ක්‍රිස්තියානි නමස්කාරය වඩා උතුම් වීමට හේතුව
හෙබ්‍රෙව්වරුන්ට යැවූ ලිපියේ මූලික කරුණු
යෙහෝවඃ දෙවියන් වහන්සේ ස්වකීය පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ව පොළොවට එවූ විට නමස්කාරයේ වඩා උතුම් අංගයන් හඳුන්වා දුන් සේක. මෙය මෙසේ වූයේ, ක්‍රිස්තියානි ධර්මයේ ආරම්භකයාණන් වූ යේසුස් වහන්සේ දේව දූතයන් සහ ප්‍රොපේත මෝසෙස්ට වඩා උතුම් වූ බැවිනි. ක්‍රිස්තුස් වහන්සේගේ පූජකත්වය, පැරණි ඊශ්රායලයෙහි ලෙවීවරුන්ගේ පූජකත්වය සමඟ සසඳන විට ඊට වඩා අතිශයින් උතුම් වෙයි. එමෙන් ම යේසුස් වහන්සේගේ ජීවිත පූජාව මෝසෙස්ගේ ව්‍යවස්ථාව යටතේ සිදුකරන ලද සත්ත්ව පූජාවට වඩා බොහෝසෙයින් උතුම් විය.
මෙම කරුණු හෙබ්රෙව්වරුනට ලියන ලද ලිපියෙහි පැහැදිලි ව පෙන්වා තිබේ. පෙනෙන ලෙස එය පො.යු. 61 දී පමණ ප්‍රේරිත පාවුල් විසින් ලියනු ලැබූ අතර, යුදයේ විසූ හෙබ්‍රෙව් ඇදහිලිවන්තයන් වෙත යවන ලදි. පාවුල් මෙහි ලේඛකයා වූ බවට මුල් කාලවල පටන් ග්‍රීක් සහ ආසියාතික ක්‍රිස්තියානීන් විශ්වාස කළ අතර, ප්‍රේරිතවරයාට ආවේනික වූ, හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි සම්බන්ධ අවබෝධාත්මක හුරුව හා ඔහු භාවිතා කළ තර්කාණුකූල ගොඩ නැගීම මගින් මෙය මොනවට පැහැදිලි වෙයි. ඔහු ව “අන්‍ය ජාතීන්ට ප්‍රේරිතවරයෙක්” වශයෙන් දැනගෙන තිබූ නිසාත් සහ ඔහුට එරෙහි ව තිබූ යුදෙව්වන්ගේ අගති සහිත බව නිසාත් ඔහු තමාගේ නම සඳහන් නොකර සිටියේ ය. (රෝම 11:13) පාවුල් හෙබ්‍රෙව්වරුන්ට ලියූ ලිපියේ හෙළි වී ඇති පරිදි, ක්‍රිස්තියානි ධර්මයේ වඩා උතුම් අංගයන් දෙස වඩාත් සමීප බැල්මක් හෙලමු.
ක්‍රිස්තුස් වහන්සේ දේව දූතයන් සහ මෝසෙස්ට වඩා උතුම් වන සේක
පළමුවෙන් පෙන්වා තිබෙන්නේ දේව පූත්රයාණන්ගේ වඩාත් උතුම් තත්ත්වයයි. (1:1–3:6) දේව දූතයන් උන් වහන්සේට ගෞරව කරන අතර, උන් වහන්සේගේ පාලනය දෙවියන් වහන්සේ මත රැඳී පවතී. එබැවින් පුත්‍රයාණන් විසින් ප්‍රකාශ කරන ලද දෙයට අප විශේෂ අවධානයක් දිය යුතු ය. ඊටත් වඩා අප මතක තබා ගත යුත්තේ, මිනිස් බව ගත් යේසුස් වහන්සේ දේව දූතයන්ට වඩා පහත් කරන ලද නමුත්, උන් වහන්සේ ව ඔවුනට වඩා උසස් කරන ලදු ව පැමිණීමට නියමිත ජනාවාස පොළොවේ ආධිපත්‍යය උන් වහන්සේට දෙනු ලැබ තිබෙන බවයි.
යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෝසෙස්ට වඩා ද උතුම් වන සේක. ඒ කෙසේ ද? හොඳයි, මෝසෙස් වනාහි දෙවියන් වහන්සේගේ ඊශ්‍රායෙල් ගෘහයේ පරිවාරකයෙක් පමණි. කෙසේ වූව ද, යෙහෝවඃ වහන්සේ යේසුස් වහන්සේ ව එම මුළු ගෘහයේ හෙවත් දේව සෙනඟගේ සභාවේ අධිපතියාණන් ලෙස පත් කළ සේක.
