භේදවූ පල්ලියක්—එයට බේරී පවතින්ට හැකිද?
“ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ සත්‍යයට ගැළවීම සැපයිය හැකියයි විශ්වාස කරන සියල්ලන්ම දෘශ්‍යමාන පල්ලියට අයිතිය. ක්‍රිස්තියානි ලෝකය තුළ භේද—එනම්, පෙර සහ අපරදිග අතරෙහිද, රෝමය හා රෙපරමාදු පල්ලි අතරෙහිද ඇති භේද—වනාහි එක පල්ලියක් තුළ ඇති භේදයන්ය.” (ක්‍රිස්ටියන්ස් ඉන් කොමියූනියන්) එක් කර්තෘවරයෙකු ක්‍රිස්තියානි ධර්මය දෙස බලන්නේ ඒ ආකාරයටය—එනම්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ යම් ආකාරයේ ඇදහිල්ලක් තිබෙන බව කියා සිටින සියල්ලන්ම, ව්‍යාප්ත ලෙස විසිරුණු ආගම් පවුලකි.
කෙසේවුවද, එය වනාහි එකිනෙකට පටහැනි විශ්වාස හා හැසිරීමේ ප්‍රමිති ඇති, භේදවූ පවුලක්ය. “බසයකට ඇතුළුවීම සඳහා අවශ්‍ය කරන ප්‍රමිතිවලට වඩා අඩු ප්‍රමිති පල්ලි සාමාජිකත්ව සඳහා වර්තමාන-දින ක්‍රිස්තියානි ධර්මයට තිබේයයි” එක් නිරීක්ෂකයෙක් පවසයි. එසේ නම්, එහි ආත්මික තත්ත්වය අප නිශ්චය කළ යුත්තේ කෙසේද? කතෝලික බිෂොප් බැසිල් බට්ලර් මෙසේ නිගමනය කරයි: “භේදවූ ක්‍රිස්තියානි ධර්මය වනාහි සැබවින්ම රෝගාතුරය.” (ද චර්ච් ඇන්ඩ් යුනිටි) අසනීපය ආරම්භ වූයේ කෙසේද? සුවවීම සඳහා බලාපොරොත්තු තිබේද?
“නොපනත්කමේ මනුෂ්‍යයා”
අසමගිය ඇතිවනු ඇතැයි කියා ප්‍රේරිත පාවුල් අනතුරු ඇඟවූයේය. ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණ සිටීම වහා සිදුවන්නේයයි සිතූ තෙසලෝනියෙහි ක්රිස්තියානින්හට ඔහු මෙසේ ලීවේය: “කිසිවෙකුට කිසිසේත් නුඹලා රවටන්ට ඉඩ නාරිල්ලා. මක්නිසාද ඇදහිල්ලෙන් වැටීයෑමත් [ඇදහිල්ල අත්හැරීමත්, NW] විනාශයේ පුත්‍රයා වන පාපයේ [නොපනත්කමේ, NW] මනුෂ්‍යයා එළිදරව්වීමත් පළමුවෙන් වුණොත් මිස ඒක [යෙහෝවඃවහන්සේගේ දවස] නොපැමිණෙන්නේය.”—2 තෙසලෝනික 2:3.
මෙම “නොපනත්කමේ මනුෂ්‍යයා” ක්‍රිස්තියානි සභාව තුළට ඇදහිල්ල අත්හැරීම හා කැරලිගැසීම හඳුන්වා දුන්නේය. ඔහු කවරෙක්ද? යම් තනි මනුෂ්‍යයෙකු නොව, නමුත්, ඒ වෙනුවට, ක්‍රිස්තියානි ලෝකයේ පූජක පංතියයි. යේසුස්වහන්සේගේ ප්‍රේරිතවරුන්ගේ මරණයෙන් පසු සාපේක්ෂ ලෙස ඉක්මනින්ම ඇදහිල්ල අත්හැරියාවූ සභාව කෙරෙහි මෙම පංතිය තමන්වම උසස්කර ගත් අතර, අන්තිමේදී ත්‍රිත්වය හා අමරණීය මනුෂ්‍ය ආත්මය වැනි, මිථ්‍යාදෘෂ්ටික දර්ශනවාදයන් ඉගැන්නුවේය. (ක්‍රියා 20:29, 30; 2 පේතෘස් 2:1-3) මාරාන්තික වයිරසයක් මෙන්, නොවැළැක්විය හැකි ලෙස අසමගියට මඟ පෙන්වන්නාවූ භූතානුභාවයෙන් යුත් අදහස්වලින් එය ක්‍රිස්තියානි සභාවයයි කියා සිටින අයව ආසාදනය කළේය.—ගලාති 5:7-10.
