රාජ්‍යය ප්‍රකාශකයන්ගේ වාර්තාව
වසර 25කට කන්‍යා සොයුරියක් ව සිට අවසානයේ දී සත්‍යය ඉගෙන ගනී
සියලු ජාතීන්ගෙන් යුත් “මහත් සමූහයක්” පැමිණ යෙහෝවඃ වහන්සේගේ ආත්මික දේවමාලිගාවෙහි නමස්කාර කරනු ඇතැයි බයිබලය පුරෝකථනය කළේ ය. (එළිදරව් 7:9) මෙය අද දවසේ සිදුවෙමින් පවතින අතර, දෙවියන් වහන්සේගේ සත්‍යයේ උපකාරය ඇති ව, බොහෝ දෙනෙකු බොරු ආගමේ විලංගු සිඳ දමනු දැකීමට අපි සතුටු වෙමු. පහත දැක්වෙන අත්දැකීම් මෙය පැහැදිලි කරයි.
◻ ඉතාලියෙහි, රෝමයේ වූ කාන්තාවක් සඳහන් කරනුයේ: “මා කුඩා ව සිටි කාලයේ පටන්, දෙවියන් වහන්සේට සේවය කිරීමට මගේ මුළු හෘදයෙන් මා ආශා කළ බැවින්, කන්‍යා සොයුරියක් වීමට මා හට අතිශය අභිලාෂයක් තිබුණි. වයස අවුරුදු 32ක් ව සිටිය දී, 1960, දෙසැම්බර් 8 වන දින, කීකරුකමේ, දිළිඳුකමේ හා නිර්මලත්වයේ මගේ පළමු බාරයන් ගත් විට, මගේ ආශාවන් මට ඉෂ්ට කර ගත හැකි විය. අනාථයින් ව සිටි, නැතහොත් බන්ධනාගාර නේවාසිකයින්ගේ දරුවන් ව සිටි, දිළිඳු එමෙන් ම අතරමං කරන ලද දරුවන් 30 දෙනෙකු පමණ දිවා රාත්‍රී රැකබලා ගැනීම මගේ පැවරුම විය. මගේ පැවරුමෙහි මම සතුටු වීමි.
“වසර දහයකින් පසු, ආයතනය තුළ විවාදයන් ඇති වූ විට මගේ ඇදහිල්ලට පහර වැදුණි. දෙවියන් වහන්සේ අපට මග පෙන්වමින් සිටියේ නම්, උන් වහන්සේ මෙවන් විවාදයන්ට හා වියවුල්කම්වලට ස්වකීය දේවස්ථානය තුළ ඉඩ දෙනුයේ මක්නිසාදැයි මම කල්පනා කළෙමි.”
මෙම කන්‍යා සොයුරියට ප්‍රංශයේ ජීවත් වූ, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරියක් ව සිටි සහෝදරියක් සිටියා ය. ඇය මෙම කන්‍යා සොයුරියට ලිපියෙන් සාක්ෂි දරමින්, න ව’ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් ඔෆ් ද හෝලි ස්ක්රිප්ච’ස් ඇයට එව්වා ය. එම කන්‍යා සොයුරිය මෙලෙස පැහැදිලි කරන්නී ය: “වසර 23කට පසුව, එය දෙවියන් වහන්සේගේ වචනය සමඟ මගේ පළමු සම්බන්ධය විය.” යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ ඇය බයිබල් පාඩමක් පිළිගත්තේ එවිටයි. ඇය තවදුරටත් පවසනුයේ: “මම පාඩමෙහි දියුණු වෙත් ම, මට යෙහෝවඃ වහන්සේ හා උන් වහන්සේගේ අවශ්‍යතා මෙන් ම මවිතකර ගුණාංග දැන ගත හැකි විය. එම ආයතනය සියලු ආකාර හා ප්‍රමාණයන්ගෙන් යුත් ප්‍රතිමාවලින් පිරී පැවති බැවින්, රූප භාවිතය උන් වහන්සේ අනුමත නොකරන බව මා ඉගෙන ගත් විට මට මහත් වේදනාවක් දැනිණ. මා යෙහෝවඃ වහන්සේ ප්‍රසන්න කරන්නට යන්නේ නම්, එතැන මට සිටිය නොහැකි බව මම තේරුම් ගතිමි. කන්‍යා සොයුරියක් ලෙස කැප වූ 25 වසරක සේවයෙන් පසු, මම අවසානයේ සත්‍යය සොයා ගතිමි. මෙබැවින්, 1985, ඔක්තෝබර් මස 1 වන දින, මගේ ප්‍රධානීන්ගේ සිත් කලඹවමින්, මම ඉන් ඉවත් වන බව දැන්වීමි.
“මගේ ආදරණීය සහෝදර සහෝදරියෝ ආත්මික ව හා ද්‍රව්‍යමය ලෙස මට උපකාර කළහ. යෙහෝවඃ වහන්සේට කෘතඥ පූර්වක වෙමින්, 1986, අගෝස්තු මස 30 වන දින, මම බව්තීස්ම ලැබ, සදාකාල ජීවිතයට වූ මාවතෙහි ගමන් ආරම්භ කළෙමි.
