භේදවූ පල්ලියක්—එය කොතරම් නරකද?
ඉදිරිපස බිත්තිය හදිසියේ බිඳවැටී තිබෙන අබලන්වූ පරණ නිවසක ජීවත්වෙමින් සිටින විස්මයට පත් විශාල පවුලක් මෙන්, සෑම කාමරයකම පාහේ කලබලයක් සිදුවන බවක් දක්නට තිබේ—එනම්, මිණිගෙඩි සහිත රබන් ගසමින්, කළු සේද ඇඳුම් කට්ටලවලින් සැරසී සිටින කදිම එංගලන්ත-කතෝලික සමලිංගික ඇසුරෙහි යෙදෙන්නන්ට යේසු දරුවෝ කෑමොර ගසමින් සිටිති.”—ද සන්ඩේ ටයිම්ස්, ලන්ඩනය, 1993 අප්‍රියෙල් 11.
මෙම පවුල වනාහි එංගලන්ත පල්ලියයි. කලබලය නම් පූජකත්වයට ස්ත්‍රීන් ඇතුළත්කර ගැනීම පිළිබඳවය. ගැඹුරු අසමගියේ සිත්ගන්නා විස්තරය මුළු ක්‍රිස්තියානි ලෝකයට එකලෙස අදාළ වේ. ස්ත්රීන්ට පූජකයන් වීම සඳහා අවසර දීමට ගත් තීරණය ඔර්තඩොක්ස් පල්ලියේ කුලදෙටුවන් හා පාප් හෙළාදැකීම නිසා, සමස්ත ප්‍රතිඵලය නම් “ක්‍රිස්තියානි ලෝකයේ සෙස්සන් සමඟ නැවත එකමුතුවීමේ සිහිනය කිසිදාකට වැඩියෙන් දුරස්තරව තිබෙන” බවට එක් වාර්තාවක් නිගමනය කරයි.
පල්ලිය කොතරම් බෙදී තිබේද?
මතෙව් 7:21හි අප කියවන පරිදි, ස්වාමීන්වහන්සේ වශයෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල ඇතැයි කියන්නාවූ බොහෝ දෙනෙකු ‘තම පියාණන්ගේ කැමැත්ත කිරීමට’ තවමත් අසමත් වන්නේයයි උන්වහන්සේ පැවසූසේක. මැක්ලීන්’ස් සඟරාව මෙසේ නිරීක්ෂණය කරයි: “දෙවියන්වහන්සේගේ කැමැත්ත සැබෑවටම කුමක් වන්නේදැයි යන්න ගැන ක්‍රිස්තියානින් හා ඔවුන්ගේ පල්ලි ගැඹුරු ලෙස වෙනස්ව සිටින විට, එම ප්රශ්නය ගැන ව්‍යාකූල වීම සම්බන්ධයෙන්, ගැළවීම සොයමින් සිටින මතෙව්ගේ පාඨකයන්ට සමාව දිය හැක.” කැනඩානුවන් අතරෙහි ඡන්දයක් විමසීමෙන් පසු, “කැනඩානු ක්‍රිස්තියානින්ගේ විශ්වාස හා ව්‍යවහාරවල අතිවිශාල ප්‍රභේදයක්—එනම්, සැබෑවටම, නිකායන් අතරෙහි තිබෙනවාට වඩා යම් තනි නිකායක සාමාජිකයන් අතරෙහි වැඩි ප්‍රභේදයක්”—තිබේයයි එය නිගමනය කළේය.
එම සමීක්ෂණයට අනුව, ඔවුන්ගේ පල්ලිය එය හෙළාදුටුවත්, කතෝලිකයන්ගෙන් සියයට 91දෙනෙක් කෘත්‍රිම උපත්පාලන භාවිතය සමඟ එකඟ වෙති; ස්ත්රීන්ට පූජකයන් වීමට ඉඩදිය යුතුයයි සියයට 78දෙනෙක් කල්පනා කරති; තවද “ඇතැම් අවස්ථාවලදී” සියයට 41දෙනෙක් ගබ්සාව පිළිගනිති. “දේවධර්ම ප්‍රශ්න රාශියක්” පිළිබඳව නොයෙක් නිකායන් තුළ එකඟතාවක් නොමැතිකම නිසා, “ප්‍රධාන පෙළේ පල්ලි කැඩීබිඳී යෑමට මෙම භේද හේතු වන්නේයයි” මැක්ලීන්’ස් පවසයි.
