ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w92 7/1 3-4 පි.
  • නමස්කාරය කොයි දෙවියන්ට ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නමස්කාරය කොයි දෙවියන්ට ද?
  • 1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බොරු දෙවිවරුන්ගේ නැඟීම
  • සිටින්නේ එකම සැබෑ දෙවි කෙනෙක් පමණක්ද?
    2006 පිබිදෙව්!
  • බොරු ආගමේ ග්‍රහණයෙන් නිදහස්වීම
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • හැම ආගමක්ම එක සමානද? හැම ආගමක්ම සැබෑ දෙවියන් වෙතට යොමු කරනවාද?
    බයිබලයෙන් උත්තර
  • සැබෑ දෙවි කවුද?
    සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම
තව තොරතුරු
1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w92 7/1 3-4 පි.

නමස්කාරය කොයි දෙවියන්ට ද?

සත්ත්වයන් මෙන් නොව, මනුෂ්‍යයන් වන අපට නමස්කාර කිරීමේ හැකියාව ඇත. මෙය උපතේ පටන් අපගේ සැකසුමේ කොටසකි. අපට හරි දෙයත් වැරදි දෙයත් කුමක් දැයි පෙන්වීමට හෘදය සාක්ෂියක් ද, සදාචාරානුකූල හැඟීමක් ද ඇත. අප සියල්ලන් එම හෘදය සාක්ෂිය විවිධාකාර ව අනුගමනය කරන අතර, එසේ කිරීමේ දී, බොහෝ දෙනෙක් මඟ පෙන්වීමි සඳහා දෙවි කෙනෙක් හෝ දෙවිවරුන් දෙස බලත්.

පසුගිය ශතවර්ෂය හෝ දෙක තුළ, ඇතැම් ලෞකික බුද්ධිමතුන් සර්වබලධාරී දෙවි කෙනෙකුගේ මෙන් ම මැවුම්කරුවෙකුගේ පැවැත්මට විරුද්ධ ව වාද කොට තිබේ. වර්ෂ 1844 දී, කාල් මාක්ස්, ආගම “ජනයාගේ අබිං” යයි ප්‍රකාශ කළේ ය. ඉන් අනතුරුව, චාල්ස් ඩාවින් පරිණාමවාදය ඉදිරිපත් කළේ ය. ඊට පසු ව, බොල්ෂෙවික් විප්ලවය ඇති විය. නැගෙනහිර යුරෝපයේ අදේවවාදය නිල රාජ්‍ය ප්‍රතිපත්තිය බවට පත් වූ අතර, ආගම 1917 පරම්පරාවත් සමඟ මිය යනු ඇතැයි කියා තිබුණි. එහෙත් මනුෂ්‍යයා සාදා ඇති ආකාරය වෙනස් කිරීමට එම අදේවවාදීන්ට නොහැකි විය. මේ කාලයේ නැගෙනහිර යුරෝපයේ වූ ආගමේ පුනර්ජීවයෙන් මෙය සනාථ වෙයි.

කෙසේ වෙතත්, බයිබලය පවසන පරිදි, “බොහෝ ‘දෙවිවරුන්ද’ බොහෝ ‘ස්වාමිවරුන්ද’ ඇත්තාක්මෙන්, ස්වර්ගයෙහි හෝ පොළොවෙහි හෝ ‘දෙවිවරුය’ කියන තැනැත්තන්” බොහෝ දෙනෙක් සිටිති. (1 කොරින්ති 8:5) යුග ගණනාවක් පුරා, මිනිස් වර්ගයා අසංඛ්‍යාත දෙවිවරුන්ට නමස්කාර කර ඇත. සශ්‍රීකත්වයේ, ප්‍රේමයේ, යුද්ධයේ, මෙන් ම මුද්‍රික පානයේ හා ප්‍රීත්‍යුත්සවයන් සඳහා දෙවිවරුන් සිට තිබේ. හින්දු ආගමේ පමණක්, මිලියන සංඛ්‍යාත දෙවිවරු සිටිති.

