අස්වැන්න නෙලන කාලය!
“ක්‍රිස්තියානි ධර්ම” ඉතිහාසය මෙතරම් ක්‍රිස්තියානි විරෝධී වී තිබෙන්නේ මන්ද? කල්පනා කරන බොහෝ දෙනෙක් මෙම ප්‍රශ්නය නඟති, නමුත් යේසුස් වහන්සේ මීට වසර 2000කට පෙර උපමාවක් මගින් එයට පිළිතුරු දුන් සේක. “තමාගේ කෙතෙහි හොඳ බීජ වපුළ මනුෂ්‍යයෙකු” ගැන උන් වහන්සේ සඳහන් කළ සේක. ඉන් පසු, “ඔහුගේ සතුරා ඇවිත් තිරිඟු අතරේ කිරිඳි වපුරා ගියේය.” බීජ පැළවුණු කල, දාසයෝ කිරිඳි දැක, ඒවා උදුරා දමන්නට වෑයම් කළහ. එහෙත් ස්වාමියා කථා කොට “කපන කාලය දක්වා දෙවගේම එකට වැඩෙන්ට ඇරපල්ලා” යයි කීවේ ය. කපන කාලයේ දී, තිරිඟුවලින් කිරිඳි වෙන් කරනු ලබන්නේ ය.—මතෙව් 13:24-30.
එම උපමාව තේරුම් කර දෙමින්, “හොඳ බීජ”—එනම්, සැබෑ ක්‍රිස්තියානින්—වපුළ තැනැත්තා තමා ම බව, යේසුස් වහන්සේ පැහැදිලි කළ සේක. ඒ මතට “කිරිඳි”—එනම්, සභාව තුළට ක්‍රමයෙන් ඇතුල් වූ අනුකෘත ක්‍රිස්තියානින්—වපුළ සතුරා සාතන් ය. බොරු හා සැබෑ ක්‍රිස්තියානින්ට එකට—එහෙත් අස්වැන්න නෙලන කාලය දක්වා පමණක්—පවතින්නට යේසුස් වහන්සේ ඉඩ හළ සේක. එවිට ඔවුන් වෙන් කරනු ලබනවා ඇත.—මතෙව් 24:36-44.
එබැවින්, ගත වූ ශතවර්ෂයන් පුරා, මිථ්‍යා ධර්ම ඉගැන්වීම් ඇති කර ගැනීමෙන්, දුරාචාරය නොසලකා සිටීමෙන්, ආක්‍රමණශීලී යුද්ධවලට අනුග්‍රහ දැක්වීමෙන් හා කුරිරු අධර්ම මර්දනාධිකරණ සභා පිහිටුවීමෙන් “ක්‍රිස්තියානි” සංවිධාන දෙවියන් වහන්සේට අගෞරව කර තිබෙන බව අප ඉගෙන ගන්නා විට එය පුදුමයක් නොවේ. මෙමගින් සාතන් විසින් වපුරන ලද නරක බීජය අපට හඳුනා ගත හැකි ය. කෙසේ වෙතත්, බයිබල් ප්‍රතිපත්ති පාවා දෙනවා වෙනුවට සිරගත වූ හෝ මිය ගියා වූ පුද්ගලයන් ගැන අප කියවන විට, හොඳ බීජය සහමුලින් ම යටපත් නොවූ බව අපට පෙනේ.
කපන කාලය හෙවත් අස්වැන්න නෙලීම “ලෝකාන්තිමය [දේවල පිළිවෙළේ සමාප්තිය NW]” යයි යේසුස් වහන්සේ පැවසූ සේක. අප වත්මන් ලෝක පිළිවෙළේ දේවල සමාප්තියේ ජීවත් ව සිටින නිසා, මෙය අස්වැන්න නෙලන කාලය විය යුතු ය! එබැවින්, සැබෑ හා බොරු ක්‍රිස්තියානින් අතර වෙන් කිරීමක් සිදු වී තිබිය යුතු ය. අද දින, සැබෑ ක්‍රිස්තියානින් පිළිබඳ යේසුස් වහන්සේගේ විස්තරයට ගැලපෙන, නිකම් විසිරුණු පුද්ගලයන් නොව, ජන පිරිසක්—එනම්, දේව රාජ්‍යයට යටත් වන්නා වූ හා ඒ පිළිබඳ ශුභාරංචිය දේශනා කරන්නා වූ, බයිබල් සත්‍යයට අනුග්‍රහ දක්වමින් බයිබලය මත පදනම් සදාචාරයට අනුබල දෙන හා මිථ්‍යා ධර්ම ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරන්නා වූ, දෙවියන් වහන්සේගේ නාමය ප්‍රසිද්ධ කර ලෝකයේ කොටසක් නොවන්නා වූ—සමූහයක් සිටිය යුතු ය.—මතෙව් 6:33; 24:14; යොහන් 3:20; 8:32; 17:6, 16.
එවන් ජන පිරිසක් දැන් සිටින බව, අපි ඔබට සහතික වන්නෙමු! පිළිගනු ලබන ආකාරයකට ඔබ දෙවියන් වහන්සේට සේවය කරන්නට කැමති ද? එසේ නම්, මෙම ජන පිරිස සොයා, ඔවුන් හා එක් ව දෙවියන් වහන්සේට සේවය කරන්න.