“කෙදිනකවත් මා මෙවන් කිසිවක් දැක නැහැ!”
වර්ෂ 1993දී, චිලිහි, සාන්තියාගෝ නම් ස්ථානයේ පවත්වන යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ දින හතරේ “දිව්‍ය ඉගැන්වීම” දිස්ත්‍රික් සමුළුව සඳහා, නියෝජිතයන් දහසක් එවීමට, ආජෙන්ටීනාවේ වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලයට ආරාධනාවක් ලැබුණි. විදේශ සමුළුවකට විශාල කණ්ඩායමක් හැටියට ගමන් කිරීමට ආජෙන්ටීනියානු සාක්ෂිකරුවන්ට ආරාධනා කරන ලද පළමු අවස්ථාව මෙයයි.a ඊට ප්‍රතිචාරය? අයදුම්පත් 8,500ක් එවනු ලැබූ අතර, ඉන් නියෝජිතයෝ 1,039දෙනෙක් තෝරාගනු ලැබූහ.
බ්වානස් අයිරිස් සිට සාන්තියාගෝ වෙතට වූ මෙම සැතපුම් 870ක ගමන යෑම සඳහා බස්රථ 14ක් කුලියට ගනු ලැබීය. පැය 26ක් වූ එම ගමන අපූර්ව දර්ශනයන්ගෙන් වඩාත් සිත්කලු කරවනු ලැබීය. ඇන්ඩීස් කඳු හරහා ගමන් කරමින්, එම නියෝජිතයෝ බටහිර අර්ධගෝලයේ උසම ස්ථානය, එනම් අඩි 22,834ක් වූ, ඇකන්කාග්වා කිට්ටුවෙන් පසුකරගෙන ගියහ. විශේෂයෙන් සිහිකටයුතු වූයේ චිලි තුළට දඟරාකාර වූ ගමන් මඟය. එම අභියෝගාත්මක ගමන් මාර්ගය ඔස්සේ ගමන් කිරීමට රියැදුරන් සතු දක්ෂතාව වෙනුවෙන් ඔවුන්ට මහත් අත්පොළසන් දීමක් ලැබිණි!
කෙසේවෙතත්, වඩාත්ම ලස්සන දර්ශනය දක්නට ලැබුණේ, සමුළුවේදීමය. ජාතික ආරවුල් හා ජාතිවාදී අවිනිශ්චිතභාවයක් පවතින ලෝකයක, රටවල් 24කින් පැමිණි 80,000ක එක්සත් සමූහයක්—සැබවින්ම ජාත්‍යන්තර සහෝදරත්වයක්—දැකීම කොතරම් ප්රබෝධජනක වීද! සමුළුවට පැමිණි අය අතර එක්සත්භාවය කෙළින්ම දැකීමෙන් පසු, ඇතැම් බස්රථ රියැදුරෝ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ගැන වැඩියමක් ඉගෙනගැනීමට උනන්දුවක් පෙන්වූහ. ඔවුන්ගෙන් කෙනෙකු ප්‍රකාශ කළේ “කෙදිනකවත් මා මෙවන් කිසිවක් දැක නැහැ” යනුවෙනි.
[පාදසටහන්වල]
a වර්ෂ 1949 පටන් 1982 දක්වා ආජෙන්ටීනාවේ පැවති රාජ්‍ය තහංචි එවන් ගමනකට ඉඩ සැලසුවේ නැත.