ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w92 4/1 32 පි.
  • ඔබට සාදර ඇරයුම්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබට සාදර ඇරයුම්
  • 1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w92 4/1 32 පි.

ඔබට සාදර ඇරයුම්

වර්ෂ 1,900කට වඩා ඉහත දී සිදු වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නම් මිනිසාගේ මරණය මිනිස් ඉතිහාසයේ අතිශයින් වැදගත් සිද්ධියක් විය. පාරාදීසමය තත්ත්වයන් යටතේ සදාකාල ජීවනය අත්කර ගැනීමේ බලාපොරොත්තුව එය අප සියල්ලන්ට ම විවෘත කර දුන්නේ ය. සරල උත්සවයක් තුළ දී යේසුස් වහන්සේ සිය ප්‍රේමනීය මිනිස් පූජාවේ සංකේත වශයෙන් මුද්‍රිකපානය සහ මුහුන් නුමුසු රොටි පාවිච්චි කළ සේක. ඉන් පසු සිය ගෝලයන්ට උන් වහන්සේ මෙසේ පැවසූ සේක: “මා සිහිකිරීම පිණිස මේක කරපල්ලා.” (ලූක් 22:19) ඔබ සිහි කරනු ඇත්තෙහි ද?

මෙම අනුස්මරණ උත්සවයට ඔවුන් සමඟ සහභාගි වීමට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ උණුසුම් ලෙස ඔබට ඇරයුම් කරති. බයිබලයේ චන්ද්‍ර දින දර්ශනයේ නීසාන් 14වන දිනට අනුකූල වන්නා වූ දිනයේ දී හිරු බැසයාමෙන් පසු ව එය පවත්වනු ලැබේ. ඔබේ නිවසට වඩාත් ළං ව පිහිටි රාජ්‍යය ශාලාව වෙත පැමිණීමට ඔබට හැක. නිසි වේලාව සහ ස්ථානය දැනගන්නා පිණිස, ඔබ පළාතේ සිටින යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් විමසන්න. වර්ෂ 1992 දී උත්සවය සඳහා දිනය, අප්‍රියෙල් 17වන සිකුරාදා ය.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න