මුල් ක්‍රිස්තියානින් දෙවියන් වහන්සේගේ නාමය භාවිතා කළා ද?
දෙවියන් වහන්සේගේ නාමය, හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල දහස් වතාවක් පමණ දක්නට ලැබෙන අතර, එය, יהוה (YHWH, ටෙට්රාග්රැම ටනය) යන ව්‍යඤ්ජන සතරින් නියෝජනය කරනු ලැබේ. පොදු යුගයේ 607ට කලින්, ඊශ්‍රායලය වහල් භාවයට යාමට පෙර, නාමය පොදුවේ භාවිතා වූ අතර, වහල් භාවයට යාමෙන් පසු ලියනු ලැබූ බයිබල් පොත් වන එස්රා, නෙහෙමියා, දානියෙල් සහ මලාකී යන පොත්වල එය බොහෝ අවස්ථාවල දක්නට ලැබේ. එනමුත්, ක්‍රමක්‍රමයෙන්, මෙසියස් වහන්සේගේ පැමිණ සිටීමේ කාලය ළං වෙනවාත් සමඟ ම, යුදෙව්වෝ මිථ්‍යා විශ්වාසයන්ට ගොදුරු වී, එම නාමය භාවිතා කිරීමට මිථ්‍යා දෘෂ්ටික ලෙස පසුබට වූවෝ ය.
යේසුස් වහන්සේගේ ගෝලයන් (සාමාන්‍යයෙන් සිංහල බසින් “යෙහෝවඃ” හෝ “යාවේ” යනුවෙන් පරිවර්තනය කර තිබෙන) දෙවියන් වහන්සේගේ නාමය භාවිතා කළා ද? සාක්ෂිවලින් පැවසෙන්නේ එය එසේ බවයි. යේසුස් වහන්සේ තම අනුගාමිකයන්ට මෙසේ යාච්ඤා කරන ලෙස ඉගැන්වූ සේක: “ඔබගේ නාමයට ගෞරව වේවා.” (මතෙව් 6:9) තව ද, සිය භූමික දේව සේවය අවසානයේ දී, උන් වහන්සේ ම සිය ස්වර්ගික පියාණන්ට මෙසේ යාච්ඤා කළ සේක: “ඔබ ලෝකයෙන් මට දුන් මනුෂ්‍යයන්ට ඔබගේ නාමය ප්‍රකාශකෙළෙමි.” (යොහන් 17:6) මීට අමතර ව, යේසුස් වහන්සේගේ ගෝලයන් විසින් භාවිතා කරන ලද, හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල ග්‍රීක පරිවර්තනයක් වන සෙප්ටුඅජින්ට් හි මුල් පිටපත්වල, දෙවියන් වහන්සේගේ නාමය හෙබ්‍රෙව් ටෙට්‍රාග්‍රැමටනය හෙවත් අක්ෂර සතර ආකාරයෙන් අඩංගු වෙයි.
සුවිශේෂ සහ අනෙකුත් ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලි (“අලුත් ගිවිසුම”) ගැන කුමක් කිව හැකි ද? දෙවියන් වහන්සේගේ නාමය සෙප්ටුඅජින්ට් හි දක්නට ලැබූ නිසා, එය මෙම ශුද්ධ ලියවිලිවල මුල් ම පිටපත්වල ද—අඩු තරමින් සෙප්ටුඅජින්ට් හි උපුටා දක්වා තිබූ තැන්වල—දක්නට ලැබුණා විය යුතු යයි තර්ක කරනු ලැබ තිබේ. මෙසේ, න වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් ඔෆ් ද ක්‍රිස්ටියන් ග්‍රීක් ස්ක්‍රිප්චර්ස් හි යෙහෝවඃ වහන්සේගේ නාමය වතාවන් 200කට වඩා දක්නට ලැබේ. සමහරුන් මෙය අසාධාරණ යමක් සේ සලකා විවේචනය කර ඇත. කෙසේ වෙතත්, න වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් කෙරෙහි අසාමාන්‍ය ප්‍රභවයකින් යම් අනුග්‍රහයක් ලැබී තිබේ. ඒ නම්, බබිලෝනිය තැල්මුඩ් ය.
