ආගමිකව බෙදුණු පවුලක් තුළ දේවභක්තික කීකරුකම
“ඒක ඇඟට වදින මොනයම් පහරකටත් වඩා රිදෙනවා. . . . මට දැනෙන්නේ මගේ මුළු ඇඟටම පහර දෙනවා වගේ, ඒත් කිසිවෙකුට එය පේන්නේ නැහැ.” “සමහරක් වෙලාවට මට මගේ ජීවිතය එපා වෙනවා. . . . නැත්නම් ආපසු නොඑන්ඩම කොහේ හරි යන්න හිතෙනවා.” “වෙලාවකට මට කිසිවක් කෙළින් සිතන්ට බැහැ.”
චිත්තවේගවලින් පිරුණු මෙම වචනවලින් හෙළිවන්නේ කලකිරීමේ හා තනිකමේ හැඟීම්ය. ඒවා පැමිණෙන්නේ, චෝදනා, තර්ජන, පහත් ලෙස නම්වලින් කතා කිරීම සහ නිශ්ශබ්දව කතා නොකරම සිටීම වැනි වාචික ක්‍රමවලින් සහ කලත්‍රයන්ගෙන් සහ පවුල් සාමාජිකයන්ගෙන් පැමිණෙන ශාරීරික ප්රහාරවලිනි. මේ අය මෙතරම් නරක ලෙස සලකනු ලබන්නේ මන්ද? සරලව කිවහොත්, ඔවුන්ට වෙනස් ආගමික විශ්වාසයන් තිබෙන නිසාය. මෙම තත්වයන් යටතේ, ආගමිකව බෙදුණු පවුලක ජීවත්වීම, යෙහෝවඃවහන්සේට නමස්කාර කිරීම සැබෑ අභියෝගයක් බවට පත් කරයි. එහෙත්, එවැනි දෑට ගොදුරු වූ බොහෝ ක්‍රිස්තියානීහු දේවභක්තික කීකරුකම සාර්ථක ලෙස විදහාපාති.
ආගමිකව බෙදුණු සියලු පවුල්වල එවැනි සන්තාපයන් හා පීඩනයන් නොතිබීම ගැන ස්තුතිවන්ත විය හැක. එහෙත්, ඒවා පවතින නිවෙස්ද තිබේ. ඔබගේ නිවස මේ විස්තරයට ගැළපේද? එසේනම්, ඔබගේ කලත්‍රයා හෝ ඔබගේ දෙමාපියන් කෙරෙහි ගෞරවය පවත්වාගැනීම ඔබට දුෂ්කර යමක් වන්ට පුළුවන. ඔබ එම තත්වයේ සිටින භාර්යාවක් නම්, නැතහොත් ඔබ එවැනි වාතාවරණයක සිටින දරුවෙකු නම්, ආගමික වශයෙන් බෙදුණු නිවසක දේවභක්තික කීකරුකම පෙන්වීමෙහිලා සාර්ථක වීමට ඔබට හැක්කේ කෙසේද? වෙනත් අයට කිනම් අනුබලයක් දිය හැකිද? එමෙන්ම දෙවියන්වහන්සේ මෙම කාරණය දෙස බලන්නේ කෙසේද?
කීකරුවීම එතරම්ම අසීරු දෙයක් වන්නේ මන්ද?
