‘ඔවුහු සිනාසීමට පුරුදු ව සිටියෝ ය’
මෑතක් වන තෙක් ජනයා බයිබලය ගැන කථා කරන අයට සිනාසෙන්නට පුරුදු ව සිටිය බවක් හංගේරියාවේ හමුදාවේ සේවය කරන මිනිසෙක් පවසයි. නමුත් කාලවල් වෙනස් වී ඇත. මෙම සොල්දාදුවා බුඩපෙස්ට් හි වොච් ටවර් සමිතියේ කාර්යාලයට මෙසේ ලීවේ ය:
“දවස් කිහිපකට පෙර, මම පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක නමැති ඔබගේ ප්රකාශනය කියවීමි. කියවීමෙන් පසු ආපසු දීමට යමෙකු විසින් එය මට දී තිබුණි. මෙම පොතේ ලියා තිබූ දේ මා හට ගැඹුරින් කාවැදුණු අතර, කල්පනා කිරීමට එය මාව පෙලඹ වූයේ ය.” මෙම සොල්දාදුවාට බයිබලයක් හා වැඩි දුර විස්තර වුවමනා විණි. එවන් ප්රතිචාරයන් බටහිර යුරෝපයේ තවදුරටත් අසාමාන්‍ය දෙයක් නොවේ.
බුඩපෙස්ට් කාර්යාලයට ලැබුණු වෙනත් ලිපියක මෙසේ පැවසේ: “මම පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක නම් පොත කියවා ඇත්තෙමි. මෙම පොත මා හට ඉතා ගැඹුරින් කාවැදුණු අතර, මා ඔබ වෙත ලියන්නේ මට නිති පතා බයිබල් පාඩමක් ලබා ගත හැකි වන පිණිස, මගේ නිවසට සාක්ෂිකරුවෙකු ව එවන ලෙස ඔබගෙන් ඉල්ලීමට ය.”
පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක නමැති පොත බයිබලයේ පිළිතුරුවලට ඔබගේ අවධානය යොමු කරවමින් බලාපොරොත්තුවක් ලබා දෙන පොතකි. බොහෝ ජීවිත වෙනස් කිරීමට එය ආධාරකයක් වී තිබේ. ඔබ මෙහි පිටපතක් ලබා ගන්නට කැමති නම්, කරුණාකර පහත සඳහන් කූපනය පුරවා තැපැල් කරන්න.
[32වන පිටුවේ පින්තූරය]
හොඳ හේතු සහිත ව, තම ප්‍රේමනීය දරුවෙකුට වේදනාකාරී ශල්‍යකර්මයක් කිරීමට දෙමව්පියෙකු අවසර දෙනු ඇත. තාවකාලික ව වේදනා විඳීමට මනුෂ්‍යයන්ට ඉඩ හැරීම සඳහා දෙවියන් වහන්සේට ද හොඳ හේතු ඇත