ත්‍රිත්ව දෙවිවරුන් බබිලෝනියේ, අෂූරියේ, හා මිසරයේ මෙන් ම බෞද්ධ දේශයන්හි ප්‍රචලිත ව පැවත ඇත. ක්‍රිස්තියානි ලෝකයට ද තමා සතු “ශුද්ධ” ත්‍රිත්වයක් ඇත. ත්‍රිත්වය ප්‍රතික්ෂේප කරන්නා වූ, ඉස්ලාම් ධර්මයට, “අල්ලා හැරුණු කොට දෙවි කෙනෙක් නැත.” එපමණක් නොව, අදෘශ්‍යමාන, සර්වබලධාරී දෙවි කෙනෙක් පිළිබඳ සංකල්පය කෙරෙහි සමච්චල් කරන අය හට පවා තමන්ගේ දෙවිවරුන් සිටිති. උදාහරණයක් වශයෙන්, පිලිප්පි 3:19 හි, බයිබලය ද්‍රව්‍යවාදී ලුහුබැඳීම්වල උගුලට හසු වී ඇති මනුෂ්‍යයන් පිළිබඳ ව මෙසේ කථා කරයි: “ඔවුන්ගේ දෙවියෝ බඩය.”

ජනයාගෙන් වැඩි දෙනෙක් තමන් හට ඉපදෙන්නට සිදු වූ දේශයේ හෝ සමාජයේ දෙවියන් හෝ දෙවිවරුන්ට නමස්කාර කරති. මෙය ප්‍රශ්න මතු කරයි. කන්දක මුදුනට දිවෙන මාර්ග මෙන්—සියලු ආකාර නමස්කාරයන් එක ම තැනකට මඟ පෙන්වයි ද? එසේත් නොමැති ව, ප්‍රපාතයකට දිවෙන අඩිපාරවල් මෙන්—ආගම්වල බොහෝ ගුප්ත මාර්ග ව්‍යසනය වෙත මඟ පෙන්වයි ද? නමස්කාර කිරීමට සුදුසු ක්‍රම බොහොමයක් තිබේ ද, නැතහොත් ඇත්තේ එකක් පමණ ද? ප්‍රශංසා කටයුතු දෙවිවරුන් බොහෝ දෙනෙක් සිටී ද, නැතහොත් අපගේ තනි භක්තිය හා නමස්කාරය ලැබීමට යෝග්‍ය වූ හුදු එක් සර්වබලධාරී දෙවි කෙනෙක් පමණක් සිටී ද?

බොරු දෙවිවරුන්ගේ නැඟීම

ඉහත දැක්වෙන ප්‍රශ්න අපගේ සමීප පරීක්ෂණයට ලක්වීම සුදුසු ය. ඒ මන්ද? හේතුව, ආගම පිළිබඳ ව පැරණිතම ලිඛිත අධිකාරිත්වය වන බයිබලය, බොරු දෙවියෙකු, සර්පයෙක් තුළින් ක්‍රියා කරමින් අපගේ පළමු මුතුන්මිත්තන් ව විනාශදායක ක්‍රියාමාර්ගයක් වෙත පෙලඹ වූ ආකාරය විස්තර කරන නිසා ය. අද දවස දක්වා ම ඔහුගේ ක්‍රමෝපායේ දුක්මුසු විපාක අපි අත් දකිමින් සිටින්නෙමු. (උත්පත්ති 3:1-13, 16-19; ගීතාවලිය 51:5) “දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝ” වන, යේසුස් වහන්සේ, “මේ ලෝකයේ අධිපතියා” හැටියට එම කැරලිකාර දෙවියා ගැන කථා කළ සේක. යේසුස් වහන්සේගේ ප්‍රේරිතයන්ගෙන් කෙනෙක් ඔහු ව හැඳින්වූයේ “මේ ලෝකයේ [දේවල පිළිවෙළේ NW] දෙවියා” ලෙස ය. (යොහන් 1:34; 12:31; 16:11; 2 කොරින්ති 4:4) එළිදරව් 12වන පරිච්ඡේදයේ, 9වන වගන්තියේ, ඔහු ව “මුළු ලෝකයා රවටන්නා වන යක්ෂයාය, සාතන් යයි කියනලද මහා සර්පයා නමැති ඒ පුරාණ සර්පයා” හැටියට විස්තර කර ඇත. බොරු ආගමේ ලෝක අධිරාජ්‍යයක් සාතන්ගේ පාලනය යටතේ පවතී.