ලෝකයේ ආත්මාර්ථය හා කෘතඥපූර්වක නොවීම, අපගේම අසම්පූර්ණ ප්රවණතාවන් සමඟ එකට ක්‍රියා කරන අතර, දේවභක්තික කීකරුකම නිරන්තර අරගලයක් බවට පත් කරයි. සාතන් මෙය දන්නා අතර, ඔබගේ ස්වභාවය දුබල කිරීමට ඔහු අරඅඳී. දේව ප්‍රමිති කෙරෙහි මඳ අගය කිරීමක් ඇති හෝ එවැන්නක් කොහෙත්ම නැති පවුල් සාමාජිකයන්ව බොහෝවිට ඔහු යොදාගනී. ඔබගේ උසස් ආත්මික හා සදාචාර සාරධර්ම, ඔබගේ පවුලේ නොඇදහිලිකාර අයගේ එම දේවලට වඩා බොහෝවිට හාත්පසින්ම වෙනස්ය. මින් සිදුවන්නේ, හැසිරීමේ හා ක්‍රියාකාරකම්වලදී එකිනෙකාට ගැටෙන මත ඇතිවීමයි. (1 පේතෘස් 4:4) ‘අන්ධකාරයේ ඵලනැති ක්‍රියාවලට හවුල් නොවී සිටපල්ලා’ යනුවෙන් දී ඇති ආඥාවට ඔබ කීකරු වී ඇති බැවින්, ක්‍රිස්තියානි ප්‍රමිතිවලින් ඉවතට හැරී යෑමට ඔබ මත ඇති පීඩනය බොහෝ ප්‍රබල විය හැකිය. (එපීස 5:11) ඔවුන්ගේ ඇස්වලින් පෙනෙන විදිහට, ඔබ කරන කිසිම දෙයක් ඔවුනට හරි දේවල් නොවේ. මේ සියල්ලම සිදුවී ඇත්තේ ඔබගේ ආගම නිසාය. එක්තරා මවක්, ඇගේ දරුවන් අසනීපවීමෙන් පීඩනයට පත්වූ විට, ඇගේ පුරුෂයාගෙන් උපකාරයක් ඉල්ලූවිට, ඇයට ලැබුණු සරදම්ශීලී පිළිතුර මෙය විය: “නුඹට නුඹේ ආගමට වේලාව තියෙනවා; නුඹට උපකාර අවශ්‍ය නැහැ.” එවන් අදහස් පළ කිරීම්, කීකරුවීමේ අභියෝගය තවත් වැඩි කරයි.
එමෙන්ම, ශුද්ධ ලියවිලි කෙළින්ම උල්ලංගනය නොකරන කාරණා සම්බන්ධයෙන් එකඟ නොවන අවස්ථා තිබෙන්ට පුළුවන. එහෙත්, ඔබ පවුලේ සාමාජිකයෙකු බවත්, ඒ තරමින් ගත් කල, ඔබට එක්තරා බැඳීම් තිබෙන බවත් ඔබ වටහාගන්නෙහිය. “මගේ තාත්තා අපට සලකන ආකාරය ගැන සිතන කොට මම ඉතා නොසන්සුන්තාවකට පත්වෙනවා, මන්ද ඔහුට තනිකම දැනෙන විත්තිය මට වැටෙහෙනවා” යයි කොනී පවසන්නීය. “මගේ පියාගේ විරුද්ධත්වය ගැන අමනාප නොවන ලෙස මා බොහෝවිට මටම මතක් කරගැනීමට සිදුවෙනවා. අපගේ ස්ථාවරයට ඔහු විරුද්ධවීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට දැඩි හේතුවක් තිබෙන බව මම මටම කියාගැනීමට අවශ්‍ය වෙනවා. සාතන් මේ දේවළ පිළිවෙළේ පාලකයා.” නොඇදහිලිකාරයෙකු හා විවාහ වී සිටින කාන්තාවක් වන සූසන්, මෙසේ සිය හැඟීම් හෙළි කරන්නීය: “මුල් අවස්ථාවේ මට හැඟුණා මා වෙන්විය යුතු බව—නමුත් දැන් එහෙම නෙමෙයි. මාව පරීක්ෂා කිරීමට සාතන් ඔහුව උපයෝගි කරගන්නා බව මා දැනගත්තා.”
කිසි වටිනාකමක් නැති බවට ඔබ තුළ හැඟීමක් ඇති කිරීමට, සාතන් දරන ප්රයත්නයේ කිසිම බුරුලක් නැති බවක් පෙනෙන්ට පුළුවන. ඔබගේ කලත්‍රයා සමඟ කතා බහක් නොමැතිව දින ගණනක් ගත වෙන්ට පුළුවන. ජීවිතය ඉතා තනි වූ යමක් බවට පත්විය හැක. නිසැකකම හා ආත්ම-ගෞරවය කාදමන මෙය, ඔබගේ දේවභක්තික කීකරුකම පරීක්ෂාවට ලක් කරයි. දරුවන්ටද චිත්තවේගී හා ශාරීරික අසීරුතාවක්, පීඩනයක් ඇතිවෙයි. එක් අවස්ථාවක, තම දෙමාපියන් විරුද්ධ වුවත්, දෙවියන්වහන්සේගේ යෞවන සේවකයෝ තිදෙනෙක්, විශ්වාසවන්තව ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණියෝය. දැන් පූර්ණ-කාලීන දේවසේවකයෙකුව සිටින, ඔවුන්ගෙන් කෙනෙක්, මෙසේ පිළිගනී: “අපට කිසිම හැඟීමක් නැතිව වෙහෙසට පත්වන බවක් දැනුණා; අපට නිදාගන්ට බැරිවුණා; එය අපේ හදවත් බිඳ දැමුවා.”
