යෞවනයන් ව පූජා කිරීම—දෙවියන් වහන්සේගෙන් නොවේ
පුරාණ කාලවල දී ජෙරුසලමේ තාප්පවලින් පිටත, ටොපේත් නමින් හඳුන්වනු ලැබූ ස්ථානයක් විය. ආහස් හා මනස්සේ නැමැති රජවරුන් ඇතුළු ධර්ම විරෝධි ඊශ්‍රායෙල්වරු, ඉතා ම දරුණු චාරිත්‍රයක් වූ දරුවන් ව පූජා කිරීමට එම ස්ථානය භාවිතා කළහ. අවසානයේ දී, ඇදහිලිවන්ත යොෂියා රජ, එම ස්ථානය ආගමික චාරිත්‍රවලට නුසුදුසු ස්ථානයක් බවට පත් කිරීමෙන් එම චාරිත්‍රය නවතා දැමුවේ ය.—2 රාජාවලිය 23:10; 2 ලේකම් 28:1-4; 33:1-6.
එම ස්ථානය ටොපේත් යන නමින් හඳුන්වනු ලැබූයේ මන් ද? මෙම වචනයේ මූලාරම්භය ව්‍යාකූල ව ඇති නමුත්, යුදෙව් විශාරදයෙක් වූ ඩේවිඩි කිම්හිට (ක්‍රි.ව. 1160-1235) මෙම ස්ථානය ගැන කීමට තිබූ දේ ගැන සලකා බැලීම උනන්දුකරවන කාරණයකි. ටොපේත් යන ස්ථානය ගැන සඳහන් වන 2 රාජාවලිය 23:10 ගැන සාකච්ඡා කරන ඔහු මෙසේ ලීවේ ය: “ඔවුන් තම දරුවන් ව මොලෙක් දෙවියාට ගින්නෙන් පූජා කළ ස්ථානය මෙය විය. මෙම ස්ථානය ටොපේත් යන නමින් හැඳින් වූ අතර, ඔවුන්ගේ නමස්කාර වේලාවේ දී තම පුත්‍රයා ව ගින්නෙන් පූජා කරනු ලබන විට, පුත්‍රයාගේ විලාප සහිත ශබ්දය පියාට නෑසෙන පරිදි, ඔව්හු නටමින් කුඩා මිණි ගෙඩි [හෙබ්‍රෙව්, ටුප්පිම්] ශබ්ද කළ නිසා එම ස්ථානයට එම නම භාවිතා කළ බව කියැවේ. එවිට දරුවාගේ විලාප ශබ්දය පියාට නෑසෙන නිසා දරුවා පිළිබඳ ව පියාගේ හෘදය කැළඹිලි ස්වභාවයකට පත් නොවීමෙන් ඔහුගේ ම අත්වලින් ඔහු තම දරුවා ගින්නෙන් පූජා කළේ ය. හින්නොම් නැමැති මනුෂ්‍යයෙකුට මෙම මිටියාවත අයිති ව තිබූ බැවින් එය “හින්නොම් මිටියාවත” සහ “හින්නොම්ගේ පුත්‍රයන්ගේ මිටියාවත” යනුවෙන් හඳුන්වනු ලැබිණ. . . . යොෂියා මෙම ස්ථානය පිළිකුල් කොට, එය අපිරිසිදු ස්ථානයක් බවට පත් කොට, සියලු ම අපවිත්‍ර දෑ, සහ මළකුණු දැමීමට එය පාවිච්චි කළේ ය. මෙසේ කළේ තම පුත්‍රයාවත්, දියණියවත් ගින්නෙන් මොලෙක් දෙවියාට පූජා කිරීමේ අදහසක් කිසිම මනුෂ්‍යයෙකුගේ හිතටවත් නොඑන පිණිස ය.”
නවීන කාලවල දී, මොලෙක් දෙවියා නිකම් ම ඉතිහාසයට පමණක් සීමා වූ දෙයක් වන අතර, එම දෙවියා වෙනුවෙන් මනුෂ්‍යයන් තම දරුවන් ව මරා දැම්මේ මන්දැයි තේරුම් ගැනීමට බොහෝ දෙනෙකුට අපහසු බව නිසැක ය. නමුත්, අද දින ද අවශ්‍ය විටෙක දී වැඩිහිටියන් තම දරුවන් ව මරා දැමීමට සූදානම් බව පෙනෙන්නට තිබේ. මෙම සියවස තුළ දී දශලක්ෂ ගණන් යෞවනයන් යුද්ධය නැමැති අල්තාරය මත පූජා කරනු ලැබ තිබේ. සෑම වසරක ම, කිව නොහැකි තරම් දශලක්ෂ ගණන් බිළිඳුන් හිතාමතා ම ගබ්සා කරමින් මරා දමනු ලබති. මෙසේ වන්නේ, එම දරුවන් පිළිසිඳ ගෙන ඇත්තේ තාවකාලික ලිංගික සම්බන්ධයක ප්‍රතිඵලයක් නිසා හෝ ඔවුන් ඉපදුනහොත් ඔවුනගේ දෙමාපියන්ගේ ජීවන රටාවට බාධාවක් වේ යැයි සිතනු ලබන නිසා ය. මේ ආකාරයෙන් මෙම දරුවන්, ලිංගික නිදහසේ හා ද්‍රව්‍යවාදයේ දෙවියන්ට කරනු ලබන පූජාවන් බවට පත් වෙති.
මොලෙක් හට දරුවන් පූජාකිරීම තමන් වහන්සේ බලවත් ලෙස ද්වේෂ කරන පිළිකුලක් බව යෙහෝවඃ වහන්සේ කී සේක. (යෙරෙමියා 7:31) අපගේ පරම්පරාවේ දී නොහික්මුණු ලෙස කරනු ලබන මේ යෞවනයන් ව මරා දැමීම ගැන උන් වහන්සේ වෙනස් ආකාරයක මතයක් දරන සේක් ද? w88 1/15