සාතන් ප්‍රධානතම රවටන්නා වෙයි. (1 තිමෝති 2:14) ඔහු අනේකාකාර දෙවි දේවතාවන්—මුතුන්මිත්තන්ගේ ආත්ම, පිළිම, ප්‍රතිමා, මැඩෝනාවන්—වර්ධනය කිරීමෙන්, නමස්කාර කිරීමට ඇති මිනිස් වර්ගයාගේ සහජ ආශාව මත අනිසි බලපෑම් කරයි. ඔහු බලවත් පාලකයන්, ජය ලත් සේනාධිපතියන්, මෙන් ම තිර හා ක්‍රීඩා තරු වැනි, මනුෂ්‍ය දෙවිවරුන්ගේ නමස්කාරයට පවා සම-අනුග්‍රහයක් දෙයි. (ක්‍රියා 12:21-23) අප, “අප එකිනෙකාට නුදුරුව සිටින,” සැබෑ දෙවියන් වහන්සේ පමණක් සොයා නමස්කාර කිරීමට, පරීක්ෂාකාරී ව, අධිෂ්ඨානයෙන් සිටීම හොඳ ය.—ක්‍රියා 17:27.

එසේ නම්, අප නමස්කාර කළ යුතු මෙම අද්විතීය දෙවියන් වහන්සේ කවරෙක් ද? දැනට වසර 3,000කට පමණ පෙර, බයිබලයේ ගීතිකාකරු උන් වහන්සේ ව “මහෝත්තමයාණන් . . . සර්වපරාක්‍රමයාණන් . . . මා විසින් විශ්වාසකරන මාගේ දෙවියන්වහන්සේ” හැටියට විස්තර කරමින්, උන් වහන්සේගේ සත්කීර්තිමත් නාමයෙන්—“ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW]”—ලෙස ඇමතී ය. (ගීතාවලිය 91:1, 2) ඊට කලින්, මෝසෙස් ම උන් වහන්සේ පිළිබඳ ව: “අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] එකම ස්වාමීන්වහන්සේය [යෙහෝවඃ වහන්සේ ය NW]” යයි පවසා තිබුණි. (ද්විතීය කථාව 6:4) තව ද දෙවියන් වහන්සේ ම පැවසුවේ යයි දිවැස්වර යෙසායා මෙසේ උපුටා දැක්වී ය: “මම ස්වාමීන්වහන්සේය [යෙහෝවඃ වහන්සේ ය NW]; මාගේ නාමය ඒකය. මාගේ ගෞරවය අන් කෙනෙකුටවත් මාගේ ප්‍රශංසාව රූපවලටවත් නොදෙන්නෙමි.”—යෙසායා 42:8.

