පාඨකයන්ගෙන් ප්‍රශ්න
සමහරක් අනුවාදයන්හි සඳහන් වී ඇත්තාක් මෙන්, මිථ්‍යා කඟවේණුන්ගේ පැවැත්මකට බයිබලය අනුබල දෙයි ද?
ජේම්ස් රජුගේ, ඩුවේ, සහ වෙනත් අනුවාද මිථ්‍යා කඟවේණුන් ගැන සඳහන් කරයි. එහෙත් නිවැරදි ව හෙබ්‍රෙව් බස ගෙනහැර දක්වන නූතන අනුවාදයන්හි මෙසේ නොවේ.—ගීතාවලිය 22:21; 29:6; 92:10 (21:22; 28:6; 91:11, ඩුවේ).
අශ්වයෙකුගේ සිරුරක් හා හිසකින් යුතු නමුත්, මුවෙකුගේ පාදයන් සහ සිංහයෙකුගේ වලිගය සහිත සතෙකු ගැන සියවස් ගණනාවක් පුරා මිථ්‍යාවන් ගොඩ නැගී තිබේ. මෙම ප්‍රබන්ධාත්මක සත්ත්වයාගේ විශේෂ අංගය නම්, උගේ නළල මත තිබෙන දඟර සහිත තනි අඟ ය.a
“කඟවේණ අංවල විෂ නාශක ඖෂධයක් තිබූ බව වරක් ජනයා විශ්වාස කළ අතර, මධ්‍යකාලීන යුගයේ දී, පෙනෙන හැටියට එවැනි අංවලින් සාදන ලද කුඩු අති විශාල මුදලකට විකුණන ලදි. බොහෝ විශාරදයන් විශ්වාස කරන්නේ, මිථ්‍යා කඟවේණාගේ රූපය, රයිනොසිරස් පිළිබඳ යුරෝපීය කටකතාවලින් ගත් බවයි.” (ද වර්ල්ඩ් බුක් එන්සයික්ලෝපීඩියා) එක් අඟකින් යුත් සතුන් ව අසිරියානු සහ බබිලෝනියානු ඇතැම් ස්මාරකවල දක්නට ලැබිණි. අං දෙක ම පෙනෙන්ට නැති, එක පැත්තකින් පමණක් පෙනෙන සේ ඇඳ තිබෙන ගෝනුන්, කඳුකරයේ වල් එළුවන්, හරකුන් සහ ගොනුන්ගේ ඒවා බවට දැන් හඳුනාගෙන තිබේ.
ශුද්ධ ලියවිලි, හෙබ්‍රෙව් බසින්, රෙʼඑම්ʹ යන වදන මගින් එක්තරා සතෙකුට නම වාරයක් යොමු දක්වන නිසා, මෙය බයිබල් ශිෂ්‍යයන් හට තරමක් උනන්දුව ගෙන දෙන්නකි. (ගණන් කථාව 23:22; 24:8; ද්විතීය කථාව 33:17; යෝබ් 39:9, 10; ගීතාවලිය 22:21; 29:6; 92:10; යෙසායා 34:7) මින් අදහස් වන්නේ කුමන සතාට ද යනුවෙන් පරිවර්තකයන් තුළ දිගු කලක් මුළුල්ලේ සැකයක් තිබිණි. ග්‍රීක් සෙප්ටුඅජින්ට් අනුවාදය, රෙʼඑම්ʹ යන පදය ‘එක් අඟක්’ ඇත්තෙක් හෙවත් මිථ්‍යා කඟවේණා යනුවෙන් ගෙනහැර දැක්වී ය. ලතින් වල්ගේට් බොහෝ විට එය, “රයිනෝසිරස්” ලෙස පරිවර්තනය කරයි. වෙනත් අනුවාදයෝ, එය ‘වල් හරකා,’ හෙවත් ‘වල් සත්තු,’ හෝ ‘මී හරකා’ යනුවෙන් යොදයි. රොබර්ට් යංග් මෙම හෙබ්‍රෙව් වදන එලෙස ම “රීම්” යනුවෙන් එය ඉංග්‍රීසියට යොදන්නේ, පාඨකයා ව අඳුරේ තබමිනි.
