ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w94 3/1 4-7 පි.
  • තරඟකාරී සමාජයක මනසේ සාමය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • තරඟකාරී සමාජයක මනසේ සාමය
  • 1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • තරඟකාරී ස්වභාවයක මූලාරම්භය
  • තරඟයෙන් තොර සාර්ථකත්වය ලැබීම
  • මනසේ සාමය පවත්වා ගන්නා ආකාරය
  • සාර්ථකත්වයට එකම මඟ තරඟ වැදීමද?
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ක්‍රියාවෙන් පමණක් නොව දෙවිගේ මහත් කරුණාවෙන් අප ලබන ගැලවීම
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබට මඟ පෙන්වීමට දෙවිගේ බලයට ඉඩහරිනවාද?
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • තරඟය වෙනුවට සාමය ඇති කරමු
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w94 3/1 4-7 පි.

තරඟකාරී සමාජයක මනසේ සාමය

“යමෙක් පළමුවෙනියා වෙන්ට කැමති නම් ඔහු සියල්ලන්ට අන්තිමයාත් සියල්ලන්ගේ සේවකයාත්” වේවා යයි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සිය ප්‍රේරිතයන්ට උපදෙස් දුන් සේක. මෙහිදී ප්‍රේරිතයන් වාද කරමින් සිටියේ තමන් අතරේ වඩා උතුම් තැනැත්තා කවුද යන්න පිළිබඳවය. එයාකාර ස්වභාවයක් යේසුස්වහන්සේ පිළිකුල් කළ බව ඔවුහු දැන සිටියහ. ආත්මික ප්‍රගති පෙළඹවීමේ මාර්ගයක් හැටියට උන්වහන්සේ කිසිවිටෙක සිය ගෝලයන්ව එකිනෙකාට විරුද්ධ තරඟයක සිටෙව්වේ නැත.—මාර්ක් 9:33-37.

පොළොවට එන්නට පෙර, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පළමු මනුෂ්‍ය යුවළ මැවීමෙහි හවුල් වූ අතර ඔවුන්ව සාදන ලද ආකාරය දැන සිටි සේක. (කොලොස්සි 1:15, 16) පළමු මනුෂ්‍යයන්ව මවනු ලැබුවේ අන්‍යයන් සමඟ අනුකම්පා විරහිතව තරඟ නොකර ප්‍රගතියක් ලැබීමේ හැකියාව ඇතිවය. තමන්ගේ නායකයා කවරෙක්දැයි නිශ්චය කිරීමට තමන් අතර සටන් කිරීමට මනුෂ්‍යයන්ට අවශ්‍යතාවයක් තිබුණේ නැත, ඇරත් බේරී ජීවත්වීම සඳහා අරගලයක් වශයෙන් ඔවුන් සත්ත්වයන් සමඟ තරඟ කළේද නැත.—උත්පත්ති 1:26; 2:20-24; 1 කොරින්ති 11:3.

තරඟකාරී ස්වභාවයක මූලාරම්භය

එසේනම්, අනුකම්පා විරහිත තරඟකාරී ස්වභාවයක් මනුෂ්‍ය සමාජය තුළ මෙවන් බලපවත්වන බලයක් බවට පත්වූයේ කෙසේද? මනුෂ්‍ය ඉතිහාසයේ පළමු මිනීමැරීමේ සිද්ධිය ඉඟියක් ඉදිරිපත් කරයි. එම දුඃඛදායක සිද්ධියට තුඩු දුන්නේ, පළමු මනුෂ්‍ය යුවළගේ වැඩිමහල් පුත්, කායින් තුළ ඇති වූ තරඟකාරී ස්වභාවයයි. කායින් සිය සහෝදරයා වන ආබෙල්ව මරණයට පත් කළේ, ආබෙල්ගේ පූජාව දෙවියන්වහන්සේව ප්‍රසන්න කළ අතර තමාගේ පූජාව එසේ නොකළ නිසාය. තවද බයිබලය පවසන්නේ, කායිත් “තමාගේ සහෝදරයා මැරුවාවූද නපුරාගෙන් වූ” බවය.—1 යොහන් 3:12; උත්පත්ති 4:4-8.

