ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • bm 14 කොටස 17 පි.
  • දෙවි තම සෙනඟව දැනුවත් කරයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවි තම සෙනඟව දැනුවත් කරයි
  • බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
  • සමාන තොරතුරු
  • අනාගතය ගැන විශිෂ්ට එළිදරව්වක්
    බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
  • පොරොන්දු වූ ගැලවුම්කරු පැමිණෙයි
    බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
  • ගැලවුම්කරු ගැන සඳහන් අනාවැකිවලින් යේසුස් තමයි ගැලවුම්කරු කියලා ඔප්පු වෙනවාද?
    බයිබලයෙන් උත්තර
  • මෙසියස්ගේ පාලන සමයේ ගැළවීම සහ ප්‍රීතිවීම
    යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන I
තව තොරතුරු
බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
bm 14 කොටස 17 පි.
අනාගතවක්තෘවරයෙක් දෙවියන්ගේ පණිවිඩයක් ප්‍රකාශ කරමින්

14වන පාඩම

දෙවි තම සෙනඟව දැනුවත් කරයි

සෙනඟ මුහුණ දීමට යන විනාශයන්, යෙහෝවා දෙවිට කරන නමස්කාරය සහ පොරොන්දු වූ ගැලවුම්කරු ගැන විවිධ පණිවිඩ ප්‍රකාශ කිරීමට දෙවි පුද්ගලයන් කිහිපදෙනෙකුව තෝරාගනියි

ඊශ්‍රායෙල් සහ යූදා රාජ්‍යයන් පැවති කාලයේදී අනාගතය සම්බන්ධයෙන් විවිධ පණිවිඩ සෙනඟට පවසන්න දෙවි විශේෂ පිරිසක්ව තෝරාගත්තා. ඔවුන්ව බයිබලයේ හඳුන්වන්නේ අනාගතවක්තෘවරුන් ලෙසයි. දෙවිගේ පණිවිඩ ඉතා නිර්භීතව පැවසූ ඔවුන්ට, දෙවි කෙරෙහි දැඩි විශ්වාසයක් තිබුණා. ඔවුන් පැවසූ පණිවිඩවල ඇතුළත් ප්‍රධාන කරුණු හතරක් දැන් සලකා බලමු.

1. යෙරුසලමේ විනාශය. අනාගතවක්තෘවරුන් දෙදෙනෙක් වූ යෙසායා සහ යෙරෙමියා යෙරුසලම විනාශ වී එය පාළුවට යන බව එය සිදු වීමට බොහෝ කාලයකට කලින් පැවසුවා. දෙවි ඒ නගරය විනාශ කිරීමට තීරණය කළ හේතුවද ඔවුන් පැහැදිලිව විස්තර කළා. එහි වැසියන් යෙහෝවා දෙවිට නමස්කාර කරන බව පැවසුවත් දෙවි පිළිකුල් කළ ආගමික වත්පිළිවෙත්වල යෙදුණා. එමෙන්ම නගරයේ සෑම තැනකම සැහැසික ක්‍රියා හා අසාධාරණය දකින්න තිබුණා.—2 රාජාවලිය 21:10-15; යෙසායා 3:1-8, 16-26; යෙරෙමියා 2:1–3:13.

2. දෙවිට කරන නමස්කාරය නැවත යෙරුසලමේ ඇරඹෙයි. බැබිලෝනියේ වහල්භාවයේ සිටි දෙවිගේ සෙනඟ අවුරුදු 70කින් පසුව නැවත තම මව්බිමට පැමිණ යෙරුසලමේ තිබූ දෙවිගේ ගෘහය යළි ගොඩනඟන බව අනාගතවක්තෘවරුන් කලින්ම පවසා තිබුණා. (යෙරෙමියා 46:27; ආමොස් 9:13-15) ඒ දේවල් සිදු වීමට අවුරුදු 200කට පමණ පෙර අනාගතවක්තෘවරයෙක් වූ යෙසායා, සයිරස් නම් රජ කෙනෙකු බැබිලෝනිය යටත් කරගන්නා බවත් ඔහු එසේ කිරීමට යොදාගන්නා යුධ උපක්‍රම ගැනත් පවසා තිබුණා. එමෙන්ම දෙවිගේ සෙනඟට නැවත යෙරුසලමට ගොස් දෙවිගේ ගෘහය යළි ගොඩනැඟීමට සයිරස් රජු අවසර දෙන බවද යෙසායා පැවසූ පණිවිඩවල සඳහන් වුණා.—යෙසායා 44:24–45:3.