ක්‍රිස්තියානීහු දෙවියන් වහන්සේගේ විශ්රාමස්ථානයට ඇතුල් වෙති
පාවුල් ඊළඟට පෙන්නුම් කරන්නේ, දෙවියන් වහන්සේගේ විශ්රමස්ථානයට ඇතුල් විය හැකි බව යි. (3:7–4:13) මිසරයේ වහල් භාවයෙන් මිදී ආ ඊශ්‍රායෙල්වරුන් එයට ඇතුල් වීමට අසමත් වූයේ, මක්නිසාදයත් ඔවුන් අකීකරු ව ඇදහිල්ලෙන් හීන ව සිටි බැවිනි. නමුත් අපි දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල පවත්වා කීකරු ව යේසුස් වහන්සේ ව අනුකරණය කරන්නෙමු නම් අපට එම විශ්රාමස්ථානයට ඇතුල් විය හැක. එමනිසා, නිකම් සතිපතා සබත් පවත්වනවා වෙනුවට, සියලු ආත්මාර්ථකාමී ක්‍රියාවලින් වැළකී සිටීමෙන් වඩා උතුම් ආශිර්වාද අප දිනපතා භුක්ති විඳිනු ඇත.
“කොයිම දෙමුවහත් කඩුවකටත් වඩා තියුණු, ප්‍රාණය හා ආත්මයද සන්ධි හා ඇට මිදුළුද වෙන්කරන තරමට කාවදින” උන් වහන්සේගේ වචනයේ එක් පොරොන්දුවක් නම්, දෙවියන් වහන්සේගේ විශ්රාමස්ථානයට ඇතුල් වීම ය. එය එසේ වන්නේ, එය මාංසික ආශාවන් හා මානසික ස්වභාවයන් වෙන් කිරීම පිණිස චේතනාවන් සහ ආකල්ප වෙන් කොට හඳුනාගැනීමට තරම් විනි විද යනවා ය යන අරුතිනි. (රෝම 7:25 සසඳන්න.) අපගේ “ආත්මය” හෙවත් පුද්ගලයෙකු ලෙස අපගේ ජීවිතය, දිව්‍ය “ස්ප්‍රීතුවක්” හෝ ස්වභාවයක් සමඟ සම්බන්ධ වී ඇත් නම් අපට දෙවියන් වහන්සේගේ විශ්රාමස්ථානයට ඇතුල් විය හැක.
වඩා උතුම් පූජකත්වය සහ ගිවිසුම
ක්‍රිස්තුස් වහන්සේගේ පූජකත්වයේ සහ නව ගිවිසුමේ වඩා උතුම්කම ගැන පාවුල් ඊළඟට පෙන්වයි. (4:14–10:31) පාපයෙන් තොර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අප මෙන් ම සෑම අතින් ම පරීක්ෂා කරනු ලැබ තිබෙන හෙයින්, පව්කාර මිනිසුන් ගැන දයානුකම්පාව දක්වන සේක. මීටත් වඩා, “මෙල්කිසදෙක්ගේ පිළිවෙළ ප්‍රකාර සදාකාල පූජකයෙක්” ලෙස දෙවියන් වහන්සේ උන් වහන්සේ ව පත් කළ සේක. ලෙවී උත්තම පූජකයන් මෙන් නොව, විනාශ කළ නොහැකි ජීවිතයක් යේසුස් වහන්සේට තිබෙන අතර, මේ නිසා උන් වහන්සේගේ ගැලවීමේ සේවයට අනුප්රාප්තිකයන් අවශ්‍ය නොවේ. උන් වහන්සේ සිය රුධීරයේ වටිනාකමින් යුතු ව වඩා උතුම්, පවින් තොර සිය ශරීරය පූජා කොට ස්වර්ගයට ම ඇතුල් වී තිබෙන නිසා සත්ත්ව පූජා ඔප්පු කිරීමට උන් වහන්සේට සිදු නොවේ.
යේසුස් වහන්සේගේ රුධිරය මඟින් වලංගු වී ඇති නව ගිවිසුම, ව්‍යවස්ථා ගිවිසුමට වඩා උතුම් වෙයි. නව ගිවිසුමට ඇතුළත් වී සිටින අයගේ හෘදයන්හි දේව නීති තිබෙන අතර, ඔව්හු පව් කමාව භුක්ති විඳිත්. (යෙරෙමියා 31:31-34) මේ ගැන ඔවුන් දක්වන කෘතඥතාවය, තම බලාපොරොත්තුව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමටත්, සෙසු ඇදහිලිවන්තයන් සමඟ එක් රැස් වීමටත් ඔවුන් ව පොලඹවයි. ඔවුන්ට මෙන් නොව, කැමැත්තෙන් ම පව් කරන්නන්ට තව දුරටත් පව් ගැන කිසි පූජාවක් ඉතිරි ව නැත.