එසේය, තරඟකාරි ස්වභාවයේ නිර්මාතෘවරයා හා අනුග්‍රාහකයා වන්නේ, දුෂ්ට තැනැත්තා වන, සාතන් නම් යක්ෂයාය. උතුම් වරප්‍රසාද දරන දෙවියන්වහන්සේගේ දූත පුත්‍රයෙක්ව සිටියද, ඔහුට තවත් වැඩියෙන් අවශ්‍ය විය. (එසකියෙල් 28:14, 15 සසඳන්න.) ඔහු ඒවව වරදට පෙළඹූ විට, ඔහු තමාගේ ආශාව අනාවරණය කළේය. ඔහු කියා සිටියේ, තහනම් කරන ලද ගෙඩිය කෑමෙන්, ඇය ඉඳුරාම “දෙවියන්වහන්සේට සමාන” වන්නට යන බවය. (උත්පත්ති 3:4, 5) සැබවින්ම, යෙහෝවඃවහන්සේට ප්‍රතිවිරුද්ධව සිටීමෙන්, දෙවියන්වහන්සේට සමාන වීමට වුවමනා වූණේ සාතන්ටය. එහිදී කැරලි ගැසීමට ඔහුව පෙලඹවූයේ දෙවියන්වහන්සේට එරෙහිව තරඟ කිරීමේ ස්වභාවයයි.—යාකොබ් 1:14, 15.

මෙම ස්වභාවය බෝවනසුලුය. මුල් පවුල් විධිවිධානයට දෙවියන්වහන්සේ විසින් දානිත සාමය සාතන්ගේ බලපෑම යටතේ, අහිමි විය. (උත්පත්ති 3:6, 16) දෙවියන්වහන්සේට එරෙහිව ඔහු මුල්වරට කැරලිගැසූ දිනයේ පටන්, සාතන් නම් යක්ෂයා තරඟකාරී ස්වභාවයක් වැඩි වර්ධනය කරවමින්, මනුෂ්‍ය වර්ගයාව පාලනය කර ඇත. මෙහිදී ඔහු අනුකම්පා විරහිත තරඟකාරිත්වය සාර්ථකත්වයට මුලික අවශ්‍යතාවය බව විශ්වාස කිරීමට පුරුෂයන්ව හා කාන්තාවන්ව මුළා කිරීමක් පවා සිදු කර ඇත. කෙසේවෙතත්, බයිබලය මෙසේ පැහැදිලි කරයි “ඊර්ෂ්‍යාවත් පක්ෂවාදිකමත් ඇති තැන, අවුල්කමත් සියලු නපුරු ක්‍රියාවලුත් ඇත්තේය.” (යාකොබ් 3:14-16) මෙසේ සාතන් මනුෂ්‍යයාගෙන් සිය සන්තෝෂය හා මනසේ සමාදානය සොරාගෙන ඇත.

තරඟයෙන් තොර සාර්ථකත්වය ලැබීම

සාතන්ගේ නම්මවා ගැනීම්වලට පටහැනිව, තරඟයෙන් බැහැර සාර්ථකත්වයන් පිළිබඳ ආදර්ශයන් බයිබලය ඉදිරිපත් කරයි. මෙහිදී යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආදර්ශය මුල් තැන ගනී. දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් සිටියද, දෙවියන්වහන්සේට සමානව සිටීමට උන්වහන්සේ කිසිකලෙක කල්පනා නොකළමුත්, දාසයෙකුගේ ස්වරූපය ගෙන පොළොවට පැමිණි සේක. එපමණක්ද නොව, උන්වහන්සේ තමන්ව යටහත් පහත් කර ගනිමින් වධ කණුවේ මරණයක් දක්වා කීකරු වූ සේක. දිව්‍ය අනුග්‍රහය දිනාගැනීමට උන්වහන්සේට දායක වූයේ, යම් කැරලිකාර ස්වභාවයකින් වියුක්ත වූ, මෙම කීකරු ආකල්පයයි. “එබැවින් දෙවියන්වහන්සේ උන්වහන්සේව ඉතා උසස්කොට, සියලු නාමවලට වඩා උසස් නාමය [කාරුණිකව, NW] උන්වහන්සේට දුන්සේක.” (පිලිප්පි 2:5-9) යම් මැවිල්ලකට අත්කර ගත හැක්කේ වඩාත් කිනම් ශ්‍රේෂ්ඨ සාර්ථකත්වයක්ද? වෙනත් කිසිඳු මැවිල්ලකට කළ නොහැකි පමණට උන්වහන්සේ සිය පියාණන්වහන්සේව ප්‍රසන්න කළ අතර උන්වහන්සේ මෙය සිදු කළේ ප්‍රතිවිරෝධයේ හෝ තරඟකාරිත්වයේ කිසිඳු ස්වභාවයකින් තොරවය.—හිතෝපදේශ 27:11.

