“දේව භය” දිස්ත්‍රික් සමුළුවට සාදරයෙන් පිළිගනිමු!
එසේය, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ 1994 දිස්ත්‍රික් සමුළු සඳහා කාලය එළඹෙමින් තිබේ. වර්ෂ 1994 ජූනි පටන් 1995 ජනවාරි දක්වා, තෙදිනකදි මෙම සමුළු වැඩසටහන ලෝකයේ නගර සිය ගණනක—පළමුව උතුරු අමෙරිකාවේ, අනතුරුව නැගෙනහිර හා බටහිර යුරෝපයේ, ආසියාවේ, මධ්‍යම හා දකුණු අමෙරිකාවේ, අප්‍රිකාවේ, ඕස්ට්‍රේලියාවේ හා මුහුදේ කුඩා ද්වීපයන්හි—පැවැත්වෙනවා ඇත.
“දේව භය”—කොතරම් කල්පනාව පුබුදුවන තේමාවක්ද! මෙය වනාහි ජීවිතය අනතුරේ පවතින යමෙකු තුළ තිබෙන අස්වාභාවික භීතියක් නොව, සාමකාමී මනසක් මෙන්ම ප්‍රීතිය ලබාදෙන්නා වූ භයක් වන, දෙවියන්වහන්සේ කෙරෙහි භයක් වේ. බයිබලයේ හිතෝපදේශය පවසන්නේ මෙසේය: “යටත්කමේද ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] කෙරෙහි භයවීමේද විපාකය නම් වස්තුවත් ගෞරවයත් ජීවිතයත්ය.” (හිතෝපදේශ 22:4) දෙවියන්වහන්සේ කෙරෙහි භය වීම, “වස්තුවත් ගෞරවයත් ජීවිතයත්” විපාක කළ හැක්කේ කෙසේද? දේශන, සාකච්ඡා, නිරූපන හා නාට්‍යයකින් හෙබි තෙදින තුළ සමුළු තේමාව වර්ධනය කෙරෙත්ම, එය ප්රත්යක්ෂ වනු ඇත.
ප්‍රේරිත පාවුල් ලිව්වේ අප ‘අපේම රැස්වීම්වලට අත්නෑර’ සහභාගි විය යුතු බවයි. (හෙබ්‍රෙව් 10:25) යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ එසේ කිරීම බැරෑරුම්කොට සලකන අතර සභා අධ්‍යාපනය හා නමස්කාරය සඳහා සතියකට තෙවරක් රැස්වෙති. කෙසේවෙතත්, වාර්ෂික දිස්ත්‍රික් සමුළු විශේෂත්වයක් ගනී. ඔවුහු මහත් ආශාවෙන් එය දෙස බලා සිටින අතර, ඉන් මාස ගණනාවකට පසුත් ඒ පිළිබඳව කථා කරති. ඔබගේ ආගම කුමක් වෙතත්, ඔවුන්ගේ සමුළුවේදී ඔවුන් හා එක්වී උණුසුම් ක්‍රිස්තියානි මිත්‍රත්වය හා වැදගත් ආත්මික තොරතුරු භුක්ති විඳින හැටියට අපි ඔබට උණුසුම්ව ඇරයුම් කරමු. ඔබට කිට්ටුම සමුළුව පැවැත්වෙන ස්ථානය හා දින ඔබට දැන්වීමට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රාදේශීය සභාවේ සාමාජිකයෙකු සතුටු වනු ඇත.