දෙවියන්වහන්සේ ඔබෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද?
දෙවියන්වහන්සේට කීකරුවීම සෑමවිටම පළමු තැනට එන අතර, ස්වාමිපුරුෂයාගේ මූලිකත්වයට සාපේක්ෂී කීකරුකම සෑමවිටම, යෙහෝවඃවහන්සේ මඟ පෙන්වන ආකාරයට විය යුතුයි. (ක්‍රියා 5:29) එය දුෂ්කරවන්ට පුළුවන, එහෙත් එය කළ හැක්කකි. උපකාරය පතා දිගටම දෙවියන්වහන්සේ දෙස බලන්න. ඔබ උන්වහන්සේට “ආත්මයෙන්ද සැබෑකමෙන්ද” නමස්කාර කිරීමටත්, උන්වහන්සේගේ මඟ පෙන්වීමට සවන් දී එයට යටත් වීමටත් උන්වහන්සේට වුවමනාය. (යොහන් 4:24) දේවවචනයේ පැමිණෙන දැනුම, හරි අන්දමේ හෘදයක පිරෙන විට, එය කැමැත්තෙන්ම කීකරුවීමට පොලඹවයි. ඔබගේ පෞද්ගලික තත්වය වෙනස්වන්ට පුළුවන, එනමුත්, යෙහෝවඃවහන්සේවත් උන්වහන්සේගේ වචනයවත් වෙනස්වන්නේ නැත. (මලාකී 3:6; යාකොබ් 1:17) යෙහෝවඃවහන්සේ මූලිකත්වය පවරා තිබෙන්නේ ස්වාමිපුරුෂයාටය. ඔහු ක්‍රිස්තුස්වහන්සේගේ මූලිකත්වය පිළිගත්තත් නැතත්, මෙය සැබෑවක් සේ පවතී. (1 කොරින්ති 11:3) ඔබ නිරතුරුවම වැරදි සැලකිලිවලට හා නින්දාවලට ලක්වේ නම්, මීට අනුකූලව ජීවත්වීම අසීරු විය හැක, නමුත් ශ්‍රාවක යාකොබ් පවසන්නේ මෙසේය: “ඉහළින් පැමිණෙන ප්‍රඥාව . . . කීකරුවීමට සූදානම්ය.” (යාකොබ් 3:17, NW) මෙම මූලිකත්වය මුළුමනින්ම හඳුනාගෙන එයට යටත්වීමට දෙවියන්වහන්සේගේ ආත්මය, විශේෂයෙන් ප්‍රේමය නමැති එහි ඵලය අවශ්‍ය කරයි.—ගලාති 5:22, 23.
ඔබ යමෙකුට ප්‍රේම කරන්නේ නම්, දිව්‍යමය ලෙස පිහිටුවන ලද අධිකාරයට දේවභක්තික කීකරුකම පෙන්වීම පහසුය. එපීස 5:33 මෙසේ උපදෙස් දෙයි: “නුඹලා එක් එක්කෙනාත් තම තමාට මෙන් තම තමාගේ භාර්යාවට ප්‍රේමකරපල්ලා; භාර්යාවද පුරුෂයාට භයපක්ෂව සිටින්ට බලාගනීවා.”
යේසුස්වහන්සේව සලකා බලන්න. උන්වහන්සේ වචනයෙන්ද, ශාරීරිකවද නින්දා අපහාස වින්දසේක, එහෙත් උන්වහන්සේ කිසිවෙකුගෙන් පළිගත්තේ නැත. උන්වහන්සේ දෝෂ රහිත වාර්තාවක් පවත්වාගත්සේක. (1 පේතෘස් 2:22, 23) එවැනි මහත් අපකීර්තීන් හා නින්දා අපහාස විඳීමට, අතිමහත් ධෛර්යයක්ද, සිය පියාණන් වන යෙහෝවඃවහන්සේ කෙරෙහි අචල ප්‍රේමයක්ද යේසුස්වහන්සේට අවශ්‍ය විය. එහෙත්, ප්‍රේමය “සියල්ල දරාගන්නේය.”—1 කොරින්ති 13:4-8.