දෙවියන් වහන්සේට සේවය කිරීමට නහඹරයෙකු සතු ආශාවට යෙහෝවඃ වහන්සේ ආශීර්වාද කරයි
◻ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෙක් ව සිටි බ්‍රසීලයේ ගුරුවරියක්, පාසලේ උත්තර පත්‍ර නිවැරදි කරමින් සිටිය දී, දෙවියන් වහන්සේ ගැන වැඩි දැනගැන්මක් ලැබීමට ඇති සිය ආශාව ගැන ලියූ 14 හැවිරිදි ශිෂ්‍යාවක් දිටී ය. ඇය එම ශිෂ්‍යාව සමඟ බයිබල් පාඩමක් පටන් ගත්ත ද, එම දැරිය දියුණු වෙත් ම, ඇයගේ කතෝලික පවුල එම පාඩම තහනම් කර ඇයගේ පොත්පත් විනාශ කළහ. එම යෞවන ශිෂ්‍යාව පාසලේ විවේක කාලය තුළ බයිබලය ඉගෙන ගැනීමට පටන් ගත්ත ද, මෙය සොයා ගනු ලැබී ය. මෙබැවින් පාඩම ලිපි හුවමාරුවෙන් කරනු ලැබී ය. නොබෝ කලකින්, කෙසේ හෝ, එම පවුල ඇයගේ ලිපි සොයා ගෙන ඒවා පිළිස්සූහ. පියා පූජාවට යන ලෙස ඇයට බලකිරීමට පටන් ගත්තේ ය. ඇය ඔවුන් සමඟ එහි ගියමුත්, පල්ලියේ කටයුතු කෙරෙන අතර කියවීම පිණිස මුරටැඹ පිටපතක් පල්ලි පොතේ පිටු අතර සඟවාගෙන රැගෙන ගියා ය. දිනක් ඇය රාජ්‍යය ශාලාවට යනු පිණිස රහසිගත ව නිවසෙන් පිට වනතෙක්, මාස හයකට මෙසේ සිදු විය. රැස්වීම පැවැත්වෙන විට එහි පැමිණි ඇයගේ පියා, ඇය නිවසට පැමිණි විට තමා ඇයට තලන බව තම දියණියට කියන්නැයි සහෝදරයන්ට කීය. ඔහු සමඟ කරුණු සාකච්ඡා කිරීමට වූ සහෝදරයන්ගේ වෑයම් අසාර්ථක විය.
ඊළඟ දවසේ, ප්‍රීතියෙන් හා හද පිරි සිනහවෙන් යුක්ත ව, ඇය සහෝදරයන් බැලීමට ගියා ය. ඇයගේ පියා ඇයට තැලීම නිසා ශරීරයේ තිබූ පහරවල් ඇය ඔවුන්ට පෙන්වූවා ය. එසේ නම්, ඇය සතුටින් සිටියේ මක්නිසා ද? රාජ්‍යය ශාලාවෙන් පිටත් ව යාමෙන් පසු, ඇයගේ පියා තම දියණිය යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙකු වීමේ වාසි අවාසි පිළිබඳ ව, නගරාධිපති ද ඇතුළු ව නගරයේ සමහරෙකුගෙන් විමසී ය. සාක්ෂිකරුවන් විශ්වාස කළ හැකි යහපත් අය බව නගරාධිපති පැවසී ය. පොදුවේ ගත් කල, යෞවනයින්ට වඩා ඉතා උසස් ව ඇත්තා වූ, මාහැඟි සදාචාරයන් ඔවුනට තිබූ බවත්, මෙම ප්‍රමිති ඇති දරුවෙක් සිටීම ඉතා හොඳ බවත් ඔහු තවදුරටත් පැවසී ය.
මෙලෙස සිදු වුවත්, එම දැරියට එසේ තලනු ලැබුවා ය. එහෙත් තමා ඇයට තලන්නේ ඇය අවසරයෙන් තොර ව නිවසින් පිටවීම නිසා යයි පියා ඇයට පැවසී ය. තව ද ඇය බයිබලය පාඩම් කිරීම, නොඑසේ නම් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට සහභාගි වීම නැවැත් වුවහොත්, තමා ඇයට යළිත් තලන බව ද ඔහු ඇයට පැවසී ය! එම දැරිය දැන් ජ්වලිත ප්‍රචාරකයෙක් ව සිටින අතර, ඇයගේ පවුලේ සමහරෙක් ද සත්‍යය කෙරෙහි උනන්දුවක් පෙන්වති.
ඇත්තෙන් ම, මෙම අත්දැකීම පෙන්නුම් කරන ලෙසින්, යෙහෝවඃ වහන්සේ, තමන්ට සේවය කිරීමට අවංක ආශාවක් ඇත්තවුන්ට ආශීර්වාද කරන සේක.—ගීතාවලිය 148:12, 13. w91 2/1