ස්වර්ගයේ සිටින දේවදූතයන් විශාල සංඛ්‍යාවද පෙන්වන්නේ මෙම ආකල්පයමය. දේවදූතයන්ගේ ප්‍රධානියාව සිටි, යේසුස්වහන්සේ, පොළොවට පැමිණි විට ඔවුනට වඩා මදක් පහත් තත්ත්වයකට පත්වුණද, ඔවුහු කැමැත්තෙන්ම උන්වහන්සේගේ අවශ්‍යතා ඉටු කළහ. අග්‍ර දේවදූතයා ලෙස සිටි උන්වහන්සේ වෙනුවට තමුන්ම එම පදවිය දැරීමේ අටියෙන්, එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමේ කිසිඳු අදහසක් ඔවුන් තුළ පහළ නොවූ බව පැහැදිලිය. —මතෙව් 4:11; 1 තෙසලෝනික 4:16; හෙබ්‍රෙව් 2:7.

අසම්පූර්ණ මනුෂ්‍යයන් සමහර දෙනෙක්ව අමරණීය ආත්ම ජීවිතයකට උසස් කිරීමටත්, එම තත්ත්වයෙහි පිහිටා ඔවුන් “දේවදූතයන් විනිශ්චය” කිරීමටත් වූ දෙවියන්වහන්සේගේ අරමුණට දේවදුතයත් ප්‍රතිචාරය දක්වා ඇති ආකාරය අප සලකා බලන විට, තරඟකාරි ආකල්පයන්ට ඇති ඔවුන්ගේ පිළිකුළ ඊටත් වඩා පැහැදිලි වේ. (1 කොරින්ති 6:3) දේවදූතයෝ යෙහෝවඃවහන්සේට සේවය කිරීමෙහිලා අද්දැකීම් සම්භාරයක් අත්කරගෙන සිටින අතර යහපත ඉටු කරන්නට අසම්පූර්ණ මනුෂ්‍යයන්ට වඩා වැඩි සමර්ථභාවයක් ඇතිව සිටින්නාහ. එහෙත්, පොළොව මත ආලේපලත් අයට මෙම දේවදූතයන් සතුටින් සේවය කරන අතර මොවුන් ලබන්නට යන දෙය ගැන ඔවුන් කිසිවිටෙක ඊර්ෂ්‍යා වන්නේ නැත. (හෙබ්‍රෙව් 1:14) ඔවුන්ගේ කදිම, තරඟකාරී නොවන ආකල්පය පරමාධිපති ස්වාමීන් වන යෙහෝවඃවහන්සේගේ සිංහාසනය ඉදිරියේ දිගටම සේවය කිරීමට ඔවුනට හැකියාව ලබා දෙයි.

ඒත් සමඟම, පොළොව මත මළවුන්ගෙන් නැවත නැගිටුවනු ලබනු ඇති දෙවියන්වහන්සේගේ පුරාතන ඇදහිලිවන්ත සේවයකයන් ගැන කල්පනා කර බලන්න. ආබ්‍රහම් ඇදහිල්ලේ කැපී පෙනෙන ආදර්ශයක් වූ අතර “අදහන්නාවූ සියල්ලන්ගේ පියා” යයි අමතනු ලැබීය. (රෝම 4:9, 11) යෝබ් විඳදරා ගැනීම සම්බන්ධයෙන් මාහැඟි ආදර්ශයක් තැබීය. (යාකොබ් 5:11) “පොළෝ මතුයෙහි සිටි සියලු මනුෂ්‍යයන්ට වඩා අධික වශයෙන් මෘදු ගුණාන්විත කෙනෙක් වූ” මෝසෙස්, ඉශ්‍රායෙල් ජනයා නිදහස කරා රැගෙන ගියේය. (ගණන් කථාව 12:3) අසම්පූර්ණ මනුෂ්‍යයන් අතර ඇදහිල්ල, විඳදරාගැනීම හා මෘදුකම පිළිබඳව මේ මනුෂ්‍යයන්ට වඩා හොඳ ආදර්ශයක් තබා ඇත්තේ කවුද? කෙසේවෙතත්, ඔවුන් සුදුසුකම් ලබා සිටින්නේ දේව රාජ්‍යයේ භූමික ක්ෂේත්‍ර උරුමකර ගැනීමටයි. (මතෙව් 25:34; හෙබ්‍රෙව් 11:13-16) යොහන් බව්තීස්ත මෙන්, ඔවුන්, ‘ස්වර්ග රාජ්‍යයෙහි කුඩා තැනැත්තෙකුව සිටින පුද්ගලයෙකුට’ වඩා තත්ත්වයෙන් පහත්ව සලකනු ලබනවා ඇත. (මතෙව් 11:11) තමන්ගේ ඇදහිල්ල, විඳදරාගැනීම, නැතහොත් මෘදුකම ස්වර්ගීය ජීවිතය දෙන ලද්දවුන්ට සමානව තිබුණේ යයි එසේත් නැතහොත් ඇතැම් අවස්ථාවන්හි එය ඉක්මවා ගියේ යයි තරයේ කියා සිටිමින්, ඔවුහු මැසිවිලි නැගීම පිළිබඳව කල්පනා කිරීම පවා කරනු ඇද්ද? සහතිකවම නැත! ඔවුහු දේව රාජ්‍යයේ සන්තෝෂවත් භූමික වැසියන් වනු ඇත්තාහ.