ප්‍රේරිත පාවුල්ගේ දවස වන විටත්, ආසාදනය ආරම්භ වී තිබිණ. ඔහු මෙසේ ලීවේය: “නොපනත්කමේ අභිරහස දැනටම ක්‍රියාකරන්නේය. නුමුත් තමා පහකරනු ලබන තුරු දැන් වළක්වන්නාවූ කෙනෙක් සිටී.” (2 තෙසලෝනික 2:7) ඇදහිල්ල අත්හැරීමේ විසට එරෙහිව ප්‍රේරිතවරු වැළැක්වීමේ බාධකයක් වශයෙන් ක්‍රියා කළෝය. ඔවුන්ගේ එකමුතුකරවන බලපෑම ඉවත් කරනු ලැබූ විට, නොහික්මුණු ලෙස ඇදහිල්ල අත්හැරීම කෝථය මෙන් පැතිරේ.—1 තිමෝති 4:1-3; 2 තිමෝති 2:16-18.
මෙම “නොපනත්කමේ මනුෂ්‍යයාගේ” ක්‍රියාකාරකම් අඩු නොවී නොකඩවා පවතියි. “ලිංගික හා දේවධර්ම වධ වේදනාවෙන් සිටින පල්ලියක්” පිළිබඳ මෑත වාර්තාවකදී, එංගලන්ත පල්ලියේ එක් අනුනායකවරයෙකු මෙසේ පැමිණිලිකරමින් සිටීම උපුටා දක්වා තිබේ: “විවාහයෙන් පිටත ලිංගික කටයුතුවල නොයෙදීමට පූජකයන්ට කරන යෝජනා ප්‍රතික්ෂේප කර තිබේ. සමලිංගික ඇසුරෙහි යෙදෙමින් සිටින්නන් පූජකකමට පත්කර තිබේ. ඔවුන් යහපත නපුර බවටත්, නපුර යහපත බවටත් හරවා තිබේ.”—ද සන්ඩේ ටයිම්ස් මැගසීන්, ලන්ඩනය, 1992 නොවැම්බර් 22.
තිරිඟු සහ කිරිඳි
සැබෑ ක්‍රිස්තියානි ධර්මය තාවකාලිකව දර්ශනයෙන් පහව යනු ඇතැයි යේසුස් ක්‍රිස්තුස්වහන්සේම ඉගැන්වූසේක. ක්‍රිස්තියානි සභාව පිහිටුවීම හරියට මනුෂ්‍යයෙකු තමාගේ කෙතෙහි හොඳ බීජ වැපිරීමක් මෙන්යයි උන්වහන්සේ පැවසූසේක. එහෙත්, යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක, “ඔහුගේ සතුරා ඇවිත් තිරිඟු අතරේ කිරිඳි වපුරා ගියේය.” කිරිඳි උදුරා දමන්ටදැයි කියා ඔහුගේ දාසයන් ඇසූ විට, කෙතේ අයිතිකරුවා මෙසේ පැවසීය: “එසේ නොකරල්ලා; නුඹලා කිරිඳි උදුරන කල තිරිඟුත් ඒ සමඟ ඉදිරෙන්ට පුළුවන.” තිරිඟු හා කිරිඳි මෙසේ මිශ්‍රව කොපමණ කලක් පවතිනු ඇත්ද? කෙතේ අයිතිකරුවා මෙසේ පැවසීය: “කපන කාලය දක්වා දෙවගේම එකට වැඩෙන්ට ඇරපල්ලා.”—මතෙව් 13:25, 29, 30.
