තත්ත්වය සැබවින් ම දියුණු වෙමින් තිබේ ද?
“පෙරදිග-අපරදිග සබඳතා ශක්තිමත් වන විට, [බර්ලින්] තාප්පය වඩාත් හිදැස් සහිත විය හැක. එහෙත් එය බිම වැටීමට පෙර වසර ගණනාවක්, පරම්පරා ගණනාවක් පවා ගත වනු ඇත. ජර්මානු රටවල් දෙක යළි කිසිදා එකක් නොවනු ඇත.” එසේ ලීවේ 1989 මාර්තු මස පළ වූ සුප්‍රසිද්ධ අමෙරිකානු ප්රවෘත්ති සඟරාවකි.
අවුරුදු නොවේ—පරම්පරා ගණනාවක් ද නොවේ—දවස් 250ක් ගත වෙන්නට මත්තෙන් තාප්පය කැඩී යාමට පටන් ගත්තේ ය. සති ගණනක් ඇතුළත, දැන් ස්මාරක පිළිරූ බවට පත් කොට ඇති දහස් ගණනක් වූ එම තාප්පයේ කැබලි ලොව පුරා කුඩා මේස මත ප්‍රදර්ශනය කර තිබුණි.
තදින් මළ බැඳුනු යකඩ තිරය අවසානයේ දී වෙන් වූයේ අඩු තරමින් දිගු කාලීන ලෝක ව්‍යාප්ත සාමය සහ සුරක්ෂිතභාවය ළඟා වී ඇතැයි බලාපොරොත්තු නංවමිනි. පෙරදිග හා අපරදිග අතර පැවති දිගු කාලීන ආරවුල් නිමාවට පත් ව ඇති බවටත්, නව ලෝක ක්‍රමයක් අත ළඟ බවටත් වූ බලාපොරොත්තුව අඩු තරමින් මැද පෙරදිග ගල්ෆ් යුද්ධයවත් නිවා දැමුවේ නැත.
නව මිම්මක් එකතු කිරීම
දෙවෙනි ලෝක යුද්ධයේ සිට, එක්සත් යුරෝපයක් කරා ගමන් කිරීමක් දක්නට තිබුණි. වර්ෂ 1951 දී, බටහිර යුරෝපා ජාතීහු, යුරෝපා අඟුරු සහ වානේ සමාජයක් පිහිටෙවූහ. මෙය 1957 දී යුරෝපා පොදු වෙළෙඳ පොළ විසින් ද අනුගමනය කෙරිණි. වර්ෂ 1987 දී සාමාජිකයන් 12කින් සමන්විත වූ මෙම ජාත්‍යන්තර සමාජය (දැන් මිලියන 342කින් ශක්තිමත් වී ඇති), 1992 වන විට සම්පූර්ණ ආර්ථික එක්සත්කමක් සඳහා ඉලක්කයක් තැබී ය. සම්පූර්ණ දේශපාලන එක්සත්කමක් පවා සැබවින් ම විය හැකි දෙයක් බව දැන් දක්නට තිබේ. මෑත වසරවල ලේ පැල්ලම්වලින් තෙමී ගිය යුරෝපා ඉතිහාසය දෙස බලන විට මෙය මොනතරම් නැවුම් බවකින් යුත් වෙනසක් ද!
කෙසේ වෙතත්, මෑත සිදු වූ දේශපාලන අර්බුදය දෙස බලන විට, 1992 වසර මහත් විශේෂත්වයක් ගනිමින් තිබේ. නැගෙනහිර යුරෝපයට අයත් කලින් කොමියුනිස්ට් රටවල් ද අවසානයේ දී එක්සත් යුරෝපයට ඇතුළත් විය හැකි බවට වූ අනුමාන කල්පිතයන් වැඩි වී තිබේ.
දිව්‍ය අනුග්‍රහයක්?
