ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w95 6/15 32 පි.
  • ලොව වටා ස්ත්‍රීහු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලොව වටා ස්ත්‍රීහු
  • 1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w95 6/15 32 පි.

ලොව වටා ස්ත්‍රීහු

පළමු මිනිස් යුවළ දෙවියන්වහන්සේට විරුද්ධව කැරලි ගැසූ විට, ඔවුන්ටද, ඔවුන්ගේ පැවතෙන්නන්ටද විපත්තිදායක ප්‍රතිවිපාක විඳින්ට සිදුවන බව යෙහෝවඃවහන්සේ පුරෝකථනය කළසේක. යෙහෝවඃවහන්සේ ඒවට මෙසේ පැවසූසේක: “නුඹේ ආශාව නුඹේ පුරුෂයා කෙරෙහි වන්නේය; ඔහු නුඹ කෙරෙහි බලපවත්වන්නේය.” (උත්පත්ති 3:16) බයිබලය, අඛණ්ඩව ස්ත්‍රීන් සඳහා ගැඹුරු ගෞරවයක් දැක්විය යුතු බව දිරිගන්වන අතර, ස්ත්‍රීන් මිලියන ගණනක් වඩාත් සන්තෝෂවත්, තෘප්තිමත් ජීවිත භුක්තිවිඳිමින් සිටින්නේ, ඔවුන්ද ඔවුන්ගේ පවුල්ද බයිබල් ප්‍රතිපත්ති අදාළ කරමින් සිටින නිසාය.

කෙසේවෙතත්, මානව අයිතිවාසිකම් පිළිබඳ මෑතකාලීන වාර්තාවකට අනුව, ලොව වටා වෙනත් ස්ත්‍රීහු බොහෝදෙනෙක්, නින්දාවට, අනිසි ප්‍රයෝජන ගැනීමට හා අවමානයට ලක්වෙති. එම වාර්තාව ගැන අදහස් දක්වමින්, ඉන්ටර්නැෂනල් හෙරල්ඩ් ට්‍රිබියූන් මෙසේ අදහස් පළ කරයි: “ඉතා වේදනාකාරි වූ සවිස්තර තොරතුරු සමඟින්, රටවල් 193ක් පිළිබඳ මෙම වාර්තාව . . . දිනපතා සිදුවන අසාධාරණකම් හා අනිසි හිරිහැර ගැන අඳුරු සහිත චිත්‍රයක් මනසට නංවයි.”

උදාහරණ ස්වල්පයක් මෙන්න: මධ්‍යම අප්‍රිකාවේ ගොවිපොළේ බර වැඩවලින් වැඩි හරියක් ගැහැනු ළමයි කරති, තවද ඔවුන්හට පාසැල් යෑමට තිබෙන ඉඩකඩ පිරිමි ළමුන් මෙන් තුන් ගුණයකින් අඩුය. එහි එක් රටක කාමමිථ්‍යාචාරය කාන්තාවන් සඳහා නීතිවිරෝධී යමක් වුවද, පුරුෂයන් සඳහා එසේ නොවේ. තම භාර්යාව කාමමිථ්‍යචාරයේ යෙදෙනවා ස්වාමිපුරුෂයෙකුට අසු වුවහොත්, ඇයව මරණයට පත් කිරීමේ වරදට තවත් අප්‍රිකානු රටක නීතිය මගින් නිදහස සලසා දුන්නද, ඒ හා සමාන තත්වයන්හිදී භාර්යාව තම ස්වාමිපුරුෂයාව මරණයට පත් කළොත්, ඇයට ඉන් නිදහසක් නොලැබේ.

දකුණු අමෙරිකාවේ ඇතැම් පෙදෙස්වල, පහර ලබන කාන්තාවන් කෙරෙහි පොලිසිය අනුකම්පාවක් නොදක්වන බව වාර්තාවෙහි පැවසේ. තවද වැඩ කරන ස්ත්‍රීහු, පුරුෂයන්ට වඩා සියයට 30 සිට 40ක් දක්වා අඩුවෙන් වැටුපක් උපයා දිවි පෙවත ගෙනයෑමට සිදුවෙති.

ආසියාවේ ඇතැම් පෙදෙස්වල, ස්ත්‍රීහු බලෙන් කරන ලද වඳ කිරීම්වලට හා ගබ්සා කිරීම්වලට ගොදුරු වෙති. එක් රටක ගණිකාවෝ 5,00,000ක් දක්වා සිටිති, අලුත් නිවාස මිල දී ගැනීමට මුදල් සෙවීමේ මඟක් වශයෙන්, දෙමාපියන් විසින් මින් බොහෝදෙනෙකුව මෙම වෘත්තිය තුළට විකුණා තිබේ. වෙනත් රටක පොලිසියට පුළුල්ව පැතිර යන “දෑවැදි මරණ” සමඟ කටයුතු කිරීමට සිදුවේ—අපේක්ෂා කළ තරම් දෑවැද්ද භාර්යාවකගෙන් නොලැබෙන නිසා, ඇයව ඇගේ ස්වාමිපුරුෂයා විසින් හෝ ඔහුගේ පවුල විසින් මරණයට පත් කරනු ලැබේ.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සම්බන්ධයෙන් බයිබලය අපට මෙසේ සහතික කරයි: “උන්වහන්සේ මොරගසන දිළිඳාද උපකාරකාරයෙක් නැති දුප්පතාද මුදාහරින්නේය. උන්වහන්සේ දුප්පතුන් සහ දිළිඳුන් කෙරෙහි අනුකම්පාකරන්නේය, දිළිඳුන්ගේ ප්‍රාණයන් ගළවන්නේය. උන්වහන්සේ ඔවුන්ගේ ප්‍රාණය පීඩාවෙන්ද බලාත්කාරයෙන්ද මුදන්නේය; ඔවුන්ගේ ලේ උන්වහන්සේගේ ඇස් හමුයෙහි අනර්ඝ වන්නේය.” (ගීතාවලිය 72:12-14) එනිසා ඒකාන්ත වීම සඳහා අපට හේතු තිබේ; ඒ කාලයේදී පවතිනු ඇති වඩාත් හිතකර තත්වයන් දෙස ලොව පුරා ස්ත්‍රීන්ට ඕනෑකමින් බැලිය හැක.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න