අද දවසේත්, තරඟකාරි ආකල්පයක් නැති අය සමඟ සිටීම ප්‍රසන්න දෙයකි. මුල් ලිපියේ සඳහන් කළ, යාසූ, මිල මත රන් මිලදී ගැනීමෙන් හා විකිණීමෙන් ලාභ ලැබීමේ අටියෙන් අධික ණය බරට පත්ව, තම සියලු දේපළ අහිමි කරගත්තේය. ඔහුගේ “මිත්‍රයෝ” ඔහු අත්හැර ගියෝය. ඔහුගේ භාර්යාව යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්නට පටන්ගෙන තිබූ බැවින්, ඔහු ඔවුන්ගේ රැස්වීම්වලට ගියේ තම පවුලට තමා දුන් වේදනාව සඳහා පසුතැවිලි වීමේ හැඟීමකින් යුක්තවය. අවසානයේ, තරඟකාරිත්වයෙන් ඔහු තමාව ඉවත් කරගෙන යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකු බවට පත් වුණේය. දැන් ඔහු, විපත්ති කාලයේදී උපකාර කිරීමට කැමැත්තෙන් සිටින ක්‍රිස්තියානි මිත්‍රයන්ගෙන් වටවී සිටින්නට සතුටින් සිටී.

මනසේ සාමය පවත්වා ගන්නා ආකාරය

අනුකම්පාව නැති, තරඟකාරී සමාජයක, මනසේ සමාදානය පවත්වා ගැනීම නිතරම පහසු නැත. දේව රාජ්‍යය උරුමකර ගැනීමෙන් ජනයාව වළක්වන “මාංසයේ ක්‍රියා” හැටියට “සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂවාදිකම්, භේද, ලබ්ධි භේද, වෛරය” යනාදිය බයිබලය හෙලා දකින බව අප සැලකිල්ලට ගැනීම වටී. මේ සියලු ක්‍රියා තරඟකාරී ස්වභාවයක් සහිතව අත්වැල් අල්ලා ඉදිරියට ඇදී යන ඒවාය. අපි “මමත්වය නොදක්වමු එකිනෙකා අතර තරඟ නොඅවුස්සමින් එකිනෙකාට ඊර්ෂ්‍යා නොකරමු” යයි ප්‍රේරිත පාවුල් ගලාතිවරුන්ව දිරිගැන්වීම පුදුමයක් නොවේ.—ගලාති 5:19-21, 26, NW.

