අඛණ්ඩතාව පවත්වන ජාතිය
“විශ්වාසකම [විශ්වාසවන්ත හැසිරීම, NW] පවත්වන ධර්මිෂ්ඨ ජාතිය ඇතුල්වෙන පිණිස දොරවල් ඇරපල්ලා.”—යෙසායා 26:2.
1. “ධර්මිෂ්ඨ ජාතියක්” පිළිබඳ යෙසායාගේ ප්‍රකාශය පුදුමසහගත එකක් විය හැක්කේ මන්ද?
අදදින, සියලු ආකාර ජාතීහු සිටිති. සමහරක් ප්‍රජාතන්ත්‍රවාදී වන අතර ඇතැම් ඒවාට ආඥාදායක පාලනයක් සතුය. සමහරක් ඒවා ධනවත්ය, තවත් ඒවා දිළිඳුය. ඔවුන්ට පොදුවේ පවතින එක් දෙයක් නම්: සියල්ලම සාතන් දෙවියන්ව සිටින ලෝකයේ කොටසක් වීමය. (2 කොරින්ති 4:4) මෙනිසා, “විශ්වාසකම [විශ්වාසවන්ත හැසිරීම, NW] පවත්වන ධර්මිෂ්ඨ ජාතිය ඇතුල්වෙන පිණිස දොරවල් ඇරපල්ලා” යයි යෙසායා පවසන විට, එම වදන් ඇතැමෙකුට පුදුමසහගත යමක් විය හැක. (යෙසායා 26:2) ධර්මිෂ්ඨ ජාතියක්? එසේය, ධර්මිෂ්ඨ ජාතියක් පවතී, මන්දයත් එම අනාවැකිය එවන් ධර්මිෂ්ඨ ජාතියක පැවැත්ම පෙන්වා දෙන නිසාය. මෙම අසාමාන්‍ය ජාතිය හඳුනාගත හැක්කේ කෙලෙසද?
2. එම “ධර්මිෂ්ඨ ජාතිය” කුමක්ද? අප ඒ බව දන්නේ කෙසේද?
2 නිව් වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් බයිබල් පරිවර්තනයේ යෙසායා 26:2, එම ජාතිය “විශ්වාසවන්ත හැසිරීම රකින” බව පවසයි. කිං ජේම්ස් වර්ෂන් බයිබලය (තීරු සටහන) එම වගන්තිය දක්වන්නේ, “සත්‍යයන් පවත්වන්නාවූ ධර්මිෂ්ඨ ජාතිය” යනුවෙනි. මේ දෙකම උචිත විස්තරයන්ය. ඇත්තවශයෙන්ම, ධර්මිෂ්ඨ ජාතිය හඳුනාගැනීමට පහසු වන්නේ, රජාණන් හැටියට ක්‍රිස්තුස්වහන්සේට යටත් වන එකම ජාතිය එය නිසාත්, එබැවින් එය සාතන්ගේ ලෝකයේ කොටසක් නොවන නිසාත්ය. (යොහන් 17:16) ඒ නිසාම, එහි සාමාජිකයෝ ‘ජාතීන් අතරේ තමන්ගේ හැසිරීම ඔබින ලෙස පැවැත්වීම’ වෙනුවෙන් නම්දරා සිටිති. ඔවුන් අනුගමනය කරන්නේ දෙවියන්වහන්සේව මහිමවත් කරන්නාවූ ජීවන ශෛලියකි. (1 පේතෘස් 2:12) එපමණක්ද නොව, ලෝකයේ කොතැනක සිටියත්, ඔවුහු “ජීවමාන දෙවියන්වහන්සේගේ සභාවත් සැබෑවේ කණුව සහ අත්තිවාර(මෙහි)” කොටසත් වෙති. (1 තිමෝති 3:15) සත්‍යයට අනුබල දෙමින්, ඔවුන් ක්‍රිස්තියානි ලෝකය විසින් උගන්වනු ලබන මිථ්‍යා දෘෂ්ටික දර්ශනයන් ප්‍රතික්ෂේප කරන අතර ඔවුහු දේව වචනය වන බයිබලය නමැති, “ආත්මිකවූ අමිශ්‍රවූ කිරි” වෙනුවෙන් පක්ෂපාතව ඉදිරිපත් වී සිටිති. (1 පේතෘස් 2:3) තවදුරටත්, ඔවුහු රාජ්‍යයේ ශුභාරංචිය “අහසින් යට මුළු මැවිල්ලෙහි” ජ්වලිතව දේශනා කරති. (කොලොස්සි 1:23) මෙම ජාතිය “දෙවියන්වහන්සේගේ ඉශ්‍රායෙල්(හි)” ඉතිරි වූවන්ගෙන්, එනම් ආලේප ලත් ක්‍රිස්තියානීන්ගේ සභාවෙන් සකස් වී ඇති බවට කිසියම් සැකයක් තිබිය හැකිද? කොහෙත්ම නැත!—ගලාති 6:16.
එම ජාතිය උපත ලබයි
3. එම “ධර්මිෂ්ඨ ජාතිය” බිහිවූ ආකාරය විස්තර කරන්න.