බැබිලෝනියෙන් නිදහස් වෙලා නැවත යෙරුසලමට එන යුදෙව්වන්

3. ගැලවුම්කරුගේ පැමිණීම හා ඔහු අද්දකින දේවල්. ගැලවුම්කරු බෙත්ලෙහෙම නම් නගරයේ උපදින බව එක් අනාගතවක්තෘවරයෙක් පැවසුවා. (මීකා 5:2) තවත් කෙනෙකු පැවසුවේ ඔහු ඉතා නිහතමානී රජ කෙනෙකු බව හා ඔහු බූරුවෙකු පිට නැඟී යෙරුසලමට පැමිණෙන බවයි. (සෙකරියා 9:9) ගැලවුම්කරු ඉතා කරුණාවන්ත කෙනෙකු වුණත් බොහෝදෙනෙකු ඔහුව පිළි නොගන්නා බවද කලින්ම පවසා තිබුණා. (යෙසායා 42:1-3; 53:1, 3) ඔහු කෲර මරණයක් අද්දකින බවත් අනාගතවක්තෘවරුන් පැවසුවා. ඔහුගේ මරණය ඇත්තෙන්ම ජීවිත පූජාවක්. ඒ තුළින් මිනිසුන්ගේ පව්වලට සමාව ලබාගැනීමට මාර්ගය විවෘත වෙනවා. ඒ සෑම දෙයක් ගැනම කලින්ම පවසා තිබුණා. (යෙසායා 53:4, 5, 9-12) පව්වලට සමාවත් වෙනත් ආශීර්වාදත් මිනිසුන්ට ලබාගැනීමට මාර්ගය විවෘත වුණේ ඔහුගේ නැවත නැඟිටීමෙන් පසුවයි.

4. ගැලවුම්කරු පොළොව පාලනය කරයි. ගැලවුම්කරුව අනාගතවක්තෘවරුන් හඳුන්වා තිබෙන්නේ සමාදානයේ කුමාරයා ලෙසයි. (යෙසායා 9:6, 7; යෙරෙමියා 10:23) මන්ද මිනිසුන්ගේ අසාර්ථක පාලනයට වඩා ඔහුගේ පාලනය සම්පූර්ණයෙන්ම වෙනස්. ඔහු පොළොව පාලනය කරන විට සෑම මිනිසෙක්ම අන් අය සමඟ සමාදානයෙන් ජීවත් වෙයි. එමෙන්ම මිනිසුන් හා සතුන් අතරත් සතුන් සතුන් අතරත් සාමය පවතියි. (යෙසායා 11:3-7) අසනීප, ලෙඩ රෝග හා මරණය සම්පූර්ණයෙන්ම පොළොවෙන් තුරන් වෙයි. (යෙසායා 33:24; 25:8) එමෙන්ම මිය ගිය අයව ක්‍රිස්තුස්ගේ පාලන කාලය තුළදී නැවත නැඟිටුවයි.—දානියෙල් 12:13.

—යෙසායා, යෙරෙමියා, දානියෙල්, ආමොස්, මීකා, හා සෙකරියා.

  • අනාගතවක්තෘවරුන් පැවසූ පණිවිඩවල ඇතුළත් ප්‍රධාන කරුණු මොනවාද?

  • යෙරුසලමේ විනාශය හා දෙවිට කළ නමස්කාරය නැවත යෙරුසලමේ ඇරඹීම ගැන පවසනු ලැබුවේ මොනවාද?

  • ගැලවුම්කරු සහ ඔහු අද්දකින්න යන දේවල් ගැන පවසනු ලැබුවේ මොනවාද?

  • ගැලවුම්කරුගේ පාලනය ගැන පවසනු ලැබුවේ මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න