පාවුල් සිය හවුල් සේවක තිමෝතිට මේ බව මතක් කළ අතර, අදදින ඔහු අපටද එය මතක් කරයි, එනම්: “දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් ආත්මයක්ය.” (2 තිමෝති 1:7) තත්වය විඳදරාගැනීමට නොහැකි බව පෙනෙන්ට තිබෙන විට, යෙහෝවඃවහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උදෙසා ඔබ සතු ගැඹුරු ප්‍රේමය කීකරුවීමට පෙලඹවිය හැක. සිහිබුද්ධියෙන් සිටීම ඔබට සමබර ආකල්පයක් තබාගැනීමටත්, යෙහෝවඃවහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ ඇති ඔබගේ සම්බන්ධතාව ස්ථිර ලෙස තබාගැනීමටත් ඔබට මහෝපකාරි වෙනවා ඇත.—පිලිප්පි 3:8-11 සසඳන්න.
දේවභක්තික කීකරුකම පෙන්වීමෙහිලා සාර්ථක වන කලත්රයෝ
ඇතැම් අවස්ථාවලදී, යෙහෝවඃවහන්සේ ඔබගේ ගැටලු සම්බන්ධව කටයුතු කරන ආකාරය දැකගැනීමට ඔබ දිගු කලක් බලා සිටිය යුතුය. එහෙත්, උන්වහන්සේගේ හස්තය කිසිදා කෙටි නැත. “සෑමවිටම යෙහෝවඃවහන්සේ ඔබට කිරීමට අයිතිය දෙන දෙය සහ වරප්රසාදාත්මක දෙය කරන්න—එනම්, රැස්වීම්වලදී හා එක්රැස්වීම්වලදී උන්වහන්සේට නමස්කාර කිරීම, අධ්‍යයනය කිරීම, ක්ෂේත්‍ර සේවයේ යෑම සහ යාච්ඤා කිරීම” යයි දේවභක්තික කීකරුකම පෙන්වීමෙහිලා සාර්ථක වූ එක් තැනැත්තියක් අවවාද කරන්නීය. යෙහෝවඃවහන්සේ ආශීර්වාද කරන්නේ ඔබේ සමර්ථකම්වලට පමණක් නොව, ඔබේ ප්රයත්නවලටත්ය. දෙවන කොරින්ති 4:17, හි ප්‍රේරිත පාවුල් පැවසුවේ, [NW] ‘පීඩාව මෙහොතකටය, නමුත් එය අපේ සදාකාලික තේජසට හේතුවන්නේය.’ මේ මත මෙනෙහි කරන්න. එය ඔබට ස්ථාවරභාවයක් දෙන සාධකයක් වනු ඇත. එක් භාර්යාවක් මෙසේ සිහිකරන්නීය: “මගේ පවුල් ජීවිතය හොඳ අතට හැරෙන බවක් පෙනෙන්නේ නැහැ, එනිසා යෙහෝවඃවහන්සේ මා සමඟ ප්‍රසන්නව සිටිනවාද කියා සමහර වේලාවට සිතෙනවා. නමුත් උන්වහන්සේගේ ආශීර්වාදයක් ලෙසට මා සලකන දෙයක් නම්, මේ දුෂ්කර තත්වයන් තුළින් මා මාගේ සැමියාට වඩා හොඳින් ගොඩ ඒමට හැකිවීමය. අපගේ ක්‍රියාවන් යෙහෝවඃවහන්සේට ප්රසන්නබව දැනගැනීම මෙම කරදර වටිනා යමක් බවට පත් කරයි.”