3 එම “ධර්මිෂ්ඨ ජාතිය” උපත ලැබුවේ කවදාද? එහි ආරම්භය යෙසායා පොතේ පුරෝකථනය කර තිබිණි. යෙසායා 66:7, 8හි, අපට කියවන්ට ඇත්තේ මෙසේය: “ප්‍රසව වේදනාව පැමිණෙන්ට පළමුවෙන් ඈ [සියොන්] වැදුවාය; ඈට විළිරුජාව අල්ලන්ට පළමුවෙන් ඈ පිරිමි දරුවෙකු ප්‍රසූතකළාය. . . . සියොන් ප්‍රසව වේදනා වින්ද ඇසිල්ලෙහිම ඇගේ දරුවන් වැදුවාය.” ඉතා අසාමාන්‍ය ලෙස, සියොන් වන, දෙවියන්වහන්සේගේ ස්වර්ගීය සංවිධානය, ඇය ප්‍රසව වේදනා විඳින්ට පෙරාතුව “පිරිමි දරුවෙකු” වදන්ට නියමව සිටියාය. වර්ෂ 1914දී මෙසියානු රාජ්‍යය ස්වර්ගයෙහි ප්‍රසූත කරනු ලැබීය. (එළිදරව් 12:5) ඉන්පසු පළමුවන ලෝක යුද්ධය නිසා වැඩි ජාතීහු සංඛ්‍යාවක් ඊට ගොදුරු වූ අතර, ආලේප ලත් ක්‍රිස්තියානීහු දැඩි “ආපදා” හා පීඩාවන්ගෙන් වේදනා වින්ඳාහ. අවසානයේ, 1919දී, එම ආත්මික ජාතිය, එනම් “පිරිමි දරුවා” පොළොවේ ප්‍රසූත කරනු ලැබීය. මෙසේ, සියොන් ‘ඇගේ දරුවන් වැදුවාය,’—එනම් අලුත් “ධර්මිෂ්ඨ ජාතියේ” අභිෂේක ලත් සාමාජිකයන්ය—ඇරත් මොවුන් අඛණ්ඩව ව්‍යාප්ත වන්නාවූ සාක්ෂි දැරීමේ වැඩක් සඳහා හොඳින් සංවිධානය කරනු ලැබීය.—මතෙව් 24:3, 7, 8, 14; 1 පේතෘස් 2:9.
4. අඛණ්ඩතාව පැවැත්වීම සඳහා දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ ජාතියට පොරබැදීමට සිදුවී තිබෙන්නේ මක්නිසාද?
4 එහි ආරම්භයේ පටන්, මෙම ජාතිය එහි අඛණ්ඩතාව පිළිබඳ දැඩි පරීක්ෂාවන්ට මුහුණ දී ඇත. ඒ මන්ද? ස්වර්ගීය රාජ්‍යය ප්‍රසූත කරනු ලැබූ විට, සාතන් හා ඔහුගේ භූතයෝ ස්වර්ගයෙන් පොළොවට හෙළනු ලැබූහ. මහත් හඬක් මෙසේ ප්‍රකාශ කළේය: “අපගේ දෙවියන්වහන්සේගේ ගැළවීමද බලයද රාජ්‍යයද තමන් ක්‍රිස්තුස්වහන්සේගේ ආණ්ඩුබලයද දැන් පැමුණුණේය. මක්නිසාද අපගේ දෙවියන්වහන්සේ ඉදිරිපිට රෑ දාවල් අපේ සහෝදරයන්ට වරදතබන්නාවූ, ඔවුන්ගේ වරදතබන්නා පහත හෙළනු ලැබුවේය. ඔව්හු බැටළුපැටවාණන්ගේ ලේ නිසාද තමුන්ගේ සාක්ෂියේ වචනය නිසාද ඔහුගෙන් ජයගත්තෝය; ඔව්හු මරණය විඳින තරමට පවා තමුන්ගේ ජීවිතයට ප්‍රේම නොකර සිටියෝය.” වෙනස් වූ මෙම තත්ත්වයන්ට සාතන් මහත් උදහසින් ප්‍රතික්‍රියා කළ අතර “දෙවියන්වහන්සේගේ ආඥා පවත්වන්නාවූ, යේසුස්වහන්සේගේ සාක්ෂිය දරන්නාවූ ඇගේ වංශයේ ඉතිරි අයට විරුද්ධව යුද්ධකරන්ට ගියේය.” සාතන්ගේ ප්‍රබල ප්‍රහාර හමුවේ සිටි ආලේප ලත් ක්‍රිස්තියානීහු ස්ථිරව සිටියහ. වත්මන් කාලය දක්වා, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ ජාතියේ ජ්වලිත සාමාජිකයෝ යේසුස්වහන්සේගේ මිදීමේ රුධිරය කෙරෙහි ඇදහිල්ල තබන අතර “මරණය විඳින තරමට” අඛණ්ඩතාව පැවැත්වීමෙන් මහත් නින්දාකරන්නා නිසා යෙහෝවඃවහන්සේට දිගටම පිළිතුරක් දෙමින් සිටිති.—එළිදරව් 12:1, 5, 9-12, 16ආ; හිතෝපදේශ 27:11.