ඇදහිල්ල අතිශයින් වැදගත් ය
වඩා උතුම් නව ගිවිසුමෙන් ප්‍රයෝජන ගැනීමට, අපට ඇදහිල්ල අවශ්‍ය ය. (10:32–12:29) අප යෙහෝවඃ වහන්සේ පොරොන්දු වී ඇති දෙය ලබා ගැනීමට නම්, විඳදරාගැනීම ද අපට අවශ්‍ය කරවයි. විඳදරාගැනීමට දිරිගැන්වීමක් වශයෙන්, අප වටා පූර්ව ක්‍රිස්තියානි සාක්ෂිකරුවන් ‘මහත් සේනාවක්’ සිටිත්. කෙසේ වුවද, දුක් පීඩා විඳින විට, විශේෂයෙන් ම අප යේසුස් වහන්සේගේ අකලංක ක්‍රියා කලාපය සැලකිල්ලට ගත යුතු ය. දෙවියන් වහන්සේ අප මත පැමිණීමට ඉඩ හරින ඕනෑ ම දුක් පීඩාවක්, එක් අතකින් ධර්මිෂ්ඨකමේ සමාදාන ඵල හට ගැන්වීමට හැකි හික්මවීමක් ලෙස සලකනු ලැබිය හැක. යෙහෝවඃ වහන්සේගේ පොරොන්දුවල ස්ථීරභාවය, “දේව භයින් සහ ගෞරවයෙන් යුතුව” පරිශුද්ධ සේවය පිරිනැමීමට අපගේ ආශාව වැඩි කළ යුතු ය.
පාවුල් ලිපිය අවසන් කරන්නේ අනුශාසනා සමඟයි. (13:1-25) සහෝදර ප්‍රේමය විදහා පෑමටත්, ආගන්තුක සත්කාර කිරීමටත්, දුක් පීඩා විඳින සෙසු ඇදහිලිවන්තයන් ව මතක් කිරීමටත්, විවාහය ගෞරවණීය ව තබා ගැනීමටත්, එමෙන් ම “ඇති දෙයින් සතුටු වීමටත්” ඇදහිල්ල අප ව පෙලඹවිය යුතු ය. සභාවේ මූලිකත්වය දරන්නන්ගේ ඇදහිල්ල අප අනුකරණය කර ඔවුනට යටත් විය යුතු ය. ඊටත් වඩා, ධර්මභේදයෙන් අප වැළකී සිටිය යුතු අතර, යේසුස් වහන්සේ දරාගත් නින්දාව විඳදරා ගනිමින් “ප්‍රශංසාව නැමැති පූජාව නිතර ම දෙවියන් වහන්සේට ඔප්පු කරමින්,” දිගට ම යහපත කරමින් සිටිමු. එවැනි හැසිරීම ද සත්‍ය ක්‍රිස්තියානි ධර්මයේ වඩා උතුම් අංගයන් අතර වෙයි. w91 2⁄15
විවිධාකාර බව්තීස්මයන්: ඊශ්‍රායෙල් හි මණ්ඩපය තුළ නමස්කාරයේ අංගයන් සමන්විත වූයේ, “කෑම්වලින්ද, බීම්වලින්ද නානාප්‍රකාර සේදීම්වලින් [බව්තීස්මයන්ගෙන් ද NW] පමණි.” (හෙබ්‍රෙව් 9:9, 10) මෙම බව්තීස්මයන් මෝසෙස්ගේ ව්‍යවස්ථාව මඟින් අවශ්‍ය කෙරෙවූ චාරිත්‍රානුකූල සේදීම් පමණි. සාදන ලද අපවිත්‍ර භාජන සෝදනු ලැබූ අතර, උත්සව අරභයා කරන ලද සේදීම්වලට, යම් අයගේ වස්ත්‍ර සේදීම සහ දිය නෑම ඇතුළත් විණ. (ලෙවී කථාව 11:32; 14:8, 9; 15:5) පූජකයන් දිය නා ගත් අතර, දවන පූජාවලට සම්බන්ධිත දේවල් වතුරෙන් සෝදා ගනු ලැබිණ. (නික්මයාම 29:4; 30:17-21; ලෙවී කථාව 1:13; 2 ලේකම් 4:6) නමුත් මෙම “විවිධාකාර බව්තීස්මයන්” මෙසියස් පැමිණෙන සමයේ සමහරක් යුදෙව්වන් විසින් පවත්වන ලද චාරිත්‍රානුකූල ‘කෝප්ප, කෙන්ඩි සහ තඹ භාජන බව්තීස්ම කිරීමට ඇතුළත් නොවී ය; එමෙන් හෙබ්‍රෙව් 9:10හි සඳහන් දෙය යොහන් බව්තිස්ත විසින් කරන ලද වතුර බව්තීස්මයටවත්, ක්‍රිස්තියානීන් වශයෙන් දෙවියන් වහන්සේට තම කැපවීම සංකේතවත් කරමින් ලබන බව්තීස්මයටවත් යොමු නොදක්වයි—මතෙව් 28:19, 20; මාර්ක් 7:4; ලූක් 3:3.