ඔබට විඳදරාගැනීමට නොහැකි තරමට වඩා තත්වයෙන් ඔබ්බට යෑමට තමන්වහන්සේ විසින් ඉඩ නාරින බවට යෙහෝවඃවහන්සේ පොරොන්දු වනසේක. උන්වහන්සේව දැඩි සේ විශ්වාස කරන්න. ඔබ දන්නවාට වඩා හොඳින් උන්වහන්සේ දන්නාසේක, තවද ඔබ ඔබ ගැනම දන්නවාට වඩා හොඳින් උන්වහන්සේ ඔබ ගැන දන්නාසේක. (රෝම 8:35-39; 11:33; 1 කොරින්ති 10:13) අසීරු තත්වයන්හිදී යෙහෝවඃවහන්සේට යාච්ඤා කිරීමද උපකාරයක්ය. විශේෂයෙන්, ඔබ යා යුත්තේ කොයි මාර්ගයේද, නැතහොත් තත්වයක් හසුරුවන්නේ කෙසේද කියා නොදන්නා විට, උන්වහන්සේගේ ආත්මයෙන් ඔබට මඟ පෙන්වන ලෙස අයදින්න. (හිතෝපදේශ 3:5; 1 පේතෘස් 3:12) ඔබේ ජීවිතය තුළ අධිකාරයට කීකරුවීම සඳහා ඉවසීම, ආත්මදමනය, නිහතමානීකම ඉල්ලා නිතරම කන්නලව් කරන්න. ගීතිකාකරු මෙසේ පැවසුවේය: “ස්වාමීන්වහන්සේ මාගේ පර්වතයය, මාගේ බලකොටුවය, මාගේ මිදුම්කාරයාණෝය.” (ගීතාවලිය 18:2) මෙය මතක තබාගැනීම, ආගමික වශයෙන් බෙදුණු පවුල්වල අයට ශක්තිමත් ආධාරකයකි.
සියල්ලටම වඩා, ඔබගේ විවාහය සන්තෝෂවත් එකක් කරගැනීමට සෑම ප්රයත්නයක්ම දරන්න. එසේය, ශුභාරංචිය භේද ඇති කරන බව යේසුස්වහන්සේ කලින් දුටුසේක. එනමුත්, තිබෙන ඕනෑම බෙදීමක්, කිසිවිටකත් ඔබගේ ආකල්පය හෝ හැසිරීම නිසා නොවන බවට යාච්ඤා කරන්න. (මතෙව් 10:35, 36) මෙය පෙරදැරි කරගෙන සහයෝගයෙන් ක්‍රියා කරන විට, පවුල් ජීවිතයේ ගැටලු අවම වෙයි. ඔබ පමණක් මෙම නිසි ආකල්පය විදහාපානවා වුවත්, ගැටලු නිසා අධිකතර ගැටුම් හා පීඩනයන් ඇති කරන තත්වයන්ට පත්වීමෙන් වැළැක්වීමට එය බෙහෙවින් හේතු පාදක වන්නේය. ඉවසීම හා ප්‍රේමයද අතිශයින් වැදගත්ය. “මොළොක්වන්න” එමෙන්ම “නපුර යටතේ සංයමයෙන් යුතුව ක්‍රියා කරන්න.”—2 තිමෝති 2:24, [NW]
ප්‍රේරිත පාවුල්, ‘සියල්ලන්ට සියල්ල වුණේය.’ (1 කොරින්ති 9:22) ඒ හා සමානව, ක්‍රිස්තියානි වැඩකටයුතු අතපසු නොකරමින්, ඔබගේ කලත්‍රයා සහ පවුලේ අය සමඟ වැඩි කාලයක් ගත කිරීම සඳහා, ඔබගේ කාලසටහනේ යම් සකස් කිරීම් සිදු කිරීමට ඔබට අවශ්‍ය විය හැක. ඔබගේ ජීවිතය බෙදාගැනීමට ඔබ විසින් තෝරාගත් තැනැත්තා හෝ තැනැත්තිය සමඟ හැකි තරම් වැඩි වේලාවක් ගත කරන්න. ක්‍රිස්තියානි සැලකිල්ල පෙන්වන්න. මෙය වනාහි දේවභක්තික කීකරුකමේ විදහාපෑමකි.
නම්‍යසුලු හා දයානුකම්පිත දේව-භයැති යටහත් භාර්යාවකට දේවභක්තික කීකරුකම විදහාපෑම පහසුය. (එපීස 5:22, 23) ‘ලුණෙන් රසවත් වී ඇති’ අනුග්රහත්මක වචන, ගැටුම් ඇතිවිය හැකි වාරගණන අවම කිරීමට උපකාර වේ.—කොලොස්සි 4:6; හිතෝපදේශ 15:1.
