දේශපාලනය—ශුභාරංචි නියෝගයේ කොටසක් ද?
නැගෙනහිර ජර්මනියේ ප්‍රධාන පෙළේ හිටපු පූජකයෙකු වූ කොලොන් හි අගරදගුරු ජෝකීම් මීස්නර් පවසන හැටියට, “යමෙක් තම අත් පලුදු කර ගන්නා ව්‍යාපාරයක් වන දේශපාලනය දුශිත යයි පැවසීම ධර්ම විරෝධී” ය. වර්ෂ 1989 දී ඔහු සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක ඔහු මෙසේ පැවසී ය: “දේශපාලනය වනාහි ජීවිතයේ යථාර්ථයක් වන අතර, මෙබැවින් ශුභාරංචිය දේශනා කිරීමට අපට ඇති නියෝගයේ කොටසක් වෙයි. අප අභියෝගය හමුවේ නැගී සිටිය යුතුයි. කම්කරු සංගම් සහ සමාගම් සිට දේශපාලන පක්ෂ දක්වා ආයතන තුළ කිතු දහමේ සාරයේ පදනමක් ඇති කරවමින්, ජර්මානු සහ යුරෝපීය දේශපාලනය වැඩි දියුණු කිරීම පිණිස එම ආයතත තුළින් පුද්ගලයන් හට පෙරමුණ ගැනීමට හැකි කරවන පරිදි සෑම දේශපාලන ආයතනයකට ම ඒකාන්ත අයුරකින් අප කෙමෙන් කෙමෙන් ඇතුල් විය යුතුයි.”
ප්රැන්ක්ෆර්ටර් ඇලජිමයින් සෙයිටුං නමැති ප්‍රධාන පෙළේ ජර්මානු පුවත් පතකින් උපුටා ගෙන ඇති පහත දැක්වෙන දෙයින් පෙනී යන්නේ, කතෝලික සහ රෙපරමාදු දෙකොටසෙහි ම—යුරෝපීය පැවිද්දන් බොහෝ දෙනෙක්—මීස්නර්ගේ මතය පිළිගන්නා බවයි.
“තම පත්වීම [1978 ඔක්තෝබර්] ලැබ දවස් හයක් ගත වූ සැනින්, යුරෝපයේ දැනට පවතිනා තත්ත්වය පිළි ගැනීමට නැගෙනහිර යුරෝපා ජාතිකයෙකු වශයෙන් තමා අදහස් නොකළ බව ඔහු [පාප්වරයා] නිවේදනය කළේ ය. . . . ඇතමුන් සිතුවේ එය දේශනාවක් කියා ය, නමුත් එය දේශපාලන වැඩ සටහනක් විය.”—1989 නොවැම්බර්.
ඇතැම් ස්ථානවල [චෙකොස්ලොවැකියාවේ], බලවත් කැලඹීම් ඇති කළ පුරෝගාමියා වශයෙන් පල්ලිය උසස් සම්මාන ලැබී ය. උතුරු බොහෙමියානු ආසන දේව මන්දිර නගරයක් වන ලිටොමරයිස්හි පූජකයන් සඳහා පිහිටුවා ඇති සෙමනේරියක සිසුවෝ . . . පසුගිය නොවැම්බරයේ සිදුවූ අවිහිංසාවාදී විප්ලවය මෙහෙය වූහ.”—1990 මාර්තු.
“නකෝලේ [රෙපරමාදු] පල්ලියේ සාමය උදෙසා වූ සති පතා යාච්ඤාව හදිසියේ ම ජර්මන් ප්රජාතන්ත්රවාදී සමූහාණ්ඩුවේ සාමකාමී විප්ලවයේ මේ වසරේ මහත් කැලඹීමේ සංකේතය බවට පත් විය. . . . සභා ගිහියන් සහ පැවිද්දන් අසංඛ්‍යාත දෙනෙක් ඊට පසු ව පැවැත්වුණු පෙළපාළිවලට සහභාගි වූහ.”—1989 දෙසැම්බර්.
තම සම්මුඛ සාකච්ඡාවේ දී අගරදගුරු මීස්නර් මෙසේ ද සඳහන් කළේ ය: “ක්‍රිස්තියානි දේශපාලකයන් ස්වර්ගයෙන් වැටෙන තෙක් බලා සිටීමට අපට නොහැක. . . . දේශපාලන ජීවිතය තුළට [හෝ එහි] නියැලෙන මෙන් . . . ක්‍රිස්තියානි යෞවනයන් ව දිරිගැන්වීමේ ද . . . මැතිවරණයකට සම්බන්ධ නොවී එවැන්නක් පසු වීමට ඔබ ඉඩ නොදිය යුතු යයි වැඩිහිටි පුරවැසියන් හට පැවසීමෙන් මම කිසි දා වෙහෙසට පත් නොවෙමි.”
මේ අනුව, 1990 මාර්තු මාසයේ නැගෙනහිර ජර්මානු වෝල්ස්කාමර්හි (පාර්ලිමේන්තුව) ඡන්දයෙන් තෝරා පත් කරනු ලැබූ සාමාජිකයන් 19 දෙනෙක් ම පූජකයන් වූහ. ආගම ද කැබිනට් මණ්ඩලය තුළ හොඳින් නියෝජනය විණි. එහි සිටින පූජකයන් තිදෙනාගෙන් එක් අයෙකු වන, සටන් විරෝධී අවිහිංසාවාදියෙකු යයි තමන් විසින් කියා ගන්නා ආරක්ෂක ඇමති රෙයිනර් ඒපල්මාන් ගැන නාසවර් ටැගෙබ්ලැට් නමැති පුවත් පතේ මෙසේ පළ විණි: “බොහෝ දෙනෙක් ඔහු ව සලකන්නේ සාමකාමී විප්ලවයේ පියවරුන්ගෙන් කෙනෙකු හැටියට ය.”
නැගෙනහිර යුරෝපයේ සිය දහස් ගණනකින් යුත් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ තමන් ට දැන් තිබෙන වැඩි වූ ආගමික නිදහස ගැන සතුටු වෙත්. නමුත් දේශපාලනික හෝ සමාජීය මතභේදවල පටලැවීමට ඔවුන් එය උපයෝගී කර ගන්නේ නැත. ශුභාරංචිය ව්‍යාප්ත කරන ලෙස මතෙව් 24:14හි සඳහන් නියෝගයට එකඟ ව ඔවුහු යේසුස් වහන්සේගේ ආදර්ශය අනුගමනය කරමින් මිනිස් දේශපාලනයෙන් වැළකී සිටින අතර, මිනිස් වර්ගයාගේ එකම බලාපොරොත්තුව වශයෙන් දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය ජ්වලිතමත් ව දේශනා කරමින් සිටිති. නැගෙනහිර යුරෝපයේ හෝ වෙන කොහේ සිටියත්—ක්‍රිස්තියානි ලෝකයේ පූජක පක්ෂය—මේ හා සමාන ව ම ක්‍රියා කිරීම ප්රඥාගෝචර වනු ඇත.—යොහන් 6:15; 17:16; 18:36; යාකොබ් 4:4. w91 4/1