මෙම යුදෙව් ආගමික කෘතියේ පළමු කොටසේ ෂාබාත් (සබත්) යන්න තේමා ගත වී තිබෙන අතර, සබත් දවසේ හැසිරිය යුතු ආකාරය පිළිබඳ ව නීති රෙගුලාසි ගණනාවක් එහි අඩංගු වෙයි. සබත් දවසක දී යම් බයිබල් අත් පිටපතක් ගින්නෙන් මුදවා ගැනීම සුදුසු දෙයක් ද යන්න සම්බන්ධයෙන් එහි එක් කොටසක සාකච්ඡාවක් තිබෙන අතර, ඊළඟට මෙසේ සඳහන් වෙයි: “මෙම පාඨයේ මෙසේ සඳහන් විණි: හිස් තැන් [ගිල්·යෝහ්·නිම්ʹ] සහ මිනිම්වරුන්ගේ පොත්, ඒවා අපි ගින්නෙන් මුදා නොගනිමු. රබ්බි ජෝස මෙසේ පැවසී ය: “සතියේ දවස්වල, යමෙක් දිව්‍ය නාමය සඳහන් වන ඒවා කපා දැමිය යුතුයි, ඒවා සැඟවිය යුතුයි, ඉතිරි ඒවා පුළුස්සා දැමිය යුතුයි. රබ්බි ටාර්ෆෙන් මෙසේ පැවසුවේ ය: දිව්‍ය නාමය සමඟ ඒවා මගේ අතට පත් වන විට මා විසින් ඒවා පුළුස්සා දමන්නේ නැත්නම් මගේ පුත්‍රයා භූමදාන කිරීමට මට සිදු වේවා.”—ආචාර්ය. එච්, ෆ්‍රීඩ්මන් විසින් පරිවර්තනය කරන ලදි.
මෙම මි·නිම්ʹවරු කවුරුන් වූවා ද? මෙම වචනයෙන් අදහස් කරන්නේ, “නිකාය වාදීන්” වන අතර, මෙය සද්දුසිවරුන්ට හෝ සමාරිතානුවරුන්ට අදාළ විය හැක. එහෙත්, ආචාර්ය. ෆ්‍රීඩ්මන් පවසන පරිදි, මෙම කොටසේ එය බොහෝ විට යොමු දක්වා ඇත්තේ යුදෙව් ක්‍රිස්තියානින්ට ය. එසේ නම්, ආචාර්ය ෆ්‍රීඩ්මන් පවසන පරිදි, “හිස්තැන්” ලෙස පරිවර්තනය කරනු ලැබ ඇති ගිල්·යෝහ්·නිම්ʹ යන්න මොනවා වී ද? විය හැකි තෝරා දීම් දෙකක් තිබේ. ඒවා, හකුලන ලද ලියවිල්ලක හිස් තීරුවක් හෝ හිස් ලියවිල්ලක් පවා විය හැක. නැතහොත්—මෙම වචනයේ අපවාදාත්මක අදාළ කිරීම ගත් කල—ඒවා මි·නිම්ʹවරුන්ගේ ලියවිලි විය හැක, එනම්, මෙහි ලියන ලද දේ, හරියට හිස් ලියවිලි මෙන් කිසිඳු වටිනාකමක් නැතිවාක් මෙන් සලකනු ලැබිණ. ශබ්දකෝෂවල මෙම දෙවන අර්ථය ගෙන හැර දක්වා ඇත්තේ “සුවිශේෂ” ලෙසිනි. මෙයට එකඟ ව, ඉහත උපුටා දැක්වූ පාඨයට පෙර, තැල්මුඩ් හි දක්නට ලැබෙන වාක්‍යයේ මෙසේ කියවීමට තිබේ: “මිනිම්වරුන්ගේ පොත් හරියට හිස්තැන් [ගිල්·යෝහ්·නිම්ʹ] හා සමාන ය.”