“කෝපවී” නින්දට යනවා වෙනුවට, මතභේද සැණකින් විසඳාගෙන, ගොඩනංවනසුලු යහපත් වචන සමඟින් සමාදානය යළි ඇති කරගන්නා ලෙසට දේවප්‍රඥාව ඔබට අවවාද කරයි. (එපීස 4:26, 29, 31) මීට නිහතමානීකම අවශ්‍ය කරයි. ශක්තිය සඳහා යෙහෝවඃවහන්සේ මත මුළුමනින්ම රඳා සිටින්න. එක් ක්‍රිස්තියානි භාර්යාවක් නිහතමානී ලෙස මෙසේ පිළිගත්තාය: “නිතර නිතර යාච්ඤා කළායින් පසු, මගේ කලත්‍රයාව ආදරයෙන් වැළඳගැනීමට යෙහෝවඃවහන්සේගේ ආත්මය මගේ අත ඔසවනවා මා අද්දැක තිබෙනවා.” දෙවියන්වහන්සේගේ වචනය මෙසේ උපදෙස් දෙයි: “කාටවත් නපුරට නපුර නොකරල්ලා. . . . යහපත්කමෙන් නපුරුකම පරාජයකරපල්ලා.” (රෝම 12:17-21) මෙය වනාහි ප්‍රඥාවන්ත අවවාදය සහ දේවභක්තික කීකරුකමේ ක්‍රියාමාර්ගයයි.
දේවභක්තික කීකරුකම පෙන්වන දරුවෝ
ආගමිකව බෙදුණු පවුල්වල සිටින දරුවෙනි, ඔබට යෙහෝවඃවහන්සේ දෙන උපදෙස නම්: “දරුවෙනි, සියලු කාරණාවලදී මවුපියන්ට කීකරුවෙයල්ලා, මක්නිසාද ඒක ස්වාමීන්වහන්සේට ප්‍රසන්නය” යන්නයි. (කොලොස්සි 3:20) මෙහි ස්වාමි වු යේසුස් ක්‍රිස්තුස්වහන්සේව මෙම කාරණයට සම්බන්ධ කර තිබෙන බව සැලකිල්ලට ගන්න. මෙබැවින්, දෙමාපියන්ට කීකරුවීම සීමා රහිත දෙයක් නොවේ. එක් අර්ථයකින් ගත් කල, ක්‍රියා 5:29හි [NW] සඳහන් “පාලකයාණන් වශයෙන් මනුෂ්‍යයන්ට වඩා දෙවියන්වහන්සේට කීකරුවන්න,” යන උපදෙස ක්‍රිස්තියානී යෞවනයන්ටද අදාළය. ශුද්ධ ලියවිලිවලට අනුව, හරි දේ කුමක්ද කියා ඔබ දන්නා දේ මත, යමක් කිරීමට ඔබට සිදුවනු ඇති අවස්ථා උදාවනු ඇත. යම් ආකාර බොරු නමස්කාරයේ ක්‍රියාවක නියැලීමට ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්, යම් අන්දමක දඬුවමකට එය හේතු වන්ට පුළුවන. මෙය අපේක්ෂා කිරීමට සිදුවන අප්‍රසන්න යමක් වුවත්, ඔබ දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ හරිව තිබෙන දේ කිරීම නිසා දුක්විඳින බව දැනගෙන, ඔබට සහනය ලැබිය හැක, එමෙන්ම ප්රීතිවන්ටත් හැක.—1 පේතෘස් 2:19, 20.
ඔබගේ සිතිවිලි බයිබල් ප්රතිපත්තිවලින් මඟ පෙන්වනු ලබන නිසා, යම් වාද විෂයන්හිදී ඔබගේ දෙමාපියන්ට වඩා ඔබ වෙනස් විය හැක. මෙය ඔවුන්ව ඔබගේ සතුරන් නොකරයි. ඔවුන් යෙහෝවඃවහන්සේට කැපවූ සේවකයන් නොවුවද, ඔවුහු නිසි ගෞරවය ලැබීමට වටින්නෝය. (එපීස 6:3) සාලමොන් මෙසේ පැවසුවේය: “නුඹ ජනිතකළ නුඹේ පියාගේ බස් අසාපන්න; නුඹේ මෑණියන් මහලුවූ කල ඈ සුළු නොකරන්න.” (හිතෝපදේශ 23:22) ඔවුන්ට අමුතු යමක් මෙන් පෙනෙන, ඔබ විසින් ලුහුබඳින ඇදහිල්ලක් නිසා ඔවුන්ට දැනෙන වේදනාව තේරුම්ගැනීමට උත්සාහ කරන්න. ඔවුන් සමඟ කතා බහ කරන්න, තවද “ඔබගේ සාධාරණකම දැනගැනීමට සලස්වන්න.” (පිලිප්පි 4:5, NW) ඔබගේ හැඟීම් සහ ඔබ සැලකිලිමත් වන දේවල් ඔවුන් සමඟ බෙදාගන්න. දේව ප්‍රතිපත්තිවලට ස්ථිරව සිටින්න, එහෙත්, “පුළුවන් නම්, නුඹලාගෙන් විය හැකි ප්‍රමාණයට, සියලු මනුෂ්‍යයන් සමඟ සමාදානයෙන් සිටපල්ලා.” (රෝම 12:18) ඔබ දැන් දෙමාපියන්ගේ අණට කීකරුවනවාය යන කාරණයෙන් යෙහෝවඃවහන්සේට පෙන්වන්නේ, රාජ්‍යයේ යටත් වැසියෙකු වශයෙන් දිගටම කීකරුවීමට ඔබ ආශා කරන බවය.
අන්‍යයන්ට කළ හැකි දෙය
ආගමිකව බෙදුණු පවුල්වල ජීවත්වන ක්‍රිස්තියානීන්ට සෙසු ඇදහිලිවන්තයන්ගෙන් අනුබලය සහ අවබෝධය අවශ්‍යය. මෙසේ පැවසූ තැනැත්තියගේ වචනවලින් මෙය මනාව පැහැදිලි වෙයි: “වෙන කිසිවෙකුට කිසිවක් කළ නොහැකි නිසා, එය වෙනස් කිරීමට මටද කිසිවක් කළ නොහැකි නිසා, මුළුමනින්ම බලාපොරොත්තු විරහිතබවක් සහ අසරණබවක් මට දැනෙනවා. මොනවා වුවත්, අපගේ පවුල තුළ යෙහෝවඃවහන්සේගේ කැමැත්ත කිරීම සඳහා මා උන්වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසය තබනවා.”
ක්‍රිස්තියානි රැස්වීම්වලදී ආත්මික සහෝදර සහෝදරියන්ගේ ඇසුරද ආරක්ෂාකාරි බලකොටුවක්ය. මෙම තැනැත්තියම විස්තර කළේ, ඇගේ ජීවිතය, “හරියට වෙනස් ලෝක දෙකක් වගේ. එකක් මට සිටීමට සිදුව තිබෙන ලෝකය, අනික මම සිටීමට කැමති ලෝකය.” පීඩාවට පත් මෙබඳු වූවන්ට විඳදරාගැනීමටත්, සියලු තත්වයන්හිදී සේවය කිරීමටත් හැකි කරවන්නේ සහෝදරත්වයේ ප්‍රේමයයි. ඔබගේ යාච්ඤාවලට ඔවුන්ව ඇතුළත් කරන්න. (එපීස 1:16) නිතිපතාම, සෑම අවස්ථාවකදීම, ඔවුන්ව දිරිගැන්වෙන අන්දමින්, ඒකාන්ත ලෙසින් සහ සහනදායක වචනවලින් කතා කරන්න. (1 තෙසලෝනික 5:14) ප්‍රායෝගික සහ යෝග්‍ය වන විට, ඔබගේ දිව්‍යාණ්ඩු සහ සාමාජීය ක්‍රියාකාරකම්වලට ඔවුන්ව ඇතුළත් කරගන්න.
දේවභක්තික කීකරුකමේ ආශීර්වාද සහ ප්‍රයෝජන
ආගමිකව බෙදුණු නිවෙස් තුළ දේවභක්තික කීකරුකම විදහාපෑමේ ආශීර්වාද සහ ප්‍රයෝජන ගැන දිනපතා මෙනෙහි කරන්න. කීකරුවීමට දැඩි ප්රයත්නයක් දරන්න. ‘ක්ලාන්ත නොවන්න.’ (ගලාති 6:9) “දෙවියන්වහන්සේ කෙරෙහිවූ හෘදයසාක්ෂිය නිසා[ත්] . . . ඒක දෙවියන්වහන්සේ ඉදිරියෙහි ප්‍රශංසනීය දෙයක් [නිසාත්]” අප්‍රසන්න තත්වයන් හා අයුක්තීන් විඳදරාගන්න. (1 පේතෘස් 2:19, 20) යෙහෝවඃවහන්සේගේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති සහ නීති නොබිඳෙන තරමට කීකරුවන්න. මෙය යෙහෝවඃවහන්සේගේ විධිවිධානයට පක්ෂපාතකම පෙන්වීමකි. ඔබගේ දේවභක්තික හැසිරීම ඔබගේ කලත්‍රයාගේ, දරුවන්ගේ හෝ දෙමාපියන්ගේ ජීවිත පවා ගළවනවා ඇත.—1 කොරින්ති 7:16; 1 පේතෘස් 3:1,2.
ආගමිකව බෙදුණු පවුලක ඉල්ලීම් සහ අපේක්ෂාවන් සමඟ ඔබ සාර්ථකව කටයුතු කරනවාත් සමඟම, යෙහෝවඃ දෙවියන්වහන්සේට සහ යේසුස් ක්රිස්තුස්වන්සේට අඛණ්ඩතාව පැවැත්වීමේ වැදගත්කම සිහිකරන්න. ඔබ බොහෝ කාරණාවලදී නම්‍යසුලු වෙනවා විය හැක, නමුත් අඛණ්ඩතාව සම්බන්ධයෙන් නම්යසුලුව ක්‍රියා කිරීම, සියල්ලටම නම්ය වී, මුළු ජීවිතයම පාවා දී, ක්‍රියා කිරීමකි. ප්‍රේරිත පාවුල් මෙසේ පැවසීය: “දෙවියන්වහන්සේ . . . මේ දවස්වල කෙළවරදී තමන්වහන්සේගේ පුත්‍රයාණන් ලවා අපට කථාකෙරෙවූසේක. උන්වහන්සේව සියල්ලට උරුමක්කාරයා කළසේක. උන්වහන්සේ කරණකොටගෙන ලෝකවල් [දේවළ පිළිවෙළවල්, NW] සෑදූසේක.” මෙම “මහත් ගැළවීම” හඳුනාගැනීම, කීකරුවීමට ඔබව ශක්තිමත් කරනවා ඇත.—හෙබ්‍රෙව් 1:1, 2; 2:3.
හරි සදාචාරයන් සහ සාරධර්ම උදෙසා, ප්‍රතිපත්ති පාවා නොදෙන ලෙසට ඔබ දක්වන කීකරුකම සහ ස්ථිරභාවය, ඔබ සහ ඔබගේ නොඇදහිලිකාර කලත්‍රයා සඳහා සුවදායක ආරක්ෂාවක් වෙයි. විශ්වාසවන්තභාවය ශක්තිමත් පවුල් සබඳතා ගොඩනංවයි. දක්ෂ පක්ෂපාත භාර්යාවක් ගැන හිතෝපදේශ 31:11 මෙසේ කියයි: “ඇගේ පුරුෂයාගේ සිත ඇය කෙරෙහි විශ්වාසකරයි.” ඔබගේ පිරිසිදු හැසිරීම සහ ගැඹුරු ගෞරවය ඔබගේ නොඇදහිලිකාර ස්වාමිපුරුෂයාගේ නෙත් විවෘත කරන්ට පුළුවන. දෙවියන්වහන්සේගේ සත්‍යතාව පිළිගැනීමට එය ඔහුට හේතු කරවනවා විය හැක.
දේවභක්තික කීකරුකම, ඇත්තවශයෙන්ම අනගි ජීවිත ගළවන දෙයක්ය. ඔබගේ පවුල් ජීවිතයට එය ලැබෙන ලෙස ඒ සඳහා යාච්ඤා කරන්න. එය මනසේ සමාදානයටත්, යෙහෝවඃවහන්සේට ප්‍රශංසා ගෙන ඒමටත් හේතු කරවනවා ඇත.