“දේවල පිළිවෙළේ, [NW]” අන්තිම දවස් තුළදී “කපන කාලය” හෝ වෙන්කිරීමේ කාලය තෙක්, සැබෑ ක්‍රිස්තියානින් සමීපයෙහි අනුකරණ ක්‍රිස්තියානිහු වැඩුණෝය. (මතෙව් 28:20) දූෂ්‍ය හා භේදවූ අනුකරණ ක්‍රිස්තියානි සභාවක් බිහි කිරීමට සාතන් නමැති යක්ෂයා ඇදහිල්ල අත්හැරියවුන් භාවිතා කළේය. (මතෙව් 13:36-39) ඔවුහු අව්‍යාජ ක්‍රිස්තියානි ධර්මයේ නින්දිත ව්‍යාජයක් නිපදවූහ. (2 කොරින්ති 11:3, 13-15; කොලොස්සි 2:8) සියවස් ගණනාවක් පුරා පල්ලිය කොටස්වලට කැඩී ගිය විට, සැබෑ ක්‍රිස්තියානින් හඳුනාගැනීම අතිශයින් දුෂ්කර විය.
අලුත් භේද
වඩාත් නූතන කාලවලදී, ද ටෙස්ටිං ඔෆ් ද චර්චර්ස්—1932-1982 මෙසේ පවසයි, “පෞද්ගලික ඇදහිල්ල හා අද්දැකීම අවධාරණය කරන, විශේෂයෙන්ම පුබුදු ව්‍යාපාරය වැනි අලුත් ප්‍රභේද හටගෙන තිබේ.” නැවත ඉපදීම සහ පුබුදුව වැනි කණ්ඩායම් අලුත් ප්‍රභේදවලට බෙදීයෑමට වඩා ආත්මික සුවවීමේ ලකුණු හැටියට ඇතමෙකු සැලකීම උනන්දුව ගෙන දෙන කාරණයකි. උදාහරණයක් වශයෙන්, උතුරු අයර්ලන්තය, 1850ගණන්වල එවැනි පිබිදීමක් දුටුවේය. උසස් බලාපොරොත්තු ඇතිකරගෙන තිබිණ. “ප්‍රෙස්බිටේරියානු, වෙස්ලියානු හා ස්වාධීන දේවගැතිවරුන් අතරෙහි සහෝදර එකමුතුවක්” ගැන වාර්තාවක් පැවසූ අතර, “මූර්ච්ඡාව, නිද්‍රාව, දර්ශන, ස්වප්න හා ප්රාතිහාර්යයන් පිළිබඳ අලුත් ආරංචි සෑම දිනකම අසන්ට ලැබුණේයයි” පැවසීය.—රිලිජස් රිවයිවල්ස්.
මෙම චමත්කාරජනක විදහාපෑම් බොහෝ දෙනෙකු දුටුවේ සිය පල්ලිය පුබුදුවාලීමට ක්‍රියාකරන දෙවියන්වහන්සේගේ ආත්මයේ සාක්ෂියක් වශයෙන්ය. “දෙවියන්වහන්සේගේ පල්ලිය එහි ඉහළම අර්ථයෙන් ගත්කල, එය මෙම දිස්ත්‍රික්කවල පුබුදුවා ඇතැයි” එක් නිරීක්ෂකයෙක් පැවසීය. කෙසේවුවද, මෙම සුවිශේෂ පුබුදුවාලීම “අල්ස්ටර්වල ආගමික ඉතිහාසයෙහි මහිමවත් හා පෙර නොවූවිරූ යුගයක්” වශයෙන් ප්‍රකාශ කරනු ලැබුවත්, එය සහ එබඳුම වෙනත් පුබුදුවාලීම්, ආත්මික යළි ඉපදීමක් ගැන කියා සිටින අයවලුන් අතරෙහි ආගමික එකමුතුකමක් නිපදවා නැත.
