යේසුස් වහන්සේගේ මරණය පිළිබඳ ව පවතින මතභේදය
පොදු යුගයේ 33වන පාස්කු දවසේ දී තිදෙනෙකු ව මරණයට පත් කිරීමක් සිදු විය. මරණීය දඬුවමට නියම කරන ලද මිනිසුන් තිදෙනෙක් යෙරුසලමේ පවුරුවලින් පිටස්තර ස්ථානයකට කැඳවා ගෙන ගොස් ඉතා වේදනාකාරී, නින්දා සහගත ආකාරයකට, එනම්: කෙළින් සිටුවන ලද ලී කණු මත ඇණ ගැසීමෙන්, මරණයට පත් කරනු ලැබී ය. එවන් මරණයට පත් කිරීම් රෝමානු කාලවල පොදුවේ දක්නට ලැබුණ ද, මේ වන විට, එම පාස්කු මරණයන් බොහෝ සෙයින් අමතක වන්නට ඇතැයි අපේක්ෂා කළ හැකි ය. කෙසේ හෝ මෙසේ මරණයට පත් කරන ලද එක් තැනැත්තෙක්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වූයේ ය. උන් වහන්සේගේ මරණය බාරදූර ආගමික විපර්යාසයකට හා මතභේදයකට තුඩු දුන්නේ ය.
එම සිද්ධිය සිදු වී මේ වන විට වසර දෙදහසක් පමණ ගත වී ඇති බැවින්, එය හුදු පුරාතන ඉතිහාසය ලෙස සලකන්නට ඔබ නැඹුරු විය හැකි ය. කෙසේ නමුත්, ඇති වූ මතභේදය මෙතෙක් නිරාකරණය නොවී පවතින බව ඔබ දන්නවා ද?
ඔබ දැන සිටිය හැකි පරිදි, මිලියන සංඛ්‍යාත අය, යේසුස් වහන්සේ තමන් උදෙසා මැරුණු බව සලකති. ක්‍රිස්තුස් වහන්සේගේ මරණය, නිදහස් වීමට මෙන් ම පව් සමාව සඳහා මූලික අවශ්‍යතාව බවත්, ගැලවීම සඳහා මාර්ගය උන් වහන්සේගේ මරණය කෙරෙහි ඇදහිල්ල බවත්, ඔවුහු ජ්වලිත ව ම විශ්වාස කරති. කෙසේ හෝ, පුදුම කරවන ලෙසින්, ඇන්ග්ලිකන් තියලොජිකල් රිවියූ හි එක් ලිපියක්, මෙසේ භක්තියෙන් මතක තබා ගත්තා වූ අදහන ධර්මය “කරදරයකට පත් ව ඇත” යයි වාර්තා කරයි. තව ද එම “කරදරය” පැමිණෙනුයේ ආගමික නායකයන්ගෙන් ය.
එම ඇන්ග්ලිකන් තියලොජිකල් රිවියූ මෙසේ විස්තර කරයි: “ක්‍රිස්තියානි චින්තනයේ පවතින වන්දි ගෙවා වරදින් නිදහස් වීම පිළිබඳ මූල ධර්මය, බයිබල් මූලාධාරයන් ප්‍රශ්න කරනු ලබන නිසාත්, එහි ක්රමානුකූල යෙදීම අචිර [වැඩි කල් නොපවතින] මතවලින් පමණක් ඉක්මවා බර වී ඇති නිසාත්, කරදරයට පත් ව ඇත. . . . තව ද ජනසම්මත ආත්මිකත්වයෙහි පවතින එහි ආකෘතිය, පුද්ගලික චිත්ත වේගී භාවය මෙන් ම විවේචනාත්මක නොවන ආත්ම-නිර්දෝෂී භාවයේ ආකාර ගෙන ඇත.” ඇත්ත වශයෙන් ම, රෙපරමාදු හා කතෝලික දේවධර්මාධරයන්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සම්බන්ධයෙන් යමක් අදහස් කරනුයේ නම්,ඒ කුමක් ද යන්න පිළිබඳ ව යම් ආකාරයක එකඟත්වයකට එළඹීමට අපොහොසත් වී ඇත.
මෙය දේව ධර්මීය විශේෂඥයන් කිහිප දෙනෙකු විසින් දබර කිරීමක් බවත්, එය ඔබගේ ජීවිතයට සම්බන්ධ නොමැති බවත් ඔබට දැනෙන්නට පුළුවන. එහෙත් මෙයට සිත යොමන්න: යේසුස් වහන්සේගේ මරණය, දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබගේ ස්ථාවරය සමඟත්, සදාකාලික පැවැත්ම (ස්වර්ගයෙහි හෝ වෙනත් යම් තැනක) සඳහා වූ ඔබගේ මතු බලාපොරොත්තුව සමඟත් සැබවින් ම බැඳී පවතින්නේ නම්, මෙම මතභේදය ඔබගේ සැලකිල්ල යොමු කිරීම දැඩි සේ ඉල්ලා සිටී.