දශක ගණනාවක් මුළුල්ලේ පෙරදිග යුරෝපයේ තිබුණා වූ ආගමික තහංචි නිසා, ඇතැම් ආගමික කණ්ඩායම්, ක්‍රිස්තියානි මධ්යස්ථබවේ ප්‍රතිපත්තිය නොසලකා හරිමින්, ක්‍රියාකාරී ව දේශපාලනයට තමන් ව ඇදී යාමට ඉඩ හළහ. මේ ගැන විවරණය කරමින් ෆ්රෑන්ක්ෆර්ටර් ඇල්ජේමයින් සෙයිටුං නම් ජර්මන් දින පතා පුවත් පත පැවසුවේ, “පෙරදිග වෙනස්කම් ඇති කිරීමට ක්‍රිස්තියානින්ගේ දායකත්වය ගැන කිසි විවාදයක් නැත” කියා ය. “ඔවුන්ගේ හවුල්වීම නිසැක ව ම අඩුවෙන් තක්සේරු කළ නොහැක.” යනුවෙන් ද එය තවදුරටත් පැවසී ය. තව ද එය මෙසේ ද පැහැදිලි කරයි: “නිදසුනක් වශයෙන්, පෝලන්තයේ ආගම ජාතිය සමඟ ගිවිසුමකට බැඳුණු අතර, පල්ලිය, පාලක පක්ෂයේ මුරණ්ඩු එදිරිවාදියෙක් බවට පත් විය; GDRහි [කලින් නැගෙහිර ජර්මනිය] පල්ලිය විසින් රාජ්‍ය විරෝධීන් හට නිදහස් ලෙස ඉඩ කඩ ලබා දී, ඔවුන්ගේ සංවිධානාත්මක අරමුණු උදෙසා පල්ලියට අයත් ගොඩනැගිලි යොදා ගැනීමට ඉඩ හැරියේ ය; චෙකොස්ලොවැකියාවේ ක්‍රිස්තියානින් හා ප්රජාතන්ත්රවාදීන් බන්ධනාගාරයේ දී හමු වී, එකිනෙකා ව අගය කිරීමට පැමිණ, අවසානයේ දී අත්වැල් බැඳ ගත්හ.” “පල්ලි, චව්චෙස්කූ පාලනයේ විශ්වාසන්ත දාසයෙකු බවට පත් වූ” රුමේනියාවේ පවා, විප්ලවයකට ඉවහල් වූයේ, පූජක ලාස්ලෝ ටෝකේස් ව අත් අඩංගුවට ගැනීමට කළ තර්ජනයයි.
වතිකානුව ද සම්බන්ධ විණි. 1989 දෙසැම්බර් මාසයේ ටයිම් සඟරාව මෙසේ පැවසුවේ ය: “පසුගිය මාස කිහිපය තුළ දී බටහිර යුරෝපය පුරා හඹා ගිය නිදහස් දාම ප්‍රතික්‍රියාවට හදිසි මූල හේතුව, වෙන රටක අභ්‍යන්තර දේශපාලන කටයුතුවලට ඇඟිලි නොගැසීමේ ගොර්බචොෆ්ගේ ප්‍රතිපත්තිය වුව ද, දිගු කාලීන ප්‍රශංසාවක් ලැබීමට වටින්නේ ජුවාම් පාවුලු ය. . . . ක්‍රිස්තියානි ඇදහිල්ල මගින් අනුග්‍රහ ලැබූ අත්ලාන්තික් පෙදෙස සිට යූරල් දේශය දක්වා වූ යළි එක්සත් වූ යුරෝපයක් පිළිබඳ ව සංකල්පයක් ඔහුගේ කථාවන් හි තදින් අවධාරණය විණි.” මේ හේතුවෙන්, 1990 අප්‍රියෙල් මාසයේ දී චෙකොස්ලොවැකියාවේ සංචාරය කරද්දී, තමාගේ සංචාරය, නැගෙනහිර හා බටහිර අතර දොරවල් විවෘත කරනු ඇතැයි පාප්වරයා සුපුරුදු පරිදි සිය අපේක්ෂාව පළ කොට සිටියේ ය. “ක්‍රිස්තියානි මූලයන් පදනම් කොට ගෙන එක්සත් යුරෝපයක්” පිළිබඳ ව වූ තමාගේ සිහිනය සැබෑ කර ගැනීමට යම් ක්රමෝපායන් ගැන සාකච්ඡා කරනු වස් සැලසුම් කරනු ලැබ ඇති බිෂොප්වරුන්ගේ සමුළුවක් ගැන ද ඔහු නිවේදනය කළේ ය.
එක්සත් යුරෝපයක් පිළිබඳ ව වූ රාමුව ඇතුළත සම්පූර්ණ එක්සත් යුරෝපයක, එක්සත් ජර්මනියක් බිහි වීම වනාහි, ඊළඟට එක්සත් ලෝකයක පවා පෙරහුරුවක් නොවිය හැකි ද? ආගම මෙයට හවුල් විමෙන් අදහස් වන්නේ බයිබලයේ පොරොන්දු වන දේ මෙය නොවන බව ද? ස්ථීර වශයෙන් ම, නැගෙනහිර හා බටහිර රටවල්වල පූජක පක්ෂය, දැන් දේශපාලන රාමුවක් තුළින් සාමය සහ සුරක්ෂිතභාවය ගෙනෙන්නට වැඩ කරමින් සිටින නිසා, මෙය ඉක්මනින් ම සැබෑවක් වෙන්නට යන බව අපට අපේක්ෂා කළ නොහැකි ද? අපි බලමු. w91 9/1
[4වන පිටුවේ සිතියම⁄පින්තූරය]
ලෙයිප්සිග්හි නිකොලායි රෙපරමාදු පල්ලිය—ජර්මනියේ දේශපාලන අර්බුදයෙහි සංකේතයකි
යුරෝපා පොදු වෙළෙඳ පොළේ සාමාජික ජාතීන්