ඉතා වැදගත් හා මූලික කාරණා සම්බන්ධයෙන් තමන් එකමුතුව සිටින්නේයයි කියා එබඳුවූවන් වාද කරනු ඇත. එහෙත් ක්‍රිස්තියානි ලෝකයේ සෙස්සන් විසින් භාවිතා කරන ලද වාදයත් මෙයමය, “ක්‍රිස්තියානින්ව තවමත් භේදකරවන කාරණාවලට වඩා ඔවුන්ව එකමුතුකරවන දෙය තවමත් ඊට වඩා වැදගත්යයි” කියමින් ඔවුහු හේතුසාධක මවාපාති. (ද චර්ච් ඇන්ඩ් යුනිටි) ක්‍රිස්තියානි ලෝකය කියා සිටින්නේ: “එකිනෙකා සමඟ හා අපගේ සියලුම සෙසු ක්‍රිස්තියානින් සමඟ අපගේ මූලික එකමුතුකම ක්‍රිස්තුස්වහන්සේ තුළ අපගේ බව්තීස්මයෙහි පිහිටා තිබෙන බවය.” (ක්‍රිස්ටියන්ස් ඉන් කොමියූනියන්) කෙසේවුවද, යේසුස්වහන්සේ තුළ පොදු ඇදහිල්ල නිසා භේද වැදගත් නැතැයි කියා සිටීම හරියට ඔබගේ හදවත ශක්තිමත්ව තිබෙන තාක් කල් පිළිකාව බරපතළ නැතැයි කියා සිටීම වැනිය.
යථාර්ථය නම් සිත් ඇදගන්නාසුලු ගුරුවරුන් තමන්ටම අනුගාමිකයන් එකතු කරගනිත්ම, එබඳු නවීන ආගමික කණ්ඩායම් ව්‍යාකූලතාව තවත් වැඩිකර, ආත්මික වියවුල ඇති කිරීමය. ජීම් ජෝන්ස් හා ඩේවිඩ් කෝරෙෂ් වනාහි දහස් ගණන් අයවලුන්ව නොමඟයැවූ ආත්මික නායකයන්ගේ වර්තමාන ආදර්ශ වෙති. (මතෙව් 15:14) එක් බැප්ටිස්ට් දේවගැතිවරයෙකු ක්ලුක්ස් ක්ලාන්වල ප්රමුඛ සාමාජිකයෙක් වන්නේය. සුදු ජාතියේ ශ්‍රේෂ්ඨතාව සඳහා ඔහුගේ ව්‍යාපාරය සමඟ ආගමික පුබුදුවාලීම ඔහු සම්බන්ධ කරන අතර, එහි සහභාගි වන අයවලුන්ට “දිව්‍ය මඟ පෙන්වීමේ ශක්තියද, කල්වරියේ මියගියාවූ උන්වහන්සේගේ [යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ] එඩිතරකමද දෙනු” ලබනවා ඇත.
ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් සිදුකළේයයි කියනු ලබන ප්රාතිහාර්යයන්, බලවත් ක්‍රියා හා ලකුණු ගැන කුමක් කිව හැකිද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුමැතිය ලබාගන්නේ හුදෙක් “ස්වාමිනි, ස්වාමිනි” කියන අයවලුන් නොව, නමුත් ඒ වෙනුවට ‘සිය පියාණන්ගේ කැමැත්ත කරන අයවලුන්’ යන උන්වහන්සේගේ ප්‍රබල අවවාදය මතක තබාගන්න. සිය පියාණන් වන, යෙහෝවඃවහන්සේගේ නාමය පවා අදදින බොහෝ දෙනෙක් නොදනිති. ‘තමන්වහන්සේගේ නාමයෙන් යක්ෂයන් දුරුකරන්නාවූ හා මෙම නාමයෙන් බලවත් ක්‍රියා කරන්නාවූ’ නමුත් ඔවුන් “නොපනත්කම්කරන්නන්” වනු ඇතැයි යනුවෙන් යේසුස්වහන්සේ අවවාද කළසේක.—මතෙව් 7:21-23.