බොරු දෙවියා වූ සාතන් විසින් යෙහෝවඃ දෙවියන් වහන්සේගේ නාමය කෙරෙහි පවරා ඇති සියලු නින්දාව ඉවත් කිරීමට උන් වහන්සේ අරමුණු කරන සේක. තමන් වහන්සේ මෙය කරන ආකාරය පොදු යුගයට පෙර 1513 දී, ඊශ්‍රායෙල් ජනයා මිසරයේ හිංසා පීඩාවන්ගෙන් ගලවා ගැනීමට ස්වකීය දිවැස්වර මෝසෙස් ව යොදා ගත් විට, නිරූපනය කළ සේක. ඒ අවස්ථාවෙහි, දෙවියන් වහන්සේ යෙහෝවඃ යන ස්වකීය නාමය “මම යම්සේ සිටිම්ද එසේම සිටිමි” යන වදන් හා ඒකාබද්ධ කළ සේක. (නික්මයාම 3:14, 15) උන් වහන්සේ මිසරයේ ඵාරාවෝට එරෙහි ව නිදොස් වන නමුත් පළමු කොට උන් වහන්සේ එම දුෂ්ට පාලකයාට මෙසේ පැවසූ සේක: “සැබවින් මා විසින් නුඹ ආරක්ෂාකළේ නුඹට මාගේ බලය පෙන්වන පිණිසත් මාගේ නාමය මුළු පොළොවෙහි ප්‍රකාශවෙන පිණිසත්ය.” —නික්මයාම 9:16.

අද දවසේ තත්ත්වයත් මීට සමාන ය. අතීතයේ සිටි ඵාරාවෝ මෙන්, මේ ලෝකයේ දෙවියා වන, සාතන්, යෙහෝවඃ දෙවියන් වහන්සේට විරෝධය පාමින්, ධර්මිෂ්ඨකමටත් සත්‍යයටත් ප්‍රේම කරන්නවුන්ට එරෙහි ව කපටි ලෙස ආත්මික යුද්ධයක් කරමින් සිටී. (එපීස 6:11, 12, 18) යළිත් වරක්, සාතන්ගේ විරුද්ධවාදිකම් හමුවේ ස්වකීය නාමය මහිමවත් කිරීමට දෙවියන් වහන්සේ අරමුණු කොට ඇත. කෙසේ වෙතත්, සාතන් හා ඔහුගේ සියලු ක්‍රියාවන් විනාශ කරමින් ස්වකීය බලය පෙන්වීමට පෙර, යෙහෝවඃ වහන්සේ ස්වකීය නාමය මුළු පොළොවේ ප්‍රකාශ කිරීමට ස්වකීය නමස්කාරකයන් ව යවන සේක. උන් වහන්සේගේ නාමය සඳහා කරන මෙම සාක්ෂි දැරීම සත්‍යය නමස්කාරයේ අති වැදගත් කොටසකි.

මෙම නමස්කාරකයන් “මා ගැන ප්‍රශංසාව දක්වනු පිණිස, මා සඳහා ම උපදවාගත් සෙනඟක්” වන ස්වකීය සාක්ෂිකරුවන්, හෙවත් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් වනු ඇතැයි දෙවියන් වහන්සේ ම පවසා තිබීම උචිත ය. (යෙසායා 43:10-12, 21, NW) ඔවුන් යෙහෝවඃ වහන්සේගේ ප්‍රශංසාව දක්වනුයේ කෙසේ ද? යෙහෝවඃ වහන්සේගේ පුත්‍රයා වන, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් පාලනය කරනු ලබන, උන් වහන්සේගේ රාජ්‍යය මෙම පොළොව මත කීකරු මිනිස් වර්ගයා වෙත සදාකාලික ආශීර්වාද ගෙනෙනු ඇති බවට වූ ශුභාරංචිය ප්‍රකාශ කරමින්, ප්‍රසිද්ධියේත්, ගෙයින් ගෙටත් ඔවුහු දේශනා කර උගන්වති. මෙසේ පළමු ශතවර්ෂයේ සැබෑ ක්‍රිස්තියානින් මෙන්, ඔවුන් ද ‘නොනැවතී’ දෙවියන් වහන්සේ ව නමස්කාර කරති. (ක්‍රියා 5:42; 20:20, 21) මෙය කිරීමෙහි ඔවුන් දිව්‍ය ආශීර්වාද භුක්ති විඳ තිබේ ද? මතු පිටු පිළිතුරු දෙනු ඇත. w92 1/1

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න