මෙම පදවල අවට පාඨ සම්බන්ධයේදී, මමත්වයෙන් පිරුණු තරඟකාරිත්වය සමඟ සාර්ථකව පොර බැදීමේ එකම මඟ පාවුල්ගේ ලිපිය පෙන්වීය. “ආත්මයාණන්වහන්සේගේ [ආත්මයේ, NW] ඵල නම්—ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, [බොහෝ, NW] ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම [ඇදහිල්ල, NW], මෘදුකම, පමණ දැන ක්‍රියාකිරීම [ආත්ම දමනය, NW] යන මේවාය. මේබඳු දේට විරුද්ධව ව්‍යවස්ථාවක් නැත” යයි ඔහු පැවසුවේය. (ගලාති 5:22, 23) අපගේ මනස්වලින් විරුද්ධවාදිකම ඉවත් කිරීමට ආත්මයේ ඵල අපට උපකාර කරයි. උදාහරණයක් හැටියට ප්‍රේමයේ ගුණාංගය සලකා බලන්න. “ප්‍රේමය ඊර්ෂ්‍යාවෙන්නේ නැත” යයි පාවුල් පැහැදිලි කරයි. “ප්‍රේමය පාරට්ටුකරගන්නේ නැත, උඩඟුවෙන්නේ නැත, අශෝභනලෙස හැසිරෙන්නේ නැත, තමාගේම කාරණා සොයන්නේ නැත, කෝපවෙන්නේ නැත.” (1 කොරින්ති 13:4-7) ප්‍රේමය වගා කිරීමෙන්, අපට තරඟකාරි ස්වභාවයක් සඳහා පොළඹවන බලවේගයක් වන, ඊර්ෂ්‍යාව මුලිනුපුටා දැමිය හැකිය. ආත්මයේ අනෙක් ඵලද, අනුකම්පා විරහිත තරඟකාරී ස්වභාවයේ තවදුරටත් ඉතිරිව ඇති යම් අංශුමාත්‍ර අපගේ හෘදයන්ගෙන් හා මනස්වලින් සෝදා හැරීමට අපට උපකාර කරයි. ඇයි, විපාකය නොසලකා ජය ගන්නා අදහසින් අන්‍යයන්ට එරෙහිව තරඟ වැදීමට ඇති වන ඕනෑම පෙළඹීමක්, ආත්ම දමනයෙන් වහාම යටපත් කළ හැකි බැවිනි!—හිතෝපදේශ 17:27.

කෙසේවෙතත්, මෙම ගුණාංග වගා කරනු පිණිස, දෙවියන්වහන්සේගේ ආත්මයට අප කෙරෙහි ක්‍රියා කරන්නට අප ඉඩ හළ යුතුය. යාච්ඤාවෙහි දිගටම නියැලීමෙන් හා අපට උපකාර කරන හැටියට දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මය සඳහා අයැදීමෙන් ශුද්ධාත්මයේ මෙම සුවදායි ක්‍රියාකාරිත්වය අපට දිරිගැන්විය හැකිය. (ලූක් 11:13) අපගේ යාච්ඤාවට ප්‍රතිචාර වශයෙන්, දෙවියන්වහන්සේ අපට දානය කරනු ඇත්තේ කුමක්ද? බයිබලය මෙසේ පිළිතුරු දෙයි: “නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වාපල්ලා. එවිට කිසි නුවණකින් දැනගත නොහැකිවූ දෙවියන්වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලාගේ සිත්ද [හෘදද, NW] සිතිවිලිද [මානසික ශත්තිද, NW] ආරක්ෂාකරනවා ඇත.”—පිලිප්පි 4:6, 7.

මෙය යේසුස්වහන්සේගේ ප්‍රේරිතයන් සම්බන්ධයෙන් පැහැදිලි විය. ප්‍රේරිතයන් සමඟ යේසුස්වහන්සේ ගත කළ අන්තිම රාත්‍රියේ, එතුමන් ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය ආරම්භ කිරීමෙන් පසුව පවා, ඔවුහු තමන් අතර කවරෙක් වඩා උතුම්ව සිටියේදැයි තවදුරටත් වාද කරමින් සිටියහ. (ලූක් 22:24-27) ඔවුන්ගේ කල්පනාව නිවැරදි කිරීමට ඔවුන්ට උපකාර කිරීමට යේසුස්වහන්සේ විවිධ අවස්ථාවන්හි වෑයම් කර තිබුණත්, මෙම තරඟකාරී ආකල්පය තදින් ඔවුන් තුළට කාවැදී තිබුණි. (මාර්ක් 9:34-37; 10:35-45; යොහන් 13:12-17) කෙසේවෙතත්, එම විවාදයෙන් දින 50කට පමණ පසු, ඔවුන් ශුද්ධාත්මය ලැබීමත් සමඟ, ඔවුන්ගේ ආකල්පය වෙනස් විය. එම පෙන්තකොස්ත දවසේ රැස්වූ කුතුහලයෙන් යුත් සෙනඟට කථා කිරීමෙහිලා කවරෙක් තමන්ව නියෝජනය කරනු ඇද්ද යන කරුණ සම්බන්ධයෙන් වාදයක් ඇති නොවීය.—ක්‍රියා 2:14-21.