මේ අනුව, ලෝරන්ස් එච්. ශිෆ්මන් විසින් රචිත, හූ වෝස් අ ජූ යන පොතෙහි, තැල්මුඩ් ග්‍රන්ථයේ ඉහත උපුටා දක්වන ලද කොටස පරිවර්තනය කොට ඇත්තේ මෙසේයි: “සුවිශේෂ හා මිනිම්වරුන්ගේ (‘මිථ්‍යා ලබ්ධිකයන්ගේ’) පොත් අපි ගින්නෙන් මුදවා නොගනිමු. ඒ වෙනුවට, ඒවා, සහ ඒවායේ ටෙට්රාග්රැමටනයන් ඒවායේ ස්ථානවල පුළුස්සා දැමේ. රබ්බි යෝස් හා-ගෙලිලි මෙසේ කියයි: සතියේ දිනවල දී, යමෙක් ඒවායේ ටෙට්රාග්රැමටනයන් කපා දමා, ඒවා පිටත සඟවා, ඉතිරි ඒවා පුළුස්සා දැමිය යුතු ය. රබ්බි ටාර්ෆොන් මෙසේ පැවසී ය: (මෙම පොත්) මගේ අතට පැමිණ මා ඒවායේ ටෙට්රාග්රැමටනයන් සමඟ පුළුස්සා දැමුවේ නැත්නම්, මා මගේ පුත්‍රයන් ව භූමදාන කෙරේවා!” මෙහි සඳහන් මි·නිම්ʹවරුන් වනාහි යුදෙව් ක්‍රිස්තියානින් බව ආචාර්ය ශිෆ්මන් තවදුරටත් තර්ක කරයි.
තැල්මුඩ් ග්‍රන්ථයේ මෙම කොටසින් ඇත්තට ම කථා කරන්නේ මුල් යුදෙව් ක්‍රිස්තියානින් ගැන ද? එය එසේ නම්, ක්‍රිස්තියානින්, දේව නාමය, එනම් ටෙට්‍රාග්‍රැමටනය, තමන්ගේ සුවිශේෂවල හා ලියවිලිවල ඇත්තට ම භාවිතා කළ බවට ප්‍රබල සාක්ෂි තිබේ. තව ද, තැල්මුඩ් ග්‍රන්ථය මෙහි යුදෙව් ක්‍රිස්තියානින් ගැන කථා කරන බවට පැහැදිලි ව ම පෙනෙන්ට තිබේ. එවැනි දෘෂ්ටියකට මෙහි විශාරදමය අනුබලයක් තිබෙන අතර, තැල්මුඩ් ග්‍රන්ථයේ පසුබිම් පාඨවල තවදුරටත් මේ පිළිබඳ ව අනුග්‍රහයක් දක්නට තිබේ. ෂාබාත් ග්‍රන්ථයේ ඉහත උපුටා දැක්වූ පාඨයට පසු ව තිබෙන කොටසේ, කන්ද උඩ දේශනාවේ කොටස්වලට ඇඟවීම් කරනු ලැබ ඇති, ගමාලියෙල් හා ක්‍රිස්තියානි විනිශ්චයකරුවෙක් ඇතුළත් වන කථාවක් ගැන විස්තර කෙරේ.
ක්‍රිස්තියානින් යයි කියා ගන්නා ලද අය විසින් දේව නාමය භාවිතා කරනු ලැබීම නවතා දමන ලද්දේ, සෙප්ටුඅජින්ට් පිටපත්වලින් හා සුවිශේෂ සහ වෙනත් බයිබල්වලින් එය ඉවත් කර දමනු ලැබුවේ, ඇදහිල්ල අතහැර ගිය ක්‍රිස්තියානි ධර්මය, යේසුස් වහන්සේගේ සරල ඉගැන්වීම්වලින් ඉවත් ව ගිය පසු ව ය.
[31වන පිටුවේ පින්තූරය]
යේසුස් වහන්සේගේ දවස්වල, දෙවියන් වහන්සේගේ නාමය “සෙප්ටුඅජින්ට්” හි දක්නට ලැබිණි
[හිමිකම් විස්තර]
Israel Antiquities Authority