එනමුත්, නූතන විශාරදයෝ, මෙම රේʼඑම්ʹ යන වදන ගැන තිබෙන බොහෝ වියවුල්කම් මුලිනුපුටා දමා ඇත. ඉන් අදහස් කරන්නේ, බොස් ප්‍රිමිජෙනියස් නම් විද්‍යාත්මක හැඳින්වීම සහිත ව “වල් හරකා” බව ශබ්දකෝෂ කර්තෘවරුන් වන ලුඩ්විග් කෝහ්ලර් සහ වාල්ටර් බවුම්ගාට්නර් පෙන්වති. මෙය, “අං සහ කුර සහිත සත්ත්ව පවුලේ උප පවුලකි.” ද න එන්සයික්ලෝපීඩියා බ්‍රිටැනිකා මෙසේ පැහැදිලි කරයි:
“පැරණි ගිවිසුමේ ඇතැම් කාව්‍යමය ශෛලියෙන් යුත් ඡේදයන් යොමු දක්වන්නේ, රෙʼඑම්ʹ යනුවෙන් හැඳින්වෙන ශක්තිමත් ප්‍රශස්ත සත්ත්වයෙකුට ය. මෙම වචනය බොහෝ අනුවාදයන්හි ‘කඟවේණා’ හෝ ‘රයිනෝසිරස්’ යනුවෙන් පරිවර්තනය කොට තිබුණ ද, බොහෝ නුතන පරිවර්තකයන් වඩාත් කැමති වන්නේ, රෙʼඑම්ʹ යන වචනයේ නිවැරදි පරිවර්තනය වන ‘වල් හරකා’ (aurochs) යන්නට ය.
වත්මන් සිංහල බසේ “ගොනා” යන වදනින් (ඉංග්‍රීසියෙන් “ox”) අරුත් ගැන්වෙන්නේ කප්පාදු කරන ලද පිරිමි වෘෂභයෙකුට බැවින්, ද න වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් ඔෆ් ද හෝලි ස්ක්‍රිප්චර්ස් අනුවාදය, රෙʼඑම්ʹ යන වදන නිරතුරු ව ම “වල් හරකා [wild bull]” යනුවෙන් පරිවර්තනය කර තිබේ. වල් හරකා හෝ ගොනා (aurochs) අභාවයට පත් ව ගොස් ඇත්තේ 17 වෙනි සියවසේ දී පමණ බව පෙනෙන්ට තිබෙන නමුත්, එය ප්‍රබන්ධ කථාවල එන කඟවේණාගෙන් මුළුමනින් ම වෙනස් වූ බවට විද්‍යාඥයෝ නිගමනය කරති. පැරණි වල් කුළු හරකාට (aurochs) අඩි හයක පමණ උසින් හා අඩි 10ක පමණ දිගින් වූ සිරුරක් තිබිණි. එම සතාගේ බර රාත්තල් 2,000ක් පමණ විය හැකි අතර, මෙම සතාගේ අං දෙකෙන් එක් එක් අඟක දිග අඟල් 30ක් පමණ වූවා විය හැක.
මෙය, බයිබලයේ සඳහන් රෙʼඑම්ʹ හෙවත් කුළු හරකා යන්න සමඟ එකඟ වෙයි. උගේ ශක්තිය සහ දමනය කළ නොහැකි ස්වභාවය ගැන (යෝබ් 39:10, 11) මෙන් ම, ජව සම්පන්න බව සම්බන්ධයෙන් ඌ හොඳින් ප්‍රසිද්ධ විය. (නික්මයාම 23:22; 24:8) පෙනෙන හැටියට, මිථ්‍යා කඟවේණාට තිබුණේ එක අඟක් නොව, අං දෙකකි. යෝසෙප්ගේ පුතුන් දෙදෙනාගෙන් නික්මෙනු ඇති බලවත් ගෝත්‍ර දෙක උපහැරණය කොට දක්වද්දී, මෝසෙස් උගේ අංවලට යොමු දැක්වී ය.—ද්විතීය කථාව 33:17.
එමනිසා, මිථ්‍යා කථාවල කීර්තියට පත් වී ඇති කඟවේණෙකු ගැන අදහසකට බයිබලය අනුබල දෙන්නේ නැත. බයිබල් කාලවල සිට මෑත ඉතිහාසය දක්වා පැවති, යෝධ, භය උපදවන, ඕරෝක්ස් සත්ත්වයා හෙවත් කුළු හරක් පිළිබඳ ව සීමිත නමුත් නිවැරදි පින්තූරයක් නම් එයින් ලබා දෙයි. w92 6/1
[පාදසටහන්වල]
a මහාචාර්ය පොල් හෝප්ට් මෙසේ පැහැදිලි කරයි: ‘මධ්‍ය කාලීන යුගයේ එකතු කර ගත්, දළ තල්මහාගේ (කඟවේණ මත්සයා හෙවත් කඟවේණ තල්මහා යයි ද හැඳින්වේ) හෝ රයිනෝසිරස්ගේ අං, කඟවේණ අං ලෙස පෙන්නුම් කර ඇත.’
Treasury of Fantastic and Mythological Creatures: 1,087 Renderings From Historic Sources, by Richard Huber/Dover Publications, Inc.