“මාගේ සෙනගෙනි, . . . ඇගෙන් ඉවත්ව වරෙල්ලා”
රෝගාතුර ක්‍රිස්තියානි ලෝකයේ අසනීප තත්ත්වය කුමක්ද? ඉතා දුර්වලය. “වැඩි කලබලයක් නොකර [පල්ලියට] බැඳී, ඇය තුළ සිටින්නන් නොකඩවා ‘පිරිසිදු කිරීමට’ ඇයට අපගේ උපකාරය දෙන්නැයි” යන කතෝලික බිෂොප් බට්ලර්ගේ උපදේශය අප පිළිගත යුතුද? නැත! භේදවූ හා භේදකාරි ක්‍රිස්තියානි ලෝකය බේරී නොපවතිනු ඇත. (මාර්ක් 3:24, 25) ඇය වනාහි මහා බබිලෝනිය යනුවෙන් හඳුන්වන ලද අසත්‍ය ආගමික ලෝක අධිරාජ්‍යයේ කොටසකි. (එළිදරව් 18:2, 3) ලේවලට වරදකාර මෙම ආගමික ක්‍රමය දෙවියන්වහන්සේගේ අතින් ඉතා ආසන්නව ඇති විනාශයට මුහුණදෙයි.
අව්‍යාජ ක්‍රිස්තියානින් මෙම දූෂ්‍ය ආගමික සංවිධානය තුළ සිට ඇගේ අභ්‍යන්තරයෙන් ඇයව ප්‍රතිසංස්කරණය කිරීමට උත්සාහ කළ යුතු බව බයිබලය යෝජනා කරන්නේ නැත. ඒ වෙනුවට, එය මෙසේ අනුශාසනා කරයි: “මාගේ සෙනගෙනි, ඇගේ පාපවලට හවුල් නොවන පිණිසත්, ඇගේ පීඩාවලට අසු නොවන පිණිසත්, ඇගෙන් ඉවත්ව වරෙල්ලා. . . . මක්නිසාද ඇගේ පව් ස්වර්ගය දක්වා නැංගේය. දෙවියන්වහන්සේද ඇගේ අපරාධ [අයුක්තියේ ක්‍රියා, NW] සිහිකළසේක.”—එළිදරව් 18:4, 5.
‘ඉවත්වන්නේ’ කොතැනකටද? කපන කාලයේදී සැබෑ ක්‍රිස්තියානින් නැවත වරක් ලෝක ව්‍යාප්ත එකමුතුකමකට එක්රැස්කරනු ඇතැයි යනුවෙන් යේසුස්වහන්සේ පොරොන්දු කළ බව මතක තබාගන්න. “[ගාලක් තුළ සිටින, NW] බැටළුවන්මෙන් ඔවුන් එක්කාසුකරන්නෙමි” යි යන වචනවලින් අනාගතවක්තෘ මීකාද එබඳු එක්රැස්කිරීමක් පුරෝකථනය කළේය. (මීකා 2:12) මෙය සිදුවී තිබේද?
එසේය! අව්‍යාජ ක්‍රිස්තියානින් ලොවවටා එක්සත් සහෝදරත්වයක් තුළට දැන් එක්රැස්කරනු ලැබේ. ඔවුහු කවරහුද? ඔවුන් නම් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රිස්තියානි සභාවය, මොවුහු රටවල් 231ක දෙවියන්වහන්සේගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය එකමුතුව ප්‍රකාශ කරති. ඔවුහු ක්‍රිස්තියානි ලෝකයේ භේදකාරි ඉගැන්වීම් ප්රතික්ෂේපකොට දෙවියන්වහන්සේගේ වචනයේ සත්‍යයට එකඟව උන්වහන්සේට නමස්කාර කිරීමට වෑයම් කරති.—යොහන් 8:31, 32; 17:17.
ඔවුන් සමඟ කතා කිරීමට ඔබට උණුසුම් ලෙස ආරාධනා කරනු ලැබේ. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට ඔබ කැමති වනු ඇත්නම්, කරුණාකර ප්‍රදේශයේ සිටින සාක්ෂිකරුවන්ව මුණගැසෙන්න, නැතහොත් මෙම සඟරාවේ 2වන පිටුවේ උචිත ලිපිනයකට ලියන්න.
[7වන පිටුවේ පින්තූරය]
“දෙවියන්වහන්සේ ඇගේ අපරාධ [අයුක්තියේ ක්‍රියා, NW] සිහිකළසේක”