ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w95 2/1 31 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w95 2/1 31 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

බයිබලයේ සඳහන් කරන ලද පිලිස්තිවරු කවරහුද?

දෙවියන්වහන්සේගේ පුරාතන ජනතාව පොරොන්දු දේශය අත්පත් කරගත්විට, කානාන්හි ජීවත්වූ, පිලිස්තිවරුන් හැටියට හඳුන්වන ලද සෙනඟකට බයිබලය බොහෝවිට යොමු දක්වයි. ගොලියත් නම් පිලිස්ති යෝධයා සමඟ දාවිත්ගේ සටන පිළිබඳ වාර්තාවෙහි ගෙනහැර දක්වා ඇති ආකාරයට, දීර්ඝ කාලයක් පුරා, මෙම පුරාතන පිලිස්තිවරුන් කටයුතු කළේ දෙවියන්වහන්සේගේ ජනතාවට විරුද්ධවය.—1 සාමුවෙල් 17:1-3, 23-53.

බයිබලය අඟවන්නේ පුරාතන පිලිස්තිවරුන් කප්තෝර් සිට කානාන්හි නිරිතදිග වෙරළට සංක්‍රමණය වූ බවය. (යෙරෙමියා 47:4) කප්තෝර් පිහිටියේ කොතැනද? දි ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩර්ඩ් බයිබල් එන්සයික්ලොපීඩියා (1979) මෙසේ පවසයි: “නිශ්චිත පිළිතුරක් දීමට සාක්ෂි ප්‍රමාණවත් නොවුවත්, වත්මන් පඬිවරුන් පෙන්වන්නේ ක්‍රීත දූපත් (නැතහොත් ඇතැම්විට සංස්කෘතික වශයෙන් එකට සම්බන්ධ වන්නාවූ, ක්‍රීත හා ඒජියන් දූපත්) නිශ්චිත වශයෙන්ම එම ස්ථානය විය හැකි බවය.”—වෙළුම 1, පිටුව 610.

මෙයට එකඟව, නිව් වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් ඔෆ් ද හෝලි ස්ක්‍රිප්චර්ස් බයිබලයේ ආමොස් 9:7හි කියවීමට ඇත්තේ මෙසේය: “ ‘ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, නුඹලා මා ඉදිරියෙහි කුෂ්වරුන්ගේ පුත්‍රයන්ට සමාන නොවෙත්දැ’යි යෙහෝවඃවහන්සේ වදාරනසේක. ‘මා විසින් ඉශ්‍රායෙල් මිසර දේශයෙන්ද, පිලිස්තිවරුන් ක්‍රීතයේ සිටද, සිරියන්වරුන් කීර් සිටද ගෙනාවා නොවේද?’ ”

මෙම පුරාතන මුහුදු මිනිසුන්, ක්‍රීතයේ සිට, යොප්පාව හා ගාසා අතර නිරිතදිග මුහුදු තීරය වන පිලිස්තිය ලෙස හඳුන්වන්ට යෙදුණ කානාන් කොටසට සංක්‍රමණය වූයේ කවදාදැයි දැනගත නොහැකිය. ඔවුන් මෙම පහත් වෙරළබඩ තැනිතලා ප්‍රදේශයේ ආබ්‍රහම් හා ඊසාක්ගේ කාලයේ පවා සිටි බව පෙනේ.—උත්පත්ති 20:1, 2; 21:32-34; 26:1-18.

දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ට පොරොන්දු වූ දේශයට ඔවුන් ඇතුල් වීමෙන් දීර්ඝ කලකට පසු, පිලිස්තිවරු එම ප්‍රදේශයේ දිගටම බලගතු ආකාරයෙන් පෙනී සිටියහ. (නික්මයාම 13:17; යෝෂුවා 13:2; විනිශ්චයකාරයා 1:18, 19; 3:3, 4; 15:9, 10; 1 සාමුවෙල් 4:1-11; 7:7-14; 13:19-23; 1 රාජාවලිය 16:15) යුදෙව් රජ වන උස්සියාගේ කාලය තරම් කාලයක් දක්වා පිලිස්තිවරු තමන්ගේ නගර වන ගාත්, යබ්නෙහි හා අෂ්දෝද්හි වාසය කළෝය. (2 ලේකම් 26:6) බයිබල් වාර්තාවල ප්‍රසිද්ධව දක්වා ඇති ඔවුන්ගේ වෙනත් නගර වනුයේ එක්‍රොන්, අෂ්කෙලොන් හා ගාසා වූයේය.

මහා ඇලෙක්සැන්ඩර් ගාසා නම් පිලිස්ති නගරය පරාජය කළ නමුත්, කාලයාගේ ඇවෑමෙන් පිලිස්තිවරුන් වෙනම ජාතියක් ලෙස පැවැත්මෙන් ඉවත් වූ බව පෙනේ. මහාචාර්ය ලෝරන්ස් ඊ. ස්ටේජර්, බිබිලිකල් ආර්කියොලජි රිවියූ (1991 මැයි⁄ජූනි) නම් සඟරාවේ මෙසේ ලිව්වේය: “පිලිස්තිවරුන්ද බබිලෝනියට වහලුන් ලෙස ගෙනයනු ලැබීය. . . . කෙසේවෙතත්, මෙසේ වහලුන් හැටියට ගෙනයනු ලැබූ පිලිස්තිවරුන්ට කුමක් සිදුවූයේදැයි වාර්තාවක් නොමැත. නෙබුකද්රෙශර්ගේ ආක්‍රමණයෙන් පසු අෂ්කෙලොන්හි නැවතී සිටි අය, පෙනෙන හැටියට තමන්ගේ ජාතික අනන්‍යතාව නැති කරගන්ට ඇත. ඔවුන් නිකම්ම ඉතිහාසයෙන් අතුරුදහන් වී ඇත.”

පලස්තීනය යන නවීන නාමය ලබාගෙන තිබෙන්නේ “පිලිස්තිය” සඳහා වූ හෙබ්‍රෙව් වදනට තවදුරටත් යොමුවන්නාවූ ලතින් හා ග්‍රීක් වචනවලිනි. අරාබි භාෂාවෙන් වූ ඇතැම් බයිබල් පරිවර්තනවල, නවීන පලස්තීනවරුන් සඳහා වූ වදන සමඟ පහසුවෙන්ම පටලැවෙන වචනයක් “පිලිස්තිවරුන්” සඳහා පාවිච්චි කෙරේ. කෙසේවෙතත්, ටුඩේ’ස් ඇරබික් වර්ෂන් නම් පරිවර්තනය වෙනස් අරාබි වචනයක් පාවිච්චි කරමින්, එසේ පුරාතන පලස්තීනවරුන් හා නවීන පිලිස්තිවරුන් අතර වෙනස පැහැදිලිව දක්වයි.

[31වන පිටුවේ පින්තූරය]

අෂ්කෙලොන්හි ඇතැම් නටබුන්

[හිමිකම් විස්තර]

Pictorial Archive (Near Eastern History) Est.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න