දේවධර්මාධරයන් තවමත් මෙම විෂය තර්ක කරමින් සිටිනුයේ මක්නිසා ද? උදාහරණයක් හැටියට, රෝමානු කතෝලික සභාව සලකා බලන්න. ආත්මයේ අමරණීයත්වය හා ත්‍රිත්වය පිළිබඳ මනාව අර්ථ දක්වන ලද සිද්ධාන්ත ඊට ඇත්තේ ය. එහෙත්, කුතුහලය ඇති කරවන දෙයක් නම් පල්ලිය ක්‍රිස්තුස් වහන්සේගේ මරණය තුළින් වූ නිදහස් වීම සම්බන්ධයෙන් කුහුලින් යුතුව දෙගිඩියාවෙන් පසු වීමයි. න කැතලික් එන්සයික්ලෝපීඩියා පිළිගනුයේ: “මිනිසා පාපයේ නපුරුකමෙන් මුදා, අනුග්‍රහය ලබන තත්ත්වයකට නැවත පිහිටුවනු ලබන ආකාරය විස්තර කිරීමට බොහෝ එමෙන් ම නානාවිධ ක්‍රම ගොඩනගනු ලැබ ඇත්තේ ය . . . එහෙත් මෙම ක්‍රම කිසිවක් සම්පූර්ණයෙන් සාර්ථක වී නොමැත. . . . නිදහස් වීම පිළිබඳ දේව ධර්මය යම් ප්‍රමාණයකින් අත් කර ගනු නොලැබ ඇති අතර එය දේව ධර්මයෙහි ගැටලුවක් මෙන් තවදුරටත් ඉදිරිපත් වෙමින් පවතී.”
එසේ නම්, ‘යේසුස් වහන්සේ අප උදෙසා මැරුණ සේක’ යයි ජ්වලිත ව කියා සිටින්නා වූ මිලියන සංඛ්‍යාත අය අතරින්, එය සැබවින් ම අදහස් කරන දෙය පිළිබඳ නොපැහැදිලි අදහසකට වැඩි යමක් දරනුයේ කිහිප දෙනෙක් පමණි. ඇන්ග්ලිකන් තියලොජිකල් රිවියූ මෙය දක්වන ආකාරයට: “ඕනෑකමින් අසනු ලැබූ විට . . . විශ්වාස කරන ක්‍රිස්තියානියාට එම සිද්ධාන්තය ගැන බයිබලය මත පදනම් ප්රභවය, හෝ එය ක්‍රියාත්මක වන ආකාරය විස්තර කිරීමට බොහෝ විට නොහැකි වේ.” තමන්ට තේරුම් ගැනීමට හෝ විස්තර කිරීමට නුපුළුවන් ඉගැන්වීමකින් බර කරනු ලබන පල්ලිවල නමස්කාරකයෝ, ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සිය ජීවිතවලට අදාළ වන්නේ කෙසේ දැයි දැකීමට අසීරු තත්ත්වයක සිටිත්.
නිදහස් වීම සම්බන්ධයෙන් පැහැදිලි සිද්ධාන්තයක් ප්‍රකාශ කිරීමට ක්‍රිස්තියානි ලෝකය අපොහොසත් වීම, ක්‍රිස්තියානි පණිවුඩය සමඟින් යුදෙව්වන්, හින්දු භක්තිකයින්, බෞද්ධයින්, මෙන් ම වෙනත් අය කරා ළඟා වීමට වූ වෑයමෙහි ද ඇය ව අඩපණ කර ඇත්තේ ය. එවන් අය බොහෝ දෙනෙක් යේසුස් වහන්සේගේ ඉගැන්වීම් බොහොමයක් ප්‍රශංසා කරමින් ඊට ගෞරව කළ ද, ක්‍රිස්තුස් වහන්සේගේ මරණය මෙන් ම එය අදහස් කරන දෙය වටා පවතින ව්‍යාකූලත්වය ඇදහිල්ලට වූ මාර්ග බාධකයක් ලෙස ඉදිරියෙන් සිටී.
ක්‍රිස්තුස් වහන්සේගේ මරණයේ ඇති විශේෂත්වය හුදෙක්—මිනිස් අවබෝධය ඉක්ම වූ—අභිරහසක් ද? එසේත් නැතහොත් සාධාරණ වූ, බයිබලය මත පදනම් විග්‍රහයක් ඊට තිබේ ද? ක්‍රිස්තුස් වහන්සේ සම්බන්ධයෙන් බයිබලය: මෙම මවිත කර ප්‍රකාශය කරන නිසා, මෙම ප්‍රශ්නවලට ඔබගේ සැලකිල්ල යොමු වීම වටී: ‘උන් වහන්සේ කෙරෙහි අදහාගන්න සැම දෙන ම විනාශ නොවී සදාකාල ජීවනය ලබන්නහු ය.’—යොහන් 3:16. w91 2/15