ක්‍රිස්තියානි සභාව කෙරෙහි යම් මනුෂ්‍ය ආධිපත්‍යයක් පැවැත්වීමට ඉඩක් නොවීය. චර්මච්ඡේදනය සම්බන්ධ ගැටලුවක් ඔවුන්ට විසඳන්නට තිබූ අවස්ථාවේදී, එම වැදගත් රැස්වීමේ මුලසුන භාරව යාකොබ් කටයුතු කළ අතර, යේසුස්වහන්සේ මරණයට පත්වන විට ඔහු ගෝලයෙක්ව සිටියේවත් නැත. ක්‍රිස්තියානි සභාවේ පාලක මණ්ඩලයේ එම රැස්වීමේ පෙරමුණ ගනු ඇත්තේ කවරෙක්ද යන්න පිළිබඳව විවාදයක් ඇති වූ බවට ඉඟියක්වත් නැත. තරඟකාරි ස්වභාවයෙන් ප්‍රේරිතයන් කැලැල්ව සිටි කාලය හා සසඳන විට කොතරම් වෙනසක්ද! ශුද්ධාත්මයේ උපකාරය ඇතිව, ඔවුහු යේසුස්වහන්සේගේ ඉගැන්වීම් සිහිපත් කළ අතර උන්වහන්සේගේ පාඩම්වල අරුත අවබෝධ කර ගන්නට පටන් ගත්හ.—යොහන් 14:26.

මෙය අප සම්බන්ධයෙන්ද සැබෑ වන්නට පුළුවන. ශුද්ධාත්මයේ උපකාරය ඇතිව, අන්‍යයන්ට හානියක් සිදුවන ලෙසින් ප්‍රගතියක් ලැබීමට ඔවුන් සමඟ තරඟ කිරීමට ඇති ඕනෑම පෙලඹීමක් අපට පරාජය කළ හැකිය. ඒවෙනුවට, සියලු සිතුවිලි අභිබවා යන මනසේ සාමය අපට අත්කර ගන්නට පුළුවන. අනුකම්පා විරහිත තරඟකාරිත්වයේ උල්පත වන, සාතන් නම් යක්ෂයා, ඉක්මනින් පාතාලයේ සිර කර, අක්‍රීය කරනු ලබනවා ඇතැයි බයිබලය අපට සහතික කරයි. (එළිදරව් 20:1-3) අසල්වැසියන් අතර විරුද්ධවාදිකම් වැඩිදුරටත් නොපවතිනු ඇත. එහි ප්‍රතිඵලය, යම් ප්‍රගතියක් නොතිබෙන සමාජයක් වනු ඇද්ද? කිසිසේත් නැත! මනුෂ්‍යයන් සම්පූර්ණත්වයට වැඩිවර්ධනය වනු ඇත. එහෙත් එසේ වන්නේ තමන් අතර යම් තරඟයකින් නොව, තමන් කෙරෙහි යේසුස්වහන්සේගේ මිදීමේ මිලය අදාළ කර ගැනීමෙනි.—1 යොහන් 2:1, 2.

වාර්තාගත මෝටර් රථ සංඛ්‍යාවක් අලෙවි කිරීමෙන් ලෞකික සාර්ථකත්වයේ මහිමය වරක් අද්දුටු, කලින් සඳහන් කළ, කෙනොස්කේ, මානසික හා කායික යන දෙයාකාරයෙන්ම වෙහෙසට පත්ව සිටිමුත් ඔහු අවසානයේ සිය රැකියාවෙන් ඉවත් විය. “දැන් මගේ ජීවිතය සැබෑ ප්‍රීතියෙන් පිරී තිබේ” යයි ඔහු පවසයි. යේසුස්වහන්සේගේ ජීවිතය සැබෑ සාර්ථකත්වයෙන් සලකුණු වූයේ මන්දැයි ඔහු තේරුම් ගත්තේය. දෙවියන්වහන්සේගේ ලෝක ව්‍යාප්ත සභාවෙහි තමාට කළ හැකි ඕනෑම කටයුත්තක නැවුම්බවක් දැන් ඔහු ලබයි. මෙසේ තරඟයකින් තොරව පවතින්නට යන නව ලෝකය සඳහා ඔහු සූදානම් කරනු ලබමින් සිටී. ඔබගේ ප්‍රදේශයේ ඇති ඕනෑම රාජ්‍යය ශාලාවකට පැමිණීමෙන් හා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් හා ඇසුරු කිරීමෙන් ඔබටත් මෙම නව ලෝක සමාජයේ පූර්වදර්ශනයක් ලබා ගන්නට පුළුවන.

[7වන පිටුවේ පින්තූරය]

මනුෂ්‍ය සමාජය දෙවියන්වහන්සේගේ නව ලොවෙහි සාමය හා සහයෝගය භුක්ති විඳිනු ඇත

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න