දෙයාකාර ප්‍රමිති
සදාචාරය පිළිබඳව දෙයාකාර ප්‍රමිති මෙන්ම එකිනෙකට පටහැනි ප්‍රමිති පවතියි. ඇතැමෙක් බයිබල් ප්‍රතිපත්ති පිළිගන්නේයයි පවසති, නමුත් සමහරු ඒවාට ගරහති. නිදසුනක් වශයෙන්, සමලිංගික ඇසුරෙහි යෙදෙන ස්ත්‍රීන් දෙදෙනෙකු සඳහා ටොරොන්ටෝවේ මෙට්ට්‍රොපොලිටන් පල්ලියෙහි සිදුකරන ලද “විවාහ” උත්සවය දෙවියන්වහන්සේගේ කැමැත්තට එකඟවීද? සහභාගිවූවෝ පැහැදිලිවම එසේ සිතූහ. “අපගේ ප්‍රේමය ප්‍රසිද්ධව හා දෙවියන්වහන්සේ ඉදිරියෙහි උත්සවාකාරයෙන් පැවැත්වීමට අපට වුවමනායයි” ඔවුහු පැවසූහ.
“චෝදනා එකපිට එක සිදුකර තිබියදීත්, කතෝලික අගරදගුරු කෙනෙකු විසින් ළමුන් සමඟ දුරාචාරයෙහි යෙදීමට කැමති පූජකයන්ව වෙනත් අල්තාර පිරිමි ළමුන් සිටින තැනකට මාරු කරන ලද්දේ” කෙසේදැයි එක්තරා පුවත්පත් කලාවේදියෙක් ඇසුවේය. තවද 2,000 සිට 4,000 දක්වා ප්‍රමාණයක පූජකයන්, අඩුවයස් ළමුන් 1,00,000කට අතවරකර තිබිය හැකියයි පූජක ඇන්ඩෲ ග්‍රීලී යෝජනා කරයි, බොහෝවිට ඒ පිළිබඳව රැගෙන තිබෙන්නේ සුළු පියවරකි.
අසමගිවූ පල්ලියක් නිපදවන්නේ අසමගිවූ ජනතාවක්ය. බෝල්කන් ප්‍රදේශයේ, ඔවුන්ගේ “සාධාරණ” යුද්ධයේදී ක්‍රිස්තුස්වහන්සේ තමන් සමඟ ඇතැයි කියා සර්බියානු හා ක්රොවැට් “ක්‍රිස්තියානින්” යන දෙගොල්ලන්ටම හැඟේ. සටනේදී බොහෝ දෙනෙක් කුරුස පැළඳගෙන සිටිති, එක්කෙනෙකු “සටන දරුණුම වූ අවස්ථාවලදී කුරුසය නිතරම තමාගේ කටෙහි තබාගෙන සිටි” බවට වාර්තාකර තිබේ.
“නුඹලා අතරෙහි භේද [නොතිබිය යුතුය]”
බයිබලය ඇතැම් කාරණා හෘදය සාක්ෂියට අනුව තීරණ ගැනීම සඳහා ඉඩහරින බව සැබෑවකි, නමුත් එබඳු භේදයකට මෙය ඉඩ නොතැබිය යුතුය. ප්‍රේරිත පාවුල් පැහැදිලිවම මෙසේ සඳහන් කරයි: “නුඹලා සියල්ලන් විසින් එකම දේ කථා [කළ යුතුය] [හා ක්‍රියා කළ යුතුය], නුඹලා අතරෙහි භේද [නොතිබිය යුතුය].”—1 කොරින්ති 1:10, NW; එපීස 4:15, 16.
ප්‍රේරිත පාවුල් එම වචන ලිවීමෙන් වසර දෙදහකට පමණ පසු “ක්‍රිස්තියානි ධර්මය” දෙස අවංක බැල්මක් හෙළීමේදී, යම් බරපතළ ප්‍රශ්න මතුවෙයි. “ක්‍රිස්තියානින්” එතරම් භේදව සිටින්නේ මන්ද? එබඳු භේදවූ පල්ලියක් බේරී පැවතිය හැකිද? එක්සත්වූ ක්‍රිස්තියානි ලෝකයක් කවදාවත් තිබෙනු ඇත්ද? ඊළඟ ලිපිය මෙම ප්‍රශ්න සලකා බලනු ඇත.
[3වන පිටුවේ පින්තූරය]
ගබ්සාවට එරෙහිව පූජකයන් පෙළපාළි යෑම
[හිමිකම් විස්තර]
Cover and above: Eleftherios/Sipa Press