරමින් ජීවත් වන්න!
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ගලාති 6:9 - “යහපත්කම් කිරීමට මැළිනොවෙමු”
    බයිබල් පද පැහැදිලි කිරීමක්
තව තොරතුරු
1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w95 6/15 31 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ගලාති 6:8 පවසන පරිදි, “තමාගේ මාංසය සඳහා වපුරන්නා මාංසයෙන් කුණුවීම කපාගන්නේය; ආත්මයාණන්වහන්සේ [ආත්මය, NW] සඳහා වපුරන්නා ආත්මයාණන්වහන්සේගෙන් [ආත්මයෙන්, NW] සදාකාල ජීවනය කපාගන්නේය.” මින් අදහස් කරන “ආත්මය” කුමක්ද, තවද ඒ අනුව අපට ජීවනය කපාගත හැක්කේ කෙසේද?

“ආත්මය” හැටියට පරිවර්තනය කොට ඇති හෙබ්‍රෙව් සහ ග්‍රීක් පදවලට තේරුම් රාශියක් තිබේ, ඒවා සමහරක් නම්: (1) දෙවියන්වහන්සේගේ ක්‍රියාකාරක බලය, (2) මිනිසුන් හෝ සතුන් තුළ තිබෙන ජීව බලය, (3) පුද්ගලයෙකුව පොලඹවන මානසික නැඹුරුවාව සහ (4) ආත්ම පුද්ගලයෙකු හෝ දේවදූතයෙකු යන්නය. අපට ගලාති 6:8න් උකහාගත හැකි තේරුම නම්, මින් පළමු එකය—එනම් දෙවියන්වහන්සේගේ ක්‍රියාකාරක බලයයි.

යම් ආකාරයක පසුතලයක් ලබාගැනීම සඳහා ගලාති 3:2 සැලකිල්ලට ගන්න, ගලාති පොතේ “ආත්මය” යන වචනය පළමුව යෙදෙන්නේ මෙහිදීය. පාවුල් ක්‍රිස්තියානීන්ගෙන් මෙසේ ඇසුවේය: “නුඹලා ආත්මයාණන්වහන්සේ [ආත්මය, NW] ලැබුවේ ව්‍යවස්ථාවේ ක්‍රියා කරණකොටගෙනද? නොහොත් ඇදහිල්ලේ පණිවිඩය කරණකොටගෙනද?” ඊළඟට, 5වන පදයේ ඔහු එම ආත්මය සම්බන්ධ කළේ බලවත් ක්‍රියා සිදු කිරීමත් සමඟය. එනිසා, ඔහු සඳහන් කරමින් සිටි “ආත්මය,” ශුද්ධාත්මය, එනම් දෙවියන්වහන්සේගේ ක්‍රියාකාරක බලය විය.

පසුව, ගලාති 5:16දී පාවුල් ආත්මය හා මාංසය අතර වෙනස කැපීපෙනෙන්ට සැලැස්වීය. අපට මෙසේ කියවීමට තිබේ: “ආත්මයාණන්වහන්සේ [ආත්මය, NW] කරණකොටගෙන හැසිරියල්ලා, එවිට නුඹලා මාංසයේ තෘෂ්ණා සම්පූර්ණකරන්නේ නැතැයි කියමි.” “මාංසයේ තෘෂ්ණා” යනුවෙන් ඔහු අදහස් කළේ, පව්කාර මාංසික ආශාය. මෙසේ, ගලාති 5:19-23හි, ඔහු ‘ආත්මයේ ඵලදාවට’ වෙනස්ව “මාංසයේ ක්‍රියා” ලැයිස්තු ගත කළේය.

එබැවින්, ගලාති 6:8 ගත්කල, “තමාගේ මාංසය සඳහා වපුරන්නා,” “මාංසයේ ක්‍රියාවල” නිරත වෙමින්, පව්කාර මිනිස් තෘෂ්ණා මගින් මඟ පෙන්වනු ලැබීමට තමාහට අවකාශය සලසන තැනැත්තෙකු විය යුතු බව පැහැදිලිය. එවන් හැසිරීමක දූෂිත බලපෑම් ඔහුට අද්දකින්ට සිදුවිය හැකි අතර, ඔහු වෙනස් නොවේ නම්, දේවරාජ්‍යය තුළෙහි හෝ එය යටතෙහි ඔහු ජීවනය ලබා නොගන්නා බවට ස්ථිරය.—1 කොරින්ති 6:9, 10.

භක්තිවන්ත ක්‍රිස්තියානීන් වශයෙන්, අප ආශා විය යුත්තේ, ‘දෙවියන්වහන්සේගේ ආත්මය සඳහා වැපිරීමටයි.’ මීට ඇතුළත් වන්නේ ශුද්ධාත්මය අපගේ ජීවිතය තුළ නිදහස්ව ගලායෑමට හැකිවන පරිද්දෙන්, එහි ඵලදාව විදහාපෑමට උපකාර වන අන්දමින් ජීවත්වීමයි. අප කියවන්නේ කුමක්ද, බලන රූපවාහිනී වැඩසටහන් මොනවාද යන්න තීරණය කිරීමේදී අප මෙය මනසේ තබාගත යුතුයි. අප රැස්වීම්වලදී අවධානය යොමු කරන විටත්, ආත්මයෙන් පත් කරන ලද වැඩිමහල්ලන්ගේ උපදෙස් අදාළ කිරීමට වෑයම් කරන විටත්, අපි ආත්මය සඳහා වපුරමින් සිටිමු.—ක්‍රියා 20:28.

ගලාති 6:8 අවසන් වශයෙන් සහතික කරන්නේ, අපි මෙවන් දේ කරන්නෙමු නම්, අපට “ආත්මයාණන්වහන්සේගෙන් [ආත්මයෙන්, NW] සදාකාල ජීවනය කපා” ගත හැකි තත්වයකට පිවිසෙන බවය, මෙය සිත්ගන්නා කරුණකි. එසේය, ක්‍රිස්තුස්වහන්සේගේ මිදීමේ මිලය නමැති පදනම මත, දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයේ ක්‍රියාකාරිත්වය තුළින් නිමක් නැති ජීවනය දානය කරනවා ඇත.—මතෙව් 19:29; 25:46; යොහන් 3:14-16; රෝම 2:6, 7; එපීස 1:7.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න