5. නවීන-දින සාක්ෂිකරුවන්ට අඛණ්ඩතාව පැවැත්වීමට උපකාර කර ඇත්තේ ඔවුන්ගේ කිනම් කදිම ආකල්පයද?
5 වර්ෂ 1919, දේව රාජ්‍යයට නවීන දින සාක්ෂිදැරීම ආරම්භ වූ විට, එවකට බයිබල් ශිෂ්‍යයන් ලෙස හඳුන්වනු ලැබූ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ, සංඛ්‍යාවෙන් ස්වල්පයක්ව සිටිය නමුත්, ඇදහිල්ලෙන් ශක්තිමත්ව සිටියහ. ඔවුහු ‘තාප්ප හා පවුරු පිණිස ගැළවීම නියම කරන ලද බලවත් නුවරක’ ප්‍රාරම්භක සාමාජිකයන් බවට පත්වූහ. ඔවුන්ගේ දැඩි විශ්වාසය රැඳී තිබුණේ “සදාකාල පර්වතයක්” වන “යෙහොවඃ නම්වූ ස්වාමීන්වහන්සේ [යාඃ යෙහෝවඃවහන්සේ, NW]” කෙරෙහිය. (යෙසායා 26:1, 3, 4) පුරාණයේ විසූ මෝසෙස් මෙන්, ඔවුහු මෙසේ ප්‍රකාශ කළහ: “ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] නාමය ප්‍රකාශ කරන්නෙමි. අපගේ දෙවියන්වහන්සේගේ උතුම්කම වර්ණනාකරව්. උන්වහන්සේ පර්වතයය, උන්වහන්සේගේ ක්‍රියාව සම්පූර්ණය; මක්නිසාද උන්වහන්සේගේ සියලු මාර්ග ධර්මිෂ්ඨය [යුක්තියය, NW]. උන්වහන්සේ විශ්වාසවූ අයුතුකමෙන් තොරවූ දෙවිකෙනෙක, උන්වහන්සේ වනාහි ධර්මිෂ්ඨය, අවංකය [ඍජුය, NW].”—ද්විතීය කථාව 32:3, 4.
6. මෙම අන්තිම දවස්වලදී යෙහෝවඃවහන්සේ ස්වකීය ජනයාට ආශීර්වාද පිරිනමා ඇත්තේ කිනම් ආකාරවලින්ද?
6 එවක් පටන්, පළමුව ආලේප ලත් ක්‍රිස්තියානීන් 1,44,000දෙනාගෙන් ඉතිරි අයව එකතු කරනු ලැබ, මේ වන විට යෙහෝවඃවහන්සේගේ රාජ්‍යය අරමුණු ප්‍රකාශ කිරීමෙහි “වෙනත් බැටළු[වන්ගේ]” මහත් සමූහයක් එක් වෙමින් සිටිත්ම, දෙවියන්වහන්සේගේ රාජ්‍යය විධිවිධානයේ දොරටු පුළුල් ලෙස විවෘතව පවතී. (යොහන් 10:16) ඒ අනුව, ප්‍රීතියෙන් මෙසේ නිවේදනය කළ හැකිය: “ස්වාමීන්වහන්ස [අහෝ යෙහෝවඃවහන්ස, NW], ඔබ සෙනග වැඩිකළසේක, ඔබ සෙනග වැඩිකර ගෞරවය ලබාගත්සේක. ඔබ දේශයේ සියලු මායිම්ද විශාලකළසේක.” (යෙසායා 26:15) අප අද දවසේ ලෝක ක්ෂේත්‍රය බලත්ම, එම වදන් කොතරම් සැබෑ වී තිබේදැයි අපි දකින්නෙමු! ශුද්ධාත්මයේ බලයෙන්, ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණෙන්නාවූ රාජ්‍යයේ සාක්ෂිය “පොළොවේ සීමාව” වෙතට ලබාදී ඇත. (ක්‍රියා 1:8) එම ව්‍යාප්තියේ තරම 12 සිට 15 දක්වා පිටුවල දක්වා ඇති, 1994 සේවා වසරේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත වාර්තාවෙන් මනින්ට පුළුවන.
ප්‍රචාරකයන්ගේ නව ඉහළ සංඛ්‍යාවක්
7, 8. (අ) දෙවියන්වහන්සේගේ ජනතාව ‘තමන්ගේ වසස්ථානවල ලණු දික්කර’ ඇති බවට තිබෙන්නේ කුමන සාක්ෂිද? (ආ) 1994 සේවා වසරේ වාර්තාව දෙස බලන විට, කැපී පෙනෙන ලෙස ‘තමන්ගේ සීමා විශාල’ කරන බව ඔබට පෙනෙන්නේ කුමන ප්‍රදේශවලද?
7 මෙම වාර්තාවේ ඇතැම් උච්ච අවස්ථා සලකා බලන්න. ක්ෂේත්‍රයේ රාජ්‍ය ප්‍රචාරකයන්ගේ ඉහළ සංඛ්‍යාව 49,14,094 කරා ළඟා විය! “සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගගෙනුත් භාෂාවන්ගෙනුත් . . . මහත් සමූහයක් සුදු සළු පැළඳ, . . . සිංහාසනය ඉදිරියෙහිත් බැටළුපැටවාණන් ඉදිරියෙහිත් සි(ටීම)” පිණිස නිතිපතා සිදුවන එක්රැස්කිරීම, නිරීක්ෂණය කිරීම කොතරම් විස්මයාත්මක ප්‍රීතියට හේතුවක්ද! එසේය, මොවුන්ද අඛණ්ඩතාව පවත්වන්නන් බව තහවුරු වී තිබේ. ඔවුහු යේසුස්වහන්සේගේ මිදීමේ මිලය කෙරෙහි ඇදහිල්ල තැබීම හේතුවෙන් ධර්මිෂ්ඨ යයි ගණන් ගනු ලැබ “තමුන්ගේ සළු බැටළුපැටවාණන්ගේ ලෙයින් සෝදා සුදුකර[ගෙන]” ඇත්තාහ.—එළිදරව් 7:9, 14.
8 නිශ්චිතාකාරයෙන් 1919 පටන්, යෙහෝවඃවහන්සේගේ සංවිධානයට මෙම ආඥාව ඉදිරිපත් වී ඇත: “නුඹේ කූඩාරම තිබෙන ස්ථානය විශාලකරපන්න, ඔව්හු නුඹේ වාසස්ථානවල තිර දිගහරිත්වා; වලක්වා නොගනින්න. නුඹේ ලණු දික්කර නුඹේ ඇණ සවිකරපන්න.” (යෙසායා 54:2) මෙයට ප්‍රතිචාරයක් වශයෙන්, එකදිගට සති ගණනාවක් පුරා ෆැරන්හයිට් බිංදුවට වඩා අංශක 50ක් හෝ 60ක් පහත බැසිය හැකි උෂ්ණත්වයන් විඳදරාගන්නා ශක්තිමත් පුරෝගාමීන් කණ්ඩායමක් සිටින, ඇලස්කා මායිමේ පිහිටි, ඉතා ශීතල යූකොන්හි පවා, පූර්ණ බලයෙන් යුක්තව දේශනා ක්‍රියාව දිගටම සිදුවෙමින් පවතී. මෑත වසරවල සමූහයෝ වඩාත් වේගයෙන් යෙහෝවඃවහන්සේගේ අඛණ්ඩතාව පවත්වන ජාතිය වෙතට එක්රොක් වෙමින් සිටිති. ක්‍රිස්තියානි ලෝකයෙන් පිටස්තර ආසියානු රටවල්වලින්, කලින් කොමියුනිස්ට්වාදී බලකොටුවලින්, අප්‍රිකානු රටවල් බොහොමයකින් හා ඉතාලිය, ස්පාඤ්ඤය, පෘතුගාලය හා දකුණු අමෙරිකාව වැනි, කතෝලික රාජ්‍යයන්ගෙන් වූ මොවුන්ව පිළිගැනීමට දොරටු වඩාත් පුළුල් ලෙස විවෘත කර ඇත. අස්ථානගත වූ අයද තවත් ක්ෂේත්‍රයක් විවෘත කර ඇත්තාහ. උදාහරණයක් හැටියට, එංගලන්තයේ, සාක්ෂිකරුවෝ විදේශ භාෂා 13කට අයත් ජනවාර්ගික කණ්ඩායම්වල අවශ්‍යතා සඳහා සැලකිල්ල දක්වති.
“මේක කරපල්ලා”
9. (අ) වර්ෂ 1994 සිහිකිරීමේ උත්සවයට පැමිණි සංඛ්‍යාව කුමක් අඟවයිද? (ආ) සිහිකිරීමේ උත්සවයට අසාමාන්‍ය ලෙස වැඩි සංඛ්‍යාවක් පැමිණි ඇතැම් රටවල් මොනවාද?
9 වාර්ෂික වාර්තාවේ තවත් උච්ච අවස්ථාවක් වන්නේ සිහිකිරීමේ උත්සවයට පැමිණි සංඛ්‍යාවය. තමන් මිය යන්ට මද වේලාවකට කලින්, යේසුස්වහන්සේ සිය මරණයේ සිහිකිරීමක් නියම කරමින් සිය අනුගාමිකයන්ට “මා සිහිකිරීම පිණිස මේක කරපල්ලා” යයි කීසේක. (1 කොරින්ති 11:24) වර්ෂ 1994, ක්‍රියාකාරි ප්‍රචාරකයන්ගේ සංඛ්‍යාව මෙන් දෙගුණයකටත් වඩා වැඩි සංඛ්‍යාවක් වන, 1,22,88,917දෙනෙකු එම ආඥාවට අවනත වීමක් වශයෙන්, පංගුකාරයන් හෝ නිරීක්ෂකයන් හැටියට ඊට එක්රැස්වීම විස්මයාත්මක ප්‍රීතියට හේතුවක් විය. ඇතැම් රටවල සිහිකිරීමේ උත්සවයට පැමිණි සංඛ්‍යාව හා ප්‍රචාරකයන් අතර අනුපාතය ඊටත් වඩා වැඩි විය. එස්ටෝනියාවේ, ලැට්වියාවේ හා ලිතුවේනියාවේ ප්‍රචාරකයෝ 4,049දෙනා, ප්‍රචාරක සංඛ්‍යාව මෙන් තෙගුණයකටත් වැඩි සංඛ්‍යාවක් වන, 12,876දෙනෙකු සිහිකිරීමේ උත්සවයට පැමිණීම ගැන අතිශයින් සතුටු වූහ. එමෙන්ම බෙනින්හි සිහිකිරීමේ උත්සවයට පැමිණි 16,786දෙනා, එහි ප්‍රචාරකයන්ගේ සංඛ්‍යාව මෙන් පස්ගුණයකට ආසන්න සංඛ්‍යාවක් නියෝජනය කළහ. ප්‍රචාරකයන් 45දෙනෙකු පමණ සිටි එක් සභාවක 831දෙනෙක් සහභාගි වූහ!
10. (අ) මරණය සිහිකිරීමේ උත්සවයට පැමිණෙන ඉහළ සංඛ්‍යාවන් අප කෙරෙහි පනවන්නේ කිනම් වගකීමද? (ආ) මරණය සිහිකිරීමේ උත්සවයට පැමිණෙන කෙනෙකු වැඩිමනත් උපකාරය ලබන විට සිදුවිය හැකි දෙය විස්තර කරන්න.
10 එම සුභදායක අවස්ථාවට උනන්දුව දක්වන මෙතරම් මහත් සංඛ්‍යාවක් තමන් හා එක්වීම ගැන යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ සතුටු වෙති. දැන් ඔවුන්ට ඕනෑ කර තිබෙන්නේ සත්‍යය කෙරෙහි වූ මොවුන්ගේ අවබෝධයේ හා ප්‍රේමයෙහි තවදුරටත් ප්‍රගතිය ලැබීමට මේ අයට උපකාර කිරීමටය. ඇතැමෙක් රුසියාවේ ආලා මෙන් ප්‍රතිචාරය දක්වන්ට පුළුවන. ආලා විශේෂ පුරෝගාමි සහෝදරියක සමඟ පාඩම් කරමින් සිටි මුත් එතරම් ප්‍රගතියක් නොපෙන්වූ නිසා, එම පාඩම නවතා දමනු ලැබීය. කෙසේවෙතත්, ආලා මරණය සිහිකිරීමේ උත්සවයට පැමිණීමට කළ ආරාධනයක් පිළිගත්තාය. එතරම් මහත් වැදගත්කමකින් යුත් එම රැස්වීම, ඇයගේ සිතට තදින් කාවැදුණි. නිවසට පැමිණීමෙන් පසු, ඈ තමා සතුව තිබූ සියලු ප්‍රතිමා පිටතට වීසිකර දමා, උපකාරය සඳහා යෙහෝවඃවහන්සේට යාච්ඤා කළාය. ඉන් දින දෙකකට පසු එම පුරෝගාමි සහෝදරිය, මරණය සිහිකිරීමේ උත්සවයෙන් ආලා සතුටක් ලැබූ ආකාරය දැනගැනීම සඳහා ඇය බලන්ට ආවාය. එවිට ඵලදායී සාකච්ඡාවක් සිදුවුණි. ආලාගේ පාඩම යළිත් ආරම්භ කරනු ලැබීය. ඉක්මනින්ම ඈ සාක්ෂි දැරීමේ සේවයට සහභාගි වුණාය. මෙම අද්දැකීම පෙන්වන්නේ මරණය සිහිකිරීමේ උත්සවයට පැමිණෙන අයව නැවත ගොස් බැලීමේ වටිනාකමයි. බොහෝදෙනෙකු ආලා කළාක් මෙන් ප්‍රතිචාරය දක්වන්ට පුළුවන.
“අපේම රැස්වීම අත්නෑර”
11-13. (අ) ධර්මිෂ්ඨ ජාතියේ විශ්වාසවන්ත හැසිරීමට ඇතුළත් වන්නේ කුමක්ද? (ආ) සැබෑ ක්‍රිස්තියානීන් රැස්වීම්වලට පැමිණිය යුත්තේ මක්නිසාද?
11 මරණය සිහිකිරීමේ උත්සවය යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ දින දර්ශනයේ වඩාත්ම වැදගත් රැස්වීම වුවත්, එය ඔවුන්ගේ එකම රැස්වීම නොවේ. සෑම සතියකම යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ ප්‍රේරිත පාවුල්ගේ මෙම වදන්වලට එකඟව එකට රැස්වෙති: “ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබාගනිමු. සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීම අත්නෑර, ඒ දවස ළංවන බව නුඹලාට පෙනෙන ප්‍රකාරයට වඩ වඩා එකිනෙකාට අවවාදකරමු [දිරිගන්වමු, NW].” (හෙබ්‍රෙව් 10:24, 25) ඔවුන් ආශ්‍රය කරන්නේ සිය විශ්වාසවන්ත හැසිරීමෙන් හඳුනාගත හැකි යෙහෝවඃවහන්සේගේ ධර්මිෂ්ඨ ජාතියත් සමඟය. විශ්වාසවන්තව රැස්වීම්වලට පැමිණීමද එම විශ්වාසවන්ත හැසිරීමට අයත් වේ.
12 රටපුරා ඉරුදින රැස්වීම්වලට පැමිණෙන සංඛ්‍යාවේ සාමාන්‍යය ප්‍රචාරකයන්ගේ සංඛ්‍යාවෙන් සියයට 125ක්ව පවතින පිලිපීනයේ, මෙය හොඳින් තේරුම්ගෙන තිබෙන බවට පැහැදිලිය. ආර්ජන්ටීනාවේ සාක්ෂිකරුවන් හා උනන්දුව දක්වන පුද්ගලයන් කණ්ඩායමක් විසින්ද, එය මනාව තේරුම්ගෙන තිබේ. ඔවුන් ජීවත්වන්නේ රාජ්‍යය ශාලාවේ සිට සැතපුම් 12ක් දුරින්ය. එහෙත්, එහි චාරිකා අවේක්ෂකයා වාර්තා කරන්නේ රෝගී තත්ත්වයන් හැරුණුකොට, ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් රැස්වීම් අතපසු නොකරන බවය. ඔවුන් බක්කි කරත්තයෙන් හෝ අශ්වයන් පිටින් පැය හතරක් පුරා ගමන් කරන අතර ශීත ඍතුවේදී ඔවුන් නිවසට යන්නේ රාත්‍රියේ අන්ධකාරය තුළදීය.
13 මෙම දේවල පිළිවෙළේ අවසානය ළඟා වෙත්ම, ජීවත්වීම වඩාත් දුෂ්කර වේ, ගැටලු වැඩි වේ, එමෙන්ම නිතිපතා රැස්වීම්වලට පැමිණීම වැඩි වැඩියෙන් අභියෝගයක් විය හැක. එහෙත් එවන් තත්ත්වයන් යටතේ, ආත්මික ආහාර හා උණුසුම් මිත්‍රත්වය සඳහා පෙර කවරදාකටත් වඩා වැඩි අවශ්‍යතාවක් අපට පවතින අතර එය අපට ලබාගත හැක්කේ එවන් එක්රැස්වීම්වලදී පමණකි.
‘බලවත් හදිසිතාවෙන් යුක්තව එහි යෙදී සිටින්න’
14. සිය දේව සේවය සම්බන්ධයෙන් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට හදිසිතාවේ හැඟීමක් ඇත්තේ මන්ද, එමෙන්ම කුමන විපාකයක් මෙය නිරූපනය කරයිද?
14 පසුගිය වසරේ, ඉතාලියේ කතෝලික පල්ලිය යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ වැඩය සඳහන් කළේ “ම්ලේච්ඡ වූ අන්‍ය ආගමකට හරවා ගැනීමක්” හැටියටය. කෙසේවෙතත්, සැබවින්ම, සාක්ෂිකරුවන් කරන සේවයෙහි ම්ලේච්ඡ වූ කිසිදු දෙයක් නැත. ඒ වෙනුවට, ඔවුන්ගේ දේව සේවය සිය අසල්වැසියන් සඳහා ගැඹුරු ප්‍රේමයේ ප්‍රකාශයකි. එය පාවුල්ගේ මෙම වදන්වලට කීකරුවීම සම්බන්ධයෙන් සාක්ෂියක්ද වන්නේය: “වචනය දේශනා කරපන්න; කලටත් අකලටත් වැඩේ [බලවත් හදිසිතාවෙන් යුක්තව, NW] යෙදී සිටපන්න;” (2 තිමෝති 4:2) වර්ෂ 1994දී, සිය අසල්වැසියන්ට දේශනා කිරීමෙහි, නැවත බැලීම් කිරීමෙහි, හා සතිපතා බයිබල් පාඩම් 47,01,357ක් පැවැත්වීමෙහි ඔවුන් පැය 1,09,60,65,354ක එකතුවක් ගත කිරීමෙන් පෙනෙන ආකාරයට, දේව සේවයේ ජ්වලිතව සිටින්ට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ව පොලඹවන්නේ බලවත් හදිසිතාවේ හැඟීමය. බොහෝදෙනෙකුට පුරෝගාමි සේවයේ සහභාගි වීමට හැකි වූ අතර මෙය පෙන්වන්නේ පුරෝගාමි ස්ප්‍රීතුව ප්‍රාණවත්ව හා ක්‍රියාශීලීව පවතින බවය. ලොව පුරා සිටි පුරෝගාමීන් 6,36,202ක සාමාන්‍යය මෙය සනාථ කරන්නේය.
15, 16. (අ) යෞවන හා මහලු යන දෙපිරිසම පුරෝගාමි ස්ප්‍රීතුව නිරූපනය කර ඇත්තේ කෙසේද? (ආ) වර්ෂ 1994 සේවා වාර්තාව තුළින් එක් එක් රටවල් දෙස බැලීමේදී, විශිෂ්ට පුරෝගාමීන් සංඛ්‍යාවක් ඔබට දකින්ට ලැබෙන්නේ කොහේද?
15 එම පුරෝගාමීන් අතර බොහෝ යෞවනයෝ සිටිති. එක්සත් ජනපදයේ ඇතැමෙක් ජ්‍යෙෂ්ඨ පාසැලට යමින් සිටියදී දැන් ස්ථාවර පුරෝගාමීන් හැටියට සේවය කරමින් සිටින අතර, ඔවුන් තමන්ගේ මූලික ක්ෂේත්‍රය ලෙස තබාගෙන ඇත්තේ තමන්ගේ පන්තියේ සෙසු සාමාජිකයන්ය. එම රටේ පාසැල් බොහොමයක ව්‍යාප්ත වී ඇති මත්ද්‍රව්‍ය, දුරාචාරය හා සැහැසියාවෙන් තමන්ව ආරක්ෂා කරගැනීමේ හොඳම මාර්ගය පුරෝගාමි සේවය බව මෙම යෞවනයෝ සොයාගෙන ඇත්තාහ. තවත් බොහෝ යෞවනයෝ පාසැලෙන් ඉවත් වීමෙන් පසු සිය ඉලක්කය කරගෙන තිබෙන්නේ පුරෝගාමි සේවයයි. යුක්රේනයේ, ඊරීනා, උපාධි ලැබීමෙන් පසු පුරෝගාමි සේවය සඳහා තමාව සූදානම් කරගැනීමට ජ්‍යෙෂ්ඨ පාසැල් කාලය පුරාම උපකාරික පුරෝගාමි සේවයේ යෙදුණාය. ඇය පාසැල් යෑම නිම කළ විට, ඇගේ පවුලේ අය, ස්ථාවර පුරෝගාමි සේවයේ ඇයට පවුල නියෝජනය කිරීමට හැකිවන පරිදි, ඇයට මූල්‍යාධාර ලබා දීමට ඉදිරිපත් වූහ. ආර්ථික වශයෙන්, යුක්රේනයේ එතරම් පහසු තත්ත්වයක් නොපවතී. එහෙත් ඊරීනා මෙසේ පවසන්නීය: “මා කරමින් සිටින්නේ මට පමණක් නොව මා දේශනා කරන අයටත් ජීවනය අදහස් කරන වැඩක් බව මා දන්නවා.” යෞවනයන් බොහෝදෙනෙකු අදදින ඊරීනා මෙන් කල්පනා කරනු දැකීමට ලැබීම සැබවින්ම ප්‍රීතියකි. ඔවුන්ට ‘සිය යෞවන වූ පුරුෂ හා ස්ත්‍රී දවස්වලදී සිය මැවුම්කරු සිහිකිරීමට’ තිබෙන වෙනත් හොඳම ක්‍රමය කුමක්ද?—දේශනාකාරයා 12:1.
16 පුරෝගාමියෝ විශාල සංඛ්‍යාවක් වයසට ගොස් සිටිති. දෙවන ලෝක යුද්ධය තුළ, තමාගේ පියාත් සහෝදරයාත් යුද්ධ කරමින් සිටියදී මිය ගිය අතර තමාගේ මව හා සහෝදරිය යුදෙව්වන් වසන ප්‍රදේශයේදී වෙඩි තබනු ලැබූ බව ස්ත්‍රියක් වාර්තා කරන්නීය. පසුව ඇයට තමාගේ පුත්‍රයා අහිමි විය. දැන්, ඇයගේ සැඳෑ සමයේදී, දුර්වල සෞඛ්‍යයෙන් පෙළෙන විට, ඇයට අහිමි වූ පවුලට වඩා ඉතා විශාල එකක් ක්‍රිස්තියානි සභාව තුළ යෙහෝවඃවහන්සේ ඇයට ලබා දී ඇත. තවද ස්ථාවර පුරෝගාමිකාවක හැටියට අන්‍යයන්ට උපකාර කිරීමෙහි ඈ ප්‍රීතිය ලබන්නීය.
17, 18. පුරෝගාමියෙකුව සිටියත් නැතත්, අප සෑම කෙනෙකුටම පුරෝගාමි ස්ප්‍රීතුව පෙන්විය හැක්කේ කෙසේද?
17 ඇත්තවශයෙන්ම, සෑම කෙනෙකුටම පුරෝගාමි සේවයේ යෙදෙන්ට නුපුළුවන. විශේෂයෙන්ම අප සම්බන්ධයෙන් එය කොතරම් ප්‍රමාණයක් වෙතත්, අපට ඔප්පු කළ හැකි උපරිමය වන, අපගේ මුළු ඔතු පිළිගැනීමට යෙහෝවඃවහන්සේ ප්‍රසන්න වනසේක. (මලාකී 3:10) සැබවින්ම, අප සියල්ලන්ටම මෙම ජ්වලිත පුරෝගාමීන්ගේ ස්වභාවය වගා කළ හැකි අතර ශුභාරංචිය දේශනා කිරීම පුළුල් කිරීමට අපගේ තත්ත්වයන් ඉඩදෙන ඕනෑම දෙයක් කරන්ට පුළුවන.
18 උදාහරණයක් වශයෙන්, ඕස්ට්‍රේලියාවේ, අප්‍රියෙල් 16වන දින වීදි සාක්ෂිදැරීම සඳහා විශේෂ දිනයක් හැටියට වෙන්කරනු ලැබීය. එම මාසය සඳහා වූ නව ප්‍රචාරක ඉහළ සංඛ්‍යාව වන 58,780න් පැහැදිලි වූ ආකාරයට, ප්‍රචාරකයන් හා පුරෝගාමීන් විසින් ඊට එක හා සමානව අනුබල දෙනු ලැබීය. තවද පසුගිය වසරේ එම මාසයේ බෙදාහරින ලද සඟරා සංඛ්‍යාව හා සැසඳීමේදී සඟරා 90,000ක් වැඩිපුර බෙදා දෙනු ලැබීය. එම විශේෂ දිනය තුළ, සහෝදරියක් එක්තරා පුරුෂයෙකුට සඟරා බෙදා දුන් අතර පෙන්වන ලද උනන්දුව ඔස්සේ නැවත හමුවීමට ඔහුගේ නම හා ලිපිනය ලියාගැනීමේදී, ඇයට සොයාගත හැකි වූයේ ඔවුන් දෙදෙනා ඥාතීන් බවය! එම ඥාතිකම සොයා බැලීමේදී තමන් වසර 30ක් පුරා එකිනෙකාව දැක නැති ඥාති සහෝදර සහෝදරියන් බව පැහැදිලි විය. එය සැබවින්ම ප්‍රස්තාව උදා කළේ ඉතා සන්තෝෂයදනවන නැවත බැලීම් කීපයකටය!
අවසානය දක්වාම අඛණ්ඩතාව පවත්වන්න
19. යෙහෝවඃවහන්සේගේ ධර්මිෂ්ඨ ජාතිය අවසානය දක්වාම අඛණ්ඩතාව පැවැත්වීමේ හදිසිතාවක් පවතින්නේ මන්ද?
19 සාතන්ගේ ලෝකය මරණ වේදනාවන්ගෙන් පෙළෙත්ම දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ ජාතියට අයත් සියල්ලන්ම අඛණ්ඩතාව පැවැත්වීමෙහි හදිසිතාවක් ඇත. ඉක්මනින්ම, යෙහෝවඃවහන්සේගේ ශුද්ධ ජාතිය මෙම ඇමතුම අසනවා ඇත: “මාගේ සෙනග, වරෙල්ලා, නුඹලාගේ ඇතුල් ගෙවලට ගොස් නුඹලාගේ දොරවල් වසාගන, කෝපය පහවයන තුරු ස්වල්ප මොහොතක් සැඟවී ඉඳිල්ලා.” ලේ වරදට හසුවී සිටින මෙම ලෝකය නියත වශයෙන්ම දිව්‍ය විනිශ්චයට මුහුණ දෙනවා ඇත. “මෙන්න, ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] පොළෝ වාසීන්ගේ අපරාධ ගැන ඔවුන්ට දඬුවම්කරන්ට තමන්ගේ ස්ථානයෙන් නික්මී එනසේක. පොළොවද එහි මැරුම්කෑවුන් තවත් වසා නොගෙන එහි වැගිරෙවු ලේ ප්‍රකාශකරනවා ඇත.” (යෙසායා 26:20, 21) අපි සෑම කෙනෙක්ම අඛණ්ඩතාව පවත්වන ක්‍රිස්තියානියෙකු හැටියට යෙහෝවඃවහන්සේගේ ධර්මිෂ්ඨ ජාතිය සමඟ ස්ථිරව සිටිමු. එවිට ක්‍රිස්තුස්වහන්සේගේ රාජ්‍යයේ පාලනයේ භූමික හෝ ස්වර්ගික විෂයේ සදාකාල ජීවිතය අත්කරගැනීමට අප සතුටු වෙනවා ඇත.
ඔබට මතකද?
◻ “ධර්මිෂ්ඨ ජාතිය” ඉපදුණේ කවදාද?
◻ මෙම අන්තිම දවස්වල දෙවියන්වහන්සේගේ ජනයාට විඳදරාගැනීම අවශ්‍ය වී තිබෙන්නේ මන්ද?
◻ වර්ෂ 1994 සේවා වාර්තාවෙන් පෙනෙනාකාරයට වැඩි ප්‍රචාරක සංඛ්‍යාවක් සිටීමෙන් හා වැඩි පැය ගණනක් ගත කරනු ලැබීමෙන් කුමක් නිරූපනය වේද?
◻ මේ ලෝකය එහි අවසානය කරා ළඟා වෙත්ම රැස්වීම්වලට පැමිණීම මෙතරම් වැදගත් වන්නේ මන්ද?
◻ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ ජාතියත් සමඟ ඇසුරු කරන සියල්ලන්ම අඛණ්ඩතාව පැවැත්විය යුත්තේ මන්ද?
[12-15වන පිටුවල වගුව]
ලෝක ව්‍යාප්ත යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ 1994 සේවා වාර්ෂික වාර්තාව
(මුද්‍රිත පිටපත බලන්න)
[18වන පිටුවේ පින්තූරය]
යෙහෝවඃවහන්සේගේ ධර්මිෂ්ඨ ජාතිය තුළ අඛණ්ඩතාව පවත්වන්නන් පරිපූර්ණත්වය ඇතුව සදාකාල ජීවනය ලබනවා ඇත