“ප්රීතිමත් ප්රශංසාකරන්නෝ” සමුළුව—ඔබ එහි සිටිනු ඇත්ද?
ප්රීතිය! එම වචනය, ගැටලුවලින් පිරි මේ කාලයේ නුහුරු නුපුරුදු අමුතු වචනයක්ද? පුවත් පත් නම්, ප්රීතිය උදෙසා බොහෝ හේතු නොදෙන බවට සහතිකය. වාර්ගික යුද්ධ, සෑමතැනම පැතිරී ඇති කුසගින්න, විරැකියාව, භයානක පරිසර දූෂණය, අපරාධ—මේවා හෘදය ප්රීතියෙන් පුරවන දේවල් නොවේ, එසේ නොවේද?
අදදින වැඩිදෙනෙක්, ජීවිතයේ තමන්ට ලැබිය හැකි කොතැනින් හෝ වින්දනය ඩැහැගනිති. එහෙත්, ප්රීතිය? ප්රීතිය වනාහි, “සන්තෝෂයේ තත්වයක්; උද්දාමයක්” යයි විස්තර කරනු ලැබ තිබේ. අදදින බොහෝදෙනෙක් නියම ප්රීතිය භුක්තිවිඳින්නේ නැත, ඔවුන්ට එය තිබෙන විට, එය බොහෝවිට ඉතා තාවකාලිකය.
එහෙත්, අපගේ දවස දෙස ඉදිරිය බලමින්, බයිබලය මෙසේ පුරෝකථනය කළේය: “ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, මාගේ මෙහෙකරුවන් ප්රීති[වන්නෝය] . . . මෙන්න, මාගේ මෙහෙකරුවන් සිතේ ප්රීතියෙන් ගීකියන කල්හි නුඹලා සිතේ වේදනාවෙන් කෑ[ගසන්නෝය].” (යෙසායා 65:13, 14) එසේ වන්නේ කෙසේද?
මීට පිළිතුර සොයාගැනීමට, 1995දී පැවැත්වීමට නියමිත යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ දිස්ත්රික් සමුළුවලට පැමිණෙන මෙන් අපි ඔබට ආරාධනා කරන්නෙමු. මෙම සමුළුවල තේමාව, “ප්රීතිමත් ප්රශංසාකරන්නෝ” වන අතර, නොමිලේ මීට පැමිණිය හැක. දින තුනකින් යුත් මෙම සමුළු වැඩසටහන, බයිබලය මත පදනම් කතාවලින්, නිරූපනවලින්, සාකච්ඡාවලින් හා තවත් දේවලින් සමන්විත වනු ඇත. වැඩසටහන පුරාම, ප්රීතිය නමැති තේමාව කැපීපෙනෙන්ට සලස්වනු ලබනවා ඇත.
මෙම සමුළු ජූනි මාසයේදී එක්සත් ජනපදවල ආරම්භ වන අතර, 1996 මුල් භාගය දක්වා ලොව පුරා පැවැත්වෙනවා ඇත. මින් එකක් ඔබ පදිංචි ස්ථානයට නුදුරින් පැවැත්වීමට ඉඩ කඩ තිබේ. ඔබගේ ප්රදේශයේ වෙසෙන යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් ඒ ගැන නොවිමසන්නේ මන්ද? එහි පැමිණ සිටීමට අපි ඔබට උණුසුම් ලෙස